අපට මවු නොවූ පියා නොවූ සත්වයෙක් ලෝක ධාතුවෙහි නැත.

bravejohn

Active member
  • Oct 15, 2009
    186
    207
    43
    ඔක්කොම සත්වයෝ නැතුව මිනිස්සු විතරක් ගමු. එතකොට, මේ ලෝකේ මිනිස්සු බිලියන 7ක් ඉන්නවා. දෙන්න දෙන්න ගානේ ගත්තොත් බිලියන 3.5ක්. එතකොට අපි මේ හැම ජීවිතයකම ආසන්න වශයෙන් අවුරුදු 30ක් ජීවත් උනා කියල ගමු. එතකොට,

    3.5 B x 30 years = අපි මේ ලෝකේ අවුරුදු බිලියන 10.5ක් තිස්සේ ඉපදෙමින් ඉඳල තියෙනවා. එතකොට මිනිස්සු මේ ලෝකේ බිලියන 10.5ක් තිස්සේ ඉඳල තියෙනවා.

    අපි මේ ලෝකේ පහුගිය අවුරුදු 2000 ඇතුලත ගල් වලින් ආයුද හදාගෙන හිටපු එකේ ඉඳල, අද රොකට් යවන්න දියුණු වෙලා තියෙනවා. එතකොට ඊට කලින් ආසන්න අවුරුදු බිලියන 10.5 ම කරලා තියෙන්නේ ගල් වලින් ආයුද හදන් දියුණු උන ටික විතරද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට නම් හිතෙන්නෙ මොන සසරක්වත් නෑ බන්. උන්නා මළා එච්චරයි.. ඒ උනාට ඉන්න ටිකේ හොඳ මිනිහෙක් විදිහට කාටවත් කරදරයක් නොවී ඉන්න එක වටිනවා.
     
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    ඔක්කොම සත්වයෝ නැතුව මිනිස්සු විතරක් ගමු. එතකොට, මේ ලෝකේ මිනිස්සු බිලියන 7ක් ඉන්නවා. දෙන්න දෙන්න ගානේ ගත්තොත් බිලියන 3.5ක්. එතකොට අපි මේ හැම ජීවිතයකම ආසන්න වශයෙන් අවුරුදු 30ක් ජීවත් උනා කියල ගමු. එතකොට,

    3.5 B x 30 years = අපි මේ ලෝකේ අවුරුදු බිලියන 10.5ක් තිස්සේ ඉපදෙමින් ඉඳල තියෙනවා. එතකොට මිනිස්සු මේ ලෝකේ බිලියන 10.5ක් තිස්සේ ඉඳල තියෙනවා.

    අපි මේ ලෝකේ පහුගිය අවුරුදු 2000 ඇතුලත ගල් වලින් ආයුද හදාගෙන හිටපු එකේ ඉඳල, අද රොකට් යවන්න දියුණු වෙලා තියෙනවා. එතකොට ඊට කලින් ආසන්න අවුරුදු බිලියන 10.5 ම කරලා තියෙන්නේ ගල් වලින් ආයුද හදන් දියුණු උන ටික විතරද?
    ඔතන මේ දැන් තියෙන පෘතුවිය ගැන විතරක් නෙවෙයි කතා කරන්නෙ. මේ ලොකෙ හැදෙන්නෙ ඊට කලින් තිබ්බ විශ්වය විනාස වෙලා. එහෙම කාලයක් ගැන කතා වෙන්නෙ මෙතන.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඔක්කොම සත්වයෝ නැතුව මිනිස්සු විතරක් ගමු. එතකොට, මේ ලෝකේ මිනිස්සු බිලියන 7ක් ඉන්නවා. දෙන්න දෙන්න ගානේ ගත්තොත් බිලියන 3.5ක්. එතකොට අපි මේ හැම ජීවිතයකම ආසන්න වශයෙන් අවුරුදු 30ක් ජීවත් උනා කියල ගමු. එතකොට,

    3.5 B x 30 years = අපි මේ ලෝකේ අවුරුදු බිලියන 10.5ක් තිස්සේ ඉපදෙමින් ඉඳල තියෙනවා. එතකොට මිනිස්සු මේ ලෝකේ බිලියන 10.5ක් තිස්සේ ඉඳල තියෙනවා.

    අපි මේ ලෝකේ පහුගිය අවුරුදු 2000 ඇතුලත ගල් වලින් ආයුද හදාගෙන හිටපු එකේ ඉඳල, අද රොකට් යවන්න දියුණු වෙලා තියෙනවා. එතකොට ඊට කලින් ආසන්න අවුරුදු බිලියන 10.5 ම කරලා තියෙන්නේ ගල් වලින් ආයුද හදන් දියුණු උන ටික විතරද?
    සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.

    “මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

    “මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.

    සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්‍රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද?” යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා.

    “බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ”.




    “පුතේ… මේ…. ඔයාල දන්නවැයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වූ මේ කල්පයට කියන නම?” කියලා එදා ආච්චි අපෙන් ප්‍රශ්නයක් ඇහුවා.

    එතකොට ම නංගියා අත උඩට උස්සා මෙහෙම උත්තර දුන්නා. “ඔව්… ඔව්… ආච්චි… මං දන්නවා. මහාභද්‍ර කල්පය කියලා නේ මේ කල්පයට කියන්නේ.” ආන්න එතකොට යි මටත් ආච්චිගෙන් කල්ප ගැන විස්තරේ අහන්ට සිතුනේ.
    “අනේ ආච්චි, ඔය අද අහපු ප්‍රශ්නය නම් අපට හරී වැදගත්. මං ඔයාගෙන් ඔය ගැන අහන්ට ම යි උන්නේ. හැබෑටම ආච්චියේ මොකක්ද මේ කල්පය කියන්නේ?”

    “පුතේ… ඔයාලා ධර්මය ඉගෙන ගනිද්දී මේ කල්ප ගැනත් දැනගෙන තියෙන්ට ම ඕනෑ. එතකොටයි අපට මේ බුද්ධ රත්නයේ පහළ වීමේ ඇති මහා දුර්ලභකොම යාන්තමින් හරි තේරුම් ගන්ට ඇහැක් වෙන්නේ… ඕං… එහෙනම් මං කියා දෙන්නං… හොඳට අහගෙන ඉන්ට හොඳේ.”

    ඒ මෙහෙමයි පුතේ… මහා කල්පය, අසංඛෙය්‍ය කල්පය, අන්තඃ කල්පය කියාලා කල්ප වර්ග තුනක් තියෙනවා.

    මහා කල්පයකට පුතේ අසංඛෙය්‍ය කල්ප හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සංවට්ට කල්පය, සංවට්ටට්ඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ටට්ඨායි කල්පය කියලා. මෙයින් එක් අසංඛෙය්‍ය කල්පයක අන්තඃ කල්ප හැට හතරක් තියෙනවා.

    ඉතින් පුතේ සංවට්ට කල්පය කියලා කියන්නේ ලෝකය ක්‍රමයෙන් විනාශ වේගෙන ගොහින් නැතිවී යන කල්පයට යි. සංවට්ටට්ඨායි කල්පය කියන්නේ එහෙම නැතිවෙච්චි කල්පය ඒ නැති වී විනාශ වූ විදිහට ම කාලාන්තරයක් දිගටම එහෝම තියෙන කල්පයටයි.

    ඊළඟට පුතේ විවට්ට කල්පය කියන්නේ ආභස්සර බඹතලේ පටන් පහළ ඇති සියලුම ලෝක ආයෙමත් හැදෙන්ට ගන්නා කල්පයට යි. විවට්ටට්ඨායි කල්පය කියන්නේ එහෙම හැදිලා ගිය ලෝක කාලාන්තරයක් ම එහෝම පවතින කල්පයට යි.

    ඒ වගේම පුතේ ලෝකය කිව්වාම ඉන් අදහස් කරන්නේ මේ පෘථුවිය විතරක් නෙමේ. පහළ අපාගත ලෝකත් ආභස්සර බඹතලේ දක්වා ඇති සියලු ලෝක හොඳේ…. ඉතින් ලෝක විනාශයේදී ඒ විනාශය තුන් අයුරකින් වෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. ජලයෙන් විනාශ වෙනවා. සුළඟින් විනාශ වෙනවා. ලෝකය හැදිලා හිටං පවතින කල්පයේදී, ඒ කියන්නේ විවට්ටට්ඨායි කල්පයේදී රෝගපීඩාවලින් දුක් විඳිමින් නැසෙනකොට ඒකට රෝග අන්තඃ කල්පය කියනවා. එහෙම නැත්නම් අවිආයුධවලින් දුක් විඳිමින් නැසෙන්ට පුළුවනි. එතකොට ඒකට ආයුධ අන්තඃ කල්පය කියනවා. එහෙමත් නැත්නම් කන්ට බොන්ට නැතිව සාගින්නෙන් මැරෙන්ට පුළුවනි. ඒකට කියන්නේ දුර්භික්ෂ අන්තඃ කල්පය කියලයි. ඔන්න ඔය විදිහට පුතේ අන්තඃ කල්ප තුනකුත් තියෙනවා.

    මං දැන් කියාපු ලෝක විනාශයේදී කල්ප විනාශය සම්පූර්ණයෙන් පටන් ගන්නේ විවට්ටට්ඨායි කියන කල්පයෙන් පස්සෙයි. ඒ කියන්නේ ලෝකය ඇතිවෙලා පැවතුනාට පස්සෙයි. ඒ විවට්ටට්ඨායි කල්පයේ උපදින සත්වයන්ගේ සිත්වල හටගන්නා රාග – ද්වේෂ – මෝහ යන තුන්වැදෑරුම් අකුසල්වලින් මොකාක්හරි එකක් බලවත් වෙනවා. ඒ අනුව රැස්කරගත් කර්මයන්ට අනුව තමයි ගින්නෙන් හරි ජලයෙන් හරි සුළඟින් හරි විනාශ වෙන්නේ. එතකොට පුතේ මේ කෝටි ලක්ෂයක් සක්වල පුරා ඉන්නා සියලු සත්වයෝ වගේම හැම භෞතික දෙයක්මත් සම්පූර්ණයෙන් ම විනාශ වෙලා යනවා. ආභස්සර, සුභකිණ්ණ, වේහප්ඵල යන බඹතල දක්වා කෝටියක් සක්වල බෙරයක ඇතුලේ මොකෝවත් නැතිව හිස් වුනා වාගේ වෙනවා.

