අනියම්_පෙම නිසා කෙලවීම

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනියම්_පෙම නිසා කෙලවීම

    අනියම් සම්බන්ධතා නිසා වෙන්න පුලුවන් විනාශකාරී දේවල් 7ක්

    තනිකඩයොත් වින්දට ඒ දුක තමුන්ට තනියම දරාගන්නට වෙන නිසා මත ගැටුම් වෙන ප්‍රමාණය අඩුයි. ඒ වුනත් පවුලක් වුනාම තියෙන ප්‍රශ්න ගැන ඇතිවන මතගැටුම් ප්‍රමාණය වැඩි නිසා පොඩි පොඩි සිත් බිඳීම් වෙනවා. මේ සිත් බිඳීම් නිසා වගේම, විවිධ වූ හේතූන් මත මිනිසුන් අතරේ අනියම් සබඳතා ඇති වෙනවා. ඒ අතරේ පොළඹවාගැනීම්, ලිංගික අල්ලස් වැනි දේත් තිබෙනවා. මේ සටහන ඒ විදියට මොහොතක සතුටක් වෙනුවෙන් පිට යන හිත හින්දා සිද්ධ වෙන දීර්ඝ කාලීන විනාශකාරී තත්ත්ව ගැනයි.



    1. විශ්වාසය


    විශ්වාසය කියන දේ එක් වරක් බිඳුනාම අමතක කරන්නට අපහසුයි. ඒ විදියටම විශ්වාසය ගොඩනගන්නත් අපහසුයි. ඒ නිසා විශ්වාසය නොබිඳී තියාගන්න එක මොන ප්‍රශ්නයක් ඇතුළෙදි වුනත් වටිනවා. ඒ විදියට විශ්වාසය නොබිඳී තියාගැනීම එක් පාර්ශවයකින් පමණක් සිදු වෙන්න ඕන දෙයක් නෙමෙයි. හැබැයි අනෙකා නරකයි කියලා තමුනුත් නරක් වෙන එක අසාර්ථක වැඩක්. ඒ නිසා විශ්වාසය විනාශ වෙන්නට ඇති ප්‍රධානම සාධකයක් වෙන අනියම් සබඳතා බැහැර කිරීම සුවදායකයි.



    2. ජීවිත


    අපරාදෙ ජීවිත හානී වේ කියලා තමයි කියන්න තියෙන්නෙ. මොකද මේ විදියෙ අනියම් සම්බන්ධතාවයක් වෙනුවෙන් කරන ඉවසීම දුරදිග ගිහින් එය කසාදයක් දික්කසාදයක් දක්වා වර්ධනය කරන්නට හේතු විය හැකියි. එම හානිය වලක්වාගන්නට වඩා අසීරු තත්ත්ව ඔස්සේත් ඉවසීම ප්‍රගුණ කිරීම කළ යුතුමයි. සමහරවිට මේ දේවල් දිවි නසාගැනීම්වලින් කෙළවර වෙන්නත් ඉඩ තියෙනවා.



    3. පොලීසි උසාවි


    මින්පෙර කිසිඳු වරදකට පොලීසි උසාවි ගානේ නොගිය මිනිසුන් තම විවාහ දිවිය දෙදරීම නිසා පොලීසි උසාවි ගණනේ රස්තියාදු වීම දැකිය හැකි තත්ත්වයක්. මේ විදියට වෙන සිදුවීම් ඔවුන්ට නුහුරු නුපුරුදු වුනත් එයට මුහුණ දෙන්නට වෙන්නේ මේ තත්ත්වයන්ගෙන් ගොඩ එන්නට වෙනත් මගක් නැති නිසායි. ඒ නිසා නීතිමය මගකින් නොව මානුෂීය මගකින් ගණුදෙනු කරන්නට ඇති ඉඩ මේ අනියම් සම්බන්ධතා නිසා අහුරනවා දැකිය හැකියි.


    4. සමාජය


    මූලිකවම මෙවැනි විශ්වාසය බිඳීම් වැනි තත්ත්ව ඇති වුනු විට එය බහින්බස් වීම් වලින් ඇරඹෙන සංවාද බවට පත්වෙනවා. ඒ බහින්බස් වීම් නාගරික පරිසරය තුළදී නම් ඉතා ඉක්මනින් පැතිර යන්නේ නිවාස එක ලඟ පිහිටන නිසායි. ඒ පිහිටීම් කුමක් වුවත් සමාජයට මුහුණ දීමේ අපහසුව ඉන් ඇති වන්නේ ඕනෑම සමාජයක මෙවැනි දෑ ඉතා ඉක්මනින් කටකතා ලෙස පැතිරී යන නිසායි.



    5. වටපිටාව


    මෙවන් තත්ත්ව අතර තවත් පාර්ශවයන් තම අවශ්‍යතා මුදුන් පමුණුවා ගන්නට මෙවැනි අවස්ථා ඇති වන තුරු බලාසිටීමත්, මෙවන් වූ අනියම් සම්බන්ධතා තවතවත් බැඳීම් ලෙස ඒ අනුව දුරදිග යෑමත් අර්බුදකාරී තත්ත්වයේ ගැඹුර තවත් වැඩි කරන්නට සමත්.



    6. පලිගැනීම්


    මේවැනි තත්ත්ව මත පළිගැනීම් සිදුවීම දැකිය හැකි අතර වර්තමානයේ බොහෝ ප්‍රවෘත්ති ඇසුරේද එවැනි දේ දැකිය හැකියි. මේ නිසා මෙම පළිගැනීම් එකි අර්බුදය ඇති කළ අනියම් සබඳතාවයේ මිහිරට ප්‍රතිලෝමව අති විශාල අගයක් ගන්නා අතර, පලිගැනීම් නිසා ජීවිත හානි වූ අවස්ථාද බොහෝ ඇත.



    7. දරුවො


    දෙමවුපියන්ගේ මෙවන් තත්ත්වයන්ගෙන් සමාජයේ වැඩි වශයෙන්ම පීඩා විඳින්නේ දරුවන්යි. එම පීඩාව ඉතා කරදරකාරී මානසික මට්ටමක් ඔවුන්ට ඇතිකිරීම වලක්වන්නට නොහැකියි. ඒ අනුව සමාජයෙන් ‍කොන්වීම වාගේම, දෙමාපියන් සම්බන්ධව පාසලේදී සිදුවන කතා බහ ඇසුරේ අපහසුතාවයට පත්වීමද ප්‍රධාන කොට දැකිය හැකියි.




    SOURCE:ANIWA.LK
     
    • Like
    Reactions: buddikagayan

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,564
    8,806
    113
    Sama Harak ennawa mcn owa kisima deyak wenne ne kiyala hithana oni tharam awa karnawa... bedala lamai scl yana un...
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අර මොකෙද්දෝ එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඇන්ටිලා අල්ලන්න කියලා දෙන....ඒක බලලා ඇන්ටිලා අල්ලන්න යනවනම් මෙකත් බලලම ලොන්තපුස් බඩ්ඩවල් හන්ටින් කරන්න ගියානම් හරි...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බොහොම කාලෝචිත මෘතකාවක්:yes:.ලංකාවේ සමහර උන්ට කන්න ඕනෙත් නැහැ හු කන්න තියෙනවනම්:lol:.අන්තිමට ඉතින් පොලිසියේ නැත්නම් ඉස්පිරිතාලේ එහෙමත් නැත්නම් පොළව යට.:lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Sama Harak ennawa mcn owa kisima deyak wenne ne kiyala hithana oni tharam awa karnawa... bedala lamai scl yana un...

    අර මොකෙද්දෝ එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා ඇන්ටිලා අල්ලන්න කියලා දෙන....ඒක බලලා ඇන්ටිලා අල්ලන්න යනවනම් මෙකත් බලලම ලොන්තපුස් බඩ්ඩවල් හන්ටින් කරන්න ගියානම් හරි...

    ලංකාවේ මිනීමැරුම්,දික්කසාද 80%ක්ම වෙන්නේ කොටු පනින උන් නිසා.:yes: