අනුරුද්ධ රහතන් වහන්සේ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අනුරුද්ධ රහතන් වහන්සේ

    481177_495090487207496_1379604971_n.jpg


    දිවැස් ලැබූ උතුමන් අතරින් අග්‍රවූ අනුරුද්ධ රහතන් වහන්සේ

    සාමාන්‍ය නුවණට වඩා උසස් නුවණ හැඳීන්වීම සඳහා ධර්ම ග්‍රන්ථයන්හි “අභිඤ්ඤා” යන වචනය යොදා තිබෙනවා. එවැනි නුවණ පහක් හැඳින්වීමට යොදා ඇත්තේ ‘පඤ්චාභිඤ්ඤා’ යන්නයි. මේ පස අතුරෙන් ‘දිබ්බචක්ඛු’ නමින් දැක්වෙන්නේ ඉතා උසස් ඤාණයක්. මේ ඤාණය ඇති අයට සාමාන්‍ය ඇසට නොපෙනෙන තාප්ප, ප්‍රාකාර, කඳු ආදියෙන් වැසී ඇති දේ පමණක් නොව මේ ලෝකයෙන් බැහැර ලෝකවල විවිධ දේ දැක ගැනීමේ ශක්තියක් තියෙනවා. මෙලොව මනුෂ්‍ය ආත්ම ලබා සිටින සමහර අය මියගිය පසු අපමණ දුක් විඳින තැන්වල ඉපදී සිටින හැටි. නැත්නම් දෙව් ලොව සැප විඳීන අන්දම එම නුවණින් දැනගන්න පුළුවනි. ඒ තරම් උසස් ඤාණයක් වශයෙන් දිබ්බචක්ඛු හෙවත් දිවැස් ලැබීම පිළිබඳව දැක්වෙනවා.

    මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර නම් බුදුරදුන් එක් භික්‍ෂූ නමක් දිවැස් ඇති භික්‍ෂුන් අතර අගතනතුරක පිහිටු වන බව දුටු එක් කුල පුත්‍රයෙක් ඒ උසස් තත්ත්වය තමන්ට ද ලැබේවා යි ප්‍රාර්ථනා කරගෙන ශ්‍රද්ධාවෙන් අසීමිත සංඝරත්නය සහිත බුදුරදුන්ට දන් දුන්නා. ඔහුගේ ප්‍රාර්ථනය දැනගත් බුදුරදුන් ගෞතම බුදුරදුන්ගේ කාලයේ දී එය ඉටුවන බව පෙන්නා දුන්නා. මෙයින් අනතුරුව භික්‍ෂූන් වෙත එළඹුණු ඔහු දිවැස් ලැබීමට කවර අන්දමේ පින් කළ යුතු දැයි විමසුවා. ‘දීපදෝ හෝති චක්ඛුදෝ ‘ යනුවෙන් දිවැස් ලැබීමට ප්‍රධාන වශයෙන්ම පහන් පූජාව හේතුවන බව බුද්ධ දේශනාවට අනුව පෙන්නා දුන්නා.

    ධර්ම ග්‍රන්ථ විමසන විට දිවැස් ලැබීමට පමණක් නොව උසස් ප්‍රඥාවන්තයන් වීමටත්, ලස්සන ශරීර ඇතිවීමටත්, අන් අය පි‍්‍රය කරන සුවඳවත් ශරීර ඇති වීමටත්, පහන් පූජාව බොහෝ සෙයින් හේතු වෙනව. බුදුරදුන්ට පමණක් නොව විහාර මන්දිර, සංඝාවාස, සෑමළු හා බෝමළු සඳහා විදුලි පහන් හෝ වෙනත් පහන් පූජා කිරීම දුප්පත් ජනතාව සඳහා එළිය ලබා දීමට අවශ්‍ය පහන් ලබා දීමට ක්‍රියා කිරීම වැනි දේත් ඉහත සඳහන් ආනිශංස ලබා ගැනීමට හේතු වෙනවා.

    ඉහත දැක්වූ අන්දමට විවරණ ලැබූ කුල පුත්‍රයා පදුමුත්තර බුදුරදුන් පිරිනිවී කල්හි එම ධාතු තැම්පත් කොට සෑදූ සෑයට අපමණ පහන් පූජා කළා පමණක් නොව පසු කාලයේ ලොව පහළ වූ කාශ්‍යප බුදුරදුන් උදෙසාත් මහත්සේ විවිධ පූජාවන් කළා. විවරණ ලැබූ මෙතුමා එක් කලෙක බරණැස අන්නභාරක නමින් ඉපිද සුමන නම් සිටුවරයා ළඟ සේවය කරමින් සිටියා. එකල ලොව පහළ වී සිටි උපරිට්ඨ නම් පසේ බුදුරදුන්ට තමාගේ ආහාර වේල පූජා කළා. ඒ අනුව ඔහුගේ භාර්යාව ද දුප්පත්කම නැති වේවා’ යි පතා තම ආහාර කොටස ද පූජා කළා. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි පසේ බුදුරදුන්ට කළ මේ පූජාව දිවසින් දුටු දෙවියන් තෙවරක් සාධූකාර පැවැත්වූවා.

