අනුරාධපුරයට තරුණ පෙම් උයන් 06 ක්
එළඹෙන නිදහස් දිනය වනවිට නිදහසේ පෙම් කිරීමට අවස්ථාව ලැබෙන ලකුණු
ආරක්ෂිත පරිසරයකදී තරුණ තරුණියන්ට පෙම් සුව විඳිමින් නිදහසේ කතාබහ කිරීමට අවස්ථාවක් ලබාදීම සඳහා අනුරාධපුරයේ “යූත් මිනි පාර්ක්“ නමින් තරුණ උද්‍යාන 06 ක් ඉදිකිරීමට රජය සූදානම් වේ.
මේ පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන අතර මේවා කුඩා ප්‍රමාණයේ තරුණ උද්‍යාන යැයි ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත‍්‍රික් කාර්යාලය උපුටා දක්වමින් සඳහන් කර ඇත.
මෙම එක් උද්‍යානයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 36 ක් පමණ වැය කරන බවත් මිහින්තලය, විලච්චිය, නැගෙනහිර අනුරාධපුර, තලාව, ගල්කුලම හා කැකිරාව ප‍්‍රදේශවල ඉදිකෙරෙන මෙම උද්‍යාන නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 04 වනදා වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් සඳහන්ය.
මෙම උද්‍යාන ආපන ශාලාවක් හා වැසිකිළි-කැසිකිළි පහසුකම් මෙන්ම ආසන පහසුකම්වලින් ද සමන්විත වනබව ජාතික තරුණ සේවා සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එම්.බී. ගුණසේන පවසා තිබේ.

athal ne?

source : vimasuma.com