අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

Madyastha

Member
Mar 11, 2017
121
11
0
අනිත්‍ය තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද?

හැමෝම කියනව නිවන් දකින්න අනිත්‍ය තේරුම් ගන්න ඕනෙ කියල. හැබැයි කවුරුත් හරියට මේක පැහැදිලිව කියන්නෙ නෑනෙ.

මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාවෙන් මට පැහැදිලි කරල දෙන්න.
 
Madyastha

Member
Mar 11, 2017
121
11
0
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ තුන පැහැදිළි කර දෙන්න.
 
asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    අනාත්ම මට තේරැම් ගියේ මේ විදියට මම කන්නාඩි දානවා දවසක් මම කන්නාඩිය ඉසස්රහට ගිහින් බැලුවා මගේ ඇස් දෙක පස්සෙ මම හිතුවා කලින් වගේ නෙවෙයි දැන් ඇස් දෙක අඩුයි පේනවා ඒත් මම හිතන් හිටියේ ඇස් මගේ කියලා නමුත් මගේ කියපු ඇස් දෙක මගේ පාලනයෙන් තොරව ජරාවට පත් වෙලා හැබයි ඒක මගේ නම් මම කියන විදියට තියෙන්න එපැය ඒ වගේම ඇගේ අනිත් කොටස් ගැන හිතුවාම මේ වගේ බැලුවාම මගේ කියලා දෙයක් හො මම ඇත්තෙ නැහැ ඇත්තෙ විවිධ දුව්‍යයන්ගේ සැදුනු ශරිරයක් (අපෝ තේජෝ...) මේක හේතුවක් නිසා හට ගත්ත දෙයක් ඔය වගේ දිගට හිතන්න පුළුවන් මම කියපු දේ වැරදි නම් නිවැරදි කරන්න රෙරැකානේ චන්දවිමල හාමුදුරැවන්ගෙ පොත් ටිකක් බලන්න ඔන්ලයින් තියෙනවා
     
    ඒ කියන්නෙ මම නෑ කියල තේරුම් ගැනීමක්ද?

    මේ වීඩියෝවෙ තියෙන්නෙත් ඒ වගේ දෙයක් නේද? පොඩ්ඩක් බලල පුළුෙවන්නම් මට පැහැදිලි කිරීමක් කරන්න.

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    අනාත්ම මට තේරැම් ගියේ මේ විදියට මම කන්නාඩි දානවා දවසක් මම කන්නාඩිය ඉසස්රහට ගිහින් බැලුවා මගේ ඇස් දෙක පස්සෙ මම හිතුවා කලින් වගේ නෙවෙයි දැන් ඇස් දෙක අඩුයි පේනවා ඒත් මම හිතන් හිටියේ ඇස් මගේ කියලා නමුත් මගේ කියපු ඇස් දෙක මගේ පාලනයෙන් තොරව ජරාවට පත් වෙලා හැබයි ඒක මගේ නම් මම කියන විදියට තියෙන්න එපැය ඒ වගේම ඇගේ අනිත් කොටස් ගැන හිතුවාම මේ වගේ බැලුවාම මගේ කියලා දෙයක් හො මම ඇත්තෙ නැහැ ඇත්තෙ විවිධ දුව්‍යයන්ගේ සැදුනු ශරිරයක් (අපෝ තේජෝ...) මේක හේතුවක් නිසා හට ගත්ත දෙයක් ඔය වගේ දිගට හිතන්න පුළුවන් මම කියපු දේ වැරදි නම් නිවැරදි කරන්න රෙරැකානේ චන්දවිමල හාමුදුරැවන්ගෙ පොත් ටිකක් බලන්න ඔන්ලයින් තියෙනවා

    අනිත්‍ය පිළිඹඳ අදහස මොකක්ද??
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    හැමෝම කියනව නිවන් දකින්න අනිත්‍ය තේරුම් ගන්න ඕනෙ කියල. හැබැයි කවුරුත් හරියට මේක පැහැදිලිව කියන්නෙ නෑනෙ.