    නමුත් පුතේ ලෝකය සැදී පවතින කාලයේදීත් විනාශ සිද්ධ වෙනවා. හැබැයි සම්පූර්ණයෙන් ම නැසෙන්නේ නෑ. ඒ විනාශයට තමයි අන්තඃ කල්පවලදී විනාශ වෙනවා කියන්නේ. ඒ කියන්නේ පුතේ ලෝකය සැදී පවතින කාලයේදී විනාශ වෙන්නේ සත්වයෝ විතරයි. ඒ සත්වයන්ගේ සිත් තුළ හටගන්නා රාග – ද්වේෂ – මෝහාදී අකුසල් මුල් කොට කරන කර්මයන්ට අනුකූලව එක්කෝ රෝගයන් නිසා සත්තු වැනසෙනවා. එහෙම නැත්නම් යුදකෝලාහල ආයුධ වර්ෂා නිසා වැනසී යනවා. එහෙමත් නැත්නම් කන්ට බොන්ට නැතිව දුර්භික්ෂයෙන් වැනසී යනවා. හැබැයි ඒ විනාශයේදී සංවට්ට කල්පයේ විනාශයේදී වගේ සත්වයෝ නැත්තට නැතිවෙන්නේ නෑ. ගොඩාක් ඈයෝ මැරෙනවා. නමුත් කොටසකගේ පණ රැකෙනවා. ඒ පණ කෙන්ද රැකගත්තු ඈයෝ ක්‍රමයෙන් කුසල් දහම් දියුණු කරගනිමින් ආයෙමත් පැවැත්ම යහපත් කොරගන්නවා. එතකොට ආයුෂ වැඩිවෙන්ට ගන්නවා.”


    “එතකොට ආච්චි… ඔය අන්තඃ කල්පයක් ගෙවිලා යන්ට කොච්චර කාලයක් ගතවෙනවා ද?”

    “ඒක මෙහෙමයි පුතේ. ගව්වක් විතර විශාල අටුවක අබ පුරෝලා තියෙනවා කියලා හිතමු. එතකොට ඉර්ධිමත් කෙනෙක් ඇවිදින් හිටං අවුරුදු සීයකට වරක් ඒ අබ අටුවෙන් එක අබ ඇටයක් අයින් කරනවා. එතකොට පුතේ ඒ අබ අටුවේ අබ ඉවර වෙන්ට කොයිතරම් කලක් යාද?”

    “හාපෝ… ආච්චියේ… අවුරුදු සියයකට ම අයින් කරන්නේ එක අබ ඇටයයි නේ. ඉතින් එහෙමනං අටුවේ තියෙන අබඇට කෝටිගණන අවසන් වෙන්ට කොයිතරම් අවුරුදු ගත වේවිද කියා කොහොමෙයි කියන්නේ?”

    “ආං හරි… පුතේ. ඒ වගේ ම යි. යොදුනක් දුර ගල් පරුවතයක් අවුරුදු සියයකට වතාවක් සළුවකින් පිස දාන්ට පටන් අරන් ගොඩාක් කල් ගියාම ඒ පරුවතේ කොල්ලු ඇටයක් ගානට ගෙවෙනවා. නමුත් පුතේ අන්තඃ කල්පය ඒත් අවසන් නෑ.

    එතකොට පුතේ ආන්න ඒ අන්තඃ කල්පයේ ජීවත්වෙන මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් දස අවුරුද්දට බහිනවා. එතකොට ඒ මිනිස්සුන්නේ රාගාදී කෙලෙස්වලට අනුව රෝගයෙන් හරි ආයුධයෙන් හරි දුර්භික්ෂයෙන් හරි විනාශ වෙලා යනවා. එයින් ඉතුරු වෙච්චි ඈයො කුසල් දහම් දියුණු කොරගෙන කල්ගත කරන්ට පටන් ගන්නා නිසා ආයෙම ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩිවෙලා වැඩිවෙලා හිටං අසංඛෙය්‍යට ම ආයුෂ වැඩි වෙනවා. ඊට පස්සේ ආයිමත් අකුසල් නිසා මිනිසුන්නේ ආයුෂ ක්‍රමයෙන් අඩුවෙවී ගොහින් දස අවුරුද්දට බහිනවා. එතකොට ආයිමත් ලෙඩරෝගවලින් හරි ආයුධවලින් හරි දුර්භික්ෂයෙන් හරි සත්වයෝ විනාශ වෙනවා.

