අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්...

Jun 19, 2013
437
104
0
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්...

මුන් මොකට පවුල් වෙනවද මන්ද... අහවල් වැඩේ කොරගන්නද කොහෙද...

sdfg.JPG


සොර දෙටුවෙක් කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලූ //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි
අහෝ සැපයි කීවාලූ //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්

By: Sunil Edirisingha
 
Last edited:

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බුදු පුතෙකුන් නෙමෙයි බන් "මුදුටු තෙරුන්" ඒ කියන්නේ මුගලන් හාමුදුරුවෝ.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මේක දෙන්නද දන්නේ නෑ අර රත්තරං ලක්ෂ 10 කින් මොනවද කරන්නේ කියලා අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ........
     

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඇම්ඩගේ තාත්ත;15205459 said:
    ලබු ත් තිත්තයි ලු නේ.... :D:D:D

    කාලම බලන්න ඕනේ.. :D:D:D

    මේක දෙන්නද දන්නේ නෑ අර රත්තරං ලක්ෂ 10 කින් මොනවද කරන්නේ කියලා අහලා ත්‍රෙඩ් එකක් දැම්මේ........

    :rofl::rofl::D:D