    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාවෙන් මට පැහැදිලි කරල දෙන්න.

    මම , උඹ මේ වටේ පිටේ ඉන්න සත්තු ගහකොල , ගංගා , ඇල දොල, අපේ හිතට එන හැඟීම් අපි විඳින සැප/දුක් මේ ඔක්කොම හැදිලා තියෙන්නේ හේතූන් සකස්වීම නිසා. ඒ හේතු වෙනස් වෙද්දි ඒ දේවල් වෙනස්වෙලා යනවා,ස්ථිරව පවතින්නෙ නැතිව යනවා. සරලව කියනවා නම්

    අපි ගහක ඇටයක් පැල කරනවා. ඒකට අපි වතුර පෝර දානවා. ඉර එළිය වැටෙනවා. අන්න සකස් වුනා ඒක පැලවෙන්න හේතුටික. දැන් ඔන්න පැලවෙලා ගහ හැදීගෙන යනවා. දැන් ඒ ගහට වැඩෙන්න පෝර අවශ්‍යයි, වතුරත් වැඩිපුර අවශ්‍යයි. ඔයා වතුර, පෝර දාන එක නවත්තනවා. ගහ හැදෙන්න තියන හේතු ටික නැති උනා. ගහ මැරිලා ගියා. ඒ කියන්නේ ගහ අනිත්‍යතාවයට ලක්වුනා.

    ඕක දැන් අපිට ගලපල ගමු. ඔන්න අපි ඉන්නවා. අපිට හැදනවා උණ හෙම්බිරිස්සාව. ඒක හැදෙන්න එක්කො කර්ම විපාකයක් හරි නැත්තම් අනිත් මොකක් හරි නියාමන ධර්මයක් බලපානවා කියලා හිතමුකො. දැන් අපිට ඔලුව උස්සං ඉන්න බෑ. සෙම පිරිලා. හරිම අමාරුයි. අපිට උණ හෙම්බිරිස්සා හැදුනෙ අැයි ? අපි සෞඛ්‍ය සම්පන්නව, නිරෝගීව ඉන්න අදාල හේතු ටික වෙනස්වෙලා උණ හෙම්බිරිස්සාව හැදෙන්න අදාල වල හේතූන් සකස් වෙච්චි නිසා. දැන් මේ උණ හෙම්බිරිස්සාව අපිට හැමදාම තියනවද ? නෑනේ. උණ හෙම්බිරිස්සාව හැදෙන්න අදාල හේතුටික නැතිවෙලා ගියාම උණ හෙම්බිරිස්සාව හොඳ වෙනවා (එක්කො අපි බේත් අරං බැක්ටීරියාවට කෙලවෙලා යනවා නැත්තං ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රතිදේහ හදාගන බැක්ටීරියාවට කෙලලා දානවා). එහෙම ඒ හේතු නැති වෙලා ගියාම උණ හෙම්බිරිස්සාව නැති වෙලා යනවා. ඒ කියන්නේ උණ හෙම්බිරිස්සාව කියන්නේ හැමදාම පවතින නිත්‍ය දෙයක්ද ? නෑ.. ඒකත් අනිත්‍යයි. සෞඛ සම්පන්නව ඉන්නවා කියන්නේ හැමදාම තියන නිත්‍ය දෙයක්ද ? නෑ ඒකත් අනිත්‍යයි. හේතු තියන කොට තියනවා. නැතිවෙලා ගියාම වෙනස් වෙනවා.

    දැං හිතන්න එපා “හරි හරි හේතූන් ටික එහෙම්මම (නිත්‍යව) තියාගත්ත නං වැඩේ හරි කියලා. එහෙමත් බෑ. මොකද මම මුලින්ම කිව්වා වගේ හැමදේකම ස්වභාවය වෙනස් වෙන එක. ඒක හේතූන් වලටත් අදාලයි.ඒව ස්වභාවයයෙන්ම වෙනස් වෙලා යනවා (අනිත්‍යයි).

    දැං මේක දන්න කෙනාගෙයි (තේරුම්ගත්ත කෙනාගෙයි) නොදන්න කෙනාගෙයි වෙනස මොකද්ද ?

    වෙනස තමයි නොදන්න කෙනා උණ හෙම්බිරිස්සාවක් හැදුනාම “හයියෝ... හම්මෝ.. හරි අමාරුයි... අයියෝ.. කරුම ලෙඩේ... චික් ... වැඩක් කරගන්නවත් බෑ... මට අරහෙ යන්න බැරිව ගියානේ මේක හින්දා... මට අරක කරන්න බැරිව ගියානේ මේක හින්දා.... අපරාදේ....“ කිය කියා මෝහය වඩ වඩා අකුසල් එකතු කරගන්නවා.

    මේක දන්න කෙනා... “ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි.. මං ඊයෙ හොඳට හිටියා.. අද නැගිටගන්නවත් බෑ උණ... හේතු වෙනස් වෙච්චි නිසා මගේ සෞඛ සම්පන්න කම කියන එක අනිත්‍ය වෙලා ගිය හැටි... බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ඇත්තම ඇත්ත නේද... හේතු වෙනස් වෙලා ගියාම අනිත්‍ය වෙන හැටි. මේ ගැන දුක් වෙලා.. මේ වේදනාව ගැන දුක් වෙලා පලක් නෑ.. මේ ලෙඩෙත් අනිත්‍යයිනේ...“
    ආදී වශයෙන් අනිත්‍ය මෙනෙහි කරලා අමෝහය වඩලා පිනක් රැස්කරගන්නවා...

    මේක අවබෝධ කරගත්ත කෙනා (බුදු, පසේ බුදු, මහරහත්) මොකද කරන්නේ...

    ඒක නං කියන්න දන්නෙ නෑ අායිබොවන්ඩ... අපිත් තේරුම්ගත්තට තාම මේක අවබෝධ කරගගෙන නෑනේ... 100%ක්ම ඇලෙන්නේ , ගැටෙන්නේ, මුලාවෙන්නෙ නැතිව ඉන්නවා ඇති
     
    Last edited:

    ඔබට ගොඩක් පින්.

    ඔයා කියපු එක මට පැහැදිලි උනා.

    නමුත් මට තව ප්‍රශ්ණයක් එනව එතකොට. ඔය කියන වෙනස් වෙන බව ලෝකෙ ගොඩක් අය දන්නව නේද? මං කිව්වෙ පිටරට සුද්දෙක් උනත් දන්නවනෙ අලුතින් ගත්ත කාර් එක පරන වෙනව, ලෙඩ තාවකාලිකයි, ශරීර සෞඛ්ය තාවකාලිකයි වගේ දේවල්. ඒ කියන්නෙ ඒ අයත් අනිත්‍ය තේරුම් අරන් වගේනෙ?

    මේ ගැන පැහැදිලි කරල දෙන්න. කවුරුත් මේව ගැඹුරින් කියන්නෙ නෑනෙ. ඒකයි මට තියෙන ප්‍රශ්නෙ. හැම හාමුදුරු නමක්ම මේ ගැන ඇහුවම මතුපිටින් මොකක් හරි කියල ශේප් වෙනව. ඉතින් අපි හැමදාම වලේ.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    ඔය හරි. එයා දනනවා තමා. ඒ උනාට කිසිම වෙලාවක එයා

    "අලුතින් ගත්ත කාර් එක පරන වෙනව" ඇයි එහෙම උනේ?

    කියල හොයල බලන්නේ නැ. එයා ටිකක් කිමිදිලා එක හෙව්වා නම් තේරෙයි

    "කාර් එකක් ගත්ත නිසා තමා එක පරණ වීමේ දුක ඇති උනේ"

    ඔන්න දැන් ගේම ඉල්ලනවා.

    "මට කාර් එකක් ගන්න ඕනේනේ"

    ඒ කියන්නේ එතන ආශාවක් ඇති උනා. එයා ගත්තේ නැත්නම් පරණ වෙන්නේ නැ.

    ඔතනින් සුද්දගේ කතාව ඉවරයි.ඒ කියන්නේ එතනින් එහාට එයා හිතන්නේ නැ

    ==================================================

    දැන් අපිට බුදු කෙනෙක් කිව්වා දේවල් තියනවා.
    සියලු දේ අනිත්‍යයි.... ඒ අයි?
    අපි ලෙඩ වෙනවා.....ඔන්න කොණ්ඩෙට ගැන ඩයි එක නිසා කෙනෙක් ලෙඩා වෙනවා.
    අයි ඒම? කොන්ඩේ ගැන අහාවක් ඇති උනා? කොනේඩේ එයාගේද? නැ එහෙනම් නොමැරී හැමදාම ඉන්න ඕනෙනේ.
    කොන්ඩේ එහෙම නම් අනික් අවයව ගැන කතා කරන්න ඕනේ නැනේ.
    එහෙනම් මුළු ශරීරයම අපේ නෙමේ.
    එහෙනම් කොහොමද මේක ආයි ඇති වීම වළක්වන්නේ?

    ඔන්න ඕක තේරුම් ගැනීම තමා වැඩේ
     
    • Like
    Reactions: a2mdb

    ඒ උනාට මෙහෙම කියන්නත් පුළුවන්නෙ. එයා කාර් එක පරණ වෙනව කියල දැන දැනනෙ ඒක ගන්නෙ. ඕනෙ කෙනෙක් එහෙමනෙ කරන්නෙ. අනික කාර් එකක් පරන වෙන එක දුකයි කියල හැමෝම දන්නවනෙ.

    මට තියෙන ප්‍රශ්නෙ කාර් එකක් පරණ වීමෙදි වෙන වෙනස් කම දුකක් උනාට සමහර වෙනස් වීම් දුකක් වෙන්නෙ නෑනෙ.

    මං කිව්වෙ ලෙඩක් හැදිල හොඳ වුනාම ඒක සතුටක්නෙ? ඒ කිව්වෙ එතනදි වෙනස් වීම සතුටක්නෙ? මේ වගේ අවශ්ථාවකදි අනිත්‍ය තේරුම් ගන්නෙ කොහොමද?

    අනිත් ප්‍රශ්නෙ තමයි ඔයා කිව්ව වගේ වයසට යනකොට වෙන වෙනස් කම දුකක්. නමුත් පොඩි ළමයෙක් ටික ටික ලොකු වෙලා තරුණ වෙනකොට ඇතිවෙන වෙනස් කම එයාට ලොකු සතුටක්නෙ ගේන්නෙ?

    ශරීරය ශක්තිමත් වෙලා පැහැපත් වෙලා ටික ටික තරුණ වෙනකොට කොච්චර සතුටුද ඒ ළමයට? එතනදි වයසට යාම දුකක්ද?
     
    Last edited:

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    මට තියෙන තව ගැටලුවක් තමයි මේ හැම ධර්මතාවක්ම විශ්ව ධර්මයක් කිව්වට, වයසට යන එක ජරාවට පත් වෙන එක මිනිස්සුන්ට අදාල උනාට දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට අදාල නෑනෙ.
    මොකද මං දන්න විදියට දෙවිවරු වයසට යන්නෙ නෑ. ඔවුන් උපන් දා සිට ලස්සන රූපයක් දරාගෙන ඉන්නව.
    නමුත් දෙවිවරු පවා බුදුන්ගෙන් බන අහල රහත් උනා කියල කියනවනෙ?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771

    ඔබතුමා ලොකු අවුලක ඉන්නවා වගෙයි. මමත් ඔය වලස්මුල්ලේ අභය හමුදුරුවන් ගේ බන අසා තිබෙනවා.
    ඔය කතාව කියන්නේ වලස්මුල්ලේ අභය හාමුදුරුවන් තමයි. අන්තිමට අනිත්‍ය කියන්නේ වෙනස් වීම නොවෙයි කියන තැනට නේ එන්නේ...නේද?

