අනියම් සබදතා
මගෙ යාලුවෙක් හිටියා මිනිහා හරිම හොදයි. මිනිහගෙන් හිගන කෙනෙක් ඇවිත් අදින්න ඇදුමක් නෑ කිව්වොත් ඇදන් ඉන්න ඇදුම ගලවලා දීලා යට කලිසම පිටින් හරි යන විදියෙ මිනිහෙක්. මිනිහා විවාහ වුනා ලස්සන ගැහැනු ලමයෙක් එක්ක. ගැහැනු ලමයගෙ බදින්න කලින් සම්බන්ද කීපයකුත් තිබුනා. එතකොට දෙන්න යාලු වෙලත් හිටියෙ හැබැයි. පස්සෙ මේ කසාදය දැන් දික්කසාදයකට ලංවෙලා තියෙන්නෙ. සැමියාටත් අනියම් පෙමක් තියෙනවා. බිරිදටත් අනියම් පෙමක් තියෙනවා. දෙන්නා දෙන්නට දොස් කියමින් කාලෙ ගෙවනවා. මෙහෙම වෙන්න හේතුව කුමක්ද... මං මගෙ මතයක් පැහැදිලි කරන්නම්.
අපේ මේ හිතට අපි “හෘද වස්තුව" කියලනේ කියන්නෙ. ඒ කියන්නෙ හිත හරි වටින වස්තුවක්. ඒත් අපි මේ හිතට කරන දේවල්... එක හිතයි තියෙන්නෙ. ඒත් ඒක දෙන්නෙක්ට දෙනවා. හිත කඩනවා. ආයෙ හිත හදනවා. ඒ හිත තුවාල කරනවා. හිතේ තුවාල පාරනවා. ඔය වගේ නොයෙක් දේවල් කරනවා. අපේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව "හිත පාලනය” කරගත නොහැකි වීම. අනියම් සබදතා ඇති වෙන්න එක හේතුවක් තමයි “ආසාව.” අපි හුගක් දේවල් වලට ආසා කරනවනේ. සමහරු ගෙදර පරිප්පු වලට ආස නෑ කඩෙන් බුරියානි කන්නමයි පුරුදු වෙලා තියෙන්නෙ. සමහර වෙලාවට ටීවී එකේ ඇඩ් වල වගේ චිකන් කියුබ් දාලා පරිප්පු හැදුවත් වැඩක් නැහැ. බුරියානිමයි කන්න හිත. සමහරුන්ට ගෙදර වම්බටු හරියන්නෙ නැහැ. සුපර් මාකට් එකෙන් ගන්න වම්බටු තමා හොද. ඇයි ඒවා ලස්සනට, පෙනුමට තියෙනවා. ගෙදර වැවෙන වම්බොට්ට දැකලම එපාවෙලා.
අනෙක් හේතුව තමා "ආදරය." ඔව් ආදරය නිසාත් අනියම් සබදතා ඇති වෙන්න පුලුවන්. ඒක සාමාජීය හා සංස්කෘතික වශයෙන් බලද්දි වැරැද්දක්. අපි මෙහෙම හිතමු. අපේ හිත ෆෝන් එකක බැටරියක් වගේ. කඩේ අයියා කිව්වෙ අපිට ෆෝන් එක ගත්තු අලුත ඕෆ් කරලා පැය කීපයක් චාර්ජ් එකට ගහන්න කියලා. අපි හැමෝම ඕක පිලිපදිනවද නෑනෙ. ඉතින් කල් යද්දි බැටරිය සවුත්තු වෙන්න ගන්නවා. කොච්චර චාර්ජ් කලත් බැටරිය හිටින්නෙ නැහැ. ඒ වගේ තමා හිත. අපි විවාහ වෙද්දි හරි තීරණයක ඉන්න අවශ්‍යයි. මට මේ පුද්ගලයා එක්ක ජීවිත කාලෙම ඉන්න පුලුවන්ද... මට මේ ආදරය දිගටම රැකගන්න පුලුවන්ද... හරි නිරවුල් තීරණයක් ගන්න ඕනා අපි විවාහ වෙන්න කලින්.
