ලාෆ් ගෑස් ආයේ හිඟ වෙන්නේ නෑ – සභාපති වෑගපිටිය

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,501
    113
    b400f56b_40604_P_5_mr.jpg



    මැදපෙරදිග යුදමය වාතාවරණය සමනය වී ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩු වන්නේ නම් මෙරට ලාෆ් ගෑස් මිල ද වහාම අඩු කිරීමට පියවර ගන්නා බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. වෑගපිටිය මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

    එසේම රටේ ඉදිරියේදී කිසිදු අයුරකින් ලාෆ් කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් දෛනිකව ගෑස් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව මේ වනවිට සිදු කරමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

    ලාෆ් ගෑස්හි මිල ගණන් ඉහළ දැමීමට සිදුවූයේ මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ ලෝක වෙළෙදපොළේ ගෑස් මිල ඉහළ යෑමත් ප්‍රවාහන ගාස්තු ඉහළ යෑමත් හේතුවෙන් බව සඳහන් කළ වෑගපිටිය මහතා පවතින ගෑස් තොග කළමනාකරණය කරමින් ලාෆ් ගෑස් හිඟයක් ඇති නොවීමට කටයුතු කරන බවද කියා සිටියේය