අනේ (පිඬු) මහින්ද

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අනේ (පිඬු) මහින්ද

අනේ (පිඬු) මහින්ද විශේෂාංග ලිපි 2009 දෙසැම්බර් 30 වෙනි බදාදා, 13:13
Ane01.jpg
මහින්ද මහතාගේ හයේ හතරේ ඡායාරූපයක් ගෙයි මුදුන් බිත්තියේ මා එල්ලූවේ එතුමාට ගෞරවයක් ලෙස ය. එහෙත් නාහෙට නාහන මගේ කොලූවා ඒ ඡායාරූපය යටින් එක එක තාලෙට එක එක නාමපද ලීවේ එතුමාට මගේ ඇති ගෞරව බහුමානයට කෝචොක් කිරීමට ය. මුලින් කොල්ලා ඡායාරූපය යටින් ‘මහරජා’ කියා ලීවේය. තව ටිකදවසකින් භාරකරු කියා ලීය. ඊට පසු ‘ආඩම්බරකාර තාත්තා’ කියා ලීවේ ය. කොල්ලා මේ ඡායාරූපය යටින් අවසන් වතාවට ලිව්වේ ‘අනේපිඬු මහින්ද’ කියා ය. එය දුටු මොහොතේ මට නහුතෙට මල පැන්නේ ය.

“මොකක්ද උඹ මේ ලියලා තියෙන කුණුහරුපෙ.”

“කුණුහරුපයක් නෙවෙයි තාත්තෙ මේක මහින්ද මහත්තයට දෙන්න පුළුවන් හොඳම නම්බු නාමේ. තාත්තා දන්නවා ද අනේපිඬු කියන්නෙ කවුද කියලා.”

“ඔව්. අර පරණ කතාවල ඉන්න සිටුවරයා නේ”

“අන්න හරි...එයාට අනේපිඬු කිව්වෙ අනාථ පිණ්ඩික කියන එක කෙටි කරලා.”

“හරි උඹ මොන මඟුලටද මහින්ද මහත්තයට අනේපිඬු කියලා ලිව්වෙ.”

“තාත්තෙ... ලොක්කා මේ දවස්වල දෙන දන්සල්වල හැටියට වෙන මොකක්ද ලියන්නෙ.”

ඒ පැහැදිලි කිරීම අනුව මම ද කොල්ලාගේ තර්කය පිළිගත්තේ ය. මහින්ද මහතා මේ දිනවල දුගී මගී යාචකයන්ට අම්බානක දන්සල් පවත්වනවා. එහෙයින් එතුමා ද අනේපිඬු කෙනෙකි. ඒ අනුව මම ද මහින්ද මහතාට අනේපිඬු මහින්ද කියන්න හුරුවුණෙමි. ඒත් හිටිහැටියේ කොල්ලා තවත් නසරාණි වැඩක් කළේ ය. ‘අනේපිඬු මහින්ද’ යන නමේ ’පිඬු’ කෑල්ල කොල්ලා හිටිහැටියේ මකා දැම්මේය.

දැන් ඉතිරිව තිබෙන්නේ ‘අනේ මහින්ද’ පමණි. එහි තේරුම ‘අනාථ මහින්ද’ ය.

“අනේපිඬු මහින්ද කොහොමද යකෝ එකපාර අනේ මහින්ද වුණේ”

“තමන්ගෙ සල්ලිවලින් අනාථයන්ට කන්න බොන්න දුන්න නිසා තමයි සුදත්ත සිටුතුමාට අනේපිඬු කියලා කිව්වෙ. හැබැයි තාත්තේ මහින්ද ලොක්කා දන්දුන්නෙ අනුන්ගෙ සල්ලිවලින්. අනාථ අපේ සල්ලිවලින්. ඒ නිසා තමයි එයා අනේ මහින්ද වෙන්නෙ.”

කොළ රොත්තක් මට පෙන්වමින් කොල්ලා මහින්ද ‘අනේ මහින්ද’ වුණ හැටි කියන්නට පටන් ගත්තේ ය. කොල්ලා කියූ කතාව එපරිද්දෙන්ම මම ඔබට කියන්නේ කොල්ලාගේ නොසණ්ඩාලකම හෙළිකිරීමට විනා මහින්ද මහතාට අපහාස කිරීම සඳහා නම් නොවේ. මහින්ද මහතා ලවක් දෙවක් නැතිව දන්සල් දෙන්නට පටන් ගත්තේ 2009 අගෝස්තු මාසයෙන් පසුව ය. එතැන් පටන් අද වනතුරු එතුමා රටවටේ සිටින්නන්ට විවිධාකාර දන්සල් දෙන්නේ ය. ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දන්සල් දීමේ කටයුත්ත දෙතුන් ගුණයකින් වේගවත් විය.

