අපට කවදා එක් විමට හැකිවෙදෝ ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    අපට කවදා එක් විමට හැකිවෙදෝ ?

    tv1.jpg

    මගේ පාසැල් කාලයේ හිටිය බොහෝ යාළුවෝ දෙමළ සහ මුස්ලිම් අය,අපි අතර කිසිම අවස්ථාවක ආගමක් ජාතියක් මුල් කරගන ගැටළුවක් ඇති වෙලා නැ,ඔය අතර මට හිටිය හොඳම යාළුවෙක් "දිවාකරන්",අපි ආදරයට ඔහුව ඇමතුවේ "දිවා" කියලා,ඔහු යාපනයේ උපන් දෙමළ කෙනෙක්,යුද්ධය නිසා තමා ඔවුන් දකුණට ඇවිත් තියෙන්නෙ,ඔහු බ්‍රහමන කෙනෙක් වු නිසාවෙන්ද මන්දා ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට ප්‍රභාකර්න් හා දැඩි වෛරයක් තිබුනා,ඔහු මගේ ජිවිතයේ දැක්ක උග්‍රම කොටි විරෝධි දමිළයා කිව්වොත් මම නිවැරදියි,ඔහු නිතරම කතා කලේ සිංහලයා සහ දෙමළා අතර තියන සමාන කම් ගැනයි,කිසි විටකත් ඔහු අසමාන කම් ගැන කතා කලේ නැ,ඔහු නිතරම බැලුවේ අපි ඔක්කොම එකයි මචං වගේ කියන්න (එක එහෙමම නොවුනාට ඔහුගේ මතයට මමත් සැමවිටම කිසිත් නොකියා ඔලුව වැනුවා) ඔහු බැලුවේ ජාතින් දෙක හැකි තරම් ලං කරන්න,දුරස් කරන්න නොවෙයි.ඔහු බුදුන් ගැන ඉහලින් අපිත් එක්ක කතා කලා,මගෙන් වරක් ඔහු-වඳින්න කියලා බුදු පිළිමයක් ඉල්ලුවා,එ සැරේ මම ගෙදර තිබ්බ පිත්තල බුදු පිළිමයක් ගිහින් දුන්නා එකට හිලව් වෙන්න මනුස්සයා මට ගණ දෙවි පිළිමයක් හා අතක් නැති කාලි පිළිමයක් :rofl: ගෙනත් දුන්නා මට මතකයි :D මෙවා අපි කලේ 6,7,8 වගේ වසර වල ඉන්නකොට,නැතුව ඉලංදාරි කාලේ නෙමෙයි :D පොඩි කමට අප අතර තිබුනු සංහිඳියාව තමා ඔය.එකසත් ජාතික පක්ෂ කාලයේ තිබුනු සාම කතා කාලේ දිවාලා යාපනයේ ගියා ඔවුන්ගේ ඉඩම් කඩම් බලන්න,එ සැරේ කොටි මෙයාලව ඔනම කාලේ අපිත් එක්ක නොහිටියා කියලා පන්නගන තිබුනා,එ සැරේ ඔවුන් පවුල් පිටින් රටම අත ඇරලා ඔස්ට්‍රෙලියාවට ගියා,ඔවුන්ට අන්තිමෙදි මේ රටම එපා වුනා.

    අපේ පොඩි කමට තිබුනු එ සංහිඳියාව කෝ මේ දමිළ දෙශපාලුවෝ ලඟ,එ අය බලන්නෙම බහුතර සිංහලාගෙන් දමිළයාව කෙසේ හෝ දුරස් කරන්නයි,අතිතයේ කලෙත් එයයි,වර්තමානයේ කරන්නෙත් එයයි,මෙය බොහොම භායානක ක්‍රියාවක්,අපිට මෙහෙම ගියොත් කිසි දවසක එකතුවෙන්නෙ වෙන්න නැ,දෙගොල්ලන්ටම දෙපැත්තෙ ඉඳන් සිතල යුද්ධ කොරන්න තමා වෙන්නෙ.

    ප‍ටු අදහස් නැති උගත් නැතත් බුද්ධිමත් දමිළ නායකයෝ දමිළ ජනතාවගේ නායකයෝ වේවා !!!

    මට තකහානියේ මෙක දාන්න හිතුනේ,අද සි නිවුස් වල දැක්ක මෙන්න මේ ප්‍රවෘත්ති දෙක දැකලයි :(

    මින් පසු උතුරට සිංහ කොඩි බෑ.. උතුරු ඇමති සිංහ කොඩිය එසැවීමට බෑ කියයි

    December 11, 2013 at 10:14 am | lanka C news

    සිංහ කොඩිය තම ජාතික කොඩිය ලෙස පිළිනොගන්නා බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයිංගේෂ්වරන් සඳහන් කරයි.
    ඒ මහතා මේ බව සඳහන් කලේ මන්නාරම ප‍්‍රදේශයේ පාසැලක පැවති උත්සවයකදී එසවීමට සූදානම් කර තිබූ සිංහ කොඩිය එසැවීම ප‍්‍රතික්‍ෂෙප කරමිනි.
    සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළි නොගන්නා බව තම පක්‍ෂය උතුරු පළාත් මැතිවරණ ප‍්‍රකාශණයේද සඳහන් කල අතර ඊට බහුතර ජනවරමක්ද ලැබුණු බව ඇමතිවරයා පෙන්වා දෙයි.
    සිහ කොඩියෙන් ද්‍රවිඩ ජාතිය නියෝජනය නොකරන බවත් සිංහයා සහ කඩුව තිබෙන තුරු එය ද්‍රවිඩ ජාතිකයන් පිළිගන්නේ නැති බවත් පවසා ඇති ඔහු මින් ඉදිරියට උතුරේ සෑම උත්සවයකදීම පළාත් කොඩිය පමණක් එසවිය යුතු යයිද අවධාරණය කර තිබේ.

    තවදුරටත් අපේ නායකයා ප‍්‍රභාකරන්මයි – TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන්

    December 11, 2013 at 9:08 am | lanka C news

    තවදුරටත් තම දේශපාලන නායකයා වන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ම බවත් කොටි සංවිධානය පිළිගන්නා බවත් ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් පවසයි.
    මන්ත‍්‍රීවරයා මේ බව පවසා ඇත්තේ ‘පුදියතලෙයිමුරෙයි’ නමැති යුරෝපා ද්‍රවිඩ රූපවාහිනිය හා සාකච්චාවතට එක් වෙමිනි.
    එම රූපවාහිනියේ ‘අග්නි පරිච්චායි’ වැඩසටහන හා අදහස් දක්වමින් ‘දැනට පවතින තත්ත්වය යටතේ අපි නිහඬව සිටිනවා’ යයි ද ශ්‍රීධරන් වැඩිදුරටත් සඳහන් කලේය.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කොනිත්තනවා......
    අයෙ කළු ජූලියක් ඕන මේ අයට රැකෙන්න නම්.............

    අපි මොලේ පාවිච්චි කරන්න ඕන කාලයක් මේ...........
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ඔය කොනිත්තනවා......
    අයෙ කළු ජූලියක් ඕන මේ අයට රැකෙන්න නම්.............

    අපි මොලේ පාවිච්චි කරන්න ඕන කාලයක් මේ...........

    lanka c news එකෙන් දාපු news එකක් ඇත්ත වෙන්නේ කලාතුරකින්..:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ඔය කොනිත්තනවා......
    අයෙ කළු ජූලියක් ඕන මේ අයට රැකෙන්න නම්.............

    අපි මොලේ පාවිච්චි කරන්න ඕන කාලයක් මේ...........

    :( ඇත්ත ඇත්ත සහෝ,අයෙත් ඔක අවොත් නම් මල ජුලියක් වෙයි.

    lanka c news එකෙන් දාපු news එකක් ඇත්ත වෙන්නේ කලාතුරකින්..:rofl:

    ඔයා කියන්නෙ මෙවා බොරු ප්‍රවෘත්ති කියලද සහෝ ?
    :confused:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ අදහස නම් අපි මෙතැනදී උපරිම නම්‍යශීලි වෙන්න ඕනි ,,,
    ඔවුන් ඔවූන්ගේ රට වන ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාව ගැන ඉහලින්ම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ තවමත් ශ්‍රී ලංකා ආණ්ඩුවකින් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න වලට සාර්ථක විසදුම් ලැබුනේ නැති නිසයි.කවදාවත් දකුණේ ආණ්ඩුවකින් ඒ විසදුම් ඔවුනට ලබාදෙයි කියලාත් ඔවුන් තුල විශ්වාසයක් නැහැ.
    මෙයින් උපරිම පලප්‍රයෝජනය ලබාගෙන බොරදියේ මාළු බාන්නේ ඉන්දියාවයි.
    මම විශ්වාස කරන්නේ දකුණේ තියනා සෑම යටිතල පහසුකමක්ම නිදහසක්ම ඔවුන්ට ලබදියයුතුයි.
    ඔවුන් ඉන්දියානුවන් නොව ශ්‍රීලංකිකයක් බව ඔවුනට ඒත්තු ගැන්විය යුතුයි.
    එසේ උවහොත් ඊලග පරම්පරාව හෝ අප කෙරෙහී විශ්වාසය තබාවි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    බලය බෙදීම්නම් දෙන්න බැහැ වෙන ඕන එකක්:rolleyes:
     
    ඔයා කියන ඔක්කොම හරි සහෝ,එත් එයාලටම පොදු උන දැවෙන ප්‍රශ්නයක් ලංකාවේ නැ,ඔවුන්ට තියන ප්‍රශ්න සිංහල අපටත් තිබේනවා.

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බලය බෙදීම්නම් දෙන්න බැහැ වෙන ඕන එකක්:rolleyes:

    ඔයා කියන ඔක්කොම හරි සහෝ,එත් එයාලටම පොදු උන දැවෙන ප්‍රශ්නයක් ලංකාවේ නැ,ඔවුන්ට තියන ප්‍රශ්න සිංහල අපටත් තිබේනවා.

    ඒක තමයි බන් මම කිව්වේ අපි උපරිම නම්‍යශීලි වෙන්න ඕනි කියලා,,,
    දැන් තියන තත්වය උඩ ඔවුන්ට තියන සමහර ගැටළු මුළු ලංකාවාසීන්ටම තියන පොදු ගැටළු කියලා උන් පිළිගන්නේ නැහැ නේ.ඒක ඔවුන්ට දැනෙන්න හැරිම බොහෝම සීරුවෙන් කලයුතු වෙනවා.මේ ප්‍රශ්නය මේ පරම්පරාවෙන්ම ඉවරකරගන්න ඕනි බන්.
    නැත්නම් කවදාද බන් උතුර අත්කරගැනිමේ ප්‍රතිලාබයක් ශ්‍රී ලංකාවට හිමිවෙන්නේ.
     
    Similar threads