රවීගේ, බිරිය හා දුවගේ ගුදය FCID යට ?
මුදල් අමාත්‍ය රවීකරුණානායක මහතාගේ බිරිය මෙලනි විරන්ති කරුණානායක හා දියණිය ඔනෙලා විරන්ති කරුණානායක අධ්‍යක්ෂ ධූර දරනු ලබන ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ආයතනයට පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කරන බව දූශණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියයි.
රේගු ආඥා පනත යටතේ පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ඇත්තේ රජයට පමණි.
මෙවැනි ගුදමක් පවත්වාගෙන යාමට අවසර දිය යුතුවන්නේ මුදල් අමාත්‍යවරයා බවත්, ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ආයතනයට මේ ගුදම පවත්වාගෙන යාමට අවසරය දී ඇත්තේ මුදල් අමාත්‍යවරයා රටින් බැහැරව සිටි අවස්ථාවක මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා මහතා විසින් බව පැවසේ.
මේ ගුදම ලබා ගැනීමට බැංකු අපකරයක් වෙනුවට රුපියල් මිලියන 400ක පෞද්ගලික ඇපකරයක් තබා ඇති බවත් සමරසිංහ මහතා කියා සිටී.
කරුණානායක මහතා මුදල් ඇමතිවීමට පෙර රුපියල් ලක්ෂ දහයක චෙක්පතක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාගවූ බවත්, අධිකරණයේදී එම මුදල ගෙවීමට එකඟවූයේ සිවුමසකින් මසකට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ගෙවීමට බවත් අමාත්‍යවරයාට මුදල් ඇමතිවීමට පෙර මුදල් අහේනියක් වූ බව ඉන් පෙනීයන බවත් ඒ මහතා කියා සිටියේය.
නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද හෙළිකර තිබිණි.
ඔහු එහිදී කියා සිටියේ.
”පසුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ දේශපාලන බලය යොදාගෙන ආණ්ඩුවේ හිටපු ඉහළ ඇමතිවරු තමන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කර ගත්තා. එදා මහින්ද චින්තනය යටතේ කරපු ව්‍යාපාර අද යහපාලන බෝඞ් එක යටතේ මේ ආණ්ඩුවේ ඇමතිවරු ඒ විදියටම කරනවා. රේගු ආඥා පනත යටතේ භාණ්ඩ ආනයනකරුවන්ට ගුදමක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නියමිත පරිදි මුදල් ගෙවලා ඇපයක් තියලා කරගන්න පුළුවන්. පොදු ගුදම් පවත්වාගෙන යන්නේ ආණ්ඩුවෙන්. ඒකෙන් ආණ්ඩුව ආදායමක් ලබනවා. දැන් වෙලා තියෙන දේ තමයි මුදල් ඇමති රවී කරුණනායකට අයිති ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ආයතනයට අයිති පෞද්ගලික ගුදමක් පොදු ගුදමක් ලෙස පවත්වාගෙන යනවා දේශපාලන බලය යොදාගෙන. ඒකෙන් ආණ්ඩුවට ලැබෙන්න ඕනෙ ආදායම මුදල් ඇමතිගේ සමාගමට ගන්නවා. ලැජ්ජා නැති වැඩ මේවා. ඒ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නේ රවී කරුණානායක මහත්තගේ නෝනයි, දුවයි. 2015 ජනවාරි 12 වෙනකම් රවී කරුණානායකත් හිටියා.”
- http://www.sinhala.srilankamirror.c...s-wife-s-and-daughter-s-warehouse-to-the-fcid
වෘතීය සමති නායකයන් දාලා @Xi Jinping ගේ අම්මට පෝලිමක් දානවා
1994 චන්ද්‍රිකා දින්නහම අවුරුද්දක් දෙකක් යනකන් හැමදාම වැඩ වර්ජන සියගණන්ඇයි SLFP / PA / Leftists වුර්හීය සමිති කාරයන්ට බලය ගියේ සෑහෙන කාලෙකින්නේ
සල්මන්ට සහ ජැකලින්ට භාණ්ඩාගාරයෙන් මිලියන 45ක් මහින්ද දීලා!!! (Exclusive)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වූ ඉන්දීය නළු සල්මන් ඛාන්ට සහ ශ්‍රී ලාංකිය සම්භවයක් සහිත ඉන්දීය නිලී ජැකලින් ෆර්නෑන්ඩස්ට එම ප්‍රවර්ධන කටයුතු වලට සහභාගී වීම වෙනුවෙන් රුපියල් මිලියන 45 මුදලක් රාජ්‍ය භාණ්ඩාගරයෙන් ගෙවා ඇති බවට තහවුරු වී තිබේ.
නාමල් රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ඔහුගේම සම්බන්ධීකරණයෙන් මෙම නලු නිළි දෙපළ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වී ඇති අතර සංස්කෘතික හා කලා කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් වූ වැඩසටහනකට යැයි හඟවමින් මෙම ගෙවීම් භාණ්ඩාගරයෙන් ලබාගෙන ඇති බව වාර්තා වේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිදුවී ඇතැයි කියන බරපතළ ගනයේ රාජ්‍ය මුදල් අවභාවිත වීම් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකරන අතර එහිදි සිදුව ඇති අක්‍රමිකතාවයන් අතරින් මෙම සිදුවීම සුවිශේෂි කරුණු රැසක් අනාවරණය වන සිදුවීමක් ලෙස හදුනාගෙන ඇත. මේ සම්බන්ධයෙන් සාක්ෂි රැස් කිරීමේදී අදාළ නළු නිළි දෙපළගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ද සූදානමක් ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි.
- http://harigossip.com/2016/09/17/salman-jaklin-namal-rajapaksha/
නිකමට අහන්නෙ ඉතින්
win-win situation මම නම් කියන්නෙ නාමල් බේබි තමයි එන්න ඕනෙ ඊලඟට. නාමල්ට තමයි මිනිස්සු බහුතරයක් කැමති.මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.
හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.
ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.
හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ.
අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ.
ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං,
රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.
පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්න වත් බෑ,
උන්ට ශොට් එක ලැබෙනකම් උන්වත් දන්නේ නෑ.
බලපං කෝ ඕකුන් ට වෙන වැඩේ.
ඊට පස්සේ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට.
උන් තමයි ඔක්කොම තීරණ ගන්නේ.
මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං.
වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නේ අපි.
දැන් බලපං ගෝඨා ගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා.
දැක්කද augmented reality policy launch එක.
App එක බාගනින්කෝ.
සුපිරි මචං.
මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං.
ඒක ශුවර්.
කල්පනා කරලා බලලා ඡන්දෙ දීපං මචං.
මොළයක් තියෙනවා නේ උඹලට.
![]()
