අනිවා නැරඹිය යුතු හොල්මන් චිත්‍රපටි 10ක්

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,036
    3,729
    113
    අනිවා නැරඹිය යුතු හොල්මන් චිත්‍රපටි 10ක්

    හොල්මන් චිත්‍රපටි පිස්සෙක් අනිවා නරඹා තිබිය යුතු Horror films 10ක්

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හොල්මන් ෆිල්ම් බලනවද කියල ඇහුවම සමහරු කියන කතාවක් තමයි “අපෝ බයවෙන්න කියලා සල්ලි වියදම් කරගෙන, ඩේටා නාස්ති කරගන්න අපිට පිස්සුද?” කියල. ඒ සමහරු එහෙම කිවුවට නියම හොල්මන් ෆිල්ම් රසිකයො නම් දන්නව සුපිරි හොරර් ෆිල්ම් එකක් කොච්චර ආතල්ද කියල. අන්න ඒ අය වෙනුවෙන් තමයි අපි මේ බැලුවොත් රෑට නින්ද නොයන සුපිරි හොල්මන් ෆිල්ම් සෙට් එක ගෙන එන්නේ.[/FONT]
    [FONT=&quot]කොහොමත් හොල්මන් කිවුවම ඒකෙත් එක එක උප-ෂානරයන් තියනවා. ඔය මිනීමරුවො ගැන, සොම්බිල ගැන, පැරානෝමල්, සුපර් නැචුරල් ටයිප් වගේ ප්‍රභේද ගොඩක් තියනව වගේම ඒ ඒ ටයිප් හොල්මන් ෆිල්ම් වලට කැමති වෙනම රසික පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ හැම කෙනා ගැනම සලකලා තමයි අපි මේ ලයිස්තුව ගෙන එන්නේ. ඒ වගේම අපි මේකෙදි තෝරගෙන තියෙන්නෙ “වැඩිපුර භය හිතෙන හොල්මන් ෆිල්ම්” ගැන මිසක් “ලෝකෙ හොඳම හොල්මන් ෆිල්ම්” ගැන නොවෙන බවත් මතක තියාගෙනම කියෙවුවොත් හොඳයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    1. The Texas Chain Saw Massacre (1974)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-01.jpg


    [/FONT]
    [FONT=&quot]හොල්මන් චිත්‍රපටි වල මුහුණුවර වෙනස් කරපු මේ චිත්‍රපටය හැදිල තියෙන්නෙ ඒ කාලෙ අමෙරිකාවෙ හිටපු මිනීමරුවෙක් වෙච්ච එඩ් ගීන්ගෙ චරිතය පාදක කරගෙන කියලයි කියන්නෙ. මේ ඇසුරින් බිහිවෙච්ච චේන්සෝ (දම්වැල් කියත) එකකින් මිනී මරන ලෙදර්ෆේස් කියන උමතු මිනීමරුවත්, මිනීමස් කන මිනිහගෙ පවුලෙ උදවියත් අතරට මැදි වෙන තරුණ පිරිසක් ගැන තමයි මේ කථාවෙ තියෙන්නෙ. මීට අවුරුදු 40කටත් එපිටින් බිහිවෙච්ච මේ චිත්‍රපටයෙ ජනප්‍රියත්වය නිසා මෑතක් වෙනකම්ම තවත් චේන්සෝ චිත්‍රපටි ගණනාවක්ම හැදුණා. හැබැයි අදටත් ඒ සියල්ල අබිබවා භය මතුකිරීම අතින් ඉදිරියෙන් ඉන්නෙ 1974දි ටෝබෙ හූපර් විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය තමයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    2. Orphan (2009)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-02.jpg


    [/FONT]
    [FONT=&quot]තමන්ගේ තුන්වැනි දරුවා කුස තුලදීම අහිමිවෙච්ච දුකින් පෙළෙමින් ඉන්න කේට් සහ ජෝන් යුවල ඒ දුක තුනී කරගන්න අනාථ නිවාසයකින් දැරියක්ව හදාගන්න ගන්නවා. එස්තර් කියන අවුරුදු 9ක කුඩා දැරියක් තමයි ඔවුන් දරුකමට ලබාගන්නෙ. ඒ උනත් කාලයක් යද්දි මේ කුඩා දැරියගේ ජීවිත කතාව පිටුපස්සෙ සැඟවිච්ච මොකක් හෝ අඳුරු, භයානක දෙයක් තියන බව කේට් ඇතුලු පිරිසට වැටහෙන්න ගන්නවා. මේ සියල්ල එක්ක Orphan චිත්‍රපටය දිගහැරෙන්නෙ භීතිය, කුතුහලය එක්ක නොහිතන විදිහේ අවසානයක් කරා ප්‍රේක්ෂකයාව ගෙන යමින්. අනිවා රෑකට බැලුවොත් හිත හෙල්ලෙන්න පුලුවන් චිත්‍රපටයක්.[/FONT]
    [FONT=&quot] [/FONT]
    3. Shutter (2004)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-03.jpg


