අනාගාමික රාජ්‍යයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනාගාමික රාජ්‍යයක්

    ලංකාව ආගම් නොතකන රාජ්‍යයක්‌ කිරීම කාගේ වුවමනාවක්‌ද?


    යහපාලන ආණ්‌ඩුවට මෙන්ම රටට ද යහපත් කාලයක්‌ උදා වී නැත. දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන්නේ මහා විපත් ය. පුදුමතාලන් හි සිදුවූවාට වඩා වැඩි විනාශයක්‌ කොස්‌ගම සාලාව නගරයේ දැක ගත හැකිය.

    ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටා තිබූ එරට හමුදාවේ දැවැන්තම ආයුධ ගබඩාවේ ගින්නක්‌ ඇති වී එතරම් කාලයක් ගෙවී ගොස් නැත. එම පිපිරීම්වලට හසුවී සෙබළුන් විසිදෙනෙක්‌ මිය ගිය ද එම ප්‍රදේශය ජන ශූන්‍ය කලාපයක්‌ වූ නිසා දේපළ හානි ගැන වාර්තා වූයේ නැත. නමුත් කොස්‌ගම සාලාව ප්‍රදේශයේ අවි ගබඩාව පිපිරීමෙන් සිදු වූ දේපළ හානිය අති විශාලය. ආපදා විපත්වලින් රටට ගැලවීමක්‌ නැද්ද. 2015 ජනවාරි 08 පසු රටේ ග්‍රහචාරය එතරම් සුබදායක නොවේ. එක්‌ අතකින් අරණායක නාය ගොස්‌ ගමක්‌ වැළලුණු අතර සාලාව කඳවුර පිපිරී ගම් කිහිපයක්‌ බිමට සමතලා විය. වාසනාවකට ජීවිත හානි වාර්තා වූයේ එකක්‌ පමණි. පුදුමාතලන් හි නන්දිකඩාල් කලපුවේ නොදකින ලද ගිනිකෙළි සංදර්ශන ඉකුත් ඉරිදා රාත්‍රියේ කොස්‌ගම හංවැල්ල වැසියන්ට දැක ගත හැකි විය. අයාගත් මුවින් යුතුව ඔවුහු මේ සිදුවන්නේ කුමක්‌ දැයි විපිලසරව බලා සිටියේ කිලෝ මීටර් ගණනාවක්‌ ඈතට දුවගොස්‌ අනාරක්‍ෂිත ස්‌ථානවල සැඟවී සිටිමින් ය. නොසිතූ නොපැතූ දේම සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. එය සනාතන දහමකි. නොසිතූ විපත් සිදුවන මේ කාලයේ යහපාලන ආණ්‌ඩුව මගින් පත් කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ පිළිබඳව අවධානය යොමු නොකළ සිටියහොත් එය විශාල අත්වැරැද්දකි. මන්ද මේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් රටට නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළහොත් ඒකීය රාජ්‍යය මල්ටි බැරල් ප්‍රහාරයකට ලක්‌ වී විනාශ වී යන ආකාරයටම සදහට මතකයෙන් ගිලිහෙනු ඇත.


    බුද්ධාගම මොවුන් දෙදෙනාට මෙතරම් වදයක් වී ඇත්තේ ඇයි?

