අපගේ වෙසක් දින පණිවිඩය
අපගේ වෙසක් දින පණිවිඩය
Posted on 05 May 2012.
Rating: 0.0/7 (0 votes cast)
නීතිය මනුෂ්‍යයාගේ ජීවීතය තුල අභ්‍යන්තරීකරණය වීම නිසා හට ගන්නා දුක නම් ඔහුව දූෂිත ලෙස දෙකට බෙදී යාමයි. මෙම දෙපලු වීම නිසා මිනිසාට ජීවිත දෙදක් උත්පාද වේ. ඒවා නම්
01- සම්මා සතියෙන් ජීවත් වන නීතියට යටත් වූ ශීලාචාර ජීවිතයයි.
02-නීතිය උල්ලංඝණය කරණ එමගින් ප්‍රමෝද වන, සදාචාරයට විරුද්ද කාමුක අවිඥාණක ආශාවන් ගෙන් ප්‍රේරණය වන රාත්‍රී ජීවිතයයි.
ඉහත ජීවිත දෙකම නිපදවන්නේ එකම නීතියයි.නීතිය නොමැති තැන විනෝදය හෝ කාමුකත්වයද නැත. සරලව කිවහොත් සදාචාර ජීවිතය නැති තැන කාමුක ජීවිතයක් ද නැත.
නීතියට එරෙහිව මා තුලම ජීවත් වන අත්භූත පුද්ගලයෙකු මා ආසහනයට පත් කරමින් ජීවත් වෙයි. මා තුලම ජීවත් වන මෙම පාපකාරී පුද්ගලයා කවුද? මම මගෙන්ම අනවරතව මේ ප්‍රශ්ණය නැවත නැවතත් අසමි. මමම පිළිකුල් කරණ මා තුලම ජීවත් වන පාපකාරී ආගන්තුකයෙකු මටම අනවරතව පීඩාකරමින් මා තුලම පවතී. මෙම පාපකාරී ජීවියා නිසා මගේ සිහි කටයුතු සමාජයීය සහ පෞද්ගලික ජීවිතය මටම දැනෙන්නේ මියගිය ජීවිතයක් ලෙසිනි. මගේ පවුල් ජීවිතය මටම විකාරයකි. ඒ තුල මට ඉමිහිරි සතුටක් නැත. එහි ජීවමාන විකසිත බවක් නැත.එහි ප්‍රතිවිරුද්ධ පැත්ත එනම් ජීවමාන විකසිත, ඉමිහිරි ජීවිතය ඇත්තේ මටම වැටහෙන මගේ පාපකාරී අවිඥාණක ෆැන්ටසි ජීවිතය තුලය. එවිට මට පාපය විරුද්ධාභාෂයකි. ඊට අනුව මගේ පාපකාරිත්වය පළවා හරින ප්‍රථම නිමෙිෂයේම මගේ සිහිකටයුතු ජීවිතය සාරයක් නැති නිස්සාර ජීවිතයක් බව මටම පසක්වේ.
එවිට සිහි බුද්ධියෙන් ගත කරණ ජීවිතය මුලාවක් වන ආකාරයෙන් උමතුවෙන් ගත කරණ පාපකාරී ජීවිතය ශීලවන්ත ජීවිතයක් බවත් මටම ප්‍රත්‍යකෂ වේ. කොටින්ම මගේ සංකේත මරණය යනු මගේ වඩාත්ම ජීවමාන නිමේෂයයි. මළගිය ප්‍රාණියා යනු මෙහි රූපකයයි. නැතිනම් මිනිසාට අන්තර්ජාලය මෙතරම් ජීවමාන අඩවියක් විය හැකිද? සබුද්ධික ජීවිතයේ දී ස්වයං විවේචනයක් කළ යුත්තේ කුමන ක්‍රිස්තියානී දෙවියෙකු වෙනුවෙන් දැයි රැඩිකල් ලෙස අසන මම ම මගේ විනෝද ජීවිතයේ ඡායා රූපයක් අන්තර් ජාලයට ඇතුල් කරන්නේ කවරෙකුගේ නැරඔීම වෙනුවෙන් ද? එය ක්‍රිස්තියානි සංකල්පයක් නොවෙිද?
මගේ සිහිකටයුතු අධිෂ්ඨානය සහ අභිප්රායන් ඉක්මවා යමින් මගේ සැබෑ ජීවිතය, මගේ සැබෑ ආශාව, සහ ආවෙිගයන් මටම විජාතික සහ ආගන්තුක වෙමින් ස්වාධීන ගමන් පථයක ගමන් කරයි. මංමුලාවූ මිනිසාගේ ප්‍රධාන ගැටලුව වන්නේ මෙම පාපකාරී රාත්‍රි ජීවිතය සහ දහවල් ශීලාචාර ජීවිතය අතර පවතින අඛණ්ඩ ආතතිය විසදා ගන්නේ කෙසේද යන්නයි. ආගම මිනිසාට පවසන්නේ මෙම පාපකාරී ජීවිතයට අඩුම වශයෙන් පෙහොය දිනයටවත් සමුදෙන ලෙසයි. නමුත් රැඩිකල් මාක්ස්වාදී දේශපාලනය උගන්වන්නේ ආශාව සහ පාපය අතරත්, නීතිය සහ එහි උල්ලංඝණය අතරත්, පවතින සදාතනික පවුර බිදීම එල රහිත බවයි. ඒ වෙනුනට අප තොරාගත යුතු රැඩිකල් ක්‍රියාමාර්ගය වන්නේ පාපකාරී ජීවිතය ‛සත්‍ය’ බවත් කුසල් වලින් පිරීගිය සම්මා සතිය සහිත ජීවිතය බොරුවක් බවත් වටහා ගැනීමයි. මෙය මාක්ස්වාදයේ ප්රබුද්ධ අභිධර්මයයි. පාපය සහ පින අතර පවතින සදාතනික ආතතිය විසදීම වෙනුවට අප පාපයට ‛ඔව්’ ඇතුල් වන්න යැයි කිව යුතුය. එවිට මේ පවතින ධනවාදී සමාජයේ හර පද්ධතියට අපෙන් ලැබෙන මුක්කුව ගැලවී යනු ඇත. අනූව දශකයේ දී අපගේ ව්‍යපාරයේ ආදරණීය නායකයා වූ පුද්ගලයා අද දවසේ කුසල් වඩන සීලවන්ත ශ්‍රී ලංකා පෙරටුගමී පක්ෂයට වඩා පංචශීලය කඩන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ආශක්ත වී ඇත්තේ ‛පාපය’ රැඩිකල් ලෙස යහපත් නිසාය. මේ උදාර පණිවිඩය මගින් මේ වෙසක් පුණ් පොහෝ දින ඔහු අපට දුකෙන් මිදෙන මාර්ගයට ඇගිල්ල දිගු කරයි. ඔහු රැඩ්කල් ප්‍රබුද්ධයෙකි.අප අයත් වන්නේ පාපයෙන් ගැලවෙන, සිත දමනය කරන්නට වලිකන, එමගින් සිත තව තවත් අපිරිසිදු කරවන සුපිරි අහමේ ලෝකයටය. ඔහුගේ ධර්මයේ ශික්ෂා පදය මෙසේය අවිඥාණයට ඉඩ දෙන්න! එමගින් දහසක් මල් පිපේවා! සියක් ගුරුකුල ගැටේවා!
ඔබට තෙරුවන් සරණයි!
http://3mana.com/
http://3mana.com/wp/wp-content/uploads/2012/05/Nirmanln1.jpg