    [/FONT]
    [FONT=&quot]ෂටර් කියන්නෙ හොල්මන් චිත්‍රපට ලෝලියෙක් අනිවා බැලිය යුතු චිත්‍රපටයක් කියල අපි රෙකමන්ඩ් කරන්න කැමතියි. හැබැයි ඔයාල බලන්න ඕනෙ 2008 ආපු හොලිවුඩ් රීමේක් එකනම් නෙමෙයි. 2004 ආපු ඔරිජිනල් තායි චිත්‍රපටය තමයි බලන්න ඕනෙ.[/FONT]
    [FONT=&quot]ෂටර් චිත්‍රපටය අනපේක්ෂිත විදිහට අපිව බයෙන් ගස්සන දර්ශන ගොඩකින් සමන්විත චිත්‍රපටයක්. ටන් කියන ඡායාරූප ශිල්පියත් එයාගෙ පෙම්වතියත් ගමන්ගන්නා වාහනයට තරුණියක් හැප්පෙනව. ඔවුන් දෙන්නා එතනින් පළායන්නේ ඇයට උදවු කරන්නේවත් නැතිවයි. මේ සිදුවීමෙන් පස්සෙ අමුතු අමුතු සිදුවීම් වලට මුහුණ දෙන්න මේ යුවළට සිද්ධ වෙනවා. ටන් හිටිහැටියේ බෙල්ලේ අමාරුවකින් පෙළෙන්න ගන්නව, ඒ මදිවට ඔහු ගන්නා ඡායාරූප වලත් අද්භූත ඡායාවල් මතු වෙන්න පටන් ගන්නවා. මේ හොල්මන් වැඩ සිද්ධ වෙන්න හේතුව මේ දෙන්නාගෙ වාහනේට හැපුණ තරුණියද? එහෙමත් නැත්නම් වෙනත් බලවේගයක්ද? කියන එක හොයාගන්න නම් මේ සුපිරි චිත්‍රපටය බලල බය වෙන්නම වෙනව.[/FONT]



    [FONT=&quot] 4. The Strangers (2008)[/FONT]
    [FONT=&quot]
    HorrorFilms-aniwa-04.jpg


    [/FONT]
    [FONT=&quot]ස්ට්‍රේන්ජර්ස් කියන්නෙ හෝම් ඉන්වේෂන් ටයිප් හොල්මන් චිත්‍රපටයක්. ඒ කිවුවෙ ගේකට කඩා වැදිල ඒ ගෙදර අයව බියටත් හිරිහැරයටත් පත් කරන කතාවක්. බිහිසුණු කතාවක් රැගත් මේ චිත්‍රපටය බලල ඉවර උනාට පස්සෙ ගෙදර තනියෙන් ඉන්න බයයි බයයි වගේ දැනෙන්නත් පුලුවන්.[/FONT]
    [FONT=&quot]ජේම්ස් සහ ක්‍රිස්ටන් කියන යුවල යාලුවෙක්ගෙ උත්සවයකට සහභාගි වෙලා මහ රෑ ජාමෙ තමන්ගෙ නිවසට ආපහු එනවා. උත්සවය අතරතුර සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා හිත් අමනාපයකිනුත් එක්කයි මේ දෙන්න ඉන්නෙ. වැඩිය ජනාකීර්ණ නැති පෙදෙසක හුදෙකලාවක පිහිටි මේ නිවසට මුහුණු ආවරණය කරගත්ත අමුත්තන් පිරිසක් හිටිහැටියේ කඩා වදිනවා. මේ අද්භූත අමුත්තන්ගෙ ග්‍රහණයෙන් බේරෙන්න ජේම්ස් සහ ක්‍රිස්ටන් කරන අරගලයත් එක්ක බය හිතෙන විදිහේ හොරර් අත්දැකීමක් තිලිණ කරන්න මේ චිත්‍රපටය සමත්.[/FONT]
    [FONT=&quot] [/FONT]
    5. Ringu (1998)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-05.jpg


