අඳුරු මිටියාවත - හොල්මන් කතා
එක සීතල උදෑසනක, මම හිතාගෙන හිටිය විදියටම මේ අඳුරු මිටියාවතට පියවර තියන්න මට පුළුවන් වුනේ, ලස්සන පුංචි දම් පාට මල් අස්සෙන් කහපාට සමනල රෑනක් ඉගිල්ලා ගිහින් මාව පිළිගැනීමේ සොඳුරු මොහොතක තෘප්තියත් එක්කමයි. දවස් ගානක් තිස්සේ ඉඳන් ලෑස්ති කරගත්තු ගමන් මලු දෙකත් අරගෙන හරියටම මීට පැය දහඅටකට කලින් මේ වනාන්තරයට එන්න පිටත් වෙද්දී නම් මේ වගේ සුන්දර දෙයක් බලා පොරොත්තු වුනේම නෑ.
කූඩාරම් රෙදි, ආයුධ, සති කීපයකටම සෑහෙන්න ආහාර වර්ග අසුරන ගමන්ම යම් දවසක අවශ්‍ය වෙයි කියලා හිතුන බෙහෙත් ද්‍රව්‍ය ටිකකුත් මගේ එක් ගමන් මල්ලක තැම්පත් කර ගත්තා. තව, ලුණු, සබන් වගේ දේවලුත් එන ගමන්ම අරගෙන ආවේ ආයේ කවදා මේ සුන්දරත්වයෙන් මිදි යන්න පුළුවන් වෙයිද කියන සැකය නිසාමයි. මගේ අනිත් ගමන් මල්ලේ පරිස්සමට අසුරා ගත් මගේ පරිගණකයත්, කැමරාවත්, සූරුය පැනලයත් හැරෙන්න වෙනත් වටිනා දෙයකට වූයේ හිස් ඩීවීඩී ටික පමණි. ඒ සියළු දේම මා විසින් රැගෙන ආවේ මෙහි ඇති සුන්දරත්වය දිනෙන් දිනම වෙනස් වන නිසා ඒ සියලු වෙනස් වීම් මට හැකි තරමින් නැවතත් බැලීමට ඇති ආශාවත් නිසායි.
කෙසේ හෝ මෙහි පැමිණි මුල් දිනයේම මට කිරීමට තිබූ වැඩ බොහෝමයක් අතරින් මා ආසාවෙන්ම කලේ සීතල පිනි වලින් නැහැවුන ශක්තිමත් ගස් කීපයක් මා ගෙනා ආයුධ වලින් බිම දමා මගේ නවාතැන සකස් කරගැනීමයි. ඒ ගස් කපන විටදී පවා ඒවා කිසිම පැකිලීමකින් තොරව ලේසියෙන්ම කැපී, ගස් මුදුන් වසා සිටි ගන වන වැස්ම පවා මුදා හැර සීතල පින්නෙන් සිරුරද නහවමින් තෙත් බරි වූ පොළව මත වැටෙන විට සිතුනේම, ඒ සියළු දෙයක්ම මේ මහා මිටියාවතට මා පිළිගැනීමට ආසාවෙන් සිටින බවකුයි. ඒත් මොනයම්ම හේතුවක් නිසා හෝ මෙහි කාලගුණය සැරින් සැරේ වෙනස් වෙයි. මා මෙහි ඇවිදින් දැනට ගෙවී ගියේ පැය තුන හතරක් වුවත්, මෙහි එනවිට තිබූ හිරු රැස් වල එකදු ඡායාවක්වත් මේ වන විට නිල් අළු පැහැයක් ගත් අහසෙහි ඉතිරි වී නැත. මන්දාරම් අහසෙහි මේ තරම් ලස්සනක් දුටු පළමු අවස්ථාව මෙය වුවත් මීට කලින් මේ වැනි හැඟීමක් ඇති නොවුයේ ඇයිදැයි මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන්න සැරසෙන විටම, කොහේදෝ ඉඳන් කනට ඇසුන රෑං රෑං නාදය මා එම සිතුවිලි ගංගාවෙන් ගොඩ ගන්නට සමත් වුනා. ඒ ගැන පසුවට සොයා බැලීමට සිතාගත් මා, රාත්‍රිය උදාවීමට පෙර තාවකාලික නිවස්නක් තනාගැනිය යුතු වූයේ මෙහි රාත්‍රි කාලයේ පවතින කාලගුණය නිශ්චිත වශයෙන්ම නොදත් නිසයි.
සෑහෙන තරම් පළලිකින් යුතු වූ ගස් කඳන් කිහිපයක් බිම දමා ගැනීමෙන් අනතුරුව ඒවා පට්ටා හැර දමා වේලීමටවත් නොතබාම නිවස සෑදීම ආරම්භ කලේ, ඒවා වියලීමට තැබීමට නම් තව අවුරුදු ගාණක් බලා සිටීමට වන නිසාවෙනි. අඩි දොලහක් පමන දිග අතට මහත ගස් වල කඳන් කීහිපයක් තබා, ගෙන ආ සවිමත් ලනු වලින් බැඳ අවසන් වන විට මට ජීවත් වීමට අවශ්‍ය වන නිවස්නේ හතරෙන් එකක් පමන අවසන් වී තිබුනි. මෙය බැඳ දැමුයේ එක් පසෙකින් වූ ගල් තලාවකට හතරැස් කුටියේ පසු බිත්තිය පිහිටන ආකාරයටය. කුමක් හෝ වාසනාවක් නිසා, එම ගල් බැම්මෙහි පමණක් මේ මුළු මිටියාවතේ වෙන කිසිම තැනක නැති ලක්ෂණයක් විය. ඒ නම් එම ගල් බැම්මෙහි දිය සෙවෙල බැඳී නොතිබීමයි. ඒ නිසා මගේ කාර්යය වඩාත් පහසු විය. පසුව තවත් පැය කීපයක් ඇතුලත ඉතිරි පැති තුනද ඉස්සරහින් දොරටුවක් සමගින්ම ලී දඩු වලින් බැඳ දැමීමට තරම් මට ශක්තිය තිබුනි. ඇත්තටම මේ මිටියාවතේ ඇති සිත් ඇද ගන්නා සුළුම ලක්ෂනය වනුයේ මේ කාලගුණයේ ඇති සෞම්‍ය බව නිසා කෙනෙක් වෙහෙසට පත්වීම අඩුවීමයි. එහෙයින්ම මේ කුටිය පැය කිපයක් ඇතුලත මට සාදා නිම කරගත හැකිවිය. පසුව එහි එළියේ බිත්ති වලට, තල් කොල වැනි විශාල පත්‍ර සහිත ගසකින් පත්‍ර සෑහෙන ප්‍රමාණයක් ගෙන ලී දඩු වලට තබා ගැට ගැසූයේ තාවකාලිකව සීතලෙන් ආරක්ෂා වීමටයි, පසුව වහල හා ඇතුලත් බිත්ති සඳහා මා විසින් රැගෙන ආ කූඩාරම් රෙදි කිහිපයක් යොදා ගෙන සුවපහසු වැස්මක් ඇතිරීමට සමත් වීමි. පසුව ඉතිරි වූ අනිත් කූඩාරම් රෙදි වලින් හා මා ගෙනා තවත් රෙදි කිහිපයක් උපයෝගී කරගෙන හවස් යාමයේදී ලී වලින්ම බිම් මට්ටමෙන් අඩි 2ක් පමන උස ඇඳක් සාදාගතිමි. එය තරම් සුවපහසුවක් දෙන කිසිවක් මට මීට කලින් හමුවී නොමැති තරමටම ඒ යහනට මම, ඒ සුළු මොහොතට පෙම් බැඳ සිටියෙමි.
