අනිච්ච වරදවා ගත් මෝඩයන්ට අනිච්ච සංඥා සූත&#3530

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    මම හිතන විදියට අනිත්‍ය කියන පද පෙරලුමේ ලොකු ප්‍රශ්නයක් නෑ..

    මෙය ඇත්තටම සරල දෙයක්.

    චක්ඛුං, භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

    මෙතන "ඇස" (චක්ඛුං) කියනෙනේ ක්‍රියාවලික් මිස නාම පදයක් නොවේ. මෙය සිංහලයට පරිවරණ විය යුත්තේ මේ ආකාරයටය.

    මහණෙනි ඇසෙන් පෙනෙන ක්‍රියාවලියෙන් ඔබ ඉටු කරන දේ නොලැබෙයි. යමක් ඉටු කරන දේ නොලැබේ නම් එය දුක් වේ. යමක් දුක නම්, එහි කිසි අර්ථයක් නැත. යමක කිසි අර්ථයක් නැත්තේ නම්, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මට අර්ථවත් නොවේයයි තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුය.

    මේ පාලි පද පෙලෙන් විග්‍රහ වෙන්නේ පටිචච සමුප්පාදයෙන් ඇවිලෙවි ඇති ලෝකයේන් මිදෙන ආකාරයයි. ඒ කියන්නේ ('පට' + 'ඉච්ඡ') හෝ කැමැත්ත ඉටු වේ යයි හිතා ලෝකයට බැඳුනත්, ('අන්' + 'ඉච්ඡ'), කැමති දේ ඉටු නොවෙන ස්වභාවයයි.

    පටිචච සමුප්පාද ධර්මය වැටහෙන කෙනාට මෙතන එම ක්‍රියාවලියම සරල ලෙස විග්‍රහ වන අන්දම මනා ලෙස පෙනේ. මෙය සිවු අරිහත් (චතුරාර්ය සත්‍ය) අවබෝද කර ගැනීම ඉමහත් ලෙස වහල් වේ.

    ඇවිලෙවි ඇති මේ ලෝකය

    - යම් අවස්ථා වල අනිත්‍ය ස්වභාවයක් ගනී
    - යම් අවස්ථා වල "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්"
    - යම් අවස්ථා වල "මර්ෆිගේ නීතිය" අනුකුලව වඩ කරයි

    මේ ආදියේ තවත් දේවල් තියන්න පුළුවන්. එම නිසා අන්තිම වශයෙන් ගතහොත් - "කමැති දේ නොවෙන" ආකාරයක් හෝ "අනිච්ඡ" ස්වාබහයක් ගනී.

    - Misintepretation of Anicca and Anatta by Early European Scholars
    - Anicca, Dukkha, Anatta – Wrong Interpretations

    මෙම වචනය විකුර්ති වුනේ මොන කාල වකවානුවකදීද? එය විකුර්ති වුනේ කා අතින්න්ද? මෙය දීරිග ලෙසින් මෙතන විග්‍රහ කර ඇත.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    මෙය ඇත්තටම සරල දෙයක්.

    චක්ඛුං, භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

    මෙතන "ඇස" (චක්ඛුං) කියනෙනේ ක්‍රියාවලික් මිස නාම පදයක් නොවේ. මෙය සිංහලයට පරිවරණ විය යුත්තේ මේ ආකාරයටය.

    මහණෙනි ඇසෙන් පෙනෙන ක්‍රියාවලියෙන් ඔබ ඉටු කරන දේ නොලැබෙයි. යමක් ඉටු කරන දේ නොලැබේ නම් එය දුක් වේ. යමක් දුක නම්, එහි කිසි අර්ථයක් නැත. යමක කිසි අර්ථයක් නැත්තේ නම්, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මට අර්ථවත් නොවේයයි තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුය.

    මේ පාලි පද පෙලෙන් විග්‍රහ වෙන්නේ පටිචච සමුප්පාදයෙන් ඇවිලෙවි ඇති ලෝකයේන් මිදෙන ආකාරයයි. ඒ කියන්නේ ('පට' + 'ඉච්ඡ') හෝ කැමැත්ත ඉටු වේ යයි හිතා ලෝකයට බැඳුනත්, ('අන්' + 'ඉච්ඡ'), කැමති දේ ඉටු නොවෙන ස්වභාවයයි.

    පටිචච සමුප්පාද ධර්මය වැටහෙන කෙනාට මෙතන එම ක්‍රියාවලියම සරල ලෙස විග්‍රහ වන අන්දම මනා ලෙස පෙනේ. මෙය සිවු අරිහත් (චතුරාර්ය සත්‍ය) අවබෝද කර ගැනීම ඉමහත් ලෙස වහල් වේ.

    ඇවිලෙවි ඇති මේ ලෝකය

    - යම් අවස්ථා වල අනිත්‍ය ස්වභාවයක් ගනී
    - යම් අවස්ථා වල "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්"
    - යම් අවස්ථා වල "මර්ෆිගේ නීතිය" අනුකුලව වඩ කරයි

    මේ ආදියේ තවත් දේවල් තියන්න පුළුවන්. එම නිසා අන්තිම වශයෙන් ගතහොත් - "කමැති දේ නොවෙන" ආකාරයක් හෝ "අනිච්ඡ" ස්වාබහයක් ගනී.