    [/FONT]
    [FONT=&quot]සුපිරි ජපන් හොල්මන් චිත්‍රපටයක් වන රිංගු ලැබූ ජනප්‍රියත්වය නිසා මේ වෙද්දි හොලිවුඩ් ඇතුලු තවත් රිංග් චිත්‍රපට කිහිපයක්ම මේ ඇසුරින් නිර්මාණය වෙලයි තියෙන්නෙ. හැබැයි මේ හැම එකකටම වඩා නරඹන්නන්ව හොල්මන් කරන්න සමත් උනේ 1998 ආපු රිංගු චිත්‍රපටය තමයි. නරඹන අයව දින 7ක් ඇතුලත මරණයට පත් කරන්නට සමත් අද්භූත වීඩියෝ පටයක සුලමුල හොයාගෙන යන වාර්තාකාරිනියකුත්, ඒ වීඩියෝ පටය හා බැඳිල තියන අඳුරු කතන්දරයත්, අමනුෂ්‍ය ආත්මත් එක්ක බියකරු සිනමා අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙන්න මේ රිංගු කතා පුවත සමත් වෙනවා. සාමාන්‍ය හොල්මන් චිත්‍රපටයක ප්‍රේක්ෂකයාව තිගස්සන තැන් වලින් මිදිල වෙනස් විදිහේ කුතුහලය මුසු වෙච්ච බියකට ප්‍රේක්ෂකයා ගෙනියන්න මේ චිත්‍රපටයට හැකිවෙලා තියනව.[/FONT]
    [FONT=&quot] [/FONT]
    6. The Exorcist (1973)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-06.jpg


    [/FONT]
    [FONT=&quot]බය හිතෙන හොල්මන් චිත්‍රපටි ගැන කතා කරද්දි ලෝකේ හොඳම හොල්මන් ෆිල්ම් එකක් වෙන එක්සෝසිස්ට් ගැනත් නොකියම බෑ. අපි මීට කලින් ඔයාලට ගෙනාපු ලෝකයේ මතභේදාත්මකම චිත්‍රපටි ලැයිස්තුවටත් ඇතුලත් උන චිත්‍රපටයක් තමයි එක්සෝසිස්ට් කියන්නෙ. මේක මෑත කාලෙ ජනප්‍රිය වෙච්ච The conjuring වගේ චිත්‍රපට වලට පාර කපපු චිත්‍රපටයක් කිවුවොත් නිවැරදියි. අමනුෂ්‍ය බලවේගයකට ගොදුරු වෙච්ච දැරියක් වටා ගෙතිච්ච මේ චිත්‍රපටය සැබෑ සිදුවීමක් පාදක කරගෙන තමයි නිර්මාණය කෙරෙන්නෙ. මේ චිත්‍රපටය තිරගත කරන්න ගත්ත මුල් කා‍ලෙ ප්‍රේක්ෂකයො සිනමා ශාලා ඇතුලෙ ක්ලාන්ත වෙන්නටත් බිය නිසා වෙනත් අපහසුතාවයන්ට පත් වෙන්නටත් පටන් ගත්ත නිසා සිනමා ශාලාවලට වෛද්‍ය සේවකයන්ව පවා ගෙනත් තියාගෙන ඉන්න උනා කියල කියනව. මේ චිත්‍රපටය හැදෙන අතරතුර සිදුවෙච්ච අද්භූත සිදුවීම් නිසා ශාපලත් චිත්‍රපටයක් හැටියටත් හඳුන්වන්න මිනිස්සු පෙළඹිලා තියනවලු.[/FONT]
    [FONT=&quot] [/FONT]
    7. Paranormal Activity (2007)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-07.jpg


    [/FONT]
    [FONT=&quot]Found footage චිත්‍රපටයක් හැටියට මේකට ඇතුලු කරන්නෙ මොකක්ද කියන එක අපිට සෑහෙන ගැටලුවක් උනා. ඒකට හේතුව තමයි මේ ආකාරයේ චිත්‍රපටවලට අලුත් වෙනසක් ගෙනාපු ද බ්ලෙයාර් විච් ප්‍රොජෙක්ට් සහ REC වගේ චිත්‍රපටත් අපේ ප්‍රියතම චිත්‍රපටි වීම (ඒ දෙකත් බැලුවට කිසි වරදක් නෑ හොඳේ)[/FONT]
    [FONT=&quot]ඇඟට කඩා පනින හොල්මන් සහ සත්තු, දෘෂ්‍ය ප්‍රයෝග, මිනීමරු භූතයෝ වගේ දේවල් වලින් තොරව බොහොම හිමීට ගලාගෙන යන කතාවක් ඇතුලේ අපිව සෑහෙන්න බියට පත් කරන්න මේ චිත්‍රපටයට පුලුවන්. අලුත් නිවසක පදිංචියට යන යුවලකට නොපෙනෙන බලවේගයකින් හිරිහැර සිද්ධ වෙන්න ගන්නවා. මේ දේවල් ඔවුන්ගේ වීඩියෝ කැමරා වලට හසුවෙන ආකාරය තමයි ප්‍රේක්ෂකයාට පෙන්නන්නෙ. හොල්මන් භූතයො නොපෙන්වා නොපෙනෙන බලවේගවලින් අපිව බිය කරල සසල කරවන්න සමත් වෙච්ච චිත්‍රපටයක් කිවුවොත් නිවැරදියි.[/FONT]
    [FONT=&quot]පැරානෝමල් ඇක්ටිවිටි කථාව මේ චිත්‍රපටයත් එක්ක අවසන් වෙන්නේ නැහැ. තව චිත්‍රපටි කිහිපයක් පුරාවටම මේ කථාව හා සම්බන්ධ වෙමින් යන චිත්‍රපටි පෙලක් බිහිවෙලා තියනව.[/FONT]
    [FONT=&quot] [/FONT]
    8. The Babadook (2014)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-08.jpg


    [/FONT]
    [FONT=&quot]ද බබඩූක් කියන්නෙ මෑත කාලේ ආපු හොල්මන් චිත්‍රපටි අතරින් බිය ජනනය කිරීම අතින් සෑහෙන සාර්ථක වෙච්ච චිත්‍රපටයක්. ස්වාමි පුරුෂයාගෙ මරණින් පස්සෙ නිවසක තනියම ජීවත් වෙන මවක් සහ කුඩා පුතෙක් තමයි මේ කථාවේ ප්‍රධාන චරිත වෙන්නෙ. එක දවසක පුතා අම්මගෙන් කතාවක් කියවන්න කියල ඉල්ලීමක් කරනවා. ගෙදර තියන පොප් අප් කතා පොතක් වන බබඩූක් කතාන්තරය තමයි අම්මා කියවන්න තෝරගන්නෙ. බබඩූක් කියන නපුරු රාක්ෂසයෙක්ගෙ බිහිසුණු කතා පුවතක් රැගත් ඒ පොත කියවගෙන යද්දි අම්ම බියට පත් වෙනව. මේ සිදුවීමෙන් පස්සේ මේ පොතේ ඉන්න භයානක බබඩූක් තමන්ගේ නිවසේ ඉන්න බවට මේ අයට දැනෙන්න ගන්නවා. බබඩූක් පොත විනාශ කරන්න ඔවුන් උත්සාහ කලත් ඒ වැඩෙත් අසාර්ථක වෙන්නේ එන්න එන්නම නිවැසියන්ව බබඩූක්ගේ භීෂණයට ලක් කෙරෙමින්.[/FONT]
    [FONT=&quot]බබඩූක් චිත්‍රපටය කියන්නෙ මතුපිටින් පෙන්වන හොල්මන් කතාවට යටින් සැඟවුණු මනෝමය(psychological) අර්ථ රැසක් කැටිකරගත්ත කථාවක් බවත් ඔබට නොකියම බෑ[/FONT]
    [FONT=&quot] [/FONT]
    9. Ju-on: The Grudge (2002)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-09.jpg


    [/FONT]
    [FONT=&quot]හොල්මන් චිත්‍රපටි රසිකයෙක් හැටියට ග්‍රජ් හරි ජු-ඔන් චිත්‍රපටි හරි එකක් දෙකක්වත් බලල නැත්නම් වැඩක් නෑ කියල තමයි කියන්න වෙන්නෙ. ඒ තරම් බය හිතෙන චිත්‍රපටි සෙට් එකක්. 2004 වර්ෂයෙදි ජු-ඔන් චිත්‍රපටයේ හොලිවුඩ් රීමේක් එකක් ආවත් අපි මේ කියන්න යන්නේ 2002 හදපු ඔරිජිනල් ජපන් චිත්‍රපටය ගැනයි.[/FONT]
    [FONT=&quot]අතීතයේදි සිදුවෙච්ච භයානක අපරාධයක් නිසා ශාපයට ලක්වෙන නිවසක් වටා තමයි මේ කථාව ගෙතෙන්නෙ. මේ නිවසේ වාසයට පැමිණෙන අයට උපද්‍රව සිදු කරන අමනුෂ්‍ය බලවේගත්, ඒ නිවසේ සේවයට පැමිණෙන තරුණ කාන්තාවකුත් අතර ඇතිවෙන ගැටුම තමයි මේ ජු-ඔන් කතාව ඔස්සේ දිග හැරෙන්නෙ. නරඹන්නන්ව සෑහෙන්න තිගස්සන්න, බියට පත් කරන්න සමත් වෙන මේ චිත්‍රපටය බලල නැත්නම් අනිවා ඔබේ ලිස්ට් එකට එකතු කරගන්න කියල අපි ඉල්ලනව.[/FONT]
    [FONT=&quot] [/FONT]
    10. Inside (2007)

    [FONT=&quot]
    HorrorFilms-aniwa-10.jpg


    [/FONT]
    [FONT=&quot]ඉන්සයිඩ් චිත්‍රපටය මේ ලිස්ට් එකට දාන එක ගැන සමහරු වාද කරන්න පුලුවන්. ඒ උනත් හොරර් වර්ගීකරණයට දාන්න පුලුවන් හොඳම ප්‍රංශ චිත්‍රපටයක් නිසා අපි මේ චිත්‍රපටයත් අපේ ලැයිස්තුවට ඇතුලත් කලා. සංවේදී අයටනම් මේ චිත්‍රපටය නරඹන්න කලින් දෙපාරක් හිතන්න කියලත් අපි කියන්න කැමතියි.[/FONT]
    [FONT=&quot]තම ස්වාමියා හදිසි අණතුරකින් අහිමි වීමෙන් පස්සේ දරු ගැබක් එක්ක තනිවන සාරා දරු ප්‍රසූතියට ඉතාම ආසන්න දවසකයි ඉන්නෙ. මේ අතර එක් රැයකදී නාඳුනන කාන්තාවක් ඇයව හොයාගෙන එනවා. ඒ එන්නේ සාරාගෙ කුස පලල ඇගේ දරුවව පැහැරගෙන යන්නයි. භීතියට වඩා ප්‍රචණ්ඩත්වය සහ නරඹන්නන්ව අපහසුවට පත් කරන්න තරම් සමත් වන කුතුහලය කැටිව නිර්මාණය වෙලා තියන මේ චිත්‍රපටය සංවේදී අයනම් නරඹන්න එපා කියල අපි නැවතත් මතක් කරනවා.[/FONT]
    [FONT=&quot]Source:aniwa
    [/FONT]

    [FONT=&quot] [/FONT]
     
    • Like
    Reactions: Iron Monger

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    The Woman in Black (2012)
    The Forest (2016)
    1408 (2007)
    Gothika (2003)
    The Haunting in Connecticut (2009)
    The Others (2001)
    Silent Hills (2006)
    The Omen (2006)
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    1. The Texas Chain Saw Massacre (1974)-බැලුව

    2. Orphan (2009)-බැලුව

    3. Shutter (2004)-බැලුව

    4. The Strangers (2008)-බැලුව

    5. Ringu (1998)-බැලුව

    6. The Exorcist (1973)-බැලුව

    7. Paranormal Activity (2007)-බැලුව

    8. The Babadook (2014)-බැලුව

    9. Ju-on: The Grudge (2002)-බැලුවෙ නෑ

    10. Inside (2007)-අද බලනව
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම ඔතන තියෙන ගොඩක් ෆිල්ම් බලල තියෙනව. ඒත් මට ගොඩක් ඇල්ලුවෙ

    conjuring 1
    conjuring 2
    Anabel
    It Follows

    ෆිල්ම්ස් ටික. Anabel 2 මේ අවුරුද්දෙ රිලීස් වෙනවලු.



     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    Texas Chainsaw 3D (2013)
    එච්චර බය හිතෙන්නේ නැ මට නම් , අනේ මන්ද ඇයි කියල