සිව් දෙසිත් විත්
මා වෙලාගන්න
මගේ ලොව
ආශ්වාදනීය කලේ ඔබයි
මැකී ගිය පෙම්වතිය
දවා අළු කල මගේ හද
සකසා සනහා
මා ජීවත් කලේ ඔබයි
රෑ අඳුරට පිපී දිලෙන
සේපාලිකා මලක් වගේ
නිදිවරාගෙන සිටින විටදී
මුහුදේ රළ මෙන් නැග එන
දහසක් සිතුවිලි රළගෙඩි
ඔබ පහසින් මා පාමුල
හැපී බිදෙනවා
ඔබ මා ලග නැති
මොහොතක
පිල මත්තේ දිගා වෙලා
දෑස් පියා ඔබට ලංව
මගේ හදේ දුක් ගීතය
හෙමින් ගයනවා
දෑස් තෙමෙනවා...
මා වෙලාගන්න
මගේ ලොව
ආශ්වාදනීය කලේ ඔබයි
මැකී ගිය පෙම්වතිය
දවා අළු කල මගේ හද
සකසා සනහා
මා ජීවත් කලේ ඔබයි
රෑ අඳුරට පිපී දිලෙන
සේපාලිකා මලක් වගේ
නිදිවරාගෙන සිටින විටදී
මුහුදේ රළ මෙන් නැග එන
දහසක් සිතුවිලි රළගෙඩි
ඔබ පහසින් මා පාමුල
හැපී බිදෙනවා
ඔබ මා ලග නැති
මොහොතක
පිල මත්තේ දිගා වෙලා
දෑස් පියා ඔබට ලංව
මගේ හදේ දුක් ගීතය
හෙමින් ගයනවා
දෑස් තෙමෙනවා...

Last edited:








