අනේ ඇස් අරින්න පුංචි පුතේ….

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අනේ ඇස් අරින්න පුංචි පුතේ….

ජීවිතේ එක පාරක් ඔයාව කළු ගගට දැම්මාට ජීවිතේ කලුම කලුයි කියලා හිතන්නෙපා පුංචි පුතේ…. දුප්පත්කම ඔයාගේ අහිංසක ජීවිතේ‍ට අභියෝග කලාට ඔයා වාගේම දරුවෙක් ඉන්න මාමා කෙනෙක් ඔයා වෙනුවෙන් වතුරට පැන්නේ ඔයාට තවත් මේ ලෝකේ හුස්ම පොදක් ගන්න ඔයා වෙනුවෙන්මයි….

“අනේ මගේ මල්ලී මා එක්ක තරහ වෙලාද? ඇස් ඇරලා බැලුවේ නෑ මගෙ මල්ලි…”


ඔයා එක්ක සෙල්ලම් කරන්න බලා ඉන්න පුංචි අයියා එයාගේ රත්තරන් මල්ලීව නැගිට්ටවන්න ඇස් දෙක උනත් දෙන්න බලා ඉද්දී ඔයා තාමත් ඇස් පියාන ඉන්නවද පුතේ…?

දවස පුරා බඩගින්න උහුලන් උනත් ඔයා අයියලා අක්කලා එක්ක සෙල්ලම් කරපු ඔයාගේ සුවද පිරුණු ගෙදර, ඔයාගෙ අතින් ඇදපු පාට පාට කුරුටු සිතුවම් වලින් හැඩවුනු ඒ ගෙදර බිත්ති ආයෙත් ඔයාගේ කටහඩින් පිරෙනකල් මගබලන් ඉන්නවා මගේ පුතේ……..

අගහිගකම් වලින් මිරිකුණු ඒ ගෙදර ඔයා හුගක් දුක් විදින්න ඇති අපි ඒක නොදන්නවා නෙවී…. ඒත් අද ඒ ගෙදර කවදාවත් නැති තරමට දුප්පත් වෙලා.. ඒ ගෙදර වටිනාම සම්පත රෝහලේ ඇදක් උඩ ඇස් පියාන ලොකු සටනක….

“මට හිටියේ මල්ලි විතරයි…. අනේ මගේ මල්ලිව ගෙදර එවන්න….” අයියාගේ ඇස් වලින් ඔයා පාවුන කලු ගගටත් වඩා ලොකු කදුලු ගගක් ගලනවා…. ඔයා තාමත් ඇස් පියාගෙන ඉන්නවද පුංචි පුතේ….?

දුප්පත්කමට පරාද වෙලා ඔයාව ගගට දාන්න ඔයාව දස මසක් කුස දරන් ඉදලා මේ ලෝකට බිහි කරපු අම්මාට හිතුනත්, ඔයාව අහිංසක ළපටි ජීවිතේ සදහටම හංගාගන්න හිත් පිත් නැති කලු ගගවත් උත්සාහා කලේ නෑ……

වැරදුනු තැන කොතනද මන්දා…. ඒත් පුතේ ඔයා කිසි වරදක් කරලා නෑ…. අපි තව පාරක් උත්සාහා කරමු…. අනේ ඇස් අරින්න….. “අනේ මගේ අම්මාටත් මාව එපා නම්” කියලා දුක හිතිලද ඔයා ඔහොම ඉන්නේ? පුංචි ඔයාටත් මේ ලෝකේ වෙන්වුන ඉඩක් තියෙනවා මගේ පුතේ….. එන්න අපි ඒක හොයාගමු…… අනේ ඇස් අරින්න… එක පාරක්…. තව එක පාරක්….???

රෝහලේ ඇදක් මත ජීවිතය එක්ක සටන් කරන මිල කරන්න බැරි අහිංසක මලක් වුනු පුංචි අමිල පුතා …… මේ සටහන ඔයා වෙනුවෙන්මයි… නොකල වරදකට වන්දි ගෙවන්න හිතන් ජීවිත සටනින් පරාද වෙන්නෙපා……

තෙරුවණ් සරණින්, ජේසු පිහිටින් ඉක්මනින් සනීප වෙලා අයියාගේ කදුලු පිහිදාන්න එන්න පුංචි පුතේ…….