අනේ පුංචි මී මින්නෙක්..

redhat

Well-known member
  • Aug 2, 2008
    3,123
    2,519
    113
    Redhat lab - Aukland
    අනේ පුංචි මී මින්නෙක්.. රෝස පාට වුන තන බුරුල්ල දැක්කම කියන්න පුළුවන් මෙයා කිරි දෙන අම්මා කෙනෙක්.. දැකපු ගමන් මට මතක් උනේ යොහානිව.. අපේ සිංහල නමකින් ජාත්‍යන්තරයේ කතා කරන යොහානි වගේම මී මින්නටත් හැමෝම කතා කරන්නේ මේ නමින්මයි.. කිට්ටු කරල බලනකොට ඉස්සරහ කකුල් දෙකේ කුරවලට මොනාහරි වෙලා..තුවාලයක් නම් නෑ උලුක්කුවක් හරි තැල්මක් හරි.. බලන්න දෙන්නේ නෑ හංගගන්නවා.. කොහාටවත් යාගන්න බෑ කොරගහනවා.. මොකක්හරි කරදරයක් වෙලා උසකින් පනින්න ඇති.. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ..
    අපේ ගමේ යාළුවෝ ටිකක් එක සැරයක් මී මින්නෙක් මරලා පුරාජේරුවට ඒ කතාව කියපු හැටි මට මතක් උනා.. " මුන් මරන්න හරිම ලේසි බන්.. වැඩි දුර දුවන්නේ නෑ. ලගම තියෙන ගලක් යට ඔලුව විතරක් හංගාගන්නවා.. ඌ හිතන්නෙ ඔලුව හංග ගත්තම කාටවත් පේන්නේ නෑ කියලා.. ලගටම ගිහින් කොන්දට ගහන්න පුලුවන්" කිය කියා හිනාවෙවී කියන්නේ මේ අඩි එකහමාරක් උස මස් කිලෝ එකක්වත් නැති අහිංසකයාගේ මස් ටික ලිපේ තැම්බෙන ගමන්..
    ජපන් බටු දලු ටිකක් කඩලා දුන්නා වමාරගෙන හප හප ඉන්නවා.. මෙයාල රූමන්තකයෝ' ඒ කියන්නේ හරක් වගේ කට ඇතුලේ කුටීර තියෙනවා ඒ නිසා වමාරමින් කන්න පුළුවන්.. හොදටම බය වෙලා හිටියට අනතුරක් නෑ කියලා දැනගත්තු නිසා වතුර ටිකකුත් බිව්වා.. මෙයා පොඩි උනාට මොකද මේ හම පුදුමාකාර විදියට ශක්තිමත්.. අපේ පැරැන්නෝ ඉස්සර මෙයාලව මැරුවේ හම ගන්නමයි.. තීරු කපලා කඹයක් ගෙතුවම නැවක් උනත් අදින්න පුළුවන් කියලයි කතාවට කියන්නේ..
    දරු පැටව් බලාගෙන ඉන්නවා ඇති අම්මා ගෙදර එනකම්.. තාත්තා එකට ජීවත් වෙන්නේ නෑ.. ඒ නිසා මේ අම්මට තමයි දරු පැටවුන්ගේ වගකීම් ඔක්කොම පැවරිලා තියෙන්නේ.. අහම්බෙන් හරි මෙයාව මස් වැද්දෙක් දැක්කානම් අතඅරින්නේ නෑ.. මෙයාවත් මරලා දාලා දරු පැටවුන් ටිකත් නොකා නොබී මැරිලා යනවා.. මේ වගේ සත්තු මරන අයට කොහෙත්ම දැනෙන්නේ නෑ මෙයාටත් පුංචි පවුලක් ඉන්නවා කියලා..
    යාළුවෙක් ගියා උන බටයක් හොයාගෙන එන්න.. මන් දැන් කරන්න හිතාගෙන ඉන්නේ උන බටේ තීරුවලට කපලා මෙයාගේ කකුල් නැමෙන තැනට පහතින් කුර බිම වදින්නේ නැති වෙන්න උන පටි ටික කකුලේ ගැට ගහනවා.. එතකොට මෙයාට කොර ගහගෙන හරි ගෙදර යන්න පුළුවන් වෙයි කියලා මට හොදටම විශ්වාසයි.. නමුත් මේ දවල් වෙලාවේ මෙයාව යවන්න හොද නෑ. කව්රුහරි දැක්කොත් ගහනවා.. ටිකක් හවස් වෙනකම් මං මෙයා ලගටම වෙලා ඉන්නවා.. රෑට මෙයාට ගෙදර යන්න පුළුවන් වේවි..ගෙදර ගිහින් පැටවුන්ට කියාවි "පුතේ හැම මනුස්සයම අපිව මරලා මස් කන්නේ නෑ..අපි කරදරේක වැටුණු වෙලාවක අපිට උදව් කරන මිනිස්සුත් ඉන්නවා" ය කියලා...

    241454263_1059742438128907_8642853161112618213_n.jpg
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    එහෙම කිව්ව ම ඒ පුංචි ඈයො මිනිස්සු විශ්වාස කරලා වෙනදට වඩා ලේසියෙන් අනතුරේ වැටේවි :(
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    ඇයි බං ඌට රෝස පාට තන බුරුල්ල දැක්කම යොහානි මතක් වෙනව කියන්නෙ.. :confused::confused::confused::confused:
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සල්ලිත් තිබ්බනන් අක්කර 3ක වගෙ වත්තකුත් තිබ්බනම් ඕකුන්ව ඇති කරනවා මන් ගෙදර
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    මුවෝ ජාතියක් නේද .මොකද කලේ මිමින්නට අපහු ඇරියද .රෑ වෙලා සනීප උනාද එයාට