අනුර කුමාර කුමාර ගුණරත්නම්ට ඇයි මෙච්චර බ&#3514

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අනුර කුමාර කුමාර ගුණරත්නම්ට ඇයි මෙච්චර බ&#3514

    -රත්තනදෙණියේ මේධානන්ද හිමි -
    ජවිපෙ නායක රෝහණ විජේවීර එජාපයේ භීම සමයක මරා දැමුවේ පණපිටින් අල්ලාගෙන බොරැල්ල කනත්තට රැගෙනවිත් දසවද දී පණපිටින් පුළුස්සා දැමීමෙන් බව ඉතිහාසයයි. මේ ඉතිහාසය අද එම පක්ෂයේ නායකයන්ගේ සිට බිම් මට්ටමේ පහලම සාමාජිකයා දක්වා නොදන්නවා විය නොහැකිය. එහෙත් වර්තමාන නායක අනුර කුමාරට විජේවීර ඝාතනය කිරීම ගැන කොටි හිතවාදීයකු යැයි සැලකෙන එක්නැළිගොඩ අතුරුදන් වීම තරම්වත් කැක්කුමක් ඇති බවක් පෙනෙන්නට නැත. එසේ ඇත්නම් හෘදසාක්ෂ්‍යයක් එක්ක ඔහුට එජාපය සමග මේසා ඒකාත්මික ගනුදෙනුවක් කළ නොහැකිය. දේශපාලන අර්ථයෙන් ගත්තත් ජවිපෙ පංති සතුරා එජාපයයි. එහෙත් අනුර කුමාර අද නිර්ධන පන්තියේ විප්ලවය කරන්නෙත් එජාපයේ සල්ලි වලින් බව තවමත් සමාජවාදී සිහිනයෙන් හිරිවැටී සිටින බිම්මට්ටමේ සහෝදරයින් වටහාගන්නා පාටක් නැත.හිටපු නායක සෝමවංශ අමරසිංහද ශුද්ධ සිංහලෙන් අද අනුර කුමාර අලියාගේ බෙල්ලේ සීනුව ගැටගැසූ න්‍යායික හිල් පෙන්වා දුන්නේය.
    අද රනිල් සමග අනුර කුමාර කොච්චර සහ සම්බන්ධයක් පවත්වන්නේ දැයි කුමාර ගුණරත්නම් සිරගත කර තැබීමෙන් පෙනෙයි. කුමාර ගුණරත්නම් සිර කිරීමට රනිල්ට හෝ මෛත්‍රීට කිසිම අවශ්‍යතාවක් නැත. ඒ උවමනාව තිබෙන්නේ අනුර කුමාරට හැර වෙන කාටද?. ජවිපෙ බාලයන් පවා දන්නා කුමාර ගුණරත්නම්ගේ ජවිපෙ භූමිකාව අනුර කුමාර ලජ්ජා සහගත ආකාරයට ප්‍රසිද්දියේ වසන් කරයි. අනුර කුමාරට අනුව කුමාර ගුණරත්නම් කෙනෙක් පක්ෂයේ සිට නැත.ඔහු එවැන්නෙක් ගැන දන්නේ ද නැත. ඔහු මේ සිත්ගන්නා සුළු හෙළිදරව්ව කෙළේ හිරු රුපවාහිනියේ දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමිනි. ඒවිතරක් නොව යහපාලනය යටතේ අපුරුවට සුවාධින වූ ITN එකේ සත්‍යගාරය වැඩසටහනට කුමාර ගුණරත්නම්ගේ වැඩසටහනක් පටිගත කළබව දැනගත් අනුර කුමාර රනිල් ලවාම එය එම නාලිකාවේ ප්‍රචාරය වීම වැලක්වීය.
    මෙය රනිල්ගේ මැදිහත් වීමෙන් වූ වාරණයකි. එය එසේ වුයේ කුමාර ගුණරත්නම් ගේ සාකච්ඡාව රනිල්ට අභියෝගයක් වන නිසා නොව අනුර කුමාරට අභියෝගයක් වන නිසාය.
    කුමාර ගුණරත්නම්ගේ වැඩසටහන ප්‍රචාරය වීම වැලක්වීමේ සිට ඔහුව සිරගත කිරීම දක්වා සියල්ල සිදුවන්නේ අනුර සහ රනිල් අද ගතකරන දේශපාලන මදුසමයේ ප්‍රතිඵලයක් ලෙසය. ඔහු විජේදාස රාජපක්ෂ සමග මුහුණට මුහුණලා ප්‍රසිද්ධ සංවාදයක් කිරීමේ අභියෝගයද රනිල්ට කෙදිරිගා වලක්වා ගත්බව විජේදාස මාධ්‍යට හෙළි කළේය. ජවිපෙන් කැඩුන කුමාර ගුණරත්නම් කුමන දේශපාලන ස්ථාවරයක් ගත්තද ඔහුට උරුමකර දුන් ඉරණම ගැන අනුර කුමාර ලජ්ජා විය යුතුය. ඔහුට ඉංග්‍රීසි හෝඩිය පවා කියා දී ඇත්තේද අද තමන් නොදන්නේ යයි කියන කුමාර ගුණරත්නම් ගේ අම්මාය. එහෙත් අද අනුර කුමාර, ගුණරත්නම්ට මෙච්චරම බය කුමකටද ?
    "අනුර රනිල් ප්‍රේමය එතරම්ම ගැඹුරුද ? මේ සිර කිරීම නිගමන හා ප්‍රශ්න රාශියක්ම ඉතුරු කරවන්නකි. මනුෂත්වයටත් එරෙහිව කළ මේ සිරකිරීම වූ කලි , විශ්ව සාධාරණවාදී ඊනියා සිවිල් සංවිධාන, මානව හිමිකම් කොන්ත්‍රාත්කරුවන්, ආදී සියල්ලම එක්වී ප්‍රසූත කළ යහපාලනය තුළද රටේ නීතිය අධිකරණය පාලකයන්ට උවමනා ආකාරයට හසුරුවන බවට කදිම සාක්ෂියකි. 19 සංශෝධනයෙ කොමිෂන්සබා වලින් සුවාධීන කළ නීතිය තියෙන්නේ කොහෙද ? කඩුවෙල උසාවියේ පමණද ? ගුණරත්නම්ට සාධාරණය ඉටුවන සුවාධීන උසාවියක් රටේ වෙන නැද්ද ?
    සම්පූර්ණ ලිපිය පහත සබැඳියෙන්
    [http://www.yuthukama.com/2016/03/AnuraKumarageBaya.html]
    -යුතුකම සංවාද කවය
    www.yuthukama.com
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ලංකාවට ආවෙනික රතු අලියා = අනුර කුමාර දිසානයක :lol::lol::lol::lol:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    තමන්ගේ පුංචි අම්මව උස්සපු එකානේ ඉතින්
     

    Similar threads