අනුරාධපුරයේ කුට්ටම් පොකුණ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    අනුරාධපුරයේ කුට්ටම් පොකුණ


    එකල සිංහල ගෘහ නිර්මාණ ශිල්පියාගේ තිබූ නිර්මාණ හැකියාව පිළිඹිබු කරන මනහර ශිල්ප ක‍්‍රමයක් ලෙස සැලකෙන මෙම කුට්ටම් පොකුණ, මුලින්ම නිර්මාණ කර තිබෙනුයේ අභයගිරි වාසී භික්ෂූන්වහන්සේලාගේ ප‍්‍රයෝජනය සඳහායි.

    අනුරාධපුර යුගයට අයත් වන ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වු මෙම කුට්ටම් පොකුණ, හැරුණු විට එකල මෙම පුරාණ නගරයේ තැනින් තැන ඉදිකොට තිබූ පොකුණු විශාල ප‍්‍රමාණයක් තිබු බවයි පුරා විද්‍යාඥයින්ගේ අදහස වන්නේ. මේ ආකාරයට පිළිසකර කරනු ලැබූූ තවත් පොකුණක් ලෙස ඇත්පොකුණ සඳහන් කරන්නට පුලුවන්. එය කුට්ටම් පොකුණ තරම් කලාත්මක බවින් යුක්ත නොවුවත්, බැලූ බැල්මට නම් එයත් දැවැන්ත කර්මාන්තයක් ලෙස සලකන්නට පුළුවන්. එහි තිබෙන එම විශාලත්වය සැලකිල්ලට ගනිමින් එයට ඇත් පොකුණ යන නම ලැබුණු බවයි පොත පතේ සඳහන් වෙන්නේ. පුංචි ඔබත් කුට්ටම් පොකුණ නරඹන්නට ගියවිට හොඳින් බලන්න එය එකිනෙකට සම්බන්ධ කර තිබෙන ආකාරය දෙස. ඔබ විස්මයට පත්වනු නොඅනුමානයි. මෙම පොකුණු දෙක මෝස්තරය අතිනුත් වෙනස්කම් පෙන්නුම් කෙරෙනවා. ප‍්‍රමාණයෙන් හා මෝස්තරයෙන් එකිනෙකට වෙනස්වූ පොකුණු දෙකක් එකට යාබදව පිහිටීම නිසා මෙය කුට්ටම් පොකුණු යැයි නම්කළ බව පරණවිතාන මහතා පෙන්වා දෙනවා.

    කුට්ටම් පොකුණට ජලය රැගෙන ආවේ කොහොමද? මේ සඳහා කදිම සාක්ෂියක් සොයාගැනීමට පසුගිය දිනක පුරාවිද්‍යාඥයින් සමත් වුණා. ඔවුනොවුන්ගේ අදහස අනුව, නුදුරු අතීතයේ සිදුවූ මහා ජලගැලීමක් හේතුකොට ගෙන කුට්ටම් පොකුණට ඈත වැව්වල සිට ජලය රැගෙන ආ ජල නල ක‍්‍රමය මතුවීම නිසා එම තොරතුරු අනාවරණය වූ බවයි සඳහන් වෙන්නේ.පළමුවෙන්ම එම නල මාර්ගයෙන් රැගෙන එන වැව් ජලය මකර කටකින් කුඩා පොකුණට වැටෙනවා. එතැන් සිට මහ පොකුණට ජලය රැගෙන යන්නේ පොළොව මට්ටමට යටින් පිහිටි නලයක් මගින්. මේ ආකාරයට පුරවාගනු ලැබූ ජලය ප‍්‍රයෝජනයට ගැනීමෙන් පසුව අපිරිසිදුවූ ජලය බවට පත්වෙනවා. අනතුරුව එම ජලය ඉවත් කර පොකුණු දෙකම හිස් කෙරෙනුයේ කුඩා පොකුණේ තිබෙන පිටාර දොරටුවෙන්.මෙම පොකුණ නැරඹීමෙන් අපට, පුරාණ ශ‍්‍රී ලංකාවේ උද්‍යන ශිල්පීය ඥානයේ තරම කොතරම් දැයි පැහැදිලි කර ගැනීමට පුලුවන්. මේ පොකුණු දෙකම එකම අවස්ථාවකදී නිර්මාණය කළ ඒවා නොවන බව පෙනී යනවා. මෙම කාරණය පොකුණු දෙකේ තිබෙන ගෘහ නිර්මාණ ලක්ෂණ අධ්‍යයනය කිරිමෙන් පැහැදිලි වෙනවා. උතුරු පොකුණ ලෙස සැලකෙන ප‍්‍රමාණයෙන් තරමක් කුඩා පොකුණේ දිග අඩි 91 වනවා. දකුණු පොකුණ අඩි 132 පමණ වන බවයි පොත පතේ සඳහන් වෙන්නේ.

    මෙම පොකුණු දෙකෙහිම ගැඹුර අඩි 17 ක් ලෙස සැලකෙනවා. පොකුණු දෙක අතර පරතරය අඩි 18 ක් වන අතර පොකුණු දෙක වටා තිබෙන ඔපමට්ටම් කළ ගලින් නිමැවූ මිටි තාප්පය එහි ආරක්ෂාවටයි, නිර්මාණය කර තිබෙන්නේ. පොකුණුවල තිබෙන හැඩය ආයතචතුරශ‍්‍රාකාර ලෙස හඳුන්වන හැඩයයි. මෙම පොකුණු දෙකේම පහළට බැසීම සඳහා පඩි පේළි නිර්මාණය කර තිබෙනවා. ඒ අනුව දකුණු පොකුණේ පඩි 18 ක්ද, උතුරු පොකුණේ පඩි 20 ක්ද, දැකගන්නට පුලුවන්. පොකුණු තුළට බැසීම සඳහා සකස් කොට තිබෙන පඩිපෙළ දෙපස කොරවක් ගල් ඉදිකොට තිබෙනවා. හැබැයි, පඩි 18 කින් සැදුම් ලත් දකුණු පොකුණේ ඇති පඩිපෙළ තරමක වෙනස්වූ එකක් බව ඔබට පෙනේවි. එහි පියගැටපෙළ ස්ථාන තුනකදී, රටාව වෙනස් වෙන ආකාරයටයි සකස් කර තිබෙන්නේ. ඒ අනුව එම ස්ථාන තුන සඳහාම රේඛීය කොරවක්ගල් තුනක් යොදා තිබෙනවා.සෑම පියගැට පෙළක් මස්තකයේම ඉතා දැකුම්කලු ලෙස සකස් කෙරුණු පුන්කළස් කොරවක් ගල්වලට උඩින් කැටයම් කර තිබෙනු ඔබට දැකගත හැකියි. මෙම පුන්කළස් වලත් සුවිශේෂත්වයක් තිබෙනවා. පුන්කළස් තුළින් පිටතට ඉහිරුණු මල් පොහොට්ටු මෙහි කැටයම් කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉතාමත් දැකුම්කළු වූත්, කලාත්මකවූත් පුන්කළස් මේවා බවයි කලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

    අපේ පැරණි කලාකරුවෝ යම් සිදුවීමක්, එසේත් නැත්නම් යම් භාණ්ඩයක් ද්‍රව්‍යයක් හැඟවීම සඳහා විවිධ සංකේත යෙදීමට දැක්වූයේ කදිම දක්ෂතාවයක්. ඒ අනුව සෑම පැරණි ජලාශයක් අසළම ජලය සංකේතවත් කර දැක්වීම සඳහා හෝ ආරක්ෂාව සඳහා පෙන පහක් සහිත නාගරුවක් දැක්වීීම සිරිතක්ව තිබුණා. ඒ නිසා මෙහිද උතුරු පොකුණේ නාගයා සහිත මුරගලක් දැක්වීමටද අමතක කර නැහැ.
    (fb)


    5Yau3hc.jpg


    rHwZ8so.jpg


    QMYPGeO.jpg


    GFOBTbe.jpg


    x3W6QKH.jpg


    r1Q642Y.jpg
     
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    අනුරාධපුරයේ ගියහම දුකත් හිතුන බං. ඔය කුට්ටම් පොකුණ වටේටම කඩවල් ගහල. ඒ් වගේම පූජා භූමිය වටෛ්ම ඉදිකිරීම් (අනවසර ඒවද දන්නෙ නෑ) මිනිස්සුත් මේ භූමිය ජරා කරල. දුක හිතුන.