අඳුරන කෙනෙක් ඉන්නවද බලන්න...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    New-Commissioners-of-HRCSL-on-06-July-2023.jpg

    මාධ්‍ය නිවේදන අංක:HRC/P/i/E/07/07/23​

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව කොමසාරිස්වරුන්ගේ මංගල සභා රැස්වීම 2023 ජූලි 6 වැනි දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම රැස්වීමේ මුලසුන හෙබවූයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා වන විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය වන අතර කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන් වන මහාචාර්ය තයියමුතු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනිෆා, නිමල් ජී පුංචිහේවා මහතා සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. මණ්ඩල සභා රැස්වීමෙන් අනතුරුව, සභාපතිවරයා සහ කොමසාරිස්වරුන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී පවතින ක්‍රියාකාරකම් සහ ඉදිරි උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කළහ.
    මාධ්‍ය ප්‍රකාශක
    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
    2023.07.07

    source: https://www.hrcsl.lk/press-notice-no-hrc-p-i-e-07-07-23/?lang=si