අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?


    අපට මහ බැංකුවක් අවශ්‍ය ඇයි ?
    ඕනෑම රටක සමස්ත මිල මට්ටම හා මූල්‍ය පද්ධතිය ස්ථායීව පවත්වාගෙනයාම කල්පවත්නා දිගු කාලීන ආර්ථික වර්ධනය සඳහා පුර්ව අවශ්‍යතාවයකි. මෙම අරමුණු ළඟාකර ගැනීම සඳහා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත්, බැංකු සඳහා විචක්ෂණශීලි නියාමන හඳුන්වාදීමත් උදෙසා බලය සහිත ස්වාධීන ආයතනයක් අවශ්‍යය.
    dot_grey.jpg
    මහ බැංකුවේ අයිතිය කාටද ?
    මහ බැංකුවේ අයිතිය ශ්‍රී ලංකා රජය සතු වුවද, මහ බැංකුව අයවැය සහ මුදල් ප්‍රතිපත්ති (රජයේ අදහස් විමසමකින් තොරව සුදුසු මූල්‍ය ප්‍රතිපත්ති තීරණ ගත හැකිය) සම්බන්ධයෙන් ස්වාධීනත්වයක් බුක්ති විඳිනු ලබන (පාර්ලිමේන්තුව මඟින් අනුමත කිරීම අවශ්‍ය නැත) ආයතනයකි.
    dot_grey.jpg


    මහ බැංකුව වාණිජ බැංකුවකින් වෙනස් වන්නේ කෙසේ ද ?


    ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අධිකාරිය හා මූල්‍ය පද්ධතියේ නියමුවා වශයෙන් වාණිජ බැංකුවල බැංකුව ලෙස ක්‍රියාකරයි. එය මූල්‍ය පද්ධතිය සඳහා සංචිත සපයයි. වාණිජ බැංකු යනු ඔවුන්ගේ ගණුදෙනුකරුවන් සඳහා ජංගම ගිණුම් පවත්වාගෙන යාම සහ සියලුම වාණිජ බැංකු සේවා පවත්වාගෙන යාමට බලය ඇති ආයතනයන්ය.
    dot_grey.jpg

    මුදල් මණ්ඩලය යනු කුමක් ද?

    මුදල් මණ්ඩලය යනු මහ බැංකුවේ කළමනාකරණය, ක්‍රියාකාරීත්වය සහ පරිපාලනය පිළිබඳ වගකීම් සහිත ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය සහිත ඉහළම ආයතනය වේ.
    dot_grey.jpg


    ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවට මුදල් මණ්ඩලය ස්ථාපනය කර ඇත්තේ ඇයි ?

    ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමට පදනම් වු ජෝන් එක්ස්ටර් වාර්තාව අනුව මුදල් මණ්ඩලයක් ස්ථාපිත කළ යුතු වු අතර නීතිමය බලතල සහිත පුද්ගලයන්ගෙන් සමන්විත මණ්ඩලයක් ස්ථාපිත කිරීම ආයතනයක් ස්ථාපිත කිරීමට වඩා සුදුසු වු හෙයින් මුදල් මණ්ඩලය ස්ථාපිත කළ යුතු විය. තව ද එය ස්ථිර අනුප්‍රාප්තිකයෙකු සහිතව පරිපාලනය කරනු ලැබේ.
    dot_grey.jpg


    මුදල් මණ්ඩලයට ඇතුළත් කවුද ?
    ඔවුන් පත් කරන්නේ කෙසේ ද ?
    1950 දී මහ බැංකුව ස්ථාපිත කළ අවස්ථාවේදී එය සාමාජිකයින් තුන්දෙනෙකුගෙන් සමන්විත විය. එනම්,
    -නිල වශයෙන් මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති-මුදල් විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් සහ-තුන්වන සාමාජිකයා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබනු ලැබේ2002 දෙසැම්බර් 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2002 අංක 32 දරන මුදල් නීති සංශෝධන පනතේ සංශෝධිත 8 ඇ වගන්තිය අනුව මුදල් මණ්ඩලයේ සහභාගිත්වය වඩා පුළුල් කිරීම සඳහා සාමාජික සංඛ්‍යාව 5 දක්වා වැඩිකරන ලදි. එනම්-මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති,-මුදල් අමාත්‍යාංශයේ ලේකම්-මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය සහ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් තිදෙනෙක් ද වශයෙනි.

    ව්‍යවහාර මුදල්

    dot_grey.jpg
    ශ්‍රී ලංකාව තුල ව්‍යවහාර මුදල් (කාසි හා නෝට්ටු) නිකුත් කිරීමේ අධිකාරීමය බලය දරන්නේ කුමන ආයතනය ද?
    1949 අංක 58 දරණ මූල්‍ය නීති පනතේ 49 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට ශ්‍රී ලංකාව තුල නිත්‍යානුකූල ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ ඒකාධිකාරී බලය පැවැරී ඇත.


    dot_grey.jpg
    දැනට සංසරණයේ පවතින්නේ කුමන අගයන්ගෙන් යුක්ත කාසි හා නෝට්ටු වර්ගද?
    වර්තමානයේ රු. 5000,රු. 2000, රු. 1000, රු. 500, රු. 200, රු. 100, රු. 50, රු. 20 සහ රු. 10, රු. 5, රු. 2 සහ රු. 1 වටිනාකමින් යුත් නෝට්ටු සහ (දැනට රු. 10,රු. 5, රු. 2, සහ රු. 1 නෝට්ටු වෙනුවට කාසි හඳුන්වා දී ඇත) රු. 10, රු. 5, රු. 2-, රු. 1, සත 50, සත 25, සත 10, සත 05, සත 02 සහ සත 01 වටිනාකම්වලින් යුත් කාසි වර්ග සංසරණයේ පවතී. කෙසේ වුවද රුපියල් 5, රුපියල් 2 සහ රුපියල් එක වටිනාකම් සහිත නෝට්ටු සංසරණයේ දැකිය හැක්කේ කලාතුරකිනි. (කාසි සහ නෝට්ටුවල ඡායාරූප සහිත අන්තර්ජාල පිටුවට සම්බන්ධ කරන්න). තවද රු. 200 ක වටිනාකමින් යුත් සමරු නෝට්ටුවක් ද නිකුත් කර ඇත..

    dot_grey.jpg
    දැනට සංසරණයේ පවතින කාසි සහ නෝට්ටු ප්‍රමාණය කොපමණද?
    2010 දෙසැම්බර් මාසය අවසානය වන විට සංසරණයේ පැවතියේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 249.9 ක වටිනාකමින් යුතු නෝට්ටු මිලියන 746 ක් සහ රුපියල් බිලියන 5.67 ක වටිනාකමින් යුත් කාසි මිලියන 3996 කි.


    dot_grey.jpg
    මුදල් නෝට්ටු අතරින් පොදුවේ වැඩියෙන් සංසරණය වන නෝට්ටු වර්ග මොනවාද?
    ප්‍රධාන වශයෙන් රුපියල් 10 සහ රු. 100 නෝට්ටු වැඩියෙන් සංසරණය වන අතර 2010 දෙසැම්බර් මස අවසානය වන විට රු. 10 නෝට්ටු මිලියන 185.6 ක් ද රු. 100 නෝට්ටු මිලියන 133.3 ක් ද සංසරණයේ පැවතිණ.


    dot_grey.jpg
    මුදල් නෝට්ටු සහ කාසි සංසරණය සඳහා නිකුත් කරන්නේ කෙසේද?
    ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සංසරණයට (මහජනතාව අතට) නිකුත් කරන්නේ වාණිජ බැංකු මගින් සහ ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වාගෙන යන නෝට්ටු හා කාසි හුවමාරු කවුන්ටර් මගිනි.

    dot_grey.jpg
    සංසරණයේ පවතින කාසිවල ප්‍රධාන ලක්ෂණ මොනවාද?
    මුදල් නෝට්ටු සහ කාසිවල ප්‍රධාන ලක්ෂණ පහත වගුවේ සඳහන් වේ.
    වර්ගයබර(ග්‍රෑම්)වර්ෂයහැඩයවිෂ්කම්භය (මිලි මීටර්)
    රුපියල් 10
    8.35
    2010
    පැති එකොළහක් සහිත
    26.40
    රුපියල් 10
    9.00
    1998
    වටකුරු
    27.00
    රුපියල් 5
    9.50
    2005 පෙර
    වටකුරු
    23.50
    7.70
    2005 සිට
    රුපියල් 2
    8.25
    2005 පෙර
    වටකුරු
    28.50
    7.00
    2005 සිට
    රුපියල් 1
    7.13
    2005 පෙර
    වටකුරු
    25.40
    3.65
    2005 සිට
    20.00
    සත 50
    5.51
    2005 පෙර
    වටකුරු
    21.46
    2.50
    2005 සිට
    18.00
    සත 25
    3.24
    2005 පෙර
    වටකුරු
    18.03
    1.68
    2005 සිට
    16.00
    සත 10
    1.30
    1991
    බීක්කු සහිත
    පිටතින් බීක්කු දෙකක් අතර
    23.11

