අනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා. #Gota

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

    හමුදා සාමාජිකයන් එතුමාගේ සාත්තර මන්තර ජප කරන කෙනකු ළඟට මෙලෙස යැවීමට පුළුවන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන විදිය මින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද ප්‍රකාශ කළේය.

    ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

    මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

    හමුදා සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වැරදි වැඩක් බවද ඔහු පැවසුවේය.

    හමුදාවේ පහළ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බවත් නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් මේ ආකාරයට යොදවා ඇති බවත් දිසානායක මහතා පැවැසීය.

    හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට ගෞරවය ලබා දිය යුතු බවද කිවේය.

    ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ආහාර වේල ගැනද ආරක්ෂක ඇමැතිවරයා අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

    පොලිස් නිලධාරීන්ද අද විශේෂ පීඩාවකට ලක්ව සිටින බවත් පොලිස් සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත් අනුර දිසානායක මහතා පැවැසීය.

    රටේ කොස්තාපල්වරුන් 17,500 හිඟයක් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    ඥානක්කා ගාවට යන අය හොයාගන්න ලේසි විදියක් තියෙනවා.රතු නූල් අතේ බැඳන් ඉන්න ඔක්කොම ඥානක්කගෙ කස්ටමර්ස්ලා.ගෝටා,මහින්ද,ශවේන්ද්‍ර,විමල්,ගම්මන්පිල මේ අයගෙ අත් වල රතු නූල් බැඳල තියෙනවා මම දැකල තියෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කවුද බං ඥාණක්ක කියන්නේ?


    See the source image
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඥානක්කා ගාවට යන අය හොයාගන්න ලේසි විදියක් තියෙනවා.රතු නූල් අතේ බැඳන් ඉන්න ඔක්කොම ඥානක්කගෙ කස්ටමර්ස්ලා.ගෝටා,මහින්ද,ශවේන්ද්‍ර,විමල්,ගම්මන්පිල මේ අයගෙ අත් වල රතු නූල් බැඳල තියෙනවා මම දැකල තියෙනවා.
    ඒ ගෑණි බයිට් එකට ගන්නවද කොහෙද මුන්ව
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    anuradhapure dewalayak karana kenek parliment eke bageta bagayak enawa ethanata..salli dore galanawa.savendrage squad eka inne ethana...
    ඔය අක්කා කවදා ඉදන් ද බන් ජන්ප්ප්රිය උනේ 2019/20 වගේ ඉදන් තමයි මෙයා ගැන අහන්න ගත්තේ ඊට කලින් මෙයා මොනාද කරේ