    ඉතින් පුතේ ඒ වගේම මහපොළොව අවුරුදු දාහකට වැඩෙන්නේ අඟලයි. අන්තඃ කල්පයකදී මහපොළොව යොදුනකුත් තුන් ගව්වක් උසට වැඩෙනවා. ඒ වගේම පුතේ ඔය අන්තඃ කල්පයක යුග හෙවත් කාලපරිච්ඡේද අටක් තියෙනවා.”
    ------ Post added on Sep 29, 2022 at 8:53 AM
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    “මොනවාද ආච්චි ඒ යුග අට?”

    “ඒ මෙහෙමයි පුතේ. උත්සර්පිණී කියලා යුග සතරයි, අපසර්පිණී කියලා යුග සතරයි. උත්සර්පිණී යුග සතරේදී සත්වයාගේ ආයුෂ අවුරුදු දහයේ පටන් අසංඛෙය්‍ය දක්වා වැඩෙනවා. අපසර්පිණී යුග සතරේදී අසංඛෙය්‍ය ඉඳන් අවුරුදු දහය දක්වා ආයුෂ පහළට බහිනවා.

    ඒකෙන් උත්සර්පිණී යුග සතර කලි යුගය, ද්වාපර යුගය, ත්‍රෙතා යුගය, කෘත යුගය කියලා හඳුන්වනවා. අපසර්පිණී යුග සතර කෘත යුගය, ත්‍රෙතා යුගය, ද්වාපර යුගය, කලි යුගය කියා හඳුන්වනවා.

    ඉතින් පුතේ මේ යුගවලින් කෘත යුගය කොටස් හතරකට බෙදෙනවා. ඒ සතර කොටස ම ගුණධර්මවලින් යුක්තයි. ත්‍රෙතා යුගයත් කොටස් හතරකට බෙදෙනවා. එයින් තුන් කොටසක් ගුණ ධර්ම යුතු කාලයයි. එක් කොටසක් අධර්මයෙන් යුක්තයි. ද්වාපර යුගයත් සතර කොටසකට බෙදෙනවා. එයින් දෙකොටසක් ධර්මයෙන් යුක්තයි. දෙකොටසක් අධර්මයෙන් යුක්තයි. කලි යුගයත් කොටස් සතරකට බෙදෙනවා. එයින් එක් කොටසක් ධර්මයෙන් යුක්තයි. අනිත් තුන් කොටස අධර්මයෙන් යුක්තයි.

    ඉතින් පුතේ කලියුගයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම තරම් ආශ්චරිය වෙන දෙයක් නෑ පුතේ. ඒක හරියට නිරයේ ගිනිජාලා මැදින් මල්රොන් පිරීගිය මහා පියුමක් පිපී ගොහින් දස දිසාවේ සුවඳ විහිදුවනවා වගේ මහා පුදුම දෙයක් මයෙ පුතේ.

    ඉතින් පුතේ එක් මහා කල්පයකට අසංඛෙය්‍ය කල්ප සතරක් තියෙනවා. ඒ එක් එක් අසංඛෙය්‍ය කල්පයකට අන්තඃ කල්ප හැටහතරක් බැගින් තියෙනවා. එතකොට පුතේ මහා කල්පයකට අන්තඃකල්ප දෙසිය පනස් හයක් තියෙනවා.

    ඒ වගේම පුතේ අන්තඃ කල්පයක යුග අටක් තියෙනවා නොවැ. එතකොට අසංඛෙය්‍ය කල්පයක යුග තියෙනවා දෙදහස් හතළිස් අටක්. ඔය විදිහට මහා කල්පය මහා දීර්ඝයි පුතේ.

    ඉතින් පුතේ බුදුවරු නූපදින කල්ප තියෙනවා. ඒවාට කියන්නේ බුද්ධශූන්‍ය කල්ප කියලයි. බුදුවරු පහළ වන කල්ප පහක් තියෙනවා පුතේ. ඒවාට කියන්නේ සාර කල්පය, මණ්ඩ කල්පය, වර කල්පය, සාරමණ්ඩ කල්පය, භද්‍ර කල්පය කියලයි.

    එතකොට පුතේ බුදුවරු පහළ වෙන අසංඛෙය්‍ය කල්ප පහක් තියෙනවා කිව්වා නේ දැන් මං. ආන්න ඒකෙදී යම් කල්පයක එක ම බුදුකෙනෙක් පහළ වෙනවා නම් ඒ කල්පය බුද්ධ ශූන්‍ය කල්පයන්ට වඩා සාරවත් නිසා එයට සාර කල්පය කියනවා.

    ඊළඟට පුතේ යම් කල්පයක දෙනමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා නම් ඒ කල්පයට කියන්නේ මණ්ඩ කල්පය කියලයි. මණ්ඩ කියන්නේ ඉතාමත් උත්තම කියන එකටයි. එතකොට මණ්ඩ කියන්නේ බුදුවරු දෙනමක් පහළවීමෙන් ඒ කල්පය උතුම් ගුණවත්කමින් යුක්තයි කියන එක.