    සහ
    ඇතුලතින බීක්කු දෙකක් අතර
    20.96
    සත 05
    1.00
    1991
    චතුරශ්‍රාකාර
    මුළු අතර
    21.46

    සහ
    පැති අතර
    18.24
    සත 02
    0.78
    1978
    බීක්කු සහිත
    පිටතින් බීක්කු දෙකක් අතර
    18.42

    සහ
    ඇතුලතින බීක්කු දෙකක් අතර
    17.02
    සත 01
    0.70
    1994
    වටකුරු
    16.00

    dot_grey.jpg
    මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිතා කරන කඩදාසි වර්ගයේ විශේෂත්වය කුමක්ද?
    මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ 100% කපු මිශ්‍ර පල්පයකිනි. එබැවින් ස්පර්ශයේදී නෝට්ටුවේ රළු බවක් දැනේ. කෙසේ වුවද රුපියල් 200 සමරු නෝට්ටුව මුද්‍රණය කර ඇත්තේ පොලිමර් වලිනි.

    dot_grey.jpg
    මුදල් නෝට්ටුවක ආයු කාලය කොපමණද?
    එක් එක් වර්ගයේ නෝට්ටු වලින් ලබාගත් නියැදි පරීක්ෂාවෙන් ලබාගත් දත්ත අනුව ගණනය කරන ලද නෝට්ටුවල ආයු කාලය පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ.
    නෝට්ටු වර්ගය
    ආයු කාලය (මාස)
    රු. 10/-
    20-25
    රු. 20/-
    25-30
    රු. 50/-
    35-40
    රු. 100/-
    45-50
    රු. 500/-
    55-60
    රු. 1000/-
    80-85

    dot_grey.jpg
    කාසියක ආයු කාලය කොපමණද?
    නිෂ්පාදනය සඳහා භාවිතා කරන ලෝහය අනුව කාසියක ජීව කාලය වෙනස්වන අතර එය සාමාන්‍යයෙන් වර්ෂ 15 සිට 35 දක්වා වේ.

    dot_grey.jpg
    ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා නෝට්ටු මුද්‍රණය සහ කාසි ටංකනය(මුද්‍රණය ) කරනු ලබන්නේ කුමන ආයතන ද?
    නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ බියගම පිහිටි ඩි ලා රූ ලංකා පුද්ගලික සමාගම මගිනි.
    කාසි ටංකනය සිදු කරනු ලබන්නේ එක්සත් රාජධානියේ පිහිටි රෝයල් මින්ට් ආයතනය (රාජකීය ටංකනය) මගිනි.

    dot_grey.jpg
    අව්‍යාජ මුදල් නෝට්ටුවක්, ව්‍යාජ (හොර) නෝට්ටුවකින් වෙන් කර හඳුනා ගන්නේ කෙසේද?
    ව්‍යාජ නෝට්ටු මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සියලුම මුදල් නෝට්ටු ඉතා උසස් ආරක්ෂණ සලකුණු ඇතුලත් කරමින් මුද්‍රණය කරනු ලැබේ. ව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීමට සහායවීම සඳහාත්, ව්‍යාජ නෝට්ටු ලැබුනු විට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහාත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත් පත්‍රිකා සකස් කර ඇත. ව්‍යවහාර මුදල් නෝට්ටුවක දැකිය හැකි ප්‍රධාන ආරක්ෂිත සලකුණු වනුයේ :-