    150218060229President_PM_lg.jpg

    ලාල් විඡේනායක මහතාගේ සභාපතිත්වයෙන් හා වින්ස්‌ටන් පතිරාජ මහතා ලේකම් ධුරය හොබවන මෙම මහජන අදහස්‌ විමසීමේ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව පසුගිය මැයි 10 වැනිදා එළිදක්‌වා ඇත. මේ වාර්තාව අන්තර් ජාලය මගින් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම කමිටුවට ඇතුළත් වූ සාමාජිකයන් 19 දෙනකුගේ නාමයන් හා අත්සන් ද ඇතුළත් ව ඇත. මේ පිරිස පිළිබඳ සලකා බැලීමේදී ඒ කිසිවකු ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින අය ද යන්න සැක සහිතය. යුද විරෝධීන් මෙන්ම ෙµඩරල් මතවාදීන්a රැසක්‌ ද මෙම කමිටුවට ඇතුළත් බවට සැක නැත. එය වඩා හොඳින් තහවුරු වන්නේ මේ කමිටු වාර්තාවේ නිර්දේශ සලකා බැලීමේදී ය. යහපාලන ආණ්‌ඩුව 2015 දෙසැම්බර් 22 වැනි දින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණය පිළිබඳව මහජන අදහස්‌ විමසීම වෙනුවෙන් කමිටුවක්‌ පත් කිරීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව පත් කළ මෙම කමිටුව රටපුරා යමින් මහජන අදහස්‌ ලබාගත් අයුරු අපට මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබිණි. ඒ අනුව විඡේනායක කමිටු වාර්තාව නිර්දේශ කරන්නේ කුමක්‌ද? ලංකාව අනාගමික රාජ්‍යයක්‌ කළ යුතු බවයි. ඒකීය රාජ්‍යයට එරෙහිව නිරන්තරයෙන් අදහස්‌ දක්‌වන උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ද කිසිම විටක ලංකාව අනාගමික රාජ්‍යයක්‌ කළ යුතු යෑයි ප්‍රකාශ කර නැත. එහෙත් මේ ඊනියා ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ කමිටුව ලංකාව අනාගමික රාජ්‍යයක්‌ කළ යුතු යෑයි කියයි. මේ කමිටුවේ සාමාජිකයන් බෞද්ධ විරොධීන් ද? නැත්නම් මේ කමිටුවට සාක්‍ෂි සැපයූ බහුතරය බෞද්ධ විරෝධීන් දැයි අපට පැහැදිලි නැති වුවත්, රටේ අනන්‍යතාව විනාශ කරන සිංහල බෞද්ධයාට නිසි තැන අහිමි කරන විජාතික බලවේග සතුටු කරන ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය සඳහා සුදුසු නිර්දේශ ලබා දී ඇති බව නම් සහතිකය. ඉන්දියාව අනාගමික රාජ්‍යයක්‌ ලෙස ව්‍යවස්‌ථාවේ සටහන් කර තිබුණ ද එහි හින්දු ජාතිකවාදය අනුව කටයුතු සිදුවෙයි. එනමුත් අප ඉන්දියාව ආදර්ශයට ගත යුතු නැත. ඉන්දියාව අනුව යමින් සිදුකළ දේශපාලන ප්‍රතිසංස්‌කරණ නිසා දහස්‌ ගණනකට මරු වැළඳ ගන්නට සිදු වූ බව නම් සහතිකය. සමසමාජ පාක්‍ෂිකයන්ට අවශ්‍ය ආකාරයට හෝ බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය ආකාරයට මෙරට අනාගමික රාජ්‍යයක්‌ කිරීමට ඉඩ දිය යුතු නැත. යහපාලන නම් සිතාරම්බර සළුවෙන් වැසුණු හෙළුව අප හොඳින් අවබෝධ කර ගත යුතුය. එදා ලක්‍ෂ 62 ක්‌ හංසයාට ඡන්දය ලබා දුන්නේ බුද්ධාගමට ලැබෙන ප්‍රමුඛස්‌ථානය නැති කර ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීමට ද?

    උපන් රටට ,සිංහල ජාතියට ,බුද්ධාගමට වෛර කරන රනිල් සහ චන්ද්‍රිකා සමග එක්වූ සිරිසේන

    IN09_SRI_LANKA_2273895g.jpg


    මෙම කමිටුව මහජන අදහස්‌ විමසීම සඳහා මන්නාරමට ගිය විට එම ප්‍රදේශයේ පිරිසක්‌ ජාතික කොඩියේ සිංහයා ඉවත් කළ යුතු බවට අදහසක්‌ ඉදිරිපත් කර තිබිණි. කවරක්‌ නමුත්

    විඡේනායක කමිටු වාර්තාවේ එක්‌ නිsර්දේශයක්‌ වන්නේ ජාතික කොඩිය අලුතෙන්ම නිර්මාණය කළ යුතුය යන්නයි. ඒ අනුව මේ කමිටුවට ද ජාතික කොඩියේ සිංහයා ඉවත් කිරීමට අවශ්‍යව ඇති බව පැහැදිලිය. සිරිසේන - වික්‍රමසිංහ ආණ්‌ඩුවට ද ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට අවශ්‍යව තිබේද? එය සංහිඳියාවට බාධාවක්‌ ලෙස දකින්නේ ද? ඉවත් කළ යුත්තේ සිංහයා ද කඩුව ද නැත්නම් බෝපත් හතරද යන්න පැහැදිලි නැත. එහෙත් අපේ ජාතික කොඩියේ සිංහයාට ද වෛර කරන පිරිස්‌ මෙම කමිටුව හමුවේ සාක්‍ෂි දී ඇති බව පැහැදිලිය. කනගාටුවට කරුණ එම වෛරී සාක්‍ෂි නිර්දේශ ලෙස පෙරළා තිබීමයි. සිංහ කොඩිය වෙනස්‌ කර රට අනාගමික රාජ්‍යයක්‌ කිරීම නිර්දේශ වී ඇත්නම් ඉදිරි ව්‍යවස්‌ථාවේ ඒකීය රාජ්‍යය සුරැකෙන්නේ නැති බව නම් පැහැදිලිය.


    ජාතික කොඩිය වෙනස් කරන්නට,බුද්ධාගම ,සිංහල ජාතිය ගැන තිබෙන නොනිමි වෛරය පිරිමසා ගන්නට රනිල්ට මීට වඩා අවස්ථාවක් යළි ලැබෙන්නේ නැත.

    f0391714f09f73fa502e8f34f30026a1_XL.jpg

    නව ව්‍යවස්‌ථාව හැදීම කවරක්‌ වෙතත් මේ මහජන අදහස්‌ විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ ද කුණු කූඩුයට දැමිය යුතුය. නව ව්‍යවස්‌ථාව පිළිබඳ දැනටම එජාපය හා ශ්‍රීලනිපය අතර මත ගැටුම් පවතී. සිරිසේන මහතා ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සපථ කළේය. නමුත් දැන් ඔහුට හිතවාදී ශ්‍රීලනිප කණ්‌ඩායම ප්‍රකාශ කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් විරුද්ධ බවය. මේ අනුව විධායක අගමැති ක්‍රමය ඇති කිරීමේ එජාප සිහිනයට බලවත් පහරක්‌ එල්ල වී ඇත. ජාතිකවාදී බලවේග සැබැවින් ම නව ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පරාජය කළ යුතුය. නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ වුවහොත් එයින් දැඩි ප්‍රහාරයට ලක්‌වන්නේ සිංහල බෞද්ධයා බව සැක නැත. බටහිර බලවේග සතුටු කරන අනාගමික රාජ්‍යය ඇති කර බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමේ කුමන්ත්‍රණය දිවි හිමියෙන් වැළැක්‌විය යුතුය.



    චතුර පමුණුව
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lankawa anagami rajyak wenawa kiyala koheda thiyenne bro...hetama parata bahinna
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ලංකාව කොහොමත් අනාගමික රාජ්‍යයක් වගේ තමා දැනටත්, බුද්ධාගමට පලවෙනි තැන දුන්න කියල රටේ නීති හදන්න, වෙන පරිපාලන වැඩ වලට ආගම ගාවගෙන නෑ නෙ. අනිත් ආගම් වලට අඩු සැලකිල්ලක් දීලත් නෑ නෙ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කිසිම ආගමකට කිසිම තැනක් දෙන්නෙ නැති නිර් ආගමික රාජ්‍යක් උනදාට ලංකාව දියුණු වෙයි. උදාහරණෙකට ගනින් ස්වීඩන්.
     

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ගොන් පෝස්ට් දාන්න එපා බන් .බුද්ධාගමට තිබුන තැන වෙනස් කරන්නෙ නෑ කියල ජනාධිපතියි ,අගමැතියි දෙන්නම කියනව .බයියො කියනව වෙනස් කරනවාමයිලු .යකෝ කී තැනක කිව්වද වෙනස් වෙන්නෙ නෑ කියල දැන් . යකෝ අලුත් විවස්ථාවට අනාගමික රජ්‍ය කතාව කමිටුවේ යෝජනා 6න් එකෙක් විතරයි .තොපි ගොන් හරක් වගේ තප්පුලනව .වාර්තාව අරගෙන කියවපන් ඉස්සෙල්ලම . :growl::growl::growl::growl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොන් පෝස්ට් දාන්න එපා බන් .බුද්ධාගමට තිබුන තැන වෙනස් කරන්නෙ නෑ කියල ජනාධිපතියි ,අගමැතියි දෙන්නම කියනව .බයියො කියනව වෙනස් කරනවාමයිලු .යකෝ කී තැනක කිව්වද වෙනස් වෙන්නෙ නෑ කියල දැන් . යකෝ අලුත් විවස්ථාවට අනාගමික රජ්‍ය කතාව කමිටුවේ යෝජනා 6න් එකෙක් විතරයි .තොපි ගොන් හරක් වගේ තප්පුලනව .වාර්තාව අරගෙන කියවපන් ඉස්සෙල්ලම . :growl::growl::growl::growl:

    අරක්කු ගහලද ඉන්නේ
     

    i9001

    Member
    Jul 7, 2016
    16
    1
    0
    lankeeya kukulanta hamadama deshapalakayo puke arinawa. :rofl: ekek deshapremen puke ariya. dan inna un yahapalanen puke arinawa.

    sadakalikawama anathai. oya huththihe puthalata nikan kade gihin wedak na. keeyak hari denawanam aulak na.