අනේ වාසනාවන් මෙහෙම ඇමති වරු

Dec 26, 2012
140
12
0
අනේ වාසනාවන් මෙහෙම ඇමති වරු

විදේශ රටවල පාර්ලිමේන්තුවල මන්ත්‍රීවරුන්ට දෙන ආහාර වේල් දිහා බැලූවිට ලංකාවේ පාර්ලිමේන්තුවේ ලබාදෙන්නේ මොනවාදැයි කියා සිතෙන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (22දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

“මම ගිහින් තියෙනවා ලෝකේ සෑම පාර්ලිමේන්තුවකටම. විශාල වියදම් දරනවා. ඒ පාර්ලිමේන්තුවල කන්න දුන්නාම මට හිතෙනවා මෙහේ දෙන්නෙ මොනවද කියලා. ඒ තරම් ඉහළ කෑම වට්ටෝරු ඒ රටවල දෙනවා. ඒ මන්ත්‍රීවරු සුළු මුදලක් ඒකට ගෙවන්නේ. සමහර තැන්වල නිකන් දෙන්නේ. කිසිම මුදලක් අයකරන්නේ නැහැ.

අවුරුද්දෙන් අවුරුද්ද බඩු මිල වැඩි වෙනකොට පාර්ලිමේන්තුවේ ආහාර මිලත් වැඩි වෙනවා. අලුතෙන් වැඩිකරන්න දෙයක් නෑ.

අපි ආපු කාලේ තරම් දැන් කෑම වේල එච්චර හොඳ නෑ. ඒ දවස්වල උදේට බේකන්, සොසේජස්, ඌරු මස් තිබුණා. දැන් ඒවා ඔක්කෝම නෑනේ. සුද්දගේ කාලේ පරණ තිබුණු පාර්ලිමේන්තුවේ බොන්නත් තිබුණා. එතකොට ඇවිල්ලා දෙකක් ගහලා තමයි ඇතුළට එන්නේ* යනුවෙන් ප්‍රකාශ කළේය

souce: ada.lk
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාපං පාකපං...රටම කාලා අපිවත් කාලා තොපි හකුලෝලම පලයන්..මුන් චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ බඩ පැලියාවට.බදජහරි හැත්ත...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පව් බන් මොනවා උනත් ඒ මිනිස්සු....බලපල්ලා..හරියට කන්නවත් නැතුවනේ රටට සේවය කරන්නේ :no::(