    ඔබතුමා අසන්න මම පහලින් දාල තියෙන විඩියෝව. ඔබතුමාවත් අභය හාමුදුරුවෝවත් හිතන් ඉන්න අනිත්‍යට වඩා වෙනස්, ගැඹුරු, සියුම් ධර්මතාවයක් බව සමහර විට ඔබට තේරුම් ගන්න පුලුවන් වෙයි. මේ වගේ ගැඹුරින් දෙයක් පැහැදිලි කරන වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණක් මම නම් අසා නැත.

    ඔය අභය හාමුදුරුවන්ගේ "වචන අස්සේ සෙල්ලම් දැමීම" අසාර දෙයක්, මුලාවක්ම පමණයි. තරුණ කම ජරාවට පත් නොවී තියාගන්න පුලුවන්ද? එහෙනම් ඒක සතුටක්. ලෙඩ හැදිලා සනීප වුනාම සතුටක් නම් ඊට පස්සෙ ඒ නිරෝගී බාවය දිගටම තියාගන්න පුලුවන්ද? බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මය තියෙන්නේ ඔය තාවකාලික ඔලුවෙ කැක්කුම් ගැන වචන හරඹ කරන්න වත්, ලමයි ලොකුවෙනකොට සතුටක්ද නැද්ද කියලා කෙස්පැලෙන හිස් තර්ක ගේන්නවත් නෙවෙයි, එවා හොඳයි මෝඩයෝ මැද්දේ පොරක් වෙන්න.

    බුද්ධ දේශනාවේ කියන්නේ සත්‍යාවබෝධය කරන විදිහ. පටිච්ච සමුප්පාදය අනුව සංස්කාර දර්මයන්ගෙන් හට ගත්ත සියල්ල අනිත්‍යයි, නැසෙනසුලුයි, වැනසෙන සුලුයි කියන දාර්ශනික අර්තයෙන් මිසක්, සමස්ත සත්වයන් ගැන දාර්ශනික සන්දර්භයෙන් මිසක් ඔලුවෙ කැක්කුමට පැන්ඩෝල් එකක් බිව්ව, දැන් මාර ආතල්, කෝ "යද නිච්චං තං දුක්ඛං කියන්නේ බොරු නේද" වගේ අසාර ප්‍රශ්න අහලා මෝඩ ආතල් දෙන්න නෙවෙයි.

    අන්න ඒ සුව වීමේ සතුට කියන දේ එයා අල්ලගන්නවා (උපාදානය කරගන්නවා). එහෙම කරපු නිසා එයා නොදැනුවත්වම ඒක වෙනස් වෙනවට අකමැති වෙනවා. ඊට පස්සේ ආයෙ වෙනස් වෙච්චි ගමන් දුක් වෙනවා.

    පොඩි ළමයෙක් ටික ටික තරුණ වෙන කොට සතුටු වෙනවා. එයා තරුණකම කියන එක උපාදානය කරගන වයසට යනකොට අර තරුණකම අනිත්‍ය වෙලා යන එක ගැන දුක්වෙනවා.

    කරන්න ඕන දේ සතුටටවත්, දුකටවත් ඒක නිත්‍යයි කියලා ඇලෙන්නේ නැතිව ඉන්න එක. එහෙම උනාම ඒ දේ අනිත්‍ය වෙලා ගිය නිසා එයා ගැටෙන්න යන්නේ නෑ (දුක් වෙන්න හෝ සතුටින් උද්දාමයට පත්වෙන්න) . ඒ නිසා එයා මුලාවෙන්නේ නෑ.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මට තියෙන තව ගැටලුවක් තමයි මේ හැම ධර්මතාවක්ම විශ්ව ධර්මයක් කිව්වට, වයසට යන එක ජරාවට පත් වෙන එක මිනිස්සුන්ට අදාල උනාට දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට අදාල නෑනෙ.
    මොකද මං දන්න විදියට දෙවිවරු වයසට යන්නෙ නෑ. ඔවුන් උපන් දා සිට ලස්සන රූපයක් දරාගෙන ඉන්නව.
    නමුත් දෙවිවරු පවා බුදුන්ගෙන් බන අහල රහත් උනා කියල කියනවනෙ?