අවසාන වශයෙන් අපි කොහොම හරි බැන්දා කියමුකො. කල් යද්දී අර කතාවක් තියෙන්නෙ "පහු පහු වෙනකොට, කොහු කොහු වෙනවා" කියලා. අන්න ඒක වෙනවා. ඒක වෙන්නෙ අපේ නොසැලකිල්ලෙන්. අපි බැන්දා... සේරම හරි... මට ගෑනි ඉන්නවා, ලමයි ඉන්නවා... අපි සම්පූර්ණයි... එහෙම හිතලා හරි යන්නෙ නැහැ. අපි තව දුරටත් අපේ ආදරය ගෙනියන්න ඕනා. ඒ ලව් කරන කාලෙ තිබ්බ ආකර්ශනය ගෙනියන්න ඕනා. ඒ විහිලු - තහලු, රංඩු - සරුවල්, ගමන් - බිමන්, ඒ ආදරය... මේ සේරම එක දිගට ගෙනියන්න ඕනා. මං ලමයා එක්ක, ගෙදර වැඩ එක්ක බිසි... මං ඔෆිස් එකයි, ආර්ථික තත්වයයි එක්ක බිසි... එහෙම හිතුවම කවුද ඔය දෙන්න ගැන බලන්නෙ. එතන හිස් ඉඩක් ඇති වෙනවා පේනවද... අන්න ඒ හිස් ඉඩ තමා "අනියම් පෙම."
අපි උදාහරණයක් විදියට ගමු වතුර පිරුන කළයක්. කළයෙ පොඩි සිදුරක් ඇති වෙනවා. අපි එච්චර ගනන් ගන්නෙ නැහැ. දවසින් දවස වතුර බිංදුව ගානෙ යනවා ඒ සිදුරෙන්. ටික දවසකින් කළය හිස්. වැරැද්ද කාගෙද... අපි කළයෙ තිබුන සිදුර ගැන හිතුවද... නැහැ. ඒක ගැන තැකීමක් කලේ නැහැ. අපි මොකක්ද කලේ අලුත් කලයක් ගත්තා. අපේ ජීවිතේට අවශ්‍ය ආදරය. සතුන්ට වුනත් අවශ්‍ය වෙන්නෙ ආදරය. අපි හැමෝම ආදරයෙ පිපාසිතයො. අපිට ආසාවල් එනවා. හැමෝටම එනවා. මම කාජොල්ට ආසයි. ඒ කියලා එයාව බදින්නද... නැහැ. ඒක ස්භාවිකයි. තව කෙනෙක් දිහා බලන්න. ලස්සන දකින්න. ඒත් ඇබ්බැහි වෙන්න එපා. අපේ හිත කියන බැටරිය කොයි වෙලෙත් චාර්ජ් කරන්න. ඒකට දෙන්නම සහය වෙන්න. අපේ කලයෙන් වතුර බිංදුවක්වත් හැලෙන්න දෙන්න එපා. ඒ ගැන බලන්න. කලේ සිදුර වහලා ආයෙ පාවිච්චි කරනවා මිසක් අලුත් කලයක් ගන්න යන්න එපා.
මේ කරුණු ටිකක් හිතට ගන්න.
* ගෙදර පරිප්පු වලට චිකන් සුප් කැට දාලා හරි බිරින්දෑවරු කවන්න. බලෙන් ගිල්ලන්න.
* ගන වනාන්තර දෙන්නම එකතුවෙලා කපන්න.
* සතියකට සැරයක් හරි දියේ ඉබ්බා ගිල්ලන්න.
* බිරින්දෑවරු කාජොල්ව, සැමියො ශාරුක්ව අනුකරනය කරන්න.
* පුංචි පුංචි දේවල් වලින් ලැබෙන සතුට විදින්න.
එහෙනම් කොල්ලො අපි ගියා !
~ Shanaka Viwasawath ~