අනියම් ඇසුරකට ඇරයුම් ලැබුණොත් ඔබ ගන්නා ප&#3538

dhanushkact

Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    අනියම් ඇසුරකට ඇරයුම් ලැබුණොත් ඔබ ගන්නා ප&#3538

    දෙන්නෙක් පෙම් සබඳතාවකින් හරි යෝජනාවකින් හරි විවාහ වෙන්නේ දික්කසාද වෙන්න හිතාගන නෙමේ. ආදරෙන් එකට ජීවත් වෙන්න හිතාගෙන. ලස්සන දරු පැටවු එක්ක පවුලක් ගොඩනගා ගන්න හිතාගෙන.
    තමන්ගේ ඒ සිහින සැබෑ කරන්න, බොහොම අමාරුවෙන් දෙන්නෙක් විවාහය කියන උතුම් බන්ධනය හරහා එක්කෙනෙක් බවට පත්වෙලා දෙන්නම එකාවගේ කැපවීමෙන් හිමින් හිමින් ලස්සන පවුල් ජීවිතයක් ගොඩ
    නගා ගන්නවා.
    ඒ වගේ අවංක සෙනෙහසින් විශ්වාසවන්ත කැපවීමෙන් ටික ටික විකසිත වන පවුල කියන මල් පොකුරු හරිම ලස්සනයි. ලොවටම සුවඳයි.
    ඒත් කරුමෙකට වගේ,එහෙම ලස්සනට අවිහිංසකව පිවිතුරුව ගෙවන හොඳ පවුල් ජීවිතවලට කනකොකා අඬවන මහා අවාසනාවන්ත මානසික ලෙඩ්ඩුත් ඉන්නව මේ සමාජයේ.
    එක්කෙනෙකුට නෙමේ. හොඳ පවුල් ජීවිත ගත කරන බොහෝ දෙනෙකුට මූණ පාන්න සිදුවන දෙයක් මේක.
    කවුද මේ මානසික ලෙඩ්ඩු?
    ඒ තමයි විවාහක අය එක්ක අයථා සම්බන්ධවලට ඉඟි කරන ආරාධනා කරන අසහනකාරී මානසිකත්වයකින් රෝගාතුර වූ අය.
    මේ අය පිටතින් බැලුව නම් මානසික දුර්වලතා තියෙන අය වගේ පේන්නේ නෑ බොහෝ විට. හොඳට අඳින පළඳින, හොඳට කතාකරන, සමහරවිට නොයෙකුත් දක්ෂකම් ඇති අය වෙන්නත් පුළුවන්.
    ඒත් ලස්සනට ජීවත්වෙන පවුලක් කඩා ඉහිරවන්න උත්සහ කරන එක මහා සාපරාධී ක්රියාවක් බව, ඒ වගේ අයට තේරෙන්නේ නැත්නම් එක්කෝ ඒක ඒ පුද්ගලයන් පහත් නීච හැදියාව. එහෙම නැත්නම් හොඳ නරක හරි පුරුද්ද පැහැදිලි කරගන්න තරම් හැකියාවක් නැති සතුන් වගේ ක්රියාකරන අය. තිරිසනුත් කියන්නේ හැඟීම් සහ ශාරීරික අවශ්යතාවන් ඔස්සේ පමණක් දුවන සත්ව කොට්ඨාසයක්.
    සතුන්ට තමන්ගේ ශාරීරික අවශ්යතා (කෑම බිම ලිංගික අවශ්යතා යනාදිය) සපුරාගන්න අවශ්ය වුණාම අනිත් සතුන් ගැන, ඒ සතුන්ගේ අසරණ කම, අහිංසකකම යනාදී කිසිවක් ගැන හිතන්නේ නෑ. ඕනෑම තැනක්, ඕනෑම වෙලාවක තමන්ගේ අතට හසුවන ඕනෑම ජීවිතයක් හෝ දෙයක් තමන්ගේ තෘප්තිය සංතර්පණය වෙනුවෙන් විනාශ කරනවා.