    අපමණ වස්තුව තිබූ තමන් සඳහා දෙවියන් කිසිදිනක සාධුකාර නොදුන් බවත් අන්නහාරක සැදැහැයෙන් ආහාර වේල පිදීම නිසා සතුටු වූ දෙවියන් සාධුකාර දුන් බවත් සුමන සිටුවරයා වටහා ගත්තා. සුමන සිටුවරයාට අවශ්‍ය වුණා. අන්නිහාරක කළ පින අනුමෝදන් වීමට. ඒ සඳහා අන්නිහාරක පසේ බුදුරදුන් වෙත ගොස් විමසූ විට “එක් පහනකින් තවත් පහන් දහස් ගණනක් දැල්වුවත් මුල් පහනේ ආලෝකය අඩු නොවන්නාක් මෙන් කළ පින කාට අනුමෝදන් කළත් එය කළ තැනැත්තාට අඩුවක් නොවන බව” පෙන්නා දීමෙන් පසු කළ පින් සුමන සිටුවරයාට ද අනුමෝදන් කළා.

    කළ කුසලයෙහි ආනිශංසයෙන් අන්නහාරක සුමන සිටුවරයාගෙන් සහ රටේ රජතුමාගෙන් අපමණ වස්තු සැප සම්පත් ලබා ගත්තා. පසුව ඔහු අපමණ සැප සම්පත් ලබා සසර සැරිසරා අප ගෞතම බුදුරදුන් කල සුද්ධෝදන රජතුමාගේ සහෝදර අමිතෝධන රජතුමාගේ අනුරුද්ධ නම් පුත්ව උපත ලැබුවා.අපමණ සැප සම්පත් ඇතුව ජීවත් වූ ඔහුට මහානාම නම් සහෝදරයෙක් ද සිටියා. ශාක්‍යවංශික නිවෙස් වලින් බොහෝ අය පැවිදි වී සිටිය නිසා අනුරුද්ධ සහ මහානාම යන කුමාරවරුන් දෙදෙනාගෙන් කෙනකු කෙසේ හෝ පැවිදි වීමට අවශ්‍යවූවා. ගොවිතැන් කටයුතු කිරීමආදී බෙහෙවින් හිරිහැර වූ ගෘහ ජීවිතයට අකැමැති වූ අනුරුද්ධ කුමරුවා භද්දිය, ආනන්ද, භගු කිම්බිල, දේවදත්ත යන කුමරවරුද උපාලි නම් කපුවා ද සමග පැවිදි වීමේ අදහසින් බුදුරදුන් වෙත පැමිණියා. උන්වහන්සේ පළමුව උපාලි කපුවා පැවිදි කොට පැමිණි අනෙක් ශාක්‍ය කුමාරවරුන්ගේ මානය නැති කිරීමට උපාලි හිමියන්ට වන්දවා අනතුරුව ඔවුන් පැවිදි කළා. සසුන් ගත වූ අනුරුද්ධ හිමියන් සැරියුත් තෙරුන්ගෙන් කමටහන් ගෙන චේතිය රටෙහි ප්‍රාචීනවංශ නම් උයනට වැඩමවා භාවනා කළා. පසුව එහි වැඩම වූ බුදුරදුන් දේශනා කළ අරිසවංශ දේශනාව ඇසීමෙන් අනතුරුව රහත් භාවයට පත්වුනා. මේ අනුරුද්ධ හිමියන්ට දිවැස් ලද ශ්‍රාවකයන් අතර අගතනතුර දී වදාළහ. බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවැත්වූ ප්‍රථම සංගායනාවේ දී අංගුත්තර නිකාය ප්‍රගුණ කිරීමේ කාර්යය තම සිසුන් සමග භාරගෙන ශාසනයේ අභිවෘද්ධිය සඳහා මහඟු සේවාවක් සිදු කරමින් වැඩ සිටි අනුරුද්ධ රහතන් වහන්සේ අවුරුදු එකසිය පනස් වසරක් ආයු විඳ පිරිනිවන් පෑ සේක.

    උන්වහන්සේගේ චරිතයෙන් පෙන්නා දී ඇති පරිදි අපත් උසස් පින්කම් කොට ප්‍රඥාවෙන් සම්පූර්ණව නිවන් සුව සකසා ගැනීමට උත්සාහවත් වෙමු.

    සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
    දිවියාගහ යසස්සි නා හිමි


    uputaganima - http://www.facebook.com/photo.php?f...00001196487578&type=1&relevant_count=1&ref=nf
     
    • Like
    Reactions: ranjana disasekara

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් පිං සිද්ධ වෙනවා. සසර කෙටි කරගන්න මේ වගෙ දේවල් ගොඩක් වටිනවා. බොහෝම පිං සිද්ධ වෙනවා.
     

    ranjana disasekara

    Well-known member
  • ee machan siroo mee adharme raja karana kaale umba meek arana sath kriyawa mama ihalin agaya karanawa....
    apee elakiri ekee inna sama hara gonnunta wadaa molee tiyena 1k hari inna eka watinawa....
    (puluwannam apee naambonta teerenna sarala sinhalen gapan kathandarayak wagee..
    bara wadi nam kiyawana eka aduine...)