අද උදේ අපි පිල්ලෑවේ පන්සල් ගිහින් එනකොට අහම්බෙන් වගේ දැක්කා චූටි කුරුලු පැටව් ටිකක් කූඩුවක හිරකරලා තියනවා....ඇත්තම කිව්වොත් ඒ කූඩුවෙ හිටියේ හිරවෙලා අහිංසක වී කුරුල්ලො 7දෙනෙක්........
උන්ටිකට ඒක ඇතුලෙ පියාඹන්න තියා තටුවක්වත් එහාමෙහා කරගන්න ඉඩක් තිබුණෙ නැහැ.....
![]()
අම්මවත් ඇදගෙන මං ඒ කඩෙන් ගිහින් ඇහුවමයි දැනගත්තේ විකුනන්න ඉන්න කුරුල්ලො බව....කඩේ මුදලාලි නම් කිව්වෙ නිදහස් කරන කුරුල්ලො කියලා....අනේ මංදා...
පවු අසිංසක සත්තුන්ගෙ නිදහසත් මුදලට යටවෙච්ච කාලයක්නෙ මේක....
මට හිතුනා කුරුල්ලො ඔක්කොම ටික නිදහස් කරන්න ඇතිනම් කියලා...ඒත් ඒ වෙලාවෙ ඒ තරම් මුදලක් මගේ අතේ නොතිබුනු නිසා මං තීරණය කලා කුරුලු ජෝඩුවක් (වී කුරුල්ලයි කිරිල්ලි....)නිදහස් කරන්න....
.
කුරුල්ලෙක්ව මිල කරලා තිබුණෙ රු.300/-මුදලකට..ඒත් ඒ අසිංසකයින්ගෙ නිදහස උන්ට නම් මිලකල නොහැකි දෙයක්....
ඒක අපිට වුනත් එහෙමයි නේද යාලුවනේ.... ඉතිං රු.600/- මුදලක් දීලා කුරුලු ජෝඩුව අතට ගත්තා.....
මගේ අතට දැනුනා උන්ගෙ හෘද ස්පන්දන වේගය...මට මහා දුකක් දැනුනා.....
බොහොම අමාරුවෙන් පින්තූර දෙකක් ගත්තා මතක හිටින්න..![]()
මොකද කූඩුවෙන් එලියට ගත්ත හැටියෙ පියාඹලා යන්නෙ කොයිමෙහොතෙද කියන තදියමෙන් තමයි මේ දෙන්නා හිටියෙ...
අපිත් ඉතිං ඒකට බාධා කලේ නැහැ.....
හරිම වේගෙන් වෙල්යායේ ඈතට පියාඹලා ගිය කුරුලු ජෝඩුව දිහා බලා උන්නු, මගේ හිතට දැනුනු සතුට නම් මෙතෙකැයි කියන්න බැහැ.......
දුකේ දි සැපේදි එකට ඉන්න අපේ එළකිරි යාලුවන්ටත් බලන්න ..ඔන්න මම ෆොටෝ ටික මේ විදිහට ටිකක් ලස්සන කරලා බෙදාගන්න හිතුවා.....
ඔයාලගෙ අදහසුත්...මේ හා සමාන අත්දැකීම් වුනත් මෙතනදි බෙදාහදා ගන්න කියලා ආරාධනා කරනවා........
![]()
![]()
කුරුල්ලා ඉන්න අත නම් හරි ලස්සනයි
![]()


ඉකේයියා මේ මොකක්ද චිකේයියාDJ චි කේ යි යා;11547132 said:අනේ මේල් ඇඩ්‍රස් එකට දාන්නේ තමන්ගේ නම විතරද????? අනිත් නම මොකක්ද කියලා දකින්න ඇතිනේ..... කිකිකිකි :පී

කුරුල්ලා ඉන්න අත නම් හරි ලස්සනයි
![]()



පෙට්ශාගේ අම්මගේ තමයි කුරුල්ලො තියාගෙන ඉන්නේ![]()


අරූට හතර විලි ලැජ්ජාවයි