සංයුත්ත නිකාය
නිදාන වග්ගෝ
7.2.1. ගූථකූප සුත්තං
7.2.1. ගූථකූප සූත්රය
372. රාජගහේ….
රජගහ නුවර දී…
ඉධාහං ආවුසෝ ගිජ්ඣකූටා පබ්බතා ඕරෝහන්තෝ අද්දසං පුරිසං ගූථකූපේ සසීසකං නිමුග්ගං. ….(පෙ)…. (අථ ඛෝ භගවා ….(පෙ)….) ඒසෝ භික්ඛවේ සත්තෝ ඉමස්මිං යේව රාජගහේ පාරදාරිකෝ අහෝසි ….(පෙ)…. ඒවරූපං අත්තභාවපටිලාභං පටිසංවේදයතී’ති.
372. ප්රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී අසූචි වළක ඔළුවත් සමග ගිලුන පුරුෂ රූපයක් දැක්කා …. (පෙ) …. වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු අනුන් ගේ අඹුවන් සමග වරදේ හැසිරුණ මිනිහෙක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,
සාදු! සාදු!! සාදු!!!
ගූථකූප සූත්රය නිමා විය.
උතුම් වූ ධර්මදානය පිණිස මෙම දෙසුම ඔබේ මිතුරන් අතරේ බෙදාහරින්න!