    දෙවිවරැ මිනිසුසන්ට සාපෙක්ෂව ජිවිත කාලය බොහො දිර්ග වුවත් ඔවුනුත් මරණයට පත් වෙනවා ඒ කියන්නෙ චුත වෙනවා ඔව් බොහො දේවියන් පින බහුල අය සමහරක් අය දෙව් ලොවදි ධර්මය අසා මාර්ග ථල ලබනවා සේම සමහරක් දෙවි වරැන් දෙව් සම්පත් විදිමින් ඔහේ ඉන්නවා සත්වයාගේ ස්වහාවය එයයි
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    අන්න ඒ සුව වීමේ සතුට කියන දේ එයා අල්ලගන්නවා (උපාදානය කරගන්නවා). එහෙම කරපු නිසා එයා නොදැනුවත්වම ඒක වෙනස් වෙනවට අකමැති වෙනවා. ඊට පස්සේ ආයෙ වෙනස් වෙච්චි ගමන් දුක් වෙනවා.

    පොඩි ළමයෙක් ටික ටික තරුණ වෙන කොට සතුටු වෙනවා. එයා තරුණකම කියන එක උපාදානය කරගන වයසට යනකොට අර තරුණකම අනිත්‍ය වෙලා යන එක ගැන දුක්වෙනවා.

    කරන්න ඕන දේ සතුටටවත්, දුකටවත් ඒක නිත්‍යයි කියලා ඇලෙන්නේ නැතිව ඉන්න එක. එහෙම උනාම ඒ දේ අනිත්‍ය වෙලා ගිය නිසා එයා ගැටෙන්න යන්නේ නෑ (දුක් වෙන්න හෝ සතුටින් උද්දාමයට පත්වෙන්න) . ඒ නිසා එයා මුලාවෙන්නේ නෑ.

    බොහොම පින්
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ඔබතුමා ලොකු අවුලක ඉන්නවා වගෙයි. මමත් ඔය වලස්මුල්ලේ අභය හමුදුරුවන් ගේ බන අසා තිබෙනවා.
    ඔය කතාව කියන්නේ වලස්මුල්ලේ අභය හාමුදුරුවන් තමයි. අන්තිමට අනිත්‍ය කියන්නේ වෙනස් වීම නොවෙයි කියන තැනට නේ එන්නේ...නේද?

    ඔබතුමා අසන්න මම පහලින් දාල තියෙන විඩියෝව. ඔබතුමාවත් අභය හාමුදුරුවෝවත් හිතන් ඉන්න අනිත්‍යට වඩා වෙනස්, ගැඹුරු, සියුම් ධර්මතාවයක් බව සමහර විට ඔබට තේරුම් ගන්න පුලුවන් වෙයි. මේ වගේ ගැඹුරින් දෙයක් පැහැදිලි කරන වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණක් මම නම් අසා නැත.

    ඔය අභය හාමුදුරුවන්ගේ "වචන අස්සේ සෙල්ලම් දැමීම" අසාර දෙයක්, මුලාවක්ම පමණයි. තරුණ කම ජරාවට පත් නොවී තියාගන්න පුලුවන්ද? එහෙනම් ඒක සතුටක්. ලෙඩ හැදිලා සනීප වුනාම සතුටක් නම් ඊට පස්සෙ ඒ නිරෝගී බාවය දිගටම තියාගන්න පුලුවන්ද? බුදුහාමුදුරුවන්ගේ සද්ධර්මය තියෙන්නේ ඔය තාවකාලික ඔලුවෙ කැක්කුම් ගැන වචන හරඹ කරන්න වත්, ලමයි ලොකුවෙනකොට සතුටක්ද නැද්ද කියලා කෙස්පැලෙන හිස් තර්ක ගේන්නවත් නෙවෙයි, එවා හොඳයි මෝඩයෝ මැද්දේ පොරක් වෙන්න.