    ඊට පස්සේ පුතේ ඒ මණ්ඩ කල්පයේ දෙවනුව පහළ වූ බුදුරජාණෝ තුන්වැනිව අනාගතයේ බුදුවරු පහළ වෙන බවට අනාවැකි වදාරණවා. ඒ කල්පයේ තුන්නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා. එයින් ඒ කල්පය උත්තමභාවයට පත්වෙන නිසා එයට වර කල්පය කියනවා. වර කියන්නේ උතුම් කියන එකයි පුතේ.

    ඊට පස්සේ පුතේ යම් කල්පයක සතර නමක් බුදුවරු පහළ වෙනවා නම් ඒ කල්පයට කියන්නේ සාරමණ්ඩ කල්පය කියලයි. ඒ කියන්නේ පුතේ ඒ කල්පය සාරවත් ගුණයෙන් උතුම් බවට පත්වුනා කියන එකයි.

    ඊට පස්සේ තමයි පුතේ ඉතාම අසිරිමත් මහා භද්‍ර කල්පය උදාවෙන්නේ. ඒ මහා භද්‍ර කල්පයේ පස්නමක් බුදුවරයන් වහන්සේලා පහළ වෙනවා. මේ කල්පයට වඩා වෙනත් සුන්දර කල්පයක් නැති නිසයි මේ කල්පයට මහා භද්‍ර කල්පය කියන්නේ. ඉතින් පුතේ මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන බුදුවරයන් වහන්සේලා සතර නමක් පහළ වුනා. ඊළඟ අන්තඃ කල්පයේදී මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන්ට නියමිතයි පුතේ. එතකොට පුතේ හොඳින් මතකේට ගන්ට අපි මේ ගත කරන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන පවතින කාලයේ කියලා හොඳේ…”
     
    • Love
    • Like
    Reactions: Cypress and EVINDU

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායෙහි අනමතග්ග සංයුක්තයේ “සාස්‍ය සූත්‍රයෙන්” කල්පය පිළිබඳව උපමාවක් ඇසුරෙන් බුදුරදුන් පැහැදිලි කර දී තිබෙනවා. දිනක් එක්තරා භික්ෂුවක් විසින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කල්පය යනු සංඛ්‍යාත්මකව දැක්විය නො හැකි දෙයක් නම්, එය උපමාවක් මගින් හෝ පහදා දෙන මෙන් ඉල්ලා සිටිනු ලැබුවා. එවිට අප ගෞතම බුදුරදුන් මෙලෙස පැහැදිලි කිරීමක් කළ සේක.

    “මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන් ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක් ”. තව ද, අනමතග්ග සංයුක්තයේ “පබ්බත සූත්‍රයෙහි” එන කසීසළු හෙවත් පර්වත කල්ප උපමාවෙන් ද ගෞතම බුදුරදුන් කල්පය යනු කොතරම් දීර්ඝ කාල පරාසයක් ද, යන්න පිළිබඳව මෙබඳු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

    “මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (නූතන සැතපුම් දහසයක්) බැගින් එක සමාන වූ ඒක ඝන (මැද හිස් නැති) මහා කළුගල් පර්වතයක් වේ ද, එම කළුගල් පර්වතය (දේවතාවෙකු හෝ අසලින් යන කෙනෙකු) අවුරුදු සියයකට වතාවක් ඉතා සිනිදු කසී (සේද) සළුවකින් පිරිමැදීම (පිස දැමීම) නිසා ඉතා දීර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නො වේ”.

    සංයුක්ත නිකායේ, අනමතග්ග සූත්‍රයේම තවත් සූත්‍ර දේශනාවකින් කල්පවල කාලය ගතවීම වගේ ම අපේ භවයේ (සසර) දිගු බව ගැනත් විස්තර කර තිබේ. දවසක් එක්තරා බමුණෙකු බුදු හිමියන් සමීපයට පැමිණ “ලෝකයේ කාලය දැනට කොතෙක් ඉක්මවා ගොස් තිබේ ද? ඒ වගේ ම දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කොපමණ ද?” යනුවෙන් විමසා සිටියා. එවිට බුදුරදුන් විසින් ඔහුට මෙසේ පිළිතුරු දෙනු ලැබුවා.

    “බ්‍රාහ්මණය, මෙතෙක් ඉක්ම ගොස් ඇති කල්ප ඉතා බොහෝ ය. ඒවා සිය ගණනක් ය, දහස් ගණනක් ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණයෙන් දැක්විය නො හැකි තරම් ය. බ්‍රාහ්මණ ය, මේ ගංඟා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලිකැට ප්‍රමාණය ගැණිය (ගණන් කළ) නො හැකි සේ, අතීතයේ ගත වූ කල්ප ගණනත් ප්‍රමාණය කළ නො හැකි වේ”.

