අනේ පුංචි මී මින්නෙක්.. රෝස පාට වුන තන බුරුල්ල දැක්කම කියන්න පුළුවන් මෙයා කිරි දෙන අම්මා කෙනෙක්.. දැකපු ගමන් මට මතක් උනේ යොහානිව.. අපේ සිංහල නමකින් ජාත්‍යන්තරයේ කතා කරන යොහානි වගේම මී මින්නටත් හැමෝම කතා කරන්නේ මේ නමින්මයි.. කිට්ටු කරල බලනකොට ඉස්සරහ කකුල් දෙකේ කුරවලට මොනාහරි වෙලා..තුවාලයක් නම් නෑ උලුක්කුවක් හරි තැල්මක් හරි.. බලන්න දෙන්නේ නෑ හංගගන්නවා.. කොහාටවත් යාගන්න බෑ කොරගහනවා.. මොකක්හරි කරදරයක් වෙලා උසකින් පනින්න ඇති.. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ..
අපේ ගමේ යාළුවෝ ටිකක් එක සැරයක් මී මින්නෙක් මරලා පුරාජේරුවට ඒ කතාව කියපු හැටි මට මතක් උනා.. " මුන් මරන්න හරිම ලේසි බන්.. වැඩි දුර දුවන්නේ නෑ. ලගම තියෙන ගලක් යට ඔලුව විතරක් හංගාගන්නවා.. ඌ හිතන්නෙ ඔලුව හංග ගත්තම කාටවත් පේන්නේ නෑ කියලා.. ලගටම ගිහින් කොන්දට ගහන්න පුලුවන්" කිය කියා හිනාවෙවී කියන්නේ මේ අඩි එකහමාරක් උස මස් කිලෝ එකක්වත් නැති අහිංසකයාගේ මස් ටික ලිපේ තැම්බෙන ගමන්..
ජපන් බටු දලු ටිකක් කඩලා දුන්නා වමාරගෙන හප හප ඉන්නවා.. මෙයාල රූමන්තකයෝ' ඒ කියන්නේ හරක් වගේ කට ඇතුලේ කුටීර තියෙනවා ඒ නිසා වමාරමින් කන්න පුළුවන්.. හොදටම බය වෙලා හිටියට අනතුරක් නෑ කියලා දැනගත්තු නිසා වතුර ටිකකුත් බිව්වා.. මෙයා පොඩි උනාට මොකද මේ හම පුදුමාකාර විදියට ශක්තිමත්.. අපේ පැරැන්නෝ ඉස්සර මෙයාලව මැරුවේ හම ගන්නමයි.. තීරු කපලා කඹයක් ගෙතුවම නැවක් උනත් අදින්න පුළුවන් කියලයි කතාවට කියන්නේ..
දරු පැටව් බලාගෙන ඉන්නවා ඇති අම්මා ගෙදර එනකම්.. තාත්තා එකට ජීවත් වෙන්නේ නෑ.. ඒ නිසා මේ අම්මට තමයි දරු පැටවුන්ගේ වගකීම් ඔක්කොම පැවරිලා තියෙන්නේ.. අහම්බෙන් හරි මෙයාව මස් වැද්දෙක් දැක්කානම් අතඅරින්නේ නෑ.. මෙයාවත් මරලා දාලා දරු පැටවුන් ටිකත් නොකා නොබී මැරිලා යනවා.. මේ වගේ සත්තු මරන අයට කොහෙත්ම දැනෙන්නේ නෑ මෙයාටත් පුංචි පවුලක් ඉන්නවා කියලා..
යාළුවෙක් ගියා උන බටයක් හොයාගෙන එන්න.. මන් දැන් කරන්න හිතාගෙන ඉන්නේ උන බටේ තීරුවලට කපලා මෙයාගේ කකුල් නැමෙන තැනට පහතින් කුර බිම වදින්නේ නැති වෙන්න උන පටි ටික කකුලේ ගැට ගහනවා.. එතකොට මෙයාට කොර ගහගෙන හරි ගෙදර යන්න පුළුවන් වෙයි කියලා මට හොදටම විශ්වාසයි.. නමුත් මේ දවල් වෙලාවේ මෙයාව යවන්න හොද නෑ. කව්රුහරි දැක්කොත් ගහනවා.. ටිකක් හවස් වෙනකම් මං මෙයා ලගටම වෙලා ඉන්නවා.. රෑට මෙයාට ගෙදර යන්න පුළුවන් වේවි..ගෙදර ගිහින් පැටවුන්ට කියාවි "පුතේ හැම මනුස්සයම අපිව මරලා මස් කන්නේ නෑ..අපි කරදරේක වැටුණු වෙලාවක අපිට උදව් කරන මිනිස්සුත් ඉන්නවා" ය කියලා...