    • ආරක්ෂණ නූල
    • දිය සලකුණ
    • විනිවිද පෙනෙන සලකුණු
    • නෝට්ටු මුද්‍රිත කඩදාසිය
    • උස්වූ මුද්‍රණ (Intaglio Printing)
    • ක්ෂුද්‍ර අක්ෂර
    • වැර ගැන්වූ කොන් සහිත දිය සලකුණ ආදියයි
    dot_grey.jpg
    ව්‍යාජ නෝට්ටුවක් ලැබුනු අවස්ථාවක දී ඔබ කළ යුත්තේ කුමක් ද?
    ව්‍යාජ නෝට්ටුවක් කිසිම ආකාරයේ ගණුදෙනුවක් සඳහා භාවිතා නොකළ යුතු වේ. ව්‍යාජ නෝට්ටුවක් ගණුදෙනු සඳහා හිතාමතා යොදා ගැනීම බරපතල වරදක් වන අතර සිර දඩුවම් ලැබීමට, දඩයකට යටත් වීමට හෝ ඒ දෙකටම යටත් විය හැකි වරදකි. යම් තැනැත්තෙකු ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගත් විට ඔහු හෝ ඇය එය භාර ගැනීමෙන් වැලකිය යුතුය. යම් පුද්ගලයෙකු නොදැනුවත්වම ව්‍යාජ නෝට්ටුවක් අතට පත්වී ඇත්නම් වහාම එය තමා වෙත ලැබුන ආකාරය පිළිබඳ විස්තර දක්වමින් ලඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතුය.


    dot_grey.jpg
    භාවිතයට නුසුදුසු නෝට්ටුවක් ‍යනු කුමක්ද?
    වලංගු නෝට්ටුවක්, භාවිතය නිසා ඉරී යාම, අපිරිසිදුවීම, දිරාපත්වීම, නෝට්ටුව මත යම් යම් දේ ලියා තිබීම නිසා හඳුනා ගැනීම අපහසු වීම, සංසරණයේ දී සිදුවන සුලු හානිවීම් හා හිතාමතා විකෘති කිරීම ආදිය මගින් භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් නෝට්ටු භාවිතයට නුසුදුසු නෝට්ටු ලෙස සැලකේ. මේවා කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.: -
    සේවා අනිසි නෝට්ටු හා පලුදු (විකල) වූ නෝට්ටු
    “සේවා අනිසි නෝට්ටු”
    වලංගු මුදල් නෝට්ටුවක් සංසරණය වීම හේතුවෙන් අපිරිසිදු වීම, ඉතාමත් තදින් කිලිටිවීම, දිරාපත් වීම මගින් සේවා අනිසි නෝට්ටු බවට පත්වේ. එහෙත් එය විකල වූ නෝට්ටුවක් ලෙස නොසැලකේ.
    “විකල වූ නෝට්ටු”
    දිරාපත්වීම නිසා එහි කොටස් අඩුවීමෙන් සම්මත ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් කුඩාවීම, ස්වරූපය වෙනස්වීම, පිලිස්සීම, තදින් කිලිටිවීම, කැඩීයාම, ඉරීයාම සහ හිතාමතා විකෘති කිරීම හෝ හදිසි අවස්ථාවන් හේතුවෙන් හෝ විවිධ ස්වාභාවික විපත් හේතුවෙන් ආරක්ෂක සලකුණු, නෝට්ටුවේ දිනය, අනුක්‍රමික අංකය හා අත්සන් ආදියට හානි සිදුවී ඇති අබලන් තත්ත්වයට පත් වූ නෝට්ටු විකලවු නෝට්ටු ලෙස සැලකේ.

    dot_grey.jpg
    සේවා අනිසි නෝට්ටුවක් හෝ විකල නෝට්ටුවක් ලැබුනු අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද?
    සේවා අනිසි නෝට්ටුවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ඉදිරිපත් කිරීමෙන් එහි වටිනාකම හෝ අර්ධ වටිනාකම ලබාගත හැක. විකල වූ නෝට්ටුවක කොටස් අඩු වී ඇත්නම්, අදාල නෝට්ටු වර්ගයේ සම්මත ප්‍රමාණයට සැකසු කඩදාසියක මුහුණත ඉදිරියට වන සේ අලවා, ලියා පදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවීමෙන් එහි තක්සේරු කරන ලද වටිනාකම ලබා ගත හැක.
    ව්‍යවහාර මුදල් අධිකාරී,
    ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා මහ බැංකුව,
    ජනාධිපති මාවත
    කොළඹ 01.

    මීට අමතරව, සේවා අනිසි හෝ විකල වූ නෝට්ටු සදුදා සිට සිකුරාදා දක්වා (රජයේ නිවාඩු දින හැර) පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ කවුන්ටර් අංශය වෙත ඉදිරිපත් කළ හැක.:
    කවුන්ටර් අංශය,
    4 වන මහල, 5 වන කුළුන,
    ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල,
    ශ්‍රී ලංකා මහ බැංකුව,
    ජනාධිපති මාවත
    කොළඹ
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    01.
    dot_grey.jpg
    විකෘති වූ මුදල් නෝට්ටු වාණිජ බැංකුවලින් මාරුකර ගත හැකිද?
    වාණිජ බැංකුවලින් මාරුකර ගත නොහැක. කෙසේ වුව ද වාණිජ බැංකු වලට විකල නෝට්ටු තැන්පතු වශයෙන් හෝ වටිනාකම පසුව ගෙවීම සඳහා භාර ගත හැකි අතර එම නෝට්ටු සඳහා ගෙවිය හැකි වටිනාකම තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ හැකිය.

    පලුදු වූ/විකෘති වු නුසුදුසු නෝට්ටුවල මුහුනත වටිනාකම සම්පූර්ණයෙන් ලබා ගත හැකිද?
    පලුදු වූ/විකෘති වූ නෝට්ටුවක ¾ කට වැඩි පුමාණයක් සහ ඉංග්‍රිසී උපසර්ගය සහිත අනුක්‍රමික අංකයේ ඉලක්කම් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති නෝට්ටු සඳහා ඒවායේ මුහුනත වටිනාකම සම්පූර්ණයෙන් ලබා ගත හැක. නෝට්ටුවක ප්‍රමාණය එහි සම්මත ප්‍රමාණයෙන් ½ කට වැඩි එහෙත් ¾ අඩුවෙන් සහ නෝට්ටු කොටස තනි තැබැල්ලක් වනසේ අනුක්‍රමික අංකය සම්පූර්ණයෙන් ඇත්නම් එම නෝට්ටු සඳහා මුහුනත වටිනාකමෙන් අඩක් ලබා ගත හැක. කෙසේ වුවද පලුදුවූ/විකෘතිවූ නෝට්ටුවක් සඳහා ගෙවිය හැකි වටිනාකම තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ පලුදු නෝට්ටු සඳහා ගෙවීමේ අධිකාරිමය බලය ලත් නිලධාරියාගේ අභිමතය පරිදි වේ.
    dot_grey.jpg


    භාවිතයට නුසුදුසු/විකල වූ නෝට්ටු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන ක්‍රියාමාර්ග කුමක් ද?

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාවිතයට නුසුදුසු නෝට්ටු සංසරණයෙන් ඉවත් කර යන්ත්‍ර මගින් කපා විනාශ කර දමනු ලබයි.

    dot_grey.jpg
    මුදල් නෝට්ටුවක් හිතාමතා විකෘති කිරීම හෝ විකල කිරීම සම්බන්ධයෙන් යම් රෙගුලාසි පවතින්නේද?
    ඔව්. මුදල් නීති පනතේ අංක 58 දරණ වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව, යම් තැනැත්තෙකු විසින් සිදු කරනු ලබන පහත සඳහන් ක්‍රියාවන් හේතුවෙන් ඔහු වරදකරුවකු කළ හැකිය,
    • මුදල් නෝට්ටුවක් කැපීම, සිදුරු කිරීම, හෝ වෙනත් මොනයම් ආකාරයකින් හෝ විකල කිරීම;
    • මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, ඇලවීම, ඇඳීම හෝ මුද්‍රා තැබීම;
    • මුදල් නෝට්ටු මත යමක් ඇමිණීම හෝ ඇලවීම කුමන ආකාරයකින් හෝ ප්‍රචාරාත්මක කටයුතු සඳහා යොදා ගැනීම.
    dot_grey.jpg
    ආභරණ හෝ වෙනත් දෑ සෑදීම සඳහා වලංගු කාසි භාවිතා කළ හැකිද?
    නොහැක. මුදල් නීතී පනතට අනුව ශ්‍රී ලංකාවේ වලංගු කාසියක් උණු කිරීම, කැඩීම, සිදුරු කිරීම, විකල කිරීම හෝ නිත්‍යානුකූල ගනුදෙනු සඳහා හැර වෙනත් කිසිම කටයුත්තක් සඳහා යොදා ගැනීම දඞුවම් ලැබිය හැකි වරදකි.‍‍

