අනුරාධපුර සමාජ ශාලාව ඉහළ නියෝගයන් වසා දමය
පසුගියදා හෙළිදරව් කළ අනුරාධපුර පූජා නගරයට ආශ්රිත ප්‍රදේශයක පවත්වාගෙන ගිය රාත්‍රි සමාජශාලාව පොලිසිය විසින් වසා දමා ඇත.
අදාළ සමාජශාලාව මීට වසර එකහමාරකට පෙර සිට පවත්වාගෙන ගොස් තිබූ අතර 'දිවයින ඉරිදා සංග්‍රහය' ඒ පිළිබඳ පසුගිය 26 වැනිදා හෙළිදරව් කරනු ලැබීය.
එම හෙළිදරව්වත් සමග එහි හිමිකරු දිවයින කාර්යාලයට පැමිණ එම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙන යැම පිළිබඳ විවාදාත්මක කරුණු දැක්වීමක්ද සිදු කළේය. එම කරුණු දැක්වීම ද පසුගිය 02 වැනිදා දිවයින ඉරිදා සංග්රහයෙහි ඇත. එහෙත් රජයේ ඉහළ නියෝගයන් මත එම සමාජ ශාලාව වසා දැමිණි.
මෙම රාත්‍රි සමාජශාලාව පවත්වාගෙ ගිය ව්‍යාපාරිකයාව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ඔහුට තදින් අවවාද කර තිබේ.
මෙම සමාජශාලාව අවට ප්‍රදේශයේ පොලිස් රැකවල් යොදවා එහි ක්‍රියාකාරකම් නිතරම පරීක්ෂා කිරීමටද පොලිසිය කටයුතු කරමින් සිටියි.
මේ අතර, ශ්‍රී මහා බෝධියට කි.මී 5 ක් දුරින් තිබූ සමාජශාලාව තහනම් කිරීම මානව හිමිකම් උලල්ංඝනය කිරීමක් බව පවසමින් NGO සංවිධානයක් ජිනීවා යාමට සැරසෙයි.