අනාගත වීරත්වයේ ගෙල සිඳීම

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනාගත වීරත්වයේ ගෙල සිඳීම


    අනාගත වීරත්වයේ ගෙල සිඳීම




    අපි ත්‍රස්‌තවාදය ජයගත්තෝ වෙමු. ලොව කිසිදු රටක්‌ එසේ සමත්කම් දක්‌වා නොතිබුණද අපේ රණවිරුවනට පිංසිදු වන්නට අපට එසේ කළ හැකි විය.

    මෙවැන්නක්‌ වෙනත් රටක හමුදාවක්‌ විසින් සිදු කළේ නම් එකී රණවිරුවෝ ඒ රාජ්‍යයට ආඩම්බරයක්‌ වන්නාහ. අභිමානයක්‌ වන්නාහ. එසේම ගෞරවයෙන් යුතුව ඔවුන් සමරනු ලබන්නේය.

    සිය විරුවන්ගේ දක්‍ෂතාවන් ගැන එකී රාජ්‍යයන්හි පාලකයන් ආඩම්බරයෙන් යුතුව ලොවට කියනු ඇත. එහෙත් රටට සාමය දිනා දුන් අපේ විජයග්‍රාහී හමුදාවන්හි රණවිරුවන්ට අද එවන් තත්ත්වයක්‌ ඇති වී තිබේද? පෙනෙන්නට ඇති පරිදි නම් මේ වන විට රණවිරුවා යනු පාලකයනට හිසරදයක්‌ වී ඇත.

    කාටත් අපේකම අමතකව ගොස්‌ තිබෙන්නේය. එසේම රට ජාතිය පිළිබඳව ද අභිමානයක්‌ නැති සේය. සියල්ලට වඩා ඉදිරියෙන් තිබෙන්නේ බලය රැක ගැනීමය. එහෙයින් ඕනැම තැනකදී ඕනැම බේගලයක්‌ ඇද බා ගැටලුවෙන් ලිස්‌සා යන්නට අපේ පාලකයෝ අතිශූරයන් වී සිටින්නාහ.

    ගෙවී ගිය තිස්‌වසරක්‌ පුරා අපි ත්‍රස්‌තවාදයෙන් විඳෙව්වෙමු. එහිදී රට වෙනුවෙන් පෙරට ගොස්‌ එය අවසන් කර දැමුවේ රණවිරුවන්ය. එය මේ බිමේ ඉතිහාසයේදීද සිදුවූවකි. අතීතයේ එසේ සිදුවූ කල්හි පාලකයන් රණවිරුවා මුල් තැනක තබා ගෞරවනීය ලෙස සැලකීමට කටයුතු කරනු ලැබීය.

    මෙරට ඉතිහාසයේ බොහෝ තැන්හි ඒ බව සටහන්ව ඇත. එසේ රණවිරුවන්ගේ අභිමානය රැකෙන කල්හි ඊළඟ පරපුරද රට වෙනුවෙන් පෙරට එන්නට ඉදිරිපත් වූයේ නිරායාශයෙනි. මේ හමුවේ සිංහලේ මා පියෝ තම ලෙයින් හැදුණු දරුවන් වගකීමකින් යුතුව රට දැය සමය රැකීමට පෙරට එව්වාහ.

    මේ නිසාම අතීතයේ සිට මේ බිම පැවතියේ රට වෙනුවෙන් දිවිහිමියෙන් කැපවන වීරයන්ගෙන් සමන්විත රාජ්‍යයක්‌ ලෙසිනි. එක්‌ පරපුරක කැපකිරීම් සහ වීරත්වය දකින මතු පරපුරද නිරායාශයෙන් ගොඩනඟාගත් අභිමානයකින් යුතුව රට වෙනුවෙන් පෙරට ගියේය.

    එහෙත් අද රණවිරුවවා අරබයා සිදු වෙමින් තිබෙන නොසැලකීම හමුවේ අනාගතයේදී අපට එවන් වීරත්වයක්‌ මතු පරපුරෙන් බලාපොරොත්තු විය හැකිද? රණවිරුවා ජීවත් වීමේ අයිතිය ඉල්ලා මහමඟට වැටී සිටින කල එය දකින මතු පරපුර ත්‍රිවිධ හමුදාවට එක්‌වීම ප්‍රතික්‍ෂෙප නොකරනු ඇතිද?

    අකැමැත්තෙන් හෝ එසේ එක්‌ වුවද ඔවුන් මතු දිනක කිසිවිටෙකත් දිවි හිමියෙන් රට බේරා ගනිමියි කියන තැන සිට කටයුතු නොකරනු ඇත. රට බේරා ගැනීමට පෙරට ගිය රණවිරුවා සිරගත කෙරෙමින් ආබාධිත වූවන් මහමඟට වැටෙද්දී තැලී පොඩිවී බිඳී යන්නේ මතු පරපුරේ තුළ ඇති විය යුතු අපේකම සහ වීරත්වය සමඟ මුසු වූ ජාතිකාභිමනය ය.

    අද සිදුවෙමින් තිබෙන දේ හමුවේ යළි කිසි දිනෙක කොබ්බෑකඩුවලා, හසලක ගාමිණීලා යළි බිහි නොවන්නේමය. පාලකයන් විසින් අද මොට කර දමමින් සිටිනුයේ රටේ අනාගත වීරත්වය ය.

    තිස්‌ වසරක ත්‍රස්‌තවාදය ජය ගැන්මට අපට හැකි වූයේ වීර පුරන්අප්පුලා, ගොංගාලේගොඩ බංඩලා, වීදීය බණ්‌ඩාරලා වැනි වීරයන් ගැන අප අසා දැන උගෙන හදවත් හි කැටි වී තිබූ අතීත වීරත්වයේ මතකයන් සමඟය. එනිසාම ප්‍රභාකරන් පරදා තිස්‌වසරත ත්‍රස්‌තවාදයේ ශාපයෙන් මිදෙන්නට අපට හැකි විය.

    එහෙත් අපේ නූතන වීරයෝ අද මහමඟට වැටී සිටින කල එවන් වීරත්වයක්‌ යළි කිසි දිනෙක මේ බිම තුළන් මතු නොවනු ඇත. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ කුමක්‌ද?

    වත්මන් දේශපාලනයට අනුව එන්ජීඕකාරයෝ, මානව හිමිකම් කඩතුරාවල් සහ විදේශීය කුමන්ත්‍රණකරුවෝ වීරයන් වී සැබෑ වීරයෝ මිනී මරුවන් සහ අසරණයන් කෙරද්දී සිදු වන්නේ ජාතියේ ගෙල සියතින් සිරකිරීමක්‌ බව පාලකයනට නොවැටහීම මේ මොහොත වන විට මහා අවාසනාවක්‌ම වී ඇත.

    මෙය කොතැනකදී නිවැරදි වනු ඇතිද? එසේ නිවැරදි වන්නට කිසිවකුටත් වුවමණාවක්‌ නොමැතිව ඇත්තේ කුමක්‌ නිසාද? මෙසේ වන්නේ ආණ්‌ඩුව ජාත්‍යන්තරය දිනා ගනිද්දී අපට නොදැනීම මේ බිම දැන් යළිත් යටත් විජිතයක්‌ වී තිබෙන නිසාද?

    එක්‌ පසෙකින් විදේශීය වුවමණාවන් මත රටට සතුරු බලවේග විසින් දියත් කර ඇති රට බෙදීමේ මෙහෙයුම්ය. තවත් පැත්තකින් ජාතියට රට දිනා දුන් ත්‍රිවිධ හමුදාවන්හි කොඳු කඩා දමද්දී තැනින් තැන මතුවන කොටි හොල්මන්ය. ඒ බව දැන් නූතන පොලිස්‌ රාජ්‍යයේ සිටින පොලිසියේ ඇත්තෝම කියන්නාහ.

    ව්‍යවස්‌ථා කුමන්ත්‍රණ, විදේශීය අධිකරණ ආදිය ගැන තවත් පැත්තකින් කියෑවෙන්නේය. මේ සියල්ල තුළින් පැහැදිලිවම පෙනෙන්නේ තිස්‌ වසරක ශාපයෙන් මිදී පෙරට ආ රට ආපසු හැරී තිබූ තැනට යන අන්දමය. ආණ්‌ඩුවේ මහත්වරුනි, රට යන ඒ ගමන අවසානයේ මේ බිමේ වෙසෙන ජනතාවට කුමක්‌ සිදුවනු ඇත්ද?

    සංහිඳියාව සහ සහජීවනය යෑයි කියමින් නුඹලා හඬ නඟා පාරම්බාන සුරංගනා ලෝකයක්‌ මේ ගමන තුළ නැත. තිබෙන්නේ මතු අවධානම පමණය. එහෙත් වර්තමානය තුළ වීරයන් මරා දැමෙද්දී ඒ අනාගතයට අප මුහුණ දෙන්නේ කෙසේද? සිදුවෙමින් තිබෙන දේ හමුවේ එවන් අභියෝගයකට මුහුණ දෙන්නට අපට කිසිසේත්ම නොහැකි වනු ඇත. එසේම එදාට අපට සිංහ කොඩියේ සිංහයාද නියත වශයෙන්ම අහිමි වනු ඇත.

    සභාපති
    රණවිරු සහයෝගිතා එකමුතුව සහ රණජය මිතුරු හවුල මාතර
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    පඹයෙක් රජවී
    සොන්නයෙක් අගමැති වූ කල කවර කතාද ඉතින්....