    - Misintepretation of Anicca and Anatta by Early European Scholars
    - Anicca, Dukkha, Anatta – Wrong Interpretations

    මෙම වචනය විකුර්ති වුනේ මොන කාල වකවානුවකදීද? එය විකුර්ති වුනේ කා අතින්න්ද? මෙය දීරිග ලෙසින් මෙතන විග්‍රහ කර ඇත.

    Bump
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම guest කෙනෙක් විදියට මේ threads දිගටම බලනව. හැබැයි ලේසියෙන් ලොග් වෙන්නේ නෑ. Post ගාන බැලුවම ඒක පේනවනෙ.

    හිතට ආපු පොඩි කරුණු ටිකක් ලියන්න හිතුන, විශේෂයෙන් අනිච්ච ප්‍රශ්නේ ගැන.

    1. කැමැත්ත ඉෂ්ට නොවීම - මේක පිලි නොගන්න කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉච්ච කියන්නේ කැමැත්ත නම්, (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) කියන්නේ "අකමැත්ත". නැතුව "කැමැත්ත ඉෂ්ට නොවීම" නෙවෙ. එක වාසියට හදා ගත්තු එකක්.
    එතකොට සබ්බං අනිච්චං කිව්වම එකේ තේරුම එන්නේ සියල්ල අකමැතියි කියල. නැතුව සියල්ල කැමැත්ත ඉෂ්ට නොකරයි කියල නෙවෙයි.
    ඒ වගේම අපිට පේන්න ඕන ඉහත (අ + ඉච්ච ) හෝ (නො + ඉච්ච ) දෙකම අනිච්ච කියල එකතු වෙන්නේ නෑ. අපි කියනවනම් ( අන් + ඉච්ච ) කියල එකේ තේරුම "වෙන කැමැත්තක්" කියන එක.

    පින්වත් pubchi

    ඔබ මේ කරල තියෙන විග්‍රහයෙනුත් පේනව නේ අපි ගනුදෙනු කරන්නෙ මොන වගේ "ගැල විජ්ජා කාරයෝ සෙට් එකක්" එක්කද කියලා.
    සද්ධර්ම ප්‍රතිරූපකයන් නොයෙකුත් වේශයෙන් ඇවිත් ධර්මය විනාස කරන්න හදන කාලයක ඔබ වැනි අය තමයි අපේ රටට වැඩි වැඩියෙන් අවශ්‍යය.
     
    Last edited:

    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0

    මෙය ඇත්තටම සරල දෙයක්.

    චක්ඛුං, භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

    මෙතන "ඇස" (චක්ඛුං) කියනෙනේ ක්‍රියාවලික් මිස නාම පදයක් නොවේ. මෙය සිංහලයට පරිවරණ විය යුත්තේ මේ ආකාරයටය.

    මහණෙනි ඇසෙන් පෙනෙන ක්‍රියාවලියෙන් ඔබ ඉටු කරන දේ නොලැබෙයි. යමක් ඉටු කරන දේ නොලැබේ නම් එය දුක් වේ. යමක් දුක නම්, එහි කිසි අර්ථයක් නැත. යමක කිසි අර්ථයක් නැත්තේ නම්, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මට අර්ථවත් නොවේයයි තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුය.

    මේ පාලි පද පෙලෙන් විග්‍රහ වෙන්නේ පටිචච සමුප්පාදයෙන් ඇවිලෙවි ඇති ලෝකයේන් මිදෙන ආකාරයයි. ඒ කියන්නේ ('පට' + 'ඉච්ඡ') හෝ කැමැත්ත ඉටු වේ යයි හිතා ලෝකයට බැඳුනත්, ('අන්' + 'ඉච්ඡ'), කැමති දේ ඉටු නොවෙන ස්වභාවයයි.

    පටිචච සමුප්පාද ධර්මය වැටහෙන කෙනාට මෙතන එම ක්‍රියාවලියම සරල ලෙස විග්‍රහ වන අන්දම මනා ලෙස පෙනේ. මෙය සිවු අරිහත් (චතුරාර්ය සත්‍ය) අවබෝද කර ගැනීම ඉමහත් ලෙස වහල් වේ.

    ඇවිලෙවි ඇති මේ ලෝකය

    - යම් අවස්ථා වල අනිත්‍ය ස්වභාවයක් ගනී
    - යම් අවස්ථා වල "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්"
    - යම් අවස්ථා වල "මර්ෆිගේ නීතිය" අනුකුලව වඩ කරයි

    මේ ආදියේ තවත් දේවල් තියන්න පුළුවන්. එම නිසා අන්තිම වශයෙන් ගතහොත් - "කමැති දේ නොවෙන" ආකාරයක් හෝ "අනිච්ඡ" ස්වාබහයක් ගනී.

    - Misintepretation of Anicca and Anatta by Early European Scholars
    - Anicca, Dukkha, Anatta – Wrong Interpretations

    මෙම වචනය විකුර්ති වුනේ මොන කාල වකවානුවකදීද? එය විකුර්ති වුනේ කා අතින්න්ද? මෙය දීරිග ලෙසින් මෙතන විග්‍රහ කර ඇත.

