පින්වත් ex-muslim Ahmed,
එය එසේමයි. වලස්මුල්ලේ අභය හිමි ඇති කරනා අවුල ලිහුවේ නැත්නම් බොහෝ දෙනෙක් ඉන් අවුලෙන් අවුලට පත් වේවි.
මම අසා බැලුවා අභය හිමි තිලක්ඛණය ගැන කියනා කරුණු ටිකකට. ඒ හාමුදුරුවෝ අනිච්ච යන චචනය අනිච්ඡ යන වචනය සමඟ පටලවාගෙන තවත් බොහෝ කාරණාත් පටලවාගෙන මහා පරිමාණයේ ව්‍යාකූලත්වයක් අන් අයට දේශනා කරනවා. අනිච්ච කියන්නේ නිච්ච යන වචනයේ විරුද්ධාර්ථය දෙන වචනය. අනිච්ඡ කියන්නේ ඉච්ඡ යන වචනයේ විරුද්ධාර්ථය දෙන වචනය.
අනිච්ච කියන වචනය අන + ඉච්ඡ කියලා පද බෙදීම නිවැරදි නැහැ. ඉච්ඡ යන වචනයේ අර්ථය ගෙන එය ඉච්ච යන වචනයක අර්ථය යැයි දැක්වීමත් වැරදියී.
මේ ත්‍රෙඩ් එකේම මුල් ලිපිය සහ මේ ත්‍රෙඩ් එකේම සමහර කමෙන්ටු කියවා බලන්නකෝ. අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම ඒ තැන්වලම දැකිය හැකියී.
"හරකා තණ කයි" යන්නෙහි අර්ථය "හරකා තන කයි" යන්නෙහි අර්ථය යැයි අන් අයට කියාදෙන්න උත්සාහ ගන්නවා බඳුයි වලස්මුල්ලේ අභය හිමිගේ ක්‍රියාව.
Skylark
[උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21471977 ]
Skylark