    dot_grey.jpg
    ව්‍යවහාර මුදල් නෝට්ටුවක් අනුකරණය කළ හැකිද?
    නොහැක. මුදල් නිතී පනතේ අංක 58 (D) වගන්තිය අනුව මුදල් මණ්ඩලයේ අවසරයකින් තොරව ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ඡායා පිටපත් කිරීම, ස්කෑන් පිටපත් ලබා ගැනීම, ඇඳීම ආදියෙන් හෝ වෙන කුමන ආකාරයකින් ප්‍රති නිෂ්පාදනය කිරීම දඞුවම් ලැබිය හැකි වරදකි.‍‍

    dot_grey.jpg
    ව්‍යවහාර මුදල් නෝට්ටු මෝස්තර නිර්මාණය කිරීමේදී ඒ සඳහා සලකා බලනු ලබන අංග මොනවාද? ඒවා තීරණය කරනු ලබන්නේ කවුරුන් විසින් ද?
    ව්‍යවහාර මුදල් නෝට්ටු මෝස්තර නිර්මාණය, නිෂ්පාදනය හා නිකුත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති වගකීමකි. නෝට්ටු මෝස්තර නිර්මාණය තීරණය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගේ අදහස් සහ යෝජනාද සලකා බලනු ලබයි. මුදල් නීති පනතේ අංක 53 අනුව නෝට්ටුවේ පිරිවිතරයන් සම්බන්ධයෙන් මුදල් ඇමතිතුමාගේ අනුමැතිය ලබා ගත යුතුවේ.

    ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් විකාශය පිළිබඳ ඵෙතිහාසික තොරතුරු ලබා ගත හැක්කේ කෙසේද?
    ව්‍යවහාර මුදල් සම්බන්ධයෙන් ඵෙතිහාසික තොරතුරු පහත සඳහන් ආකාර වලින් ලබා ගත හැකිය.
    i) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පහත සඳහන් ලිපිනයන්හි කෞතුකාගාර දෙකක් පිහිටුවා ඇති අතර එම ස්ථාන වලින් මහජනතාවට අවශ්‍ය ඵෙතිහාසික තොරතුරු හා ප්‍රකාශන ලබා ගත හැක.
    ව්‍යවහාර මුදල් කෞතුකාගාරය,
    බැංකු අධ්‍යයන කේන්ද්‍රය,
    අංක 58, ශ්‍රී ජයවර්ධනපුර මාවත,
    ශ්‍රි ලංකා මහ බැංකුව,
    රාජගිරිය.

    මුදල් කෞතුකාගාරය,,
    ප්‍රාදේශීය කාර්යාලය,
    ශ්‍රී ලංකා මහ බැංකුව,
    පළමු වන පියවර,
    අනුරාධපුරය.

    ඊට අමතරව පහත සඳහන් ස්ථානයෙන් හා අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගත හැක:www.museum.gov.lk

    ජාතික කෞතුකාගාරය,
    ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
    සර් මාකස් ප්‍රනාන්දු මාවත
    කොළඹ 7.

    ii) පහත සඳහන් ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශන වලින් ද තොරතුරු රැස් කර ගත හැක.
    1.ටී.එම්.යූ සලේ මහතා විසින් රචිත "Sri Lanka Currency in Recent Times"
    2.එච්.එස්. ද සිල්වා මහතා විසින් රචිත "History of Coins and Currency in Sri Lanka"
    3.යසපාල පෙරේරා මහතා විසින් රචිත හොර නෝට්ටු හඳුනා ගනිමු

    (ඉහත සඳහන් අංක 3 දරණ ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුවෙන් මිලදී ගත හැක.)
    “මුදලේ ඉතිහාසය සහ ශ්‍රී ලංකා සමරු කාසි විස්තර අඩංගු අත් පත්‍රිකාව”හා ව්‍යවහාර මුදල් සම්බන්ධ අත් පත්‍රිකා ශ්‍රී ලංකා මහ බැංකු කෞතුකාගාරවලින් ලබා ගත හැක.



    මුදල් ප්‍රතිපත්තිය(මේගැන ලිපියක් දානම් ,මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලිපියක් නිසා කරුණු දාන්නේ නැ )

    dot_grey.jpg
    මුදල්(මුල්‍ය ) ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ කවුද ?
    මුදල් ප්‍රතිපත්තිය යනු වියදම හා මුදල් සැපයුම (උදාහරණ : පොලී අනුපාතිකය හා ණය සැපයීම) නියාමනය කිරීම මඟින් දේශීය ආර්ථිකයේ මිල ස්ථායීතාවය ළඟාකර ