අනුවේදනීය~චායාරූපය~මතකද?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අනුවේදනීය~චායාරූපය~මතකද?

    මේ ලිපිය ගොසිප් සයිට් එකක තිබ්බත්, ගත යුත්තක් තියෙන නිසයි මෙතන දාන්නෙ. මේ කතාව අවසානයේ ඇත්තටම සිතට දැනෙන දෙයක් තියෙනවා, මට දැනුන දේ අන්තිමට කියන්නම් අනිත් අයටත් එහෙමද බලමු :)


    g-1.jpg

    ඔබට‍ මෙම අනුවේදනීය ජායාරූපය මතකද?
    මේ ගවදෙන දැන් කොහෙද?
    මෙම ජායාරුපය මිට වසර ගණනාවකට පෙර දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී ගන්නා ලද්දකි.මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේදී මස් පිණිස මරණයට කැපව සිටි ගව දෙනකි.මේ අවස්ථාවේදී අයගේ කුසයේ පැටවෙකුද සිටිබව දැන ගන්නට ලැබේ.

    නමුත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන්ගේ මැදිහත් වීම මත ඇයට ජිවත් වීමට ඉඩ ලැබුණි. ඉහත ජායාරුපයේ දැක්වෙන්නේ එම ගවදෙන තමාව මරණයෙන් බේරාගනු ලැබූ එම හිමියන්ට කදුළු සළන දෙනතින් යුක්තව දනනමා නමස්කාර කරන අන්දමය. එය වසර හතරකට පමණ පෙර සිදුවූ සිද්දියකි.

    දැන් අප ඔබට කියන්නට යන්නේ මෙහි වර්තමාන කතන්දරයයි.

    ආනන්දහිමියන් මේ වනවිට මරණයට කැපවූ ගවයන් දහස් ගණනක් බේරාගෙන ඇත.එමනිසා උන්වහන්සේට මේ ගවදෙන පිලිබදව මතකයෙන් බැහැරව ගොස් තිබුණි.

    කෙසේ වෙතත් මිට මාස කිහිපයකට පෙර මේ ජයාරුපය පිලිබදව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමු වීම සමගම “ මේ ගවදෙන දැන් කොහෙද ? " යන ගැටලුව බොහෝදෙනාට නැගුනාට කිසිදු සැකයක් නැත.

    ආනන්ද හිමියන්ට මෙම ගවදෙන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ තැනැත්තෙකුට හදා ගැනීම සදහා දුන් බවට මතක තිබුණි.එ අනුව එම ප්‍රදේශයේ කාරුණික මහත්වරුන්ගේ මාස ගණනක මහත් කැපවීමකින් පසුව මෙම ගවදෙන එම ප්‍රදේශයේ තැනැත්තෙකුගේ නිවසේ සිටනා බවට දැන ගන්නට ලැබුණි.

    දැන් ඇය තිදරු මවක්

    ඉන්පසු පසුගිය දිනක ආනන්ද හිමියන් සිය හිතවතුන් කිහිපදෙනෙකුද සමගද එ නිවස කරා වැඩමකලේ මේ ගවදෙනගේ වර්තමාන තත්ත්වය සියසින් දැක ගැනීමටය.එම නිවසට වැඩමකල හිමියන්ට දැන ගැනීමට ලැබුනේ එම ගවදෙන මේ වනවිට තිදරු මවක බවටය. ඇයට පැටියන් තිදෙනෙකු සිටින අතර ඇගේ තෙවැනි පැටවාට වයස සති තුනකි.


    AgwgF.jpg

    ඇය සිය තෙවනි දරුවා සමග

    කවදාවත් ආයේ අර වාගේ ඉරණමක් අයිති වෙන්න එපා

    ආනන්ද හිමියන් අය අසලට ගොස් ඇගේ හිස අත ගෑ විට එම ගවදෙන ආනන්ද හිමියන්ගේ අත ලෙව කා සිවුරද ලෙව කෑවේය. කෙසේ වෙතත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන් නිසා මරණයෙන් බේරුණු එම ගව දෙන මේ වන විට දරුවන්ද ලැබ මෙලොව සතුටින් ජිවත් වන්නේය.

    නැවත පන්සල කරා වැඩම වීමට පෙර උන්වහන්සේ පෙර කි ගව දෙනගේ හිස අතගා

    “එදා මට උබව නිදහස් කර ගත්න ලැබුණු හින්දා අද උබ වාසනාවන්ත ජිවිතයක් ගතකරනවා.කවදාවත් උබට නම් ආයේ අර වාගේ දුක්ඛිත ඉරණමක් අයිති වෙන්න එපා..”

    කියා ගවදෙන අසලින් නික්ම යන විට අය හිස ඔසවා දෑස් දල්වා බලා සිටියේ කුමන අරමුණකින්ද කියා ඔබ සිතිය හැකිද?

    වචන වලින් ප්‍රකාශ කල නොහැකි මුත් උතුම් වූ කරුණාව පිලිබදව සිතුවිලි ඇගේ සිතේ ඇතිවන්නට ඇතුවා නිසැකය.

    -රැජින පුවත්පතේ ලිපියක් ඇසුරින්


    -------------------------------------------------------------------------
    මට මේක දැක්ක ගමන් හිතට දැනුනේ පුදුම සතුටක්, මම මේකට සහභාගී නොවුනත්. ඒත් මේ සතා මරාගෙන කෑවනම් එහෙම සතුටක් දැනෙයිද? අන්න ඒකයි මගේ හිතට ආපු පළවෙනිම දේ:D

    ඔබේ අදහසත් දාලම යන්න :)
     

    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මමත් මේ ෆොටෝ එක දැකලා තියෙනවා, දෙහිවල හරියෙද කොහේද බෝඩ් එකක. ඒ කතාව දැන ගත්තේ අද තමයි. මට නම් කියන්න තියෙන්නේ මිනිස්සුන්ට වගේ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතිය තියෙනවා. තිරිසන්නු වගේ වැඩ කරන මිනිසුන්ට අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති එකයි දුක. මේවා දැන් බීරි අලින්ට වීණා ගහනවා වගේ....... උත්සාහය අගය කරනවා යාලූ.....

    ;);););););););)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇඬෙනවා මචන්, වැඩි පිරිසකට බලාගන්න මෙහෙම දාපු එක හොඳයි :)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හිතට දැනෙන දේවල් ගොඩාක් තියෙනව මේක දැක්කාම. ජීවත් වීමට වාසනාව තිබුන නිසා අද සතුටින් ඉන්නව.