    ඒ සතුන්ගේ ස්වභාවය. සතුන් වගේ නොහැසිරුනත් වැදගත් ඇඳුම් පැලඳුම් ඇඳගත් සමහරවිට උගත්, දක්ෂකම් එහෙම තියන ඒත් අර තිරිසනුන් වගේ හැසිරෙන අයත් අද සමාජයේ ඉන්නවා.
    විවාහක බව දැන දැන කාන්තාවකට හරි පිරිමි පාර්ශ්වයේ කෙනෙකුට අයුතු සබඳතාවකට යමෙක් ආරාධනා කරනවා නම්, උසිගන්වනවානම් අන්න ඒ වගේ අය “වැදගත් තිරිසන්නු” කියලා හැඳින්වූවට වරදක් නෑ මම හිතන්නේ.
    ඔබත් ලස්සන විවාහ දිවියක් ගත කරන ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කාන්තාවක් විය හැකියි. සැමියෙක් විය හැකියි. ඔබට විරුද්ධ ලිංගික කව්රු හරි කෙනෙක් අයථා දේට ඔබව පොළඹවන්න උත්සහකරනවා නම්, පස්සෙන් එනවා නම්, ඒ එන්නේ ඔබේ පවුල් ජීවිතය විනාශ කරන “යක්ෂයෙක් හෝ යක්ෂනියක්” බව වහාම තේරුම්ගන්න. අමාරුවෙන් වගා කළ හේනක් එක රැයින් විනාශ කිරීමට එන වල් අලින් වගේ ඔබේ ලස්සන පවුල් ජීවිතය විනාශ කිරීමට එන තිරිසනුන් බව කල් නොයවා අවබෝධ කරගන්න.
    එහෙම කෙනෙක් ඔබ විවාහක බව
    දැන දැනම ඔබව වරදට පොළඹවාගන්න නොයෙකුත් උපක්රම යොදනව නම්, ඒත් තැත්නං කෙළින්ම ඔබට ඒ ගැන ලැජ්ජාවක් නැතුව කතා කරනවා නම් ඔබ මොනවද කළ යුත්තේ?
    බයවෙලා හරි අනුකම්පා කරලා හරි ඔහුගේ ඇයගේ ගොඳුරක් බවට ඔබ පත් වෙනවද?
    සමහරු (විශේෂයෙන් කාන්තාවන්)
    මේ වගේ ‘කන කොක්කුන්ගේ’ අවධානයට යොමු වුණාම ගොඩක් විඳවනවා මානසිකව. ‘කන කොක්කු’ කියන නම භාවිතා කළේ හේතු කීපයකට. කන කොකා සාමාන්යයෙන් අශුභ දේ ලංකරන බවක් කියවෙනවා. ‘කන්’ කියන්නේ අන්ධ බව කියන අදහසක් තියනවනේ. හොඳට ඉන්න පවුලක් කඩාදාන්න උත්සහ කරන ඒ වගේ තිරිසන් මනසක් තියන අය බොහෝ විට මානසික අන්ධ බවින් ඉන්න අය. පහත් මානසික මට්ටමක ඉන්න කිළුටු හිතක් තියන මානසික ලෙඩ්ඩු.
    ඉතින් ඔබට එවැනි සෙනෙහසේ වෙස්වලාගත් සල්ලාල ආරාධනා ලැබෙන කෙනෙක් නම් ඒ ගැන ඔබ තැවෙන්න අවශ්ය නෑ. ඔළුව රිදෙන කම් කල්පනා කරන්න දෙයක් නෑ. ඔබ කළ යුතු දේ අවබෝධ කරගෙන ක්රියාත්මක කරන්න.
    1. ඒ වගේ අයට අනුකම්පා කරන්න යන්න එපා. විවාහක අය සමහර විට එයාලගේ සැමියාගේ බිරිඳගේ අඩුපාඩු කියවනවා වෙන්න පුළුවන්. ඒ ඔබේ අනුකම්පාව ලබාගත ඔබව නම්ම ගන්න උපක්රමයක්. රැවටෙන්නෙපා.