    බුද්ධ දේශනාවේ කියන්නේ සත්‍යාවබෝධය කරන විදිහ. පටිච්ච සමුප්පාදය අනුව සංස්කාර දර්මයන්ගෙන් හට ගත්ත සියල්ල අනිත්‍යයි, නැසෙනසුලුයි, වැනසෙන සුලුයි කියන දාර්ශනික අර්තයෙන් මිසක්, සමස්ත සත්වයන් ගැන දාර්ශනික සන්දර්භයෙන් මිසක් ඔලුවෙ කැක්කුමට පැන්ඩෝල් එකක් බිව්ව, දැන් මාර ආතල්, කෝ "යද නිච්චං තං දුක්ඛං කියන්නේ බොරු නේද" වගේ අසාර ප්‍රශ්න අහලා මෝඩ ආතල් දෙන්න නෙවෙයි.

    බොහොම පින්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මේක නම් සුවිශේෂි බණක් නේද?
    මෙහෙම අනිත්‍ය පැහැදිලි කරන්න නම් මේ හාමුදුරුවෝ ඒක එක්ස්පීරියන්ස් කරල තියෙන්න එපැයි?

    :confused::confused:
     
    • Like
    Reactions: sgrdk1

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0

    මේක නම් සුවිශේෂි බණක් නේද?
    මෙහෙම අනිත්‍ය පැහැදිලි කරන්න නම් මේ හාමුදුරුවෝ ඒක එක්ස්පීරියන්ස් කරල තියෙන්න එපැයි?

    :confused::confused:

    මේකෙ නම් මහ ලොකු දෙයක් කියන් නෑ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේකෙ නම් මහ ලොකු දෙයක් කියන් නෑ
    හොඳයි, ලොකු මහප්‍රාන කියන්නේනැති වෙන්න පුලුවන්, ඒත් ඉතින් කියන "සරල" දේ වත් ඔබතුමා තේරුම් ගත්තනම්, නුවනින් විමසා බලා ප්‍රතික්ශේප කරන්න.

    hpalpola

    Well-known member

  • අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම අද කාලෙ මිනිස්සුන්ට සෑහෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට එක හේතුවක් තමයි අපේ ධර්ම ගුරුවරු එක එක ගුරුකුලයන්ට බෙදිලා ඉඳීම. මේ ගුරුකුල එක්ක බැඳුනු උපාසක උපාසිකා පිරිසකුත් ඉන්නවා. බනක් වුනත් අහන්නේ ‍තෝරාගත් ගුරුවරයකුගෙන් විතරයි. වෙනත් කෙනකුගේ බන පත්තියන් වෙන්නෙ නෑ. මේ කරුණ දකින්න පුළුවන්නම් අනිත්‍ය එතනම තියෙනවා. එක් එක් අය ධර්මය දකින හැටි වෙනස්. තමන්ගේ පාරමිතා ශක්තියෙ හැටියට තමයි අවබෝධය. උපතිස්සට ගාථාවේ කොටසක් ඇහෙද්දී මාර්ගය අවබෝධ වෙන්නත් ඒ ගාථාවෙම පද හතර ඇහුවම කෝලිතට මාර්ගය අවබෝධ වන්නෙත් මේ ශක්තිය නිසා. ඒකෙ හැටි එහෙමයි.

    මේ ත්‍රිලක්ෂණය කෙනකුට උදව් වෙන්නෙ විමුක්තියට. විමුක්ති තුළ ගැබ්වෙලා තියෙන්නෙ සතුට. අනිත්‍ය කියන්නෙත් සතුටම තමා. හැබැයි මේ සතුට අපි ආදරේ කරන කෙල්ලව බැන්දම අපිට දැනෙන සතුටවත්, කැමති කාර් එක නැත්නම් මෝටර් බයික්කෙ ගත්තම තියෙන සතුට නෙමෙයි. ඒ සතුට ඇවිත් තියෙන්නෙ නෑ. නැතිවීම හෝ අඩුවීම අනිවාර්යයි. උදාහරණයට හිතන්න වාහනයක්. අද වෙද්දි ලීසිං/ෆිනෑන්ස් කම්පැනි සැදී පැහැදී ඉන්නවා ණය දෙන්න. තණ්හාව නිසා දුවලා ගිහින් වාහනයක් ණය වෙලා ගන්නවා. ඉන් පස්සෙ පාවිච්චි කරනවා කියහංකො. දවසින් දවස ණය පොලිය වෙනස් වෙනවා වගේ වාහනයේ වටිනාකමත් වෙනස් වෙනවා. ඒක කාටවත් වලකන්න බෑ. අනික තමයි තණ්හාවෙන් ණය වෙලා ගත්ත වාහනේ හැප්පුනයි කියහංකො. අපි කොච්චර හොඳට වාහනේ පැද්දත් සමහරු ඇවිල්ලා ඇඟට අල්ලනවා. කුඩු. එතකොට දැනෙන්නෙ මොකක්ද? සතුට ද දුකද? සමහරුන්ට මේ දෙකම දැනෙනවා. බහුතරයකට නම් දුක බව කියන්න ඕනා නෑ. ඉරක් ඇඳුනත් දුකයි. මේ වගේ අවස්ථාවක යෝනිසෝමනසිකාරය පවත්වාගන්න පුළුවන් කෙනා අනිත්‍යය දකිනවා. වාහනය කියන්නෙ අයිතම කීපයක එකතුවක්. රෝද, ලයිටි, සීට් වගේ සේරම එකතුවුනාමයි වාහනේ හැදෙන්නෙ. හරියට අපි වගේමයි. එක කෑල්ලක් කැඩුනම ඒ වෙනුවට වෙනඑකක් දානවා වාහනයක. ආයිත් යථා තත්ත්වයට එනවා. ඒත් වටිනාකම අඩුවීම හෝ වැඩිවීම වෙනවා. මේ තත්ත්වය දකින්න හැම කෙනාටම බෑ. අපි දකින අහන හැම දෙයකම, හැම සිදුවීමකම, හැම හුස්මකම ත්‍රිලක්ෂණය තියෙනවා. හැබැයි හැංගිලා. ධර්මයට පුළුවන් වෙන්නෙ ඒ හැංගිලා තියෙන දේ විවෘත කරලා පෙන්වන්න නෙමෙයි, දකින්නෙ කොහොම ද කියල කියන්න. දැකීම හෝ නොදැකීම අපේ වැඩක්.
    එදිනෙදා ජීවිතයෙදි අපි දකින, විඳින හැම දෙයක්ම ත්‍රිලක්ෂණය ඇතුළත්. අනිත්‍යය විතරක් නෙමෙයි. හැම සම්බන්ධතාවයකම, හැම ඉදිකිරීමකම, හැම දේකම ත්‍රිලක්ෂණය ඇතුළත්. ධර්මය අපිට උගන්වනවා ඒ තුළ ත්‍රිලක්ෂණය දකින්න. ඒ දකිද්දි විතරයි සතුටින් ඉන්න පුළුවන් වෙන්නෙ. නැත්නම් වෙන්නෙ අම්මා තාත්තා මැරුනම අඬන්නයි, ගෑණි මලාම අඬන්නයි වගේ මෝඩ වැඩ කරමින් ඉන්න. නින්දා ප්‍රශංසා, ලාභ අලාභ, යස අයස, දුක සැප අතරෙ නොසෙලවීම තමයි ත්‍රිලක්ෂණය සරලවම කියනවානම්. කීයෙන් කීයටද එහෙම පුළුවන්? අන්න එහෙම ඉන්න පුළුවන් නම් ත්‍රිලක්ෂණය දකිනවා. ත්‍රිලක්ෂණය දකිනවා කියන්නේ ඉතින් අනිත්‍ය දකිනවා. කොයි ගුරුකුලෙන් බන ඇහුවත් තමන්ට බැරි නම් ත්‍රිලක්ෂණය දකින්න වැඩක් නෑ. අද අපිට වෙලා තියෙන්නෙ ඒකයි. අනිත්‍ය කියන්නෙ සතුට. කවදාවත් අවසානයක් නොවන සතුට. ඕක හොය හොයා ඉඳලා වැඩක් නෑ. ඇස් පනාපිට තියෙන දේ දැකගන්නයි ඕනා.