දැන් කරුවල වැටී ගෙන එයි. වෙලාවද හවස 5.30ට පමණ ඇත. කිසිම මිනිහෙක් නැති අඳුරු මිටියාවතේ අළුත් ජීවයක් එක්ක ආපු මගේ මුල්ම රාත්‍රිය ගත කිරීමටයි මේ සූදානම් වන්නේ. හැම තැනින්ම ඇසෙන රැහැයි නාදය හැරෙන්නට වෙනත් කිසිම සද්දයක් ඇසෙන මානයකවත් නැත. යම් හදිසි අවස්ථාවකදී පවා මට ඇත්තේ මා විසින් ගෙනා ආයුධ කිහිපය පමණි. තවද මා විසින් රැගෙන ආ පොල්තෙල් කෑනයේ ආධාරයන් පහනක් දල්වා ගෙන මට තවත් දවස් කීයක් අඳුරෙන් මිදීමට හැකිවේද කියා සිතන්නට පවා පුළුවන් වන්නේ මේ රාත්‍රිය ගත කිරීමෙන් පසුව පමනි. යන්තං ඇඳරි වැටෙද්දී මා ගෙනා සියළුම බඩු ආම්පන්න සියල්ල ගස් කඳන් වලින් සකස් කරන ලද ඇතුලත බංකු මත පැටවා, අසල වූ දිය පහරකින් භාජනයකට සීතල ජලයද පුරවා ගෙන රාත්‍රි ආහාර වේල සෑදීමට පටන් ගන්නා විටම, මහ වැස්සක් පටන් ගැනුනි. කූඩාරම් රෙදි තුලින් ජලය කාන්දු නොවන නිසා එය ගැටළුවක් නොවුන අතර, මා සෑදු රාත්‍රි ආහාර වේල ගැන යමක් කීම පසුවට කල් තබමි.
[FONT="]සොඳුරු උදෑසන මෙහි පැමිණි මොහොතේ සිටම මේ සීතල මද පවනත් සමගම දැවටෙමින් සිට[/FONT] [FONT="]සිරුරට පුංචි නිවාඩුවක් දීමට සැරසෙන්නේ දැන්ය. එනමුත් එය තවත් නිවාඩුවක්[/FONT] [FONT="]වී නොමැත. මා විසින් රැගෙන ආ ආහාර දුව්යයන්ගෙන් ස්වල්පයක් රැගෙන ආ වියළි[/FONT] [FONT="]දර භාවිතයෙන්ම ලිප තබා ගතිමි.[/FONT]
[FONT="]අඳුරු [/FONT] [FONT="]පොල් තෙල් පහන් සිලෙන් නික්මෙන තැඹිලි පැහැති එළිය හැරෙන්නට මේ මිටියාවතේ [/FONT][FONT="]වෙනත් කිසිදු ආලෝකයක් නොමැත. එබැවින් මුල්ම රාත්‍රිය [/FONT][FONT="]ගත[/FONT] [FONT="]කිරීමට මා විසින් දර කැබලි කීපයක් අවුලවා කුටිය ඉදිරිපිට තබන ලද්දේ මෙහි[/FONT] [FONT="]කුමන ජාතියේ සතුන් වෙසෙනවාදැයි යන සැකයත් හිත් දරාගෙනමය. එහි උණුසුමෙන්ම[/FONT] [FONT="]සීතල පළවා හැරීමට නොහැකි වූවත් ගෙන ආ සීතලෙන් ආරක්ෂා වෙන ඇඳුම් නිසා සීතල[/FONT] [FONT="]ප්‍රශ්නයක් නොවන තරමට සැනසිලි දායක විය. එසේම මා සිටින කූඩාරමට අඩි කීපයක්[/FONT] [FONT="]දුරින් ඇදී යන[/FONT], [FONT="]කිසිම විදියකින් අපවිත්‍ර නොවූ සුපිරිසිදු ජල ධාරාවෙන්[/FONT] [FONT="]ස්වල්පයක් බඳුනකට ගෙන එයටම අල ගෙඩි කීපයක් දමා තම්බා ගෙන කෑම පළමු [/FONT][FONT="]රාත්‍රි[/FONT] [FONT="]ආහාරය විය. පසුව මදුරුවන්ගෙන් කරදර නොතිබුනත් ගෙන ආ මදුරු දැල් දෙකෙන්[/FONT] [FONT="]එකක් කූඩාරමේ වහලේ ලීයක එල්ලා මගේ ආදරණීය යහනට පැන්නෙමි. ඇත්තෙන්ම එය[/FONT] [FONT="]වඩාත් සුවපහසු ලෙස මටත් නොදැනිම මගේ දෑතින් සැකසී ඇත්තේ මේ මිටියාවතම[/FONT] [FONT="]මට අයිති කරගන්නා ලෙස නොකියා කියන්නා ලෙසය. තවත් පැය කීපයකින් කූඩාරමේ[/FONT] [FONT="]එක් කෙලවරක දිලිසෙන පහන් සිල නිවී යනු ඇත. ඒත් ඒ වෙන විට මාද නිදි[/FONT] [FONT="]දෙව්කුමරිය විසින් තම රාජ්‍යයට ගෙන ගොස් ඇති බව නිසැකය.[/FONT]
[FONT="]සිහින් කිචි බිචි හඩක් සමගින්ම පළමු [/FONT] [FONT="]රාත්‍රිය [/FONT][FONT="]ගෙවා[/FONT] [FONT="]දැමීමෙන් පසුව ඊළඟ දවසේ උදෑසන ලබා ඇත. මා සිතූ පරිදිම පහන නිවී ගොස්ය. මා[/FONT] [FONT="]විසින් ලොකු ගල් කැට තුනක් ලබා සැකසූ ලිපතුල තවමත් ගිනි අගුරු දැල්වී ඇත.[/FONT] [FONT="]එයින් නික්මෙන උණුසුමද විටින් විට ඈත කඳුකරයේ සිට ඇදී එන සිහිල් සුළඟට එකතූ[/FONT] [FONT="]වී මා දෙසට පැමිණ සිරුරට යම් උණුසුමක් එක් කොට අතුරුදහන්ව යයි. අද දවසේ මා[/FONT] [FONT="]විසින් කලයුතු විශේෂ වැඩ කිහිපයකි. නමුත් ඊට පෙර උදෑසැන ආහාරය ලබා ගත[/FONT] [FONT="]යුතුයි. ඒ සඳහා මා ගෙන ආ බිස්කට් කිහිපයකින් ආරම්භයක් ගැනීමට සිත්විය. පසුව[/FONT] [FONT="]උදෑසන හතට පමණ කූඩාරමෙන් එළියට යනවිට මුළු කඳුකරයම අතුරුදහන් වී තිබුනි.[/FONT] [FONT="]සුදු පුළුං කැටි මෙන් වූ මීදුමෙන් මුළු පරිසරයම වසාගෙන සිටී. මා සිට තැන[/FONT] [FONT="]සිට වටේට පෙනෙන්නේ අඩි තුන හතරක් පමනක් වූ දුරකි. ඇත්තෙන්ම වලාකුළු ගොඩක්[/FONT] [FONT="]මැද ජීවත් වෙන හැඟීක් හිතට දැනිම නැවැත්විය නොහැකි විය. පසුව නැවතත්[/FONT] [FONT="]කූඩාරමට ගොස් තවත් පැයක් පමණ ඇදේ වැතිර සිට නැවත පැමිණ බලන විට දුටු[/FONT] [FONT="]දසුනින් මා හට සිහි එළවා ගත නොහැකි විය. මීට හරියටම පැයකට කලින් තිබූ මීදුම[/FONT] [FONT="]සම්පූර්ණයෙන් ඉවත්ව ගොසිනි. දැන් මුළු මිටියාවතම[/FONT] [FONT="]පැහැදිලිය. තැනක පොළොව කහපාටින් වැසී ඇත[/FONT], [FONT="]තවත් තැනක ලා දම් පාට මිශ්‍ර රෝස[/FONT] [FONT="]පාටින් වැසී ඇත. ඒ අතරින් පතර සුදු පැහැයෙන් වැසී ඇත. මේ වනාහී මිහිපිට[/FONT] [FONT="]දිව්‍ය ලෝකය නොවේද[/FONT]? [FONT="]සොඳුරු මල් ගොමු වලින් වැසී ගිය මේ මිටියාවතට[/FONT] [FONT="]කුරුල්ලන් එක් කරන්නේ අමුතුම මිහිරියාවකි. එය හරියමට දිව්‍ය උයනක් මැද[/FONT] [FONT="]තනිව සිටින මටම ගයන ගීතයන් වැනිය. පසුව මා ගෙන[/FONT] [FONT="]ආ කැමරාවට වැඩක් පැවරීමට[/FONT] [FONT="]මෙය හොඳම අවස්ථාව ලෙස සිතා ඒ සොඳුරු වන උයන් වල නිශ්චල ඡායාරෑප කිහිපයක්[/FONT] [FONT="]කැමරා මතකයේ සටහන් කර ගන්නා ලද්දේ පසුව විමසා බැලීමට සිතා ගෙනය.[/FONT]
[FONT="]දැන් වේලාව උදෑසන [/FONT] 8.30[FONT="]ට පමණ ඇත. ඉක්මනින්ම මා විසින් ආරම්භ කල යුතු වැඩ[/FONT] [FONT="]කීපයකි. ඒ සියල්ලෙන්ම තීරණය වනුයේ මට මෙහි කොයිතරම් කාලයක් රැඳී සිටීමට[/FONT] [FONT="]හැකි වේද යන්නයි. ඒ අනුව කලින් සැලසුම් කරගත් ආකාරයටම සැප පහසුකම් වලින්[/FONT] [FONT="]තොරවූ කුඩා වැසිකිලියක් සාදා ගැනීම ඉක්මනින්ම කලයුතු විය. ඒ සඳහා වලක්[/FONT] [FONT="]හාරාගෙන ආවරණය සඳහා ගස්වල කොලඅතු යොදා ගැනීම ප්‍රමාණවත් වූ අතර[/FONT], [FONT="]වැසිකිලි[/FONT] [FONT="]කට සඳහා කලින් සකසා තිබූ සැලස්මක් අනුව ගස් වල කොටන් ආධාරයෙන් පැය තුනක්[/FONT] [FONT="]පමණ කාලයක් ඇතුලත සියල්ල සකසා ගැනීමට හැකිවිය. එහි සොඛ්‍ය ආරක්ෂිත බවද ඉතා[/FONT] [FONT="]ඉහල වූයේ පෙර සැලසුම් කිරීමේ වටිනා කම නැවතත් උලුප්පා පෙන්වමිනි. මහා[/FONT] [FONT="]වැස්සකටවත් වතුර බිඳක්වත් කාන්දු නොවන ලෙස වැසිකිලි වලද සකසා අවසන් විය.[/FONT] [FONT="]පසුව දහවල් එකට පමණ දිවා ආහාරය ලෙසට තවත් අල කිහිපයක් ආහාරයට ගත් අතර සවස්[/FONT] [FONT="]වරුව ගත කලේ ආහාර සපයා ගැනීමේ ක්‍රමයක් සකසා ගැනීමටය.[/FONT]
[FONT="]නිවස්නට යාර කිහිපයක් දුරින් වූ තැනිතලා භුමි පුදේශයේ මා විසින් රැගෙන ආ[/FONT] [FONT="]විවිධ ධාන්‍ය වර්ග හා එළවළු වර්ග කිහිපයක් සාර්ථකව ඉන්දවීමට සමත් විය. එසේ[/FONT] [FONT="]පැල කරන ලද දේ අතර සති කිහිපයක් ඇතුලත ආහාරයට ගත හැකි මුං ඇට විශේෂය.[/FONT] [FONT="]එලෙසම[/FONT] [FONT="]විවිධ වර්ගවල එළවළු බීජද පැල කරන ලද්දේ තවත් සතියකුත් දින[/FONT] [FONT="]කිහිපයකින් මා සතු සියළු ආහාර ද්‍රව්‍ය අවසන්ව යන නිසාවෙනි. සමහරවිට මේ[/FONT] [FONT="]මහා කැලය තුල අවශ්‍ය තරම් ආහාර වර්ග තිබෙනු ඇත. එනමුත් යම් ප්‍රමාණයකට ආහාර[/FONT] [FONT="]ලබාගැනීමට සූදානම් වීම වඩාත් හොඳ බව අදහස වූ නිසා මුළු හවස් වරුවම ඒ සඳහා[/FONT] [FONT="]වැය කෙරින. දැන් මා හට කරන්නට යෙදී ඇති වැඩ වලින් විශාල පුමාණයක් අවසන්ය.[/FONT] [FONT="]දැන් ඇත්තේ වියළි දර ලබා ගැනීමේ බාරදුර කාර්යයයි. නිරන්තරයෙන්ම සීතලට හා[/FONT] [FONT="]වැස්සට බඳුන් වන මේ වනයේ වියළි දර ලබා ගැනීම සිහිනයක්ම වන බව පසක් වීමෙන්[/FONT] [FONT="]පසුව ඒ සඳහාද අපූරු උපක්‍රමයක් මා සිත තුල ඇදෙන්නට විය. එනම් මා විසින් රාත්‍රියට[/FONT] [FONT="]දල්වන ගිනි මැලය උඩින් මැස්සක් බැඳ තෙත් සහිත වූ දර රැඳවීමයි. එවිට එම දර[/FONT] [FONT="]වල තෙත් බව නැතිව ගොස් දිනක් දෙකක් ඇතුලත වියලි තත්වයට පත්වේ. මා කලින්ම[/FONT] [FONT="]සූදානම් කර තිබූ පරිදි මේ ගිනි මැලයද කූඩාරම තුලම සැකසූයේ එලියේ පොළව[/FONT] [FONT="]විටින් විට වැස්සෙන් තෙත් වන නිසාවෙනි. එය මේ කාර්යය හොඳ සහයෝගයක් මට ලබා[/FONT] [FONT="]දේ. දැන් මා විසින් අටවන ලද අඩි දොලහක් දිග අඩි අටක් පමණ පළල කූඩාරමේ[/FONT] [FONT="]මෙතුවක් කාලයකට මා නොතියන්න සිටි දෙයකුත් වහලේ එල්ලන්ට සිදුවී තිබෙන්නේ තව[/FONT] [FONT="]දුරටත් මට අවශය වන දර ලබා ගැනීමට වෙනත් සුදුසු මාර්ගයක් නොමැති නිසාවෙනි.[/FONT] [FONT="]ගිනි මැලයට ඉහලින් ශක්තිමත් වැල් දෙකක් ආධාරයෙන් වහලේ එල්ලෙන දර මිටියද[/FONT] [FONT="]කූඩාරමට යම් අමුතු විකාර බවක් එක් කරන්නේ[/FONT] [FONT="]අඳුරු[/FONT] [FONT="]මිටියාවත [/FONT][FONT="]තවත්[/FONT] [FONT="]සුන්දර කරමිනි. අද දවස තුල බොහෝ දේ සිදු කරගෙන ඇත. ඒ සියල්ල මා විසින්[/FONT] [FONT="]ඉදිරියේදී මෙහි ජීවත් වීම සඳහා කලින් කරගන්නා ලද ආයෝජනයන්ය. දෙවැනි දවසත්[/FONT] [FONT="]මෙසේ නිමවීමට ආසන්න වෙද්දී මට කනගාටු හිතෙන්නේ අද දවස තුලවත් මට මේ මිහිරි[/FONT] [FONT="]පරිසරය විඳ ගැනීමට නොහැකි වූ නිසාවෙනි. නමුත් හෙට සිට මා ඒ පරිසරය විඳිමි. ඒ[/FONT] [FONT="]පරිසරය ඡායාරෑප ගත කරගෙන තව තවත් විඳිමි. ඒ අත්දැකීම සියල්ල ලැබීමට හෙට වන[/FONT] [FONT="]තෙක් බලා සිටීම කොයිතරම් අමාරුද යන්න පැවසීමට[/FONT] [FONT="]මා දන්නා කිසිම හෝඩියක වදන්[/FONT] [FONT="]නොමැත.[/FONT]
[FONT="]අද දිනයේ නම් එක වැසි බිඳක් වත් මිටියාවතට[/FONT] [FONT="]නොවැටුන අතර විටින් විට මීදුමෙන් පමණක් පළාතම වැසි ගියේය. දැන් රෑ වී[/FONT] [FONT="]අවසන්ය[/FONT], [FONT="]මා සිටින ඇඳට අඩි කිහිපයක් ඉදිරියෙන් ගිනි මැලය දැල්වෙන අතර අනිත්[/FONT] [FONT="]කොනේ පොල් තෙල් පහන දැල්වේ. ඒ අතර රාත්‍රි ආහාරයද සුදානම් කොට තබා[/FONT], [FONT="]මා සතු[/FONT] [FONT="]පරිගනක යන්ත්‍රය ඔඩොක්කුවට ගෙන ඇඳමතට වූයේ සිහින් සංගීතයක රසවින්දනය[/FONT] [FONT="]ලබාගැනීමටය. එයට අවශය විදුලියද රැගෙන ආ සූර්ය පැනලය මගින් හෙට දිනයේදී ලබා[/FONT] [FONT="]ගත යුතු වේ. තවත් ටික වේලාවකින් ලැප් ටොප් එකද වසා දමා මා දෙවැනි දින[/FONT] [FONT="]වෙහෙසකර වූ නිවාඩුවත් ගැනීමට සැරසෙමි. පසුව තවත් ටික වේලාවකින් පොල් තෙල්[/FONT] [FONT="]පහනද නිවී යන අතර[/FONT], [FONT="]ගිනි ගොඩේ උණූසුම පමණක් සිහිල් සුලං රැල්ලක් සමග එක්ව මට[/FONT] [FONT="]තනි රකිනු ඇත.
[/FONT]මා සමග තනි මැකූ රැහැයි හඩ අතුරුදහන් වී ඇත. එනමුත් වැහි අඳුර තවමත් අහසේ රැඳී ඇත. මා ද මේ අඳුරු නිම්නයේ තුන්වන දිනටත් අවදී වී ඇත. දැඩී සීතලෙන් වෙලා මිරිකා පොඩි කරන ලද සිරුර තවමත් වෙවුලන සුළු විය. කිසිවෙකුත් නොමැති මේ සොඳුරු භුමිය තුල වතුර බිඳක් වත් උණුසුම් කර දීමට යමෙක් නොමැත. එනමුත් මා හටද කිසිම අපහසුතාවයක් නොදැනෙන්නේ මං මේ තනිකමට අඳුරට බෙහෙවින්ම ආදරය කරන නිසාවෙනි. අද දිනද මට බිස්කට් වලින් මගේ උදෑසන ආහාරය පිරිමසා ගන්නට වී තිබේ. එමෙන්ම මා මෙහි පැමිණි දින සිට බත් ඇටයකුදු ආහාරයට නොගත් අතර අල වර්ග පමණක් ආහාර ලෙස ගත්තත් බත වල අඩුවක් නොදැනීම නම් මහත් පුදමයකි. එයට වැඩි මනක්ම හේතු වූයේ මට ආහාර පිසීමට ඇති නොහැකියාවයි. නමුත් දැන් මම ඒ ගැන සතුටු වෙමි. වෙනත් යමක් නිසා නොව, ජීවිතය වෙනස්ව විඳීමට පැමිණි මා උයන්නටද දැන සිටියානම් තුන් වේලටම අඩු නැතිව බත් කන නිසාය. එවිට එහි වෙනසක් නැත. සමහරවිට මේ සුන්දර ජීවිතය මට දින දෙක තුනකින් එපා වීමට පවා ඉඩ තිබින. එමෙන්ම මට මෙහිදී කිසිම දිනක මස් මාළු නම් කන්නට නොලැබෙනු ඇත.