    රජිත, වටිනවා පැහැදිලි කිරීම. බොහොම පින් .

    ඔයා ඔය අවබෝධ කරගෙන ඉන්න ධර්මය හොඳට අද්‍යනය කරල තියන බව පේන නිසා,
    මට ඔයාගෙන් පිළිතුරක් ඕන අර අභය හාමුදුරුවන්ගේ ත්‍රිකෝණ ගැටලුව සම්බන්ද ප්‍රශ්නයකට.
    මේකට වෙනම thread ගියාට හරියට නිගමනයකට ඒමට බැරි උනා.

    උන් වහන්සේ අහනවා ත්‍රිකෝණයක පාද තුනයි කියන එක වෙනස් වෙනවාද කියල.
    එහෙම වෙනස් වෙන්නේ නැත්නම් ඒක නිත්‍ය නේද කියල.

    එතකොට අනිච්ච කියන එකට අනිත්‍ය (ස්ථිර නැ, නිත්‍ය නෑ ) කියන අය හිර වෙනවා. මේ තර්කය පුහු තර්කයක් කියල අයින් කරන්න බෑ.

    මට කියන්න මම පහත ලියා ඇති දේ ඔබේ මතයට ගැලපෙනවාද කියා.

    "
    සියල්ල අනිච්චයි.
    ත්‍රිකෝණයට පාද තුනයි කියන සංකල්පයත් අනිච්චයි.
    ඒ කියන්නේ ත්‍රිකෝණයට පාද තුනයි කියන සංකල්පය මගින් ඔබේ කැමැත්ත ඉෂ්ට නොවෙයි.

    "

    මේ කියපු දේ (red color ) හරිද ? වැරදිද?

    කෙටියෙන්ම කියන්න. උත්තරේ අනුව ඊළඟ ප්‍රශ්නේ අහන්නම්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    මෙය ඇත්තටම සරල දෙයක්.

    චක්ඛුං, භික්ඛවෙ, අනිච්චං. යදනිච්චං තං දුක්ඛං; යං දුක්ඛං තදනත්තා. යදනත්තා තං ‘නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තා’ති එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.

    මෙතන "ඇස" (චක්ඛුං) කියනෙනේ ක්‍රියාවලික් මිස නාම පදයක් නොවේ. මෙය සිංහලයට පරිවරණ විය යුත්තේ මේ ආකාරයටය.

    මහණෙනි ඇසෙන් පෙනෙන ක්‍රියාවලියෙන් ඔබ ඉටු කරන දේ නොලැබෙයි. යමක් ඉටු කරන දේ නොලැබේ නම් එය දුක් වේ. යමක් දුක නම්, එහි කිසි අර්ථයක් නැත. යමක කිසි අර්ථයක් නැත්තේ නම්, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මට අර්ථවත් නොවේයයි තත්වූ පරිද්දෙන්, යහපත් නුවණින් දැක්ක යුතුය.

    මේ පාලි පද පෙලෙන් විග්‍රහ වෙන්නේ පටිචච සමුප්පාදයෙන් ඇවිලෙවි ඇති ලෝකයේන් මිදෙන ආකාරයයි. ඒ කියන්නේ ('පට' + 'ඉච්ඡ') හෝ කැමැත්ත ඉටු වේ යයි හිතා ලෝකයට බැඳුනත්, ('අන්' + 'ඉච්ඡ'), කැමති දේ ඉටු නොවෙන ස්වභාවයයි.

    පටිචච සමුප්පාද ධර්මය වැටහෙන කෙනාට මෙතන එම ක්‍රියාවලියම සරල ලෙස විග්‍රහ වන අන්දම මනා ලෙස පෙනේ. මෙය සිවු අරිහත් (චතුරාර්ය සත්‍ය) අවබෝද කර ගැනීම ඉමහත් ලෙස වහල් වේ.

    ඇවිලෙවි ඇති මේ ලෝකය

    - යම් අවස්ථා වල අනිත්‍ය ස්වභාවයක් ගනී
    - යම් අවස්ථා වල "තියෙන්නේ එකක්, පෙන්නේ අනෙකක්"
    - යම් අවස්ථා වල "මර්ෆිගේ නීතිය" අනුකුලව වඩ කරයි

    මේ ආදියේ තවත් දේවල් තියන්න පුළුවන්. එම නිසා අන්තිම වශයෙන් ගතහොත් - "කමැති දේ නොවෙන" ආකාරයක් හෝ "අනිච්ඡ" ස්වාබහයක් ගනී.

    - Misintepretation of Anicca and Anatta by Early European Scholars
    - Anicca, Dukkha, Anatta – Wrong Interpretations

    මෙම වචනය විකුර්ති වුනේ මොන කාල වකවානුවකදීද? එය විකුර්ති වුනේ කා අතින්න්ද? මෙය දීරිග ලෙසින් මෙතන විග්‍රහ කර ඇත.

    පින්වත් Harvard-Bio,

    අපිත් ඔය උඩ දක්වා ඇති වෙබ් අඩවි වල වාගෙ ජනතාවට විහිළු සපයන්නන් කරන ආකාරයට විහිළු ටිකක් ගොතා බලමුද අර්ථ කෙසේ වේවිද කියා බලන්න? ඕන්න මං ගොතනවා එහෙනං...

    සබ්බං අනිච්චං[1] යන්නට අනුව: ත්‍රිකෝණයක පාද තුනක් තිබීම කැමැත්ත ඉෂ්ට නොකරයි
    සබ්බං දුක්ඛං[2]
    යන්නට අනුව: ත්‍රිකෝණයක පාද තුනක් තිබීම දුක් වේ
    සබ්බං අනත්තා[3]
    යන්නට අනුව: ත්‍රිකෝණයක පාද තුනක් තිබීමේ අර්ථයක් නැත

    Skylark

    --
    1. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ සබ්‌බානිච්‌චවග්ගයේ අනිච්ච සූත්‍රය"
    2. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ සබ්‌බානිච්‌චවග්ගයේ දුක්ඛ සූත්‍රය"
    3. "ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතනවග්ගයේ සබ්‌බානිච්‌චවග්ගයේ අනත්ත සූත්‍රය"
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    සියල්ල අනිච්චයි.
    ත්‍රිකෝණයට පාද තුනයි කියන සංකල්පයත් අනිච්චයි.
    ඒ කියන්නේ ත්‍රිකෝණයට පාද තුනයි කියන සංකල්පය මගින් ඔබේ කැමැත්ත ඉෂ්ට නොවෙයි.

    මේ කියපු දේ (red color ) හරිද ? වැරදිද?

    කෙටි විග්‍රහය

    මේ කියපු දේ හරි.

    දීර්ග විග්‍රහය

    ත්‍රිකෝණ සංකල්පය අරූප ලෝකයට සම්බන්ද වන දෙයක්. ත්‍රිකෝණ වස්තු රූප ලෝකයට සම්බන්ද වන දෙයක්.

    ත්‍රිකෝණක් හෝ එහි සංකල්පයක් හෝ වේවා එම රුපය යම් කැමැත්තක් ඉටු කරන්නන රාගයෙන් හෝ ද්වේශයෙන් පටිච්ච කලහොත් එතැන කර්ම භවය සකස් වෙයි. ඒ කියන්නේ මොහුට කැමති වුනේ සැපක් ගන්න. නමුත් ලැබුනේ දුකක්. එම ක්‍රියාව අනිච්චයි. පොඩි වින්දනක් ලැබෙනවා වෙන්න ඇති. නමුත් ඒක තාවකාලිකයි, නිෂ්ඵලයි.

    පන්ච-උපාදනස්කන්දය මොහොතක් මොහොතක් පාසා පටිච්ඡ සමුප්පදයෙන් සකස් වන දෙයක්. මෙහි ඇති අනිත්‍ය ස්වබාවය සක්කාය දිට්ඨිය හෝ "දහම් ඇස" පහලවූ කෙනෙක්ට අවබෝද වන දෙයකි. ඔහුට හෝ ඇයට මාර්ග පල ලැබූ පසු යම් දේවල් අනිත්‍ය සන්ඥාවක් ලෙස ගන්න උවමනාවක් නැත. ඇයි ඒ? ඔවුන් අනිත්‍ය හෝ ආත්ම වාද වලින් මිදී හිටීම නිසා.

    මාර්ග පල ලැබූ පසු ප්‍රහානයට කරන්නට ඉතුරු වී ඇත්තේ ක්ලෙස කාම හා වස්තු කාම ප්‍රහාන කිරිමයි.

    කාමය දුරු කරන්න යම් දේවල් වලට තියෙන කැමැත්ත දුරු කල යුතු වේ. ඒ කියන්නේ "කැමැත්ත ඉටු නොවෙයි" හෝ අනිච්ච සන්ඥාව ගෙන යෝනිසෝ මනසිකරයේන් වැඩ කිරිමය.
     
    ස්තුතියි.

    මට තේරුම් ගන්න ඕන තැන තමයි මේක.
    මට කියන්න "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" මගින් කැමැත්ත ඉෂ්ට නොවුණු අවස්ථාවකට උදාහරණයක්.
    (මිනිස්සු ඔය සංකල්පය හදා ගන්නෙම මොකක් හරි කැමැත්තක් ඉටු කර ගන්න නේ.)

    ඒ කැමැත්ත specifically ම කියන්න. එතකොට තමයි තේරෙන්නේ.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    මට තේරුම් ගන්න ඕන තැන තමයි මේක.
    මට කියන්න "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" මගින් කැමැත්ත ඉෂ්ට නොවුණු අවස්ථාවකට උදාහරණයක්.
    (මිනිස්සු ඔය සංකල්පය හදා ගන්නෙම මොකක් හරි කැමැත්තක් ඉටු කර ගන්න නේ.)

    ඒ කැමැත්ත specifically ම කියන්න. එතකොට තමයි තේරෙන්නේ.

    සබ්‌බං, භික්‌ඛවෙ, අනිච්‌චං

    මෙතන කියන්නනේ "සබ්‌බං" කියන දෙයට "අනිච්‌චං" අදාළ වේ. එතකොට සබ්‌බං කියන්නේ මොකකක්ද?

    සබ්බ සූත්‍රයේ සබ්බං යනු කුමක්ද කියා පැහැදිලි කර ඇත. සබ්බං කියන දේට මේවා ඇතුලත් වේ.

    - ඇස හා රූප,
    - කණ හා ශබ්ද
    - නාසය හා ගන්‍ධ
    - දිව හා රස
    - කය හා ස්පර්‍ශය
    - සිත හා ධර්‍මය

    මෙය අභ්‍යයන්තරයේ ඇති ක්‍රියා දාමයයි. ඒයට පන්ච උපාදනස්කන්දය හෝ අස්ස්වාද කය කිව්වොත් නිවැරිදි.

    මෙයින් පිටසතර කිසි යම් දෙයක් තිබේද? මේකත් එම සූත්‍රයේම හදුන්වා දී ඇත.

    අනික් සියල්ලක් ඇද්දැයි විචාරණ ලද්දේ මෙනම් සියල්ලයයි වචනයෙන් පැමිණීමට නොහැකි වන්නේය.

    "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" උපදාන හෝ නිමිත්තක් ලෙස ගත් අවස්ථාවේ එයට අනිච්‌චං අනුකුල වෙයි. අනිත් අවස්ථාවල එය තියෙනවා කියන එක, එක් අන්තයකි. තියෙන්නේ නැහැ කිම් තව අන්තයකි.

    එතකොට

    "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" -> සිත හා ධර්‍මය -> රාගය -> උපදාන -> දුක සකස් වෙයි -> කැමැත්ත ඉටු නොවේ -> අනිච්‌චං
    "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" -> සිත හා ධර්‍මය -> ද්වේශය -> උපදාන -> දුක සකස් වෙයි -> කැමැත්ත ඉටු නොවේ -> අනිච්‌චං
    "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" -> සිත හා ධර්‍මය -> උපේක්ෂාව -> මෙතන කැමැත්ත ඉපදී නැත -> අනිච්‌චං අදල නැත.
     
    හරි, තාම උත්තරය ලැබුනේ නෑ. එත් පැහැදිලියි කියන දේ.

    මේ අනුව අපි සිත හා ධර්මය ගැන විතරක් යොමු වෙමු. අනික් පහම මේ ප්‍රශ්නෙදි අදාළ නෑ .

    ඒ වගේම පහත condition එක විතරක් සලකමු දැනට.

    "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය" -> සිත හා ධර්‍මය -> රාගය -> උපදාන -> දුක සකස් වෙයි -> කැමැත්ත ඉටු නොවේ -> අනිච්‌චං

    දැන් මට කියල දෙන්න මේකට උදාහරණයක්.

    මම වෙන ආයතනයක්, අරමුණක් අරගෙන උදාහරණයක් දෙන්නම්.

    අපි ගමු රූපය. මම ඔයාගෙන් අහනවනවානම් "රූපය මගින් කැමැත්ත ඉෂ්ට නොවුණු" අවස්තාවක් කියන්න කියල, ඒකට උදාහරණයක් තමයි , මනුස්සයෙක් තමන් කැමති ගැහැණු රූපයක් දිහා හැමදාම බලනවා, එත් එපා වෙන්නේ නෑ වගේ දෙයක්. (මේකෙන් මම මේ statement එක හරිද වැරදිද කියන්න යන්නේ නෑ )

    මම අහන්නේ "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය මගින් කැමැත්ත ඉෂ්ට නොවුණු" අවස්ථාවකට උදාහරණයක් කියන්න කියල.

    Theory අවශ්‍යයි. එත් උදාහරණ හරහා තේරුම් ගන්න ලේසියි.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    මම අහන්නේ "ත්‍රිකෝණයක පාද තුනයි කියන සංකල්පය මගින් කැමැත්ත ඉෂ්ට නොවුණු" අවස්ථාවකට උදාහරණයක් කියන්න කියල.
    .

    - යම් කෙනෙක්ට ගෙදර වහල පාද තුනක් ඇති ත්‍රිකෝණයක හැඩය ගන්න උවමනාවා වේ. නමුත් ඉඩ මදි නිසා එය ප්‍රයෝගික නොවේ.
    - බර්මුඩ ත්‍රිකෝණය නිසා නැව ගවේෂණය කිරීම ද්ෂ්කරය. එයට සමහර අය කැමති නැත.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සාකච්ඡා සාරාංශය:

    කෙනෙක් ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තිය කැමැත්ත ඉෂ්ට නොකරන්නේ කෙසේ දැයි ප්‍රශ්ණ කරයි.

    තව කෙනෙක් ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තිය කැමැත්ත ඉෂ්ට නොකරන්නේ මෙසේ යැයි නොකියා ත්‍රිකෝණයකට පාද තුනක් ඇත යන ප්‍රඥප්තියට රාගයෙන් බැඳීම හෝ ද්වේෂයෙන් ගැටීම කැමැත්ත ඉෂ්ට නොකරන්නේ මෙසේ යැයි ඇසූ දේට අදාළ නැති උත්තරයක් ඇසූ දේට අදාළ උත්තරය ලෙස දැක්වීමට උත්සාහ කරයි.

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ හෑල්ලට ගොඩ ඒමක් නැත!

    Skylark
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0

    - යම් කෙනෙක්ට ගෙදර වහල පාද තුනක් ඇති ත්‍රිකෝණයක හැඩය ගන්න උවමනාවා වේ. නමුත් ඉඩ මදි නිසා එය ප්‍රයෝගික නොවේ.
    - බර්මුඩ ත්‍රිකෝණය නිසා නැව ගවේෂණය කිරීම ද්ෂ්කරය. එයට සමහර අය කැමති නැත.

    මේ උදාහරණ දෙකම මම කියන දෙයට හරි යන්නේ නෑ. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්.

    මුලින්ම ගන්න මම දීපු උදාහරණය.

    මනුස්සයෙක් තමන් කැමති ගැහැණු රූපයක් දිහා හැමදාම බලනවා, එත් කැමැත්ත ඉවර වෙන්නේ නෑ.
    මේකේ කැමැත්ත (A ) තමයි තමන්ගේ ඇස (සිත ) පිනවා ගැනීම. ඒකට භාවිතා කරන්නේ (B ) ගැහැණු රූපය . B ගෙන් A ඉෂ්ට වෙන්නේ නැති නිසා ඔබ කියනවා B අනිච්චයි කියල.

    දන්, මේක ගලපන්න ඔයා දීපු උදාහරණ වලට.

    1. ත්‍රිකෝණාකාර වහල

    "යම් කෙනෙක්ට ගෙදර වහල පාද තුනක් ඇති ත්‍රිකෝණයක හැඩය ගන්න උවමනා වේ. නමුත් ඉඩ මදි නිසා එය ප්‍රයෝගික නොවේ."

    කැමැත්ත (A ) : ත්‍රිකෝණාකාර වහලක් ගසා ගැනීමේ කැමැත්ත.

    හොදට හිතන්න මෙතෙන්දි ඔයාට වහල ගහන්න බැරි වෙන්නේ ඉඩ මදි නිසා.
    සරලව කිව්වොත් ඔයා ගිහිල්ල යාලුවෙකුට කියනවා මේ කතාව.
    හිතන්න මෙහෙම කිව්වොත්, "මචන්, මම මගේ වහල ගහන්න හැදුව. ඒක ගහන්න බෑ ත්‍රිකොනයකට පාද තුනක් තියෙන නිසා. පාද හතරක් තිබ්බනම් ගහන්න තිබුන." කියල.
    යාළුවා කියයි, උඹට පිස්සුද යකෝ. උඹේ බිත්ති සැලැස්ම හතරැස්. ඕක ත්රිකොනෙකින් වහන්න ඔතන ඉඩ මදි.

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉඩ මදිකම මිසක්, ත්‍රිකෝණයට පාද තුනක් තිබීම නෙවෙයි.

    2. බර්මුඩ ත්‍රිකෝණය නිසා නැව ගවේෂණය කිරීම ද්ෂ්කරය. එයට සමහර අය කැමති නැත.

    මේක නම් අදාලම නෑ මචන්. නැව් ගිලෙන්නේ එතන තියෙන ප්‍රශ්නයක් නිසා මිසක් ත්‍රිකෝණයට පාද තුනක් තියෙන නිසා නෙවෙයි. හෙට තව ටිකක් එහායින් නැවක් ගිලිලා ඔය ත්‍රිකෝණය, චතුරශ්‍රයක් කරනවා. එතකොට ඔය කියන අයගේ කැමැත්ත ඉෂ්ට වෙයිද? ඒ උදාහරණය අමතක කරමු.

    3. මම කියන්නම් තව එකක ඔයාගේ පලවෙනි එකටම ගැලපෙන.

    පොඩි ළමයෙක් සරුංගල් ගන්න යනවා, එයා කැමති ත්‍රිකෝණාකාර සරුංගල් වලට. එයා ළඟ ස්ටිකර් පටි දෙකක් තියෙනවා. ත්‍රිකෝණයේ පාද තුනක් තියෙන නිසා ළමයට දුකයි මොකද එක ස්ටිකර් පටියක් මදි. මෙතෙන්දිත් ප්‍රශ්නේ තියෙන්නේ ත්‍රිකෝණයට පාද තුනක් තිබීම නෙවෙයි. ළමයා ළඟ ස්ටිකර් මදි වීම.

    තව පොඩ්ඩක් ඔබ කියන දේ analyze කරලා බලන්න.

    ත්‍රිකෝණයට පාද තුනයි වගේ මිනිසා විසින්ම බිහි කල සංකල්ප (skylark කිව්වා වගේ ප්‍රඥප්ති) හදල තියෙන්නේ අපේ කැමැත්ත ඉෂ්ට වෙන විදියටම තමයි.
    තව පොඩ්ඩක් හිතන්න.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මේකේ කැමැත්ත (A ) තමයි තමන්ගේ ඇස (සිත ) පිනවා ගැනීම. ඒකට භාවිතා කරන්නේ (B ) ගැහැණු රූපය. B ගෙන් A ඉෂ්ට වෙන්නේ නැති නිසා ඔබ කියනවා B අනිච්චයි කියල.

    මෙතන ඔබ වැරදි. ප්‍රශ්නය තියෙන්නේ ගැහැණු රූපය (B) තුල නොව - (A) තමන්ගේ ඇස තුලය (සබ්බං). අනිච්ච සන්ඥාව ගන්නේ උපදාන කරන රුපය කෑමැත්ත ඉටු නොකරයි කියා.

    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉඩ මදිකම මිසක්, ත්‍රිකෝණයට පාද තුනක් තිබීම නෙවෙයි.

    මෙතන ඔබ හරි. ප්‍රශ්නය තියෙන්නේ ‍ත්‍රිකෝණය පාද තුනක් තුල නොව - උපදාන කල ත්‍රිකෝණය තුලය. අනිච්ච සන්ඥාව ගන්නේ උපදාන කරන ත්‍රිකෝණය කෑමැත්ත ඉටු නොකරයි කියා.

    හෙට තව ටිකක් එහායින් නැවක් ගිලිලා ඔය ත්‍රිකෝණය, චතුරශ්‍රයක් කරනවා. එතකොට ඔය කියන අයගේ කැමැත්ත ඉෂ්ට වෙයිද

    මෙතන ඔබ හරි අයිමත්. ප්‍රශ්නය තියෙන්නේ බර්මුඩ ත්‍රිකෝණය නොව - උපදාන කල ත්‍රිකෝණය තුලය. අනිච්ච සන්ඥාව ගන්නේ උපදාන කරන ත්‍රිකෝණය කෑමැත්ත ඉටු නොකරයි කියා.

    පංචස්කන්දය (aggregates) -> පංච-උපදාන්ස්කන්දය (clinging aggregates)

    බර්මුඩ ත්‍රිකෝණය -> ගවේෂණය කිරීම දුෂ්කර ‍ත්‍රිකෝණය (අනිච්චයි - කෑමැත්ත ඉටු නොකරයි)
    ත්‍රිකෝණ වහල -> පාද තුනක් ඇති ත්‍රිකෝණයේ බාදාව. (අනිච්චයි - කෑමැත්ත ඉටු නොකරයි)

    මෙම උපමා වල පෙන්වන ආකාරයෙන්, පංචස්කන්දය -> පංච-උපදාන්ස්කන්දය සකස් වෙන්නේ ද්වේශයෙන්. යම් කෙනෙක් තමන්ගේ වහල හදන්නේ හෝ බර්මුඩ ත්‍රිකෝණය ඉක්මනින් තරණය කරන්න හදන්නනේ, යම් කිසි කෑමැත්ත ඉටු කර ගැනීමට. නමුත් එතන වන්නේ සංස්කාරයන් හටගෙන දුක් සහගත බවය දිගු කර දීමය.

    මම හිතන්නේ ඔබට පංචස්කන්දය සහ පංච-උපදාන්ස්කන්දය දෙකේ වෙනස තේරී නැහැ.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    - යම් කෙනෙක්ට ගෙදර වහල පාද තුනක් ඇති ත්‍රිකෝණයක හැඩය ගන්න උවමනාවා වේ. නමුත් ඉඩ මදි නිසා එය ප්‍රයෝගික නොවේ.
    - බර්මුඩ ත්‍රිකෝණය නිසා නැව ගවේෂණය කිරීම ද්ෂ්කරය. එයට සමහර අය කැමති නැත.

    තමන්ම කපාගත්ත වලක මහත! අහෝ එහි ගැඹුර.

    ත්‍රිකෝණයකට ඇත්තේ පාද තුනක් යනු බට-අභය කියන ආකාරයට සම්මුතියකි. පින්වත් ස්කයිලාක් කියන ආකාරයට ප්‍රඥප්තියකි.

    පින්වත් Pubchi බෙල්ල මුලින් අල්ලන ප්‍රශ්නයක් ඇසුවේ මෙසේය.

    "මට කියන්න "ත්‍රිකෝණයකට ඇත්තේ පාද තුනයි" යන ප්‍රඥප්තිය, (සම්මුතිය ) අපේ කැමැත්ත ඉෂ්ට සිද්ද නොකරන අවස්තාවක්.

    මතක තියා ගන්න ඇහුවේ ත්‍රිකෝනයක පාද තුනයි යන ප්‍රඥප්තිය අනුව භෞතික ලෝකයේ පවතින වස්තු ගැන නෙවෙයි. මන්ද යත් බට අභයගේ තර්කයම ත් එය නිසා. (වස්තු නම් වෙනස් වෙනවා-සම්මුති වෙනස් වෙන්නේ නැහැ!-බට අභය ).

    මේ පින්වත් රජිත ඇසූ ප්‍රශ්නයට උත්තර නොදී ත්‍රිකෝණ වැනි වස්තු, ස්තාන ගැන අපට කියයි. යන්නේ කොහෙද ඇසුවාම මල්ලේ පොල් කියන්නේ උත්තර නැති නිසාය.

    බට-අභයගේ අනිච්ච, භූමරංගයක් වුනා නේද?

    images

    සුපින්වත් රජිත, ත්‍රිකෝණය දුටුවාද? ප්‍රඥප්තිය නැණැසින් දුටුවාද? :D:D
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    පින්වත,

    ප්‍රඥප්තිය හෝ' සම්මුතියක් හෝ වේවා ‍ත්‍රිකෝණය උපදාන කර මොහොතේ එය රුපයක් වෙයි.

    එම රුපය -> රාගය හෝ ද්වේශයෙන් පට-ඉච්ච වූ වොත් -> එය -> අන-ඉච්ච වේ...

    මෙ සරල කාරනව දැන් කිහුප වතාවක් පැහැදිලි කර දී අත
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත,

    ප්‍රඥප්තිය හෝ' සම්මුතියක් හෝ වේවා ‍ත්‍රිකෝණය උපදාන කර මොහොතේ එය රුපයක් වෙයි.

    :D:D

    ඔය කියන්නේ ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝණයකට පාද තුනයි කියන සම්මුතියට මනසේ රූපයක් නැතුව පවතින්න බැහැ කියන එකනම්, එතනින්ම බට-අභය හිමිගේ තර්කය අහෝසියි!

    මනසේ ඇතිවන, සර්ව සාධාරණ සියලු ත්‍රිකෝණ නියෝජනය කරන ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝණය, මනසේ ඒ නිමිත්ත ඇතිවන විට හට ගෙන, ඒ නිමිත්ත නැතිවන චිත්තක්ෂනයේම නැති වනවා නේද සුපින්වත් රජිත? :D:D

    අනිච්ච යනු පිහිටවන්න බැරි, පිහිටීමක් දෙන්න බැරි, එහෙමත් නැත්නම් සරලවම නොවෙනස්ව පිහිටුවාලිය නොහැකි-යන්නයි.

    සද්ධර්ම ප්‍රතිරූපකයන්ගෙන් මිදී වහ වහා ධර්ම මාර්ගයට එන්න.

    මෙන්න මේ පොත් දෙක කියවන්න. සැබෑ ධර්මයම අනුගමනය කරන්න.

    Link1

    Link2
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    පින්වත,

    :D:D

    ඔය කියන්නේ ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝණයකට පාද තුනයි කියන සම්මුතියට මනසේ රූපයක් නැතුව පවතින්න බැහැ කියන එකනම්
    .

    ඔබ හරි. නමුත් මම කියන ඊලගට කියන කාරනව ටිකක් සියුම් ඇසින් බැලිය යුතු දෙයක් වේ.

    සබ්‌බං, භික්‌ඛවෙ, අනිච්‌චං

    එනම් අනිච්‌චං අදාල වන්නේ එම රුපය හිතේ හට ගත් පසුය. ඒ කියන්නේ ප්‍රඥප්තිය හෝ' සම්මුතියක් හෝ වේවා ‍ත්‍රිකෝණය අනිච්‌චං වේ.

    මෙයට අනුකුලුව අභය හිමිගේ තර්කය අහෝසිය හෝ නැද්ද යැයි ඔබම වටහා ගතොත්ගතොත් හොදයි.

    ඔබ දුන් සබැඳිය මම සලකා බලනන්නන්. බොහොම ස්තුති.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පින්වත,

    ඔබ හරි. නමුත් මම කියන ඊලගට කියන කාරනව ටිකක් සියුම් ඇසින් බැලිය යුතු දෙයක් වේ.

    සබ්‌බං, භික්‌ඛවෙ, අනිච්‌චං

    එනම් අනිච්‌චං අදාල වන්නේ එම රුපය හිතේ හට ගත් පසුය. ඒ කියන්නේ ප්‍රඥප්තිය හෝ' සම්මුතියක් හෝ වේවා ‍ත්‍රිකෝණය අනිච්‌චං වේ.

    මෙයට අනුකුලුව අභය හිමිගේ තර්කය අහෝසිය හෝ නැද්ද යැයි ඔබම වටහා ගතොත්ගතොත් හොදයි.

    ඔබ දුන් සබැඳිය මම සලකා බලනන්නන්. බොහොම ස්තුති.

    පින්වත් රජිත,

    ඔබ "ඔය කියන්නේ ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝණයකට පාද තුනයි කියන සම්මුතියට මනසේ රූපයක් නැතුව පවතින්න බැහැ කියන එකනම්," කියන කාරණව හා එකඟ වෙනවා නම් ඉන් එහාට දෙයක් කියන්නට ඔබට ඉතිරිවන්නේ නැහැ නේද? මන්ද යත් ඔබේ (සහ බට-අභය හිමිගේ ) තර්කයේ පදනම ම ඒ පිලිගැන්ම තුල බිඳ වැටෙනවා නේ.

    සම්මුතියට හිස් අවකාශයේ පවතින්න බැහැ, එය මනසේ කවරාකරයේ හෝ අරමුණක්, රූපයක් පැනවීම තුලයි ප්‍රත්‍යක්ෂ වන්නේ කියන එකට එකඟ වුනාම, ඒ ගති නිමිති නැති වන විටම ඒ රූපයේ අත්ථංගමය හෙවත් ඒ ඇබ්ස්ට්‍රෑක්ට් ත්‍රිකෝණයේ නො-හටගැනීම සිදුවේ. එසේනම් ඒ සම්මුතිය නොවෙනස්ව පිහිටුවාලිය නොහැකියි, වෙනස්වේ. ඊලඟට කියන්නට දෙයක් ඔබට ඉතුරු නොවේ. තර්කයේ පදනම ම බිඳ වැටී ඇත. තව කුමක් කියන්නද?