වැලිඅමුණගේ ගුවන් සේවිකා කතාවේ ඇත්ත මෙන්න.
April 10, 2015, at 9:17 am 11,629 13
www.mahinda.info
[1]. සුපුරුදු පරිදි තවත් යහපාලන මඩක්. මේ කතාව දිගහැරෙන්නේ ගුවන් සේවිකාවක් සම්බන්ධයෙනුයි.
(i). එම ගුවන් සේවිකාව ශ්‍රී ලංකන් එයාර්ලයින් හි සිට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත (Secondment) කර තිබුණා. එය සිදුකළේ ආයතන සංග්‍රහයෙන් ලබා දී ඇති විධිවිධාන වලට යටත් වයි.
(ii). එලෙස ගුවන් සේවිකාවක්ව බඳවා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධව සියලුම රජයේ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සිදුකරන නිල ගුවන් ගමන් වලට අදාලව ගමන්වාර සම්බන්ධීකරනය කිරීම, ගුවන් ගමන් ආසන වෙන් කිරීම, මුදල් ගෙවීම, ඇතුළු කටයුතු සිදු කිරීම උදෙසායි.
(iii). ඇය විදේශ ගත වෙන්නේ නෑ. ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටයි රාජකාරිය සිදුකරන්නේ.
[2]. අනුයුක්ත කිරීම මගින් සිදුවෙන්නේ, කිසියම් රාජ්‍ය ආයතනයක සිටින විශේෂඥ දැනුමක් සහිත අයෙක් වෙනත් රජ්‍ය ආයතනයකට සම්බන්ධ වී වැඩ කිරීම.
(i). උදාහරණ ලෙස ගුවන් හමුදාවට සම්බන්ධ විශේෂ ව්‍යාපෘතියකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරමුදල් හෝ පහසුකම් සැපයෙනවා යැයි සිතමු. එවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ගුවන් හමුදාව සම්බන්ධ විශේෂඥ දැනුම සහිත නිලධාරියෙක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බඳවාගත හැකියි. එහිදී රාජකාරිය කුමක් වුවද ඔහුගේ පෙර වැටුපට නො අඩුව වැටුපක් ලැබීම සිදුවෙයි.
(ii). අදාල ව්‍යාපෘතිය සහ ජනාධිපති ලේකම් කාර්යලය සම්බන්ධීකරනය කිරීම ඔහුගෙන් සිදුවෙයි.
(iii). එම නිලධාරියාගේ අලුත් පත් වීම තාවකාලිකයි. එය ව්‍යාපෘතියේ කාලසීමාවට යටත් වෙනවා.
(iv). වැටුප් ලැබෙන්නේ ඔහු කලින් වැඩ කළ රාජ්‍ය ආයතනයෙනුයි.
(v). ඔහුව මෙහෙයවීම අලුතෙන් බඳවා ගන්නා ලද ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සෘජුව සිදුවෙනවා.
(vi). මේ ආකාරයෙන් ආයතන 50 කින් පමණ නිලධාරීන්ව ජනාධිපති ලේකම් කාර්යාලයට සෙකන්ඩ්මන්ට් කර තිබෙනවා.
[3]. ගුවන් සේවිකාවක් යනු සාපේක්ෂව විශාල වැටුපක් ලබන තනතුරක්. සමහර ගෑනු ළමයි එයාර් හොස්ටර්ස් කෙනෙක් වීමට වලිකන්නේ ඔන්න ඔය හේතුව නිසා.
(i) වැටුප විශාල වීමට ගොඩක් හේතු බලපානවා.
(ii) ඇයට විශේෂිත පුහුණුවක් තිබිය යුතුයි, එම විශේෂිත පුහුණුවට ගිණි නිවීම්, ගුවන් මෙහෙයුම්, ප්‍රථාමාධාර, මුදවාගැනීම්, ඇතුළු විශාල වපසරියක් අයිතියි.
14-Copy[1]
(iii). ඒ අනුව මාසෙකට ගමන් වාර 10 ක් ගියොත් වැටුප රු ලක්ෂයකට වැඩියි. මෙය ගුවන් සමාගම අනුව මීට වඩා බොහෝ වැඩි වේවි.
(iv). ඒ අනුව ගුවන් සේවිකාවක් ලෙස අවුරුදු 5 ක් වැඩ කළොත් ඒ කාලය තුළ ලේසියෙන්ම රු ලක්ෂ 60 කට ඉහළ ආදායමක් ඉපයෙනවා.
ජේ සී වැලිඅමුණ මහතාගේ චෝදනා.
ඔහුගේ චෝදනා වශයෙන් වෙබ් අඩවි වාර්තා කර ඇති කරුණු වලට පිළිතුරුයි පහත අංක වලින් දැක්වෙන්නේ.
[4] ගුවන් සේවිකාවක්ව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කිරීමට එරෙහිව වැලිඅමුණ වාර්තාවෙන් පවසා ඇතැයි දැක්වෙනවා.
(i) ඉහත අංක [1] සිදුවීම ගතහොත් ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ගුවන් ගමන් වලදී ආසන වෙන් කිරීම සහ ගමන් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ගුවන් යානා ඉංජිනේරුවෙක් නොවෙයි, ගුවන් සේවිකාවක් වයි. ඒ අනුවයි එවැන්නියක්ව බඳවා ගත්තේ.
(ii). ආසන වෙන් කිරීම සහ ගමන් වාර සම්බන්ධීකරනය කිරීම ආවට ගියට කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒ සඳහා ගැලීලියෝ සහ ඇමඩාස් ක්‍රම වල සිට බොහෝ තාක්ෂණික දේවල් ගැඹුරින් දැනගෙන සිටිය යුතුයි.
(iii). එලෙස බඳවාගත් ගුවන් සේවිකාවට ඒ සඳහා විශේෂ අධ්‍යාපන සහ වෘත්තීමය සුදුසුකම් පිළිගත් ආයතන වලින් ලබා තිබෙනවා.
(iv). ඒ වගේම වර්තමානයේදීත් ජනාධිපත් ලේකම් කාර්යාලයට අනුයුක්තව ගුවන් සේවිකාවක් අදාල සම්බන්ධීකරණ කටයුතු සිදුකරනවා විය යුතුයි.
[5] ජනාධිපති ලේකම් කාර්යාලයට අදාල ගුවන් ගමන් කටයුතු සඳහා පත් වීම ලබන ගුවන් සේවිකාව රු ලක්ෂ 42 ක් ලබා ඇති බවක් වැලිඅමුණ වාර්තාවෙන් පවසා ඇතැයි දැක්වෙනවා.
(i). ඇය එම මුදල ලබා තිබෙන්නේ අවුරුදු 5 කටමයි.
(ii). අනෙකුත් ගුවන් සේවිකාවක් මාසෙකට ලක්ෂෙ පැනපු වැටුපක් ලබද්දී, ඇය ලබා තිබෙන්නේ මාසයකට හැත්තෑදාහක් විතරයි.
(iii). නමුත් මෙය විකෘති කර මාසෙකට ලක්ෂ 42 ක් ගෙව්වා යනුවෙන් පවසා තිබීම ජනතාව නොමග යවන සුළු සාහසික මඩක් බව පැවසිය යුතුයි.
[6]. එම ගුවන් සේවිකාව නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා ඇති බවක් වාර්තාවේ ඇතැයි දැක්වෙනවා.
(i). නාමල් රාජපක්ෂ මහතා යනු සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පමණයි. එනිසා එතුමාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යලය හරහා නිලධාරීන් බඳවාගැනීමේ කිසිදු හැකියාවක් නෑ. එමගින්ම පේනවා මේ චෝදනවේ අරුත් සුන් භාවය.
[7]. අදාල ගුවන් සේවිකාව විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැති බවට දැක්වෙනවා.
(i). ඒ කරුනෙන්ම පේනවා ජේ සී වැලිඅමුණ මහතාගේ චෝදනාවේ පදනම් විරහිත භාවය. නාමල් රාජපක්ෂ මහතා ගාව කිසිදා සේවය නොකළ කෙනෙක්, කළා කියන සේවයක් ගැන වාර්තාවක් තියෙන්න විදියක් නෑ.
(ii). මෙහිදී නාමල් රාජපක්ෂ මහතාව එකී වැලිඅමුණ වාර්තාවෙන් නම් කර ඇත්තේ හුදු මඩ ගැසීමකට පමණයි.
(iii). නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතුළු වීමේදී සහ පිට වීමේදී සටහනක් තබනවා. එ සටහනේ අදාල ගුවන් සේවිකාවගේ නම සඳහන්ව ඇති. ඒ හරහා ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ කර ඇති සේවය සහ අනුයුක්තව සිටි අංශය සොයා ගත හැකියි.