නමුත් දැන් මම ජීවිතය යන්තමින් විඳිමි. අද දිනට නියමිත මේ මිටියාවතේ පළමු සංචාරයට පෙර මා විසින් මඳක් උණුසුම් විය යුතු අතර, ඒ සඳහා වතුර ස්වල්පයක් ගිනිමැලය මත තැබිය යුතුය. මා විසින් ගල් තුනක් තබා සකසා ගත් ලිපත් ගිනි මැලයත් එකම වන නිසා, ලිපෙහිද නිතර ගිනි පුළිඟු දිලිසෙමින් පවතී. එබැවින් අළුත් ආයාසයකින් තොරව ට වතුර ටික රත් කර ගැනීමට හැකිවූ අතර මගේ කම්මැලි මුහුණ සේදීමටත් පානයටත් වැය වුන වතුර ටික හැර තවත් උණූසුම් වතුර යම් ප්‍රමාණයක් වකුර රත්කරන ලද, ගිනිදළු වලින් අඳුරු ගැසුන ඇළුමිනියම් මුට්ටියේ ඉතිරිව ඇත. ඒ වතුර ටිකද අපතේ නොයවා, මා ගෙන ආ උණූවතුර බෝතලයේ දමා උණූසුම රැකෙන්නට සැලැස්වූයේ, මේ මිටියාවතේ දුර්ලභම දෙය උණුසුම වන නිසාවෙනි.
පසුව නිවස්නේ සියළු වැඩකටයුතුද හමාර කොට, වැසිකිලි යාම් මුහුණ සේදීම් ඇතුළු පෞද්ගලික වැඩද අහවර කොට මගේ සංචාරය සඳහා පිටත් වීමට ප්‍රථම තවත් කල යුතු දේ ඇත් දැයි බැළුවේ යමක් අමතක වූ බව ඉවෙන් මෙන් දැනෙන්නට වූ බැවිනි. ඇත්තෙන්ම මට මගේ ලැප් ටොප් පරිගණකයේ බැටරිය නැවත ආරෝපනය කලයුතු විය. ඒ සඳහා සූර්ය පැනල කට්ටලය ගෙන කූඩාරමේ සිට අඩි කීපයක් දුරින් දුරින් වූ තරමක් උස කොටයක් මත තබා අහස දෙසට එහි සංවේදක හරවා තබා, එයින් උපදින විද්‍යුතය කළමණාකරනය කරන උපකරණය කූඩාරම තුල තැබීමි. පසුව එයට ලැප් ටොප් උපකරණයත් තවත් බැටරි දෙකකුත් ආරෝපනය වීම සඳහා සකසා දැමින. දැන් යම් වේලාවක ස්වල්ප හෝ ඉර එළියක් වැටුන විට විද්‍යුතය ජනනය වී එය බලවත් වී බැටරි දෙකත්, ලැප් ටොප් උපකරණයත් ආරෝපනය කරනු ඇත. එම සූර්ය පැනල කට්ටලය වැස්සටද ඔරොත්තු දෙන බැවින් මට ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු නොවීය. එම නිසා දැන් මට මාගේ සංචාරය ඇරඹිය හැක.
මා විසින් මෙහි පැමිණි දවසේම මට ඇසුන රූං රූං නාදය ආ ඉසව්ව හෝදිසි කිරීම මගේ ප්‍රථම සංචාරක අභිප්‍රාය විය. මා ඇත්තටම විශ්වාස කරනුයේ ඒ නාදය මී මැස්සන්ගේ බවයි. එය එසේ නොවීමට කිසිම හේතුවක් නොමැත. මන්ද මාගේ නිවස්න පිහිටි ස්ථානයට පහලින් ඇත්තේ සුන්දර දිව්‍ය උයනකි. එහි ඇති විවිධාකාර පැහැති , විවිධ සුවඳැති සුන්දර මල් ගොමු වලට වගකියන්නේ මී මැස්සන්ම විය යුතුය. වාසනාවකට මා මෙහි ආදා පටන් එකදු කූඩැල්ලෙක් වත් නොදක්නා ලදී. දුටු තරමක් දුටුවේ කහ පැහැති, කළු මිශ්‍ර දම් පැහැති, සුදු පැහැති හා විවිධ වර්ණ හැඩතඩ මිශ්‍ර වූ අලංකාර පිහාටු යුගල් වලින් සමන්විත පුංචි සමණලයන් හා සොඳුරු ගීත ගයන එක එක වර්ගයේ කුරුල්ලන් පමණි.

Code:
Credit - http://holmankata.blogspot.com