    2. දුරකථන ඇමැතුම්වලට පිළිතුරු දෙන්න එපා. “රිංවෙන්න” අරින්න. නැත්නම් විසන්ධි කරන්න. ඔබේ අකමැත්ත පළ කිරීමට ඒ කරන්නේ කියලා ඕනෑම මෝඩයෙකුට තේරෙන්න ඕන.

    3. ඔබේ අකමැත්ත කෙළින්ම මූණටම කියන්න. ඔබ ඔබේ පවුලට ආදරේ නම් ඔබ අවංක නම් ඒක කළ යුතුමයි.

    4. ඔහුව/ඇයව හමුවීමට ඇති සියලුම අවස්ථාවන් අවුරාලන්න. ඔබට වැරදි අදහස් ගෙනෙන ඒ කපටි පෙම්වතා/පෙම්වතිය ඉන්නේ ඔබේ කාර්යාලයේ වෙන්න පුළුවන්. යන එන දුම්රියේ බස් එකේ හෝ මග තොට වෙන්න පුළුවන්. පුතාගේ/දුවගේ පාසල් අසල වෙන්න පුළුවන්. ගමේ වටපිටාවේ වෙන්න පුළුවන්. කොහේ හිටියත් සම්බන්ධතා ගොඩනැගෙන සියලුම අවස්ථාවලින් ඈත් වෙන්න. සම්පූර්ණෙන්ම බැරි වුණත් හැකි තරම්.

    5. ඔබව අමාරුවේ දාන්න මාන බලන මානසික රෝගියා ගැන ඔබට ලැදි, ඔබට මග පෙන්වන ඔබට සෙනෙහස ඇති කෙනෙකුට කියන්න. සැමියාට බිරිඳට කියන්න පුළුවන් නම් හරිම හොඳයි. ඒත් කලබල ඇති නොවන්නට වගබලාගත යුතුයි. විශ්වාසවන්ත කෙනෙකුට කියල තියන එක ඔබව ශක්තිමත් කරන දෙයක්. ඒ බව දැනගන්න එක ඔබට වැරදි ආරාධනා කරන කෙනාට තර්ජනයක් වගේම අධෛර්ය කරන දෙයක්.

    6. වචනෙකින් හරි ඔහුව/ ඇයව දිරිමත් කෙරෙන කිසිම විහිළුවක්වත් ඔබෙන් පිට නොවීමට වග බලාගන්න. බොහෝ විට කෙනෙක් ඔබ ගැන උනන්දුවෙන්නේ ඔබව වරදට නම්මවා ගත හැකි බව ඔබේ ක්රියාවලින් කතාවලින් හැසිරීමෙන් ඉඟිකෙරෙන නිසා වෙන්න පුළුවන්.
    ඒ නිසා කෙළින් වැඩ කරන්න. කෙළින් කතා කරන්න. සල්ලාලයින්ට නැතිවෙන්න දෙයක් නෑ. බොහෝ විට, ඒත් ඔබට මල් පොකුරක් වගේ ලස්සන පවුල් දිවියක් තියනවා. රත්තරං දරු පැටව් ඉන්නවා.
    කොහෙවත් යන කෘමාතුර මානසික ලෙඩෙක් වෙනුවෙන් ඔබ ඔබේ ලස්සන පවුල් ජීවිතය නාස්ති කරගත යුතුද?
    ඔබට කෙනෙක් දිගටම කරදර කරනව නම් ඒ බොහෝ විට ඔබ ඔබටම නොදැනි ඔහුව/ඇයට උල්පන්නම් දෙන නිසා විය හැකියි.
    ඔබ අවංක නම්, පවුලට ආදරේ නම්, සෘජුවම ක්රියාකරන්න, ප්රසිද්ධියේ වුණත් කමක් නෑ ප්රතික්ෂේප කරන්න. ඔබට එහෙම කෙළින්ම එකවරම ‘බැහැ’ කියන්න බැරි කෙනෙක් නම් සමහර විට ඔබේ හිතත් අවංක නැතුවත් ඇති. ටිකක් හිතලා බලන්න.

    උපුටා ගැනීම ලක්බිම පුවත් පත.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.

    මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.

    ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.

    නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.

    ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.

    සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.

    ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?

    ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.

    ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?

    නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.

    කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.

    අපි හැමෝම එ විදියට හිතමු.

    එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි. :)
     

    dhanushkact

    Active member
  • Jul 31, 2008
    345
    108
    43
    Gampaha
    ලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.

    මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.

    ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.

    නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.

    ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.

    සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.

    ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?

    ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.

    ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?

    නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.

    කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.

    අපි හැමෝම එ විදියට හිතමු.

    එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි. :)
    :yes::yes::yes: ela macho
     
    • Like
    Reactions: Warrior-FX