අනුරාධපුර රාජධානිය වැටුණු හැටි

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අනුරාධපුර රාජධානිය වැටුණු හැටි

    අනුරාධපුර රාජධානියේ පරිහානිය ගැන මහාවංශය වැනි වංශකතාවන්හි එන තොරතුරු නවීන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් ද තහවුරු වී ඇතැයි එංගලන්තයේ ඩර්හැම් සරසවියේ මාහාචාර්ය රොබින් කොනින්හැම් කියයි.
    කාල නිර්ණය පිළිබඳ නව තාක්ෂණික විද්‍යා උපකරණ යොදා ගනිමින් අනුරාධපුර රාජධානියේ සිදු කළ පුරාවිද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් ඔහු කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.
    අනුරාධපුරයෙන් සොයා ගත් පස් ඇතුළු ඉපැරණි සාම්පල කාල නිර්ණය සඳහා ලොව නවීනතම පර්යේෂණ ක්‍රම වලට ලක් කළ බවත්, ඒ අනුව ක්‍රිස්තු වර්ෂ 11 වැනි සියවසේ දී අනුරාධපුර රාජධානියේ පිරිහීම ඇරැඹුණු බවත් කියයි.
    ‘එදා අනුරාධපුරයේ වැව් හා ජල මාර්ග රොන් මඩින් පිරී වාරි මාර්ග පද්ධතිය බිඳ වැටී ඇතැයි ද ක්‍රිස්තු පූර්ව නව වැනි සියවරේ සිට ඉතා හොඳන් පැවැති කර්මාන්ත හා කෘෂි කාර්මාන්ත 11 වැනි සියවසේ දී බිඳ වැටී ඇති බව පෙනේයැයි ද ඔහු සඳහන් කරයි.
    මහාචාර්ය කොනින්හැම් ශ්‍රී ලංකාවේ නගර වාරි කර්මාන්තය හා බුද්ධාගම පිළිබඳ 25 වසරක් පුරා ගවේෂණයක් කර ඇත. මෑත දී ඔහු නේපාලයේ ලුම්බිණියේ සිදුහත් උපත සිදු වූ ස්ථානයේ පර්යේෂණයට ද සම්බන්ධ විය.
    ලුම්බිණියේ කැනීම්වල දී බෝධියක් සේ සැලකෙන ශාඛයක මුලක පොසිලයක් ද සොයා ගත්තේය.
    ඔහු ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් පනහක අර්ධ විශ්කම්භයක් ඇති පෙදෙසක් ගවේෂණයට ලක් කළේය.
    භූභෞතික හා භූපුරාවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම නව තාක්ෂණික උපකරණ භාවිතයෙන් අනුරාධපුර ප්‍රත්‍යන්තයේ විහාරාරාම, ගල්කණු ශිලාලේඛනඇතුළු ඉපැරණි ස්ථාන 800ක් පමණ ඔහුගේ පරීක්ෂණයට ලක්වී ඇත.
    අද අනුරාධපුරයේ නාගරීකරණයේ අඩු ඝනත්වයේ හේතුවලට සාධක එදා පැවැති තත්ත්වයේ බලපෑම යැයි ඔහු කියයි.
    අනුරාධපුර රාජධානියේ ප්‍රත්‍යන්තයේ එදා යකඩ කර්මාන්තය සුළුවෙන් පැවැති බව ද ඔහු කියයි.
    අනුරාධපුර නුවර කේන්ද්‍රකරගනිමින් විහාරාරාම පැවැති බවත්, ඒ වටා ගම් දනව් බිහි වී තිබුණු බවත්, එය කම්පුචියාවේ අංකෝර් වට් විහාරාරාම ප්‍රදේශය මෙන් පවතින්නට ඇති බවත් ඔහු පවසයි.
    කැලණි සරසවියේ මහාචාර්ය නිශාන්ත ගුණවර්ධන ඔහුගේ පර්යේෂණ හවුල්කරු විය.
    අනුරාධපුරයේ මුල්ම වැව තැනූ කාලය සොය ගැනීම සඳහා වෑකණ්ඩිවලින් ගත් පස් කාල නිර්ණ පර්යේෂණයට ලක් කළ බවත්, ක්‍රිස්තු පූර්ව තුන් වැනි හා හතරවැනි සියවස් වන විට අපේ ආදිමයන් වැව් තාක්ෂණයේ මූලික දැනුම තිබූ බවත් ඔහු පවසයි.
    මහාචාර්ය කනින්හැම්ගේ පර්යේෂණ වාර්තා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා ආයතනය ප්‍රකාශයට පත් කර ඇත. එහි පිටපතක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ද භාර දුන්නේය.



    lankadeepa
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    patta tfs
    Oya wage history eka gana articles tiyanawanam tawa dapan macho
    ++
    නේපාලයේ ලුම්බිණි සල් උයනේ කරපු කැනීම් ගැන අලුතෙන් තව විස්තර හොයාගෙන කියල කියනව පෙරේද නිව්ස් වල ඇහුන.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    NqtnvbE.jpg

    q4heB5d.jpg

    5ruXGzR.jpg

    EEolpZ7.jpg