අනුරකියන්නේ බොරුfactcheck

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113

    අනුර දිසානායක කියන්නේ බොරු..- factcheck විශ්ලේෂණය මෙන්න..


    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අයවැය විවාදයට එක්වෙමින් සිදුකරන ලද අදහස් වැරදි බව factcheck සඳහන් කරයි.

    ඔවුන් විසින් ඒ බව සඳහන් කරමින් නිකුත් කර ඇති සම්පූර්ණ විශ්ලේෂණය මෙසේය.



    රාජපක්ෂවරු කැබිනට් මණ්ඩලයේ 4ක් නියෝජනය කරනවා. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ පවුල වෙත – ඒ ඔවුන් නියෝජනය කරන අමාත්‍යාංශ වෙත – කොච්චර මුදලක් වෙන් කොට තිබෙනවාද? මුළු වියදම බිලියන 5200 යි, ට්‍රිලියන 5.2යි. හැබැයි ඒ අමාත්‍යාංශ සඳහා වෙන් කරන ලද මුදල, මිලියන 5200ක් වැය කරන කොට මිලියන 3470ක් වැය කරන්නේ එක කණ්ඩායමක් අතර, පවුලක් අතර, ඒ කියන්නේ මුළු රාජ්‍ය වියදමෙන් 64%ක්.
    Fact check

    රාජපක්ෂ අය වැය තක්සේරු කිරීමේදී පා.ම. අනුර කුමාර නිවැරදි නොවන වර්ගීකරණයක.

    රාජපක්ෂ පවුල සහ ඥාතීන් යටතේ ඇති අමාත්‍යාංශ හරහා සිදු කෙරෙන වියදම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර සිය ප්‍රකාශය තුළ සඳහන් කර ඇත. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයේ වැරදි නිවැරදි බව පිරික්සීම සඳහා, FactCheck.lk මගින්, සම්පූර්ණ වියදම් යෝජනා ඉදිරිපත් කරන 2022 අය වැය කථාව සහ, අමාත්‍යාංශ මට්ටමෙන් වන වියදම් ප්‍රතිපාදන ඉදිරිපත් කරන 2022 අය වැය ඇස්තමේන්තු පරිශීලනය කොට ඇත.

    රාජපක්ෂ පවුලේ සාමාජිකයින් 6 දෙනා යටතේ ඇති අමාත්‍යාංශ සඳහා සමස්ත වියදම් ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 1,827 ක් වී ඇති අතර (නිදර්ශක අංක 1 බලන්න), එය රුපියල් බිලියන 3,921 ක් වන රාජ්‍ය වියදම්වලින් 46.7% ක් වී ඇත (නිදර්ශක අංක 2 බලන්න).

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිය ප්‍රකාශය තුළ උපුටා දැක්වුණු 64% ක ප්‍රතිශතය කරුණු දෙකක් නිසා දෝෂ සහගත වේ. පළමු සහ වඩාත් බරපතල දෝෂය වන්නේ, එම ප්‍රතිශතය තුළට, රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිතීන් යටතේ වියදම් අයිතමයක් නොවන රාජ්‍ය ණය ක්‍රමක්ෂය කිරීම් (ණය ප්‍රාග්ධන ආපසු ගෙවීම්) ඇතුළත්ව තිබීමයි. එමෙන්ම, එම ප්‍රතිශතය විසර්ජන පනතේ සංඛ්‍යාවන් මත පදනම්ව ඇති අතර මෙම ප්‍රකාශය සිදුකිරීමට සතියකට පමණ පෙරාතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2022 අය වැය හරහා එම සංඛ්‍යාවන් අවලංගු වී යයි. මෙය, එම ප්‍රකාශය හා සම්බන්ධ දෙවැනි දෝෂය වේ.

    ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිවැරදි නොවේ යැයි අපි පවසමු.

    අතිරේක සටහන්: රාජ්‍ය ණය ක්‍රමක්ෂය කිරීම් ඇතුළත් කළ පසු මෙම යෝජිත අය වැයෙහි ඇතුළත් සමස්ත ප්‍රතිපාදන රුපියල් බිලියන 5,452 කි. එවිට, රාජපක්ෂ පවුල යටතේ ඇති අමාත්‍යාංශ සඳහා ණය ක්‍රමක්ෂය කිරීම් ඇතුළත්ව සමස්ත වියදම් ප්‍රතිපාදන (රුපියල් බිලියන 3,359) වන අතර එය සමස්ත ප්‍රතිපාදනවලින් 61.6% ක් වේ. මීට හේතුව, වියදම් අයිතමයක් නොවන, රාජ්‍ය ණය ක්‍රමක්ෂය කිරීම් සඳහා වෙන් කෙරෙන ප්‍රතිපාදන (රුපියල් බිලියන 1,531) මුදල් අමාත්‍යාංශය යටතේ වාර්තා වී තිබීමයි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හැමදාමත් වගේ උදේ පාන්දර මූසල කරන දේශපාලන අනාථයන්ට එකම බෙහෙත මේක :lol:



    2xebGTQ.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @vinuga ඒ කියන්නෙ මුලු රටේම සල්ලි වලින් 46.7%ක් තියෙන්නෙ රාජපක්ෂල අතේ :shocked:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    So he had made a mistake on the %.. still 45%+ is controlled by the Rajapakshas.. nothings changed