අරලියගහ මන්දිරය දන්සලකට හැරෙද්දී 2000 - 3000ක පිරිසකගෙන් දන්සල් බිම පිරී යයි. ආණ්ඩුවේම මාධ්‍ය වාර්තා කළ පරිදි දෙසැම්බර් මාසයේ පළමුවැනිදා සිට දාහත්වැනිදා දක්වා පමණක් අරලියගහ මන්දිර දන්සලට සහභාගි වූ පිරිස 47,000කි. කොල්ලා කියන පරිදි මේ පිරිසට කෑම බීම සැපයීම භාර දී තිබුණේ ආයතන තුනකට ය. එකක් ෆින්ගාරා ටවුන් ඇන්ඩ් කන්ටි‍්‍ර ක්ලබ් ආයතනයයි. අනෙක් ආයතනයේ නම කොල්ලාට මතක නැත.

“තාත්තා දන්නවා ද අගෝස්තු 08 වැනිදා ඉඳලා දෙසැම්බර් 15 වැනිදා වෙනකම් ෆින්ගාරා එකෙන් විතරක් ‘අනේ මහින්ද’ගේ දන්සලට ගෙනල්ලා තියෙනවා එක්කෝටි තිස් නව ලක්ෂ අනූහයදහස් හත්සිය හතළිස්හතක කෑම.”

“දිව නැමෙන නැමෙන පැත්තට කෙප්ප කෙළින්න එපා යකෝ..උඹ පණපිටින් අපායේ යයි.”මගේ ප‍්‍රකාශයෙන් කෝපයට පත්වූ කොල්ලා බිල් ගොඩක් අතට ගත්තේ ය.

“ආ..මේ තියෙන්නෙ මේවා කියවලා බලන්න”

කොල්ලා කියූ කතාව සත්‍යයකි. අගෝස්තු මාසයේ පමණක් ෆින්ගාරා ආයතනයෙන් රුපියල් දහසය ලක්ෂ හැටතුන්දහස් නවසිය හැටහතයි ශත හැට හතරක (1,663,967.64) කෑම අරලියගහ මන්දිරයට ගෙනැවිත් තිබේ. අගෝස්තු 17, 20 සහ 30 දිනවල කෑම ගෙන්වා තිබෙන්නේ උපන්දින සාද සඳහා ය. මේ උපන්දින සාද තුන සඳහා පමණක් ගිය වියදම රුපියල් අට ලක්ෂ විසිතුන්දහස් පන්සිය හතළිස් නවයයි ශත අසූවකි. (823,549.80) ෆින්ගාරා ආයතනයෙන් සැප්තැම්බර් මාසය සඳහා ගෙනැවිත් තිබෙන ආහාරවල වටිනාකම රුපියල් විසිහතර ලක්ෂ හතළිස් එක්දහස් පන්සිය විසිපහකි. (2441525/-) ඔක්තෝබර් මාසයේ කෑම වියදම රුපියල් දාහත් ලක්ෂ හතළිස් හත්දහස් හාරසිය පණහකි (1747450/-) නොවැම්බර් මාසයෙන් පසුව මේ වියදම තවත් ඉහළ යයි. අරලියගහ මන්දිරයට ෆින්ගාරා ආයතනයෙන් නොවැම්බර් මාසය සඳහා සපයා ඇති ආහාරවල වටිනාකම රුපියල් තිස්නව ලක්ෂ තිස්දහස් පන්සිය විසිපහකි (3930525/-).
 
Last edited:
  • Like
Reactions: gonta999
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Ane02.jpg
Ane03.jpg


දෙසැම්බර් මාසයේ පළමු දින 15ට පමණක් අරලියගහ මන්දිරයට ෆින්ගාරා ආයතනයෙන් ලබාගෙන ඇති ආහාරවල වටිනාකම රුපියල් තිස්හතර ලක්ෂ දාසයදහස් දෙසිය නවයකි. (3416279/-)

“දැන් හරිනෙ. ඔය ඔක්කොම එකතුකළාම අනේ මහින්ද ෆින්ගාරා එකෙන් විතරක් එක්කෝටි තිස් එක්ලක්ෂ අනූනවදහස් හත්සිය හතළිස් හතක කෑම ගෙන්නලා.”

කොල්ලා මා ඉදිරියේ පෙනී සිටියේ වීරයෙක් සේ ය. උගේ අභිමානය බිඳ දැමිය යුතු නිසා මම දන්නා සෙල්ලම් ඔක්කොම දැමුවෙමි.

“කෝටියක් නෙවෙයි, කෝටි පහක කෑම ගෙනාවත් තොට මොකද? ඒවා ඒ උත්තමයගෙ සල්ලි”

කොල්ලා බඩ අල්ලා සිනාසුණේ ය.

“සල්ලිවලට නෙවෙයි ‘අනේ මහින්ද ’ මේවා ගෙනල්ල තියෙන්නෙ ණයට. ”

ෆින්ගාරා ආයතනය සෙලින්කෝ සමාගමට අයත්ව තිබූ ආයතනයකි. එහෙත් මූල්‍ය කඩාවැටීමත් සමග මෙය ද කඩා වැටෙන ආයතනයක් සේ සලකා එය ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුව යටතට ගෙන තිබේ. මර්චන්ට් බැංකුවට ගැනීමෙන් පසු ෆින්ගාරා ආයතනයේ සාමාන්‍යාධිකාරී ලෙස පත්ව එන්නේ ආර්.පී.පුෂ්පකුමාර මහතා ය. තිස්සමහාරාමයේ පදිංචිකරුවකු වන ඔහු මහින්ද හිතෛෂියෙක් බව කියැවේ. අරලියගහ මැදුරට ණයට කෑම යවා ඇත්තේ ඒ හිතවත්කමට ය. එක්කෝටි 31 ලක්ෂයක කෑම ණයට දීම නිසා ෆින්ගාරා ආයතනය දැන් කබලෙන් ළිපට වැටී තිබේ.

“මහින්ද මහත්තයා ඔය බිල ඉක්මනට ගෙවලා දාවි.”

“අනේ මහින්දටකොහෙන්ද එච්චර සල්ලි. අනාථ අපේ සල්ලි ටිකෙන් නම් ඔය බිල් ඔක්කොම ගෙවයි.”

කොල්ලා යළිත් උගේ නොසන්ඩාලකම ප‍්‍රදර්ශනය කරන්නට පටන් ගත්තේ ය.

“මම ඔය කිව්වෙ එකක බිල විතරයි. කෑම ගත්ත අනෙක් දෙකේ බිල් මීට වැඩියි.”

දන්සල් සඳහා වැඩියෙන්ම ආහාර මිල දී ගෙන තිබෙන්නේ සෙන්සාල් ආයතනය සහ අනෙක් ආයතනයෙනි. ඒවායේ බිල් ෆින්ගාරා ආයතනයේ බිල්වලට වඩා කිහිප ගුණයකින් වැඩිය. එහෙත් අඩුම තරමේ එම බිල් ෆින්ගාරා බිල් තරම්ම වූවා යැයි සිතුවහොත් ආයතන තුනේ ම කෑම බිල රුපියල් තුන්කෝටි අනූපන් ලක්ෂ අනූනවදාස් දෙසිය හතළිස් එකකි. (39599241/-)කොල්ලාගේ කරුණු ඉදිරියේ මම කොර වූවෙමි. එහෙත් මම ගේම අත්නොහැරියෙමි. දිවි හිමියෙන් මහින්ද මහතා වෙනුවෙන් සටන් වැදුණෙමි.

“හරි නාම යෝජනා දෙනකම් විතරයිනෙ ඕවා තිබ්බෙ. දැන් ඔය දන්සල් නෑනේ.”

“කොහෙද නැත්තෙ. මැතිවරණ කොමසාරිස් එපා කියද්දිත් දන්සල් දෙනවා. දැන් අරලියගහ මැදුරෙ විතරක් නෙවෙයි මහනුවර ජනාධිපති මන්දිරයෙත් දන්සල්”

දෙසැම්බර් 22වැනි දා මධ්‍යම පළාත් අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරු හා ගුරුවරුන් සඳහා මහනුවර ජනාධිපති මන්දිරයේ දන්සලක් දී තිබේ. එසේ ම විසි හතරවැනි දා සවස දෙකට මහනුවර දිස්ත‍්‍රික් සමෘද්ධි නිලධාරීන් සඳහා දන්සලක් පවත්වා තිබේ. එසේම ජනවාරි හතරවැනිදා සමෘද්ධි බැංකු සමාගම්වල ඊ.ටී.එෆ්. සාමාජිකත්ව ලැබූවන් සඳහා ද මහ දන්සලක් දීමට කටයුතු සූදානම් කර ඇත.

“හෙට අනිද්දාට තව කොහේ කොහේ දන්සල් තියේද දන්නෙ නෑ. ඇඳුමක් එහෙම ලෑස්තිකරගෙන ඉන්න. ‘අනේ මහින්ද’ තාත්තටත් දන්සලකට ඉන්විටේෂන් එකක් එවයි.”

මට කෝචොක් කර කොල්ලා පිටව ගියේ ය. මහින්ද මහතාගේ ඡායාරූපය අසල මම තනිවුණෙමි. නන්නත්තාරව සිටි මම ඡායාරූපය දෙස බලා එහි පාමුල කොල්ලා ලියූ වැකිය හඬ නගා කීවෙමි.

“අනේ මහින්ද”

Ane04.jpg
 

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    “දිව නැමෙන නැමෙන පැත්තට කෙප්ප කෙළින්න එපා යකෝ..උඹ පණපිටින් අපායේ යයි.”
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    “දිව නැමෙන නැමෙන පැත්තට කෙප්ප කෙළින්න එපා යකෝ..උඹ පණපිටින් අපායේ යයි.”
     

    gonchaz

    Member
    Dec 28, 2009
    61
    2
    0
    “දිව නැමෙන නැමෙන පැත්තට කෙප්ප කෙළින්න එපා යකෝ..උඹ පණපිටින් අපායේ යයි.”


    proof ekka dhala thiyeddiy kohomada gon aliyo ekya boru wenney





    thopi thamay ara aththa peni peni thiyedhdhith eyka pilganda tharam nihathamaanee nethiy


    ADHI MAANAYEN pelena leddu:baffled: