අනුරාද මොන වගේද?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අනුරාධගේ හැඩ රුවද අහන්නේ? මෙන්න මේ වගේ
    ඉස කෙස්‌ පුපුරැටි තඹ රැවුලායේ
    පලල් නලල් ඇත තට්‌ටොලු වායේ
    ඉගිලි ඉසිරි සිටි ඉස්‌සොරි යායේ
    පිරු කබ ගුලි ඇස්‌ කවුළු පුරායේ


    වැහෙන පිරෙන දිය එකන් කුණායේ
    නාස දෙපිට මිටි සොඬු වගු රෑයේ
    නිකට උල්ව සිටි මුක දැලි යායේ
    කෙළ තොළු බොල්ලෑ දත් කැටි යායේ


    බුලත් නොකෑ කට කිරි වවුලායේ
    පිටත් ඇසිරි සිටි කන කොරියායේ
    පිට තෙල් දත් කා බස වෙවුලායේ
    කැසිත් තදව එන මුසු ගැට යායේ


    නහර ඉගිලි සිටි ඇට සැකිලායේ
    කිඹුල් පිටක්‌ වැනි ගත රළු වායේ
    නිබඳ ඉගිල සිටි කොරල සමායේ
    බඩවත පිටවත කොරල මොටායේ


    රුදුරු වියරු ගුණ අටගති යායේ
    ඇඳ රෙදි කඳවට අඟර ගසායේ
    වේයන් කෑ දඬු වැනි කලවායේ
    දන උතු වාදන් දෙපය කොරායේ


    නැඹුරුව කොර වැනි පය බකලායේ
    කෙන්ඩ ඉදිමි සිටි පයබරවායේ
    නිය පිරිත්ත ඇති පතුල් කුනායේ
    මෙ වැනි ලකුණු ඇති එකා අනුරාදය
    මේක උපුට ගත්තෙ අනුරාධ සන්දේශයෙන්ද බං

    1702232195755-2-png.231518
     
    Last edited:
    • Haha
    Reactions: Rastapopoulos