අනේ වැස්ස........

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    දොසක් එහෙම නොකියනවා දැන ගන්නේ
    තරහ කෝප නොමගන්නට දිරි ගන්නේ
    වැරැදි ලෙසින් ගනු නොහැකිය පිළිගන්නේ
    අනේ වැස්ස කන් දෙනු මැන අහපන්නේ

    නියඟය තලා පලවා හැර ආ වැස්ස
    සිත කය පුබුදුවා මල් පිනි දිය ඉස්ස
    මිනිසුන් අනාතයි දැන් නම් නැහැ රිස්ස
    දැන් නම් අඩු වුනොත් හොඳ නැතිදෝ වැස්ස
     
    • Like
    Reactions: sidathsaumya

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩෝ මහින්දගෙ බයිය, තෝ කැමති නෑ නේද ආර්ථිකය දියුණු වෙනවට.. බලපන් වැස්සත් එක්ක අපේ රට දියුනු වෙන හැටි.. මේ විදිහට තව මාස දෙකක් වැස්සොත් අපි චීනෙ ආර්ථික වර්ධන වේගයත් පහු කරනව.. තොට ඉරිසියයි නේද බයියො.. :P
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,990
    34,417
    113
    අඩෝ මහින්දගෙ බයිය, තෝ කැමති නෑ නේද ආර්ථිකය දියුණු වෙනවට.. බලපන් වැස්සත් එක්ක අපේ රට දියුනු වෙන හැටි.. මේ විදිහට තව මාස දෙකක් වැස්සොත් අපි චීනෙ ආර්ථික වර්ධන වේගයත් පහු කරනව.. තොට ඉරිසියයි නේද බයියො.. :P

    අම්මපා තව එක පාරක් වැස්සනම් පළාත් 9ටම ගංවතුර ගලන්න, ආයේ කතා දෙකක් නෑ ලංකාව, ඇමරිකාවත් පහුකරගෙන ලෝක බලවතා වෙනවා සත්තයි! :rofl:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ලංකාවේ මිනිස්සු කොයිතරම් බරපතල නියඟයක් උනත් "අයහපත් කාලගුණය" ලෙස හඳුන්වන්නේ නැහැ . යන්තම් වහින්න පටන් ගත්ත ගමන් මේ "අයහපත් කාලගුණය තව දින කිහිපයක් පවතීවි" ආදී වශයෙන් කියනවා. ඒකට වැස්ස වලාහක දෙවියන්ට ජුවල් ගිහින්.