    ප්‍රඥාධික බුදු කෙනෙකු වූ අප ගෞතම බුදුරදුන් සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා පෙරුම්දම් (පාරමී) සම්පූර්ණ කළා. මෙයටත් පෙර මහා බෝසතාණන් විසින් දීපංකර බුදුන් ඉදිරියේ නියත විවරණ ලැබීමට පෙර මනෝ ප්‍රණිදානය සහ වාක් ප්‍රණිදානය ලෙස දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනියත විවරණ, සම්මා සම්බුදුවරු 512,000 ක් හමුවේ පුරනු ලැබුවා. මේ අනුව ගෞතම බුදුරජුන් ගේ මුළු පාරමී කාලය විසි අසංඛ්‍යකුත් කල්ප ලක්ෂයක් වන අතර එම කාලය තුල හමු වූ සම්මා සම්බුදුවරු ගණන 512,027 නමක් වන බව දත යුතූ ය.

    අනාගතයේ වීර්‍ය්‍යාධික බුදු කෙනෙකු ලෙස, මතු බුදුවන මෛත්‍රීය බෝසතුන් සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දම් පුරා සිටිනවා.
    ------ Post added on Sep 29, 2022 at 9:02 AM

    පෙර භවයක අම්මාට නේද මේ හදි කරන්නේ කියලා මතක් වෙනකොට ගෑනිවත් එපා වෙයි ද ඇස් ලියනගේ ?
    මහණෙනි මේ සංසාරය වනාහි පටන් ගැනීමේ කෙළවරක් හෝ අවසන් කෙළවරක් නොපැනවිය හැකිය . එබදු සංසාරයේ මිනිසුන් වී නොකළ වරදට දඩුවම් ලැබ උල සිටුවා , ගෙල කපා මැරුම් කෑ වාර ගනන අනන්තය. ඌරන් වී ,එලුවන් වී, කුකුලන් වී , ගවයන් වී ,ගෙල සිද මරද්දී ගලා ගිය ලේ ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට අධිකය.
    සසරේ තමාගේ මව් නොවූ පියා නොවූ සහෝදරයා නොවූ සහෝදරිය නොවූ පුතා නොවූ දියණිය නොවූ කෙනෙක් සොයා ගන්නට නොහැකිය.
    එහෙයින් මහණෙනි මේ සංසාරයෙන් මිදීමටම සුදුසුමය.ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ගෙන් තොර වූ සදාකාලික සැප ඇත්තා වූ නිවන් දැකීමටම සුදුසු ය..!
    මහණෙනි අප්‍රමාදීව කුසල් දහම්හි නිරත වන්න දුල්ලභෝ බුද්ධෝත්පාදෝ.දුල්ලභෝ මනුස්සත්ථ පඨිලාභෝ.දුල්ලභෝ සද්ධම්ම සවනං.බුද්ධෝත්පාද කාලය දුල්ලභයි.ක්ෂණ සම්පත්තිය දුරලභයි..!
    සද්ධර්මය ශ්‍රවණය දුල්ලභයි..!
    ------ Post added on Sep 29, 2022 at 9:03 AM
     
    • Like
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගණන් හදන බෞද්ධයෝ සෙට් එකක් ඉන්නවා. මට එහෙම එවුන් හම්බවෙලා තියෙනවා.

    උන් කටුවැඩ පොත් තියාගෙන ගණන් හදන එක තමයි කරන්නෙ.

    යොදුනකට කිලෝමීටර්,
    කල්පයකට පැය
    අසංකෙයිය කල්පයක් අවුරුදු කීයද

    වගේ එක එක වගු ගහල, චිත්‍ර ඇඳලා, කුලක හදල.... එක එක විකාර ගණන් හදනවා.

    ඔය ගණන් හදල පිස්සු හදුන එකෙක් තමයි " ආ යකෝ මෙහෙම බැලුවම හැමෝම හැමෝගෙම ගෑනි වෙලා තියෙනවනේ " වගේ කතා කියන්නේ ☝️ 😃
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    පමාවීම යුතු ද?
    .
    “අජේජව කිච්චං ආතප්පං
    කො ජාඤ්ඤා මරණං සුවෙ
    න හි නො සඞගරං තෙන
    මහාසෙනේන මච්චුනා”

    සෙට මරණය පැමිණෙන්නේ යයි කවරෙක් දන්නේ ද, එහෙයින් කුශලක්‍රියාවෙහි (කෙලෙස් තැවීමේ) උත්සාහය අද ම කටයුත්තේ ය. (මරණයට කරුණු බොහෝ බැවින්) මහත් සේනා ඇති මරහු හා අපට සටනක් හෝ ඇපයක් නැත්තේ ය. (හෙවත් අපි මාරයා හා යුද්ධ කිරීමට හෝ ඇපවෙන්ට අසමත්ථ වෙමු) එහෙයින් පමාවීම යුතු නො වේ.

    1. සංසාරය ඉතා දීර්ඝ වේ., 2. මිනිසත් බැව් ලැබීම දුෂ්කර වේ, 3. බුධෝත්පාදය අති දුර්ලභ වේ, 4. නරක දුඞඛයේ භයානක වෙත්, 5. මරණය ඉතා ඉක්මනින් පැමිණේ, එහෙයින් ඉතා දික් වූ සසරෙහි ඇවිදිමින් දුලභ වූ මනුෂ්‍යත්වය ද අති දුලභ වූ බුධෝත්පාදයද ලැබ ගත්තන් විසින් නරක දුඞඛයන්ගේ භයානක ස්වභාවය බලා හිස හෝ වස්ත්‍රය ගිනිගත් පුරුෂයකු එය නිවා ගැනීම පිණිස මොහොතකුදු නො නැවතී උත්සාහ ගන්නාක් මෙන් නිරතුරව ම පින් කටයුතු (පමාවීම යුතු නො වේ) එහෙයින් කීහ පූව¢ාචාය¸වරයෝ :

    “හි ස ගිනි ගත්තකු එගිනි නිවන ලෙ ස
    කු ස ලට මඳකුත් පමානුවොත් මි ස
    මෙ ස සර අත්හැර නොයන මෙදුක් රැ ස
    වෙසෙ සින් නැත අත්හරිනා උපදෙ ස

    සංසාරයාගේ දීඝතාවය කෙසේ දත යුත්තේ ද? සව¢ඥයන් වහන්සේ වනාහි සංසාරයෙහි හැසිරෙන සත්ත්වයන් අතුරෙන් එක් සත්ත්වයෙක් තමාහට පි‍්‍රය නොවුවන් හා (හෙවත් තමාගේ සතුරන් හා) එක්වීම නිසාද තමහට පි‍්‍රය වූ ඥාතිමිත්‍රයන්ගේ වෙන්වීම නිසා ද හඬන කල්හි වැගුරුනා වූ කඳුළු සතර මහ මුහුදෙහි ජලයට වා අධික යයිද, එසේම සසර ඇවිදන එක ම සත්ත්වයෙක් එක ම මවකගේ මරණය නිසා හෝ එකම පියකුගේ එකම සහෝදරයෙකුගේ එකම සහෝදරියකගේ එක ම භාර්යාවකගේ එක ම පුතකුගේ එකම දුවකගේ මරණය නිසා කම්පිතව හඬමින් වැළපෙන කල වෑහුණු කඳුළු ද සතර මහ මුහුදෙහි ජලයට අධික යයි ද වදාල සේක (නෑයන්ගේ විනාශයෙහි ද වස්තුන්ගේ විනාශයෙහි ද මේ නයින් ම දත යුතු)

    සසර ඇවිදිනා එක් සත්ත්වයෙක් පණු පළඟ ආදී කිරි නොබොන සතුන්ව උපන් ජාති හැර කිරි බොන ගව හුරු ආදි තිරිසන්ව උපන් ජාති ද මිනිස් ව ඉපද නොයෙක් නම් ඇති මවුන් හැර එකම නම ඇති මවකගේ තනයෙන් බොන ලද කිරි සතර මහ මුහුදෙහි ජලයට වැඩි යයි ද, සේ ම සසර ඇවිදිනා කල හිස්සිඳිනු ලැබූ එක ම සත්ත්වයෙකුගෙන් වගුලා වූ ලේ ද සතර මහමුහුදෙහි ජලයට වඩා අධික යයි ද, රතු, සුදු, කළු ආදී නොයෙක් පැහැයෙන් යුක්තව උපන් ජාති හැර එකම පැහැයකිසන් යුත් ගොන්ව උපන් කල හිස් සිඳිනු ලැබීමෙන් වගුලා වූ ලේ ද, එසේම එළු, බැටළු හුරු කුකුළු ආදීන්ව උපන් ජාතිවල හිස් සිඳිනු ලැබීමෙන් වගුලා වූ ලේ ද සසර මහමුහුදෙහි ජලයට අධික යයි ද වදාළ සේක.

    සංසාරයෙහි කර්‍ම නැමැති වාතයෙන් පෙරළෙන්නාවූ සත්ත්වයන් අතරෙහි එක් සත්ත්වයෙකුගේ මව නො වූ යම් සත්ත්වයෙක් නැත්තේ ය. සියලු සතුන්ගේ මව් නොවූ එක් සත්ත්වයෙක් නැත්තේය. එසේම එක් සත්ත්වයෙකුගේ පියා නොවූ, සහෝදර නොවූ, සහෝදරි නොවූ, දූ නොවූ, පුත් නො වූ භාර්යා නො වූ එක් සත්ත්වයෙක් නැත්තේ ය. (එහෙයින් සතුරු මිතුරු වූද දුප්පත් පොහොසත් වූ ද සියලුදෙන කෙරෙහි මොවුහු සංසාරයෙහි දී අපගේ මව්පියෝ වූහ. අපගේ නෑදෑ මිත්‍රයෝ වූහ. අපට උපකාර කරන්නෝ වූහ” යි සිතා මෛත්‍රී වැඩිය යුතු.)

    එක් පුරුෂයෙකුගේ අඹු නො වූ යම් ස්ත්‍රියක් නැත්තීය. එක් ස්ත්‍රියකගේ සැමි නො වූ යම් පුරුෂයෙක් නැත්තේය. එක් සත්ත්වයකුගේ කුසෙහි නූපන් යම් සත්ත්වයෙක් නැත්තේය. හැම සතුන්ගේ ම කුස නූපන් එක ම සතෙකුදු නැත්තේය. ස්ත්‍රී නො වූ පුරුෂයෙක් හෝ පුරුෂයෙක් නොවූ ස්ත්‍රීයක් හෝ නොමැත්තේ ය. (එහෙයින් දිළිඳු වූ විරූප වූ මනුෂ්‍යයන් දැක අපිදු සංසාරයෙහි දී මෙබන්දෝ වීමුයි සිතා ඔවුන්ට අවමන් නො කට යුතු, ධනවත් වූ රූපසම්පන්නයන් දැක අපිදු සංසාරයෙහි දී මෙබන්දෝ වූවෙමු යි සිතා ඒ ගැන සිත නො ඇලවිය යුතු)

    “එ ක ම සතෙකු තම මව් මළ දුක ටා
    වෙ න ම හැඬූ කඳුළේ බිඳු වල ටා
    මෙ හැ ම මුහුදු දිය අඩුවන කල ටා
    ත ව ම සසර ආලය ඇයි තොප ටා

    මෙතරම් විශාල වූ මහා පෘථිවියෙහි එක් සත්ත්වයෙක් නො හුන් තැනක් නො සිටි තැනක් නො නිදි තැනක් නැත්තේය. ඒ එසේ මැයි උපසාළහක නම් බමුණෙක් මිනී නොදවන ලද තැනක් සොයන විට ඒ බමුණා උපසාළහක යන නාමයෙන් ම ඒ ස්ථානයෙහිම තුදුස් දහසක් (14000) ක් ජාතියෙහි දවන ලද බව සර්වඥයන් වහන්සේ

    උපසාළහක නාමානං සහස්සානි චතුද්දස,
    අස්මිං පදෙසේ දඩ්ඪානි නත්ථි ලෝකෙ අනාමතං

    යන මේ ගාථාවෙන් දැක්වූ සේක. උපසාළහක යන නම් ඇත්තා වූ තුදුස්දහස් දෙනෙක් මේ ස්ථානයෙහි දවන ලදහ, මේ ලෝකයෙහි මිනී නො දවන ලද තැනක් නැත්තේ ය යනු මෙහි භාවයයි. මේ තරම් විශාල ආකාශයෙහි එක් සතෙකු විසින් නොයන ලද මගක් නැත්තේ යයි ද වදාළ සේක. තවද අධ¢පූඤ්ඤඡ සූත්‍රයෙහි දී

    එකසේසකෙන කපේපන පුග්ගලස්සඞිසඤ්චයො
    සියා පබ්බතසමො රාසි ඉති වුත්තං මහෙසිනා

    යනාදියෙන් එක් කල්පයකදී එක් පුද්ගලයකුට ඇතිවූ ඇටසැකිලි රාශිය රජගහ නුවර සමීපයෙහිවූ වේපුල්ල නම් මහාපර්වතයටත් වඩා විශාල වේ යයි දක්වන ලදී. මේ සත්ත්වයන් ගව හුරු මිනිස් ආදී ඇට ඇතියන්ව උපදනා ජාතිවලට වඩා ඇට නැති පණුවන් ගැඩවිල්ලන් ආදීන්ව උපදනා ජාතිහු ම අධික වෙත්. එසේ ඇට නැතිව උපන් ජාතින්හි ඇතිවූ ඇටසැකිලි රාශිය යම්කිසිවෙක් එකතුකොට තැබීනම් එකතු කරන ලද ඇටසැකිලි ද විනාශ නො වූවානම් එක් කල්පයක් තුළ දී ඒ ජාතිවල උපන් එකම සත්ත්වයකුගේ ඇටසැකිලි රාශිය වේපුල්ල පර්වතයට වඩා විශාල වේ යයි දක්වන ලද හෙයින් අනාදිමත් සංසාරයෙහි ප්‍රමාණ කළ නොහැකි කලාපවලදී මේ සත්ත්වයන්ට ඇතිවූ ඇට රාශිය පෙමණ වේ යයි ප්‍රමාණ කළ නොහැක්කේම ය.

    බුද්ධදේශනාවෙහි උපමා ස්වල්පකොට දක්වන හෙයින් එක් කල්පයක දී ඇති වූ ඇටසැකිලි රාශිය වේපුල්ල පර්වත සියයකටත් වඩා අධික වේ යයි අටුවාවෙහි දක්වන ලදී. මෙසේ සත්ත්වයන් විසින් අනන්ත කාලයක් මුළුල්ලෙහි අප්‍රමාණ දුක්විඳින ලද බැව් සලකා සියල්ලන් විසින් ම පින් කිරීමෙහි පමාවීම යුතු නො වේ.

    තෙ රව සසර සයුරෙන් තොප නොල සා
    ති රව ලබන මොක් සිරිසැප සක සා
    තොරව පවින් නිතරම මුනි බණ සා
    ක රව කුසල් විරිය පසු නො බැ සා

    සංසාරයාගේ දීර්ඝතාවය සැකෙවින් මෙසේ දත යුතු.
    .
    ------ Post added on Sep 29, 2022 at 9:37 AM
     
    • Like
    Reactions: Cypress