මම හිතන විදියට අනිත්‍ය කියන පද පෙරලුමේ ලොකු ප්‍රශ්නයක් නෑ..
මෙය ඇත්තටම සරල දෙයක්.
චක්ඛුං, භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.
මෙතන "ඇස" (චක්ඛුං) කියනෙනේ ක්‍රියාවලික් මිස නාම පදයක් නොවේ. මෙය සිංහලයට පරිවරණ විය යුත්තේ මේ ආකාරයටය.
මහණෙනි ඇසෙන් පෙනෙන ක්‍රියාවලියෙන් ඔබ ඉටු කරන දේ නොලැබෙයි. යමක් ඉටු කරන දේ නොලැබේ නම් එය දුක් වේ. යමක් දුක නම්, එහි කිසි අර්ථයක් නැත. යමක කිසි අර්ථයක් නැත්තේ නම්, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මට අර්ථවත් නොවේයයි තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුය.
මේ පාලි පද පෙලෙන් විග්‍රහ වෙන්නේ පටිචච සමුප්පාදයෙන් ඇවිලෙවි ඇති ලෝකයේන් මිදෙන ආකාරයයි. ඒ කියන්නේ ('පට' + 'ඉච්ඡ') හෝ කැමැත්ත ඉටු වේ යයි හිතා ලෝකයට බැඳුනත්, ('අන්' + 'ඉච්ඡ'), කැමති දේ ඉටු නොවෙන ස්වභාවයයි.
පටිචච සමුප්පාද ධර්මය වැටහෙන කෙනාට මෙතන එම ක්‍රියාවලියම සරල ලෙස විග්‍රහ වන අන්දම මනා ලෙස පෙනේ. මෙය සිවු අරිහත් (චතුරාර්ය සත්‍ය) අවබෝද කර ගැනීම ඉමහත් ලෙස වහල් වේ.
ඇවිලෙවි ඇති මේ ලෝකය
- යම් අවස්ථා වල අනිත්‍ය ස්වභාවයක් ගනී
- යම් අවස්ථා වල "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්"
- යම් අවස්ථා වල "මර්ෆිගේ නීතිය" අනුකුලව වඩ කරයි
මේ ආදියේ තවත් දේවල් තියන්න පුළුවන්. එම නිසා අන්තිම වශයෙන් ගතහොත් - "කමැති දේ නොවෙන" ආකාරයක් හෝ "අනිච්ඡ" ස්වාබහයක් ගනී.
- Misintepretation of Anicca and Anatta by Early European Scholars
- Anicca, Dukkha, Anatta – Wrong Interpretations
මෙම වචනය විකුර්ති වුනේ මොන කාල වකවානුවකදීද? එය විකුර්ති වුනේ කා අතින්න්ද? මෙය දීරිග ලෙසින් මෙතන විග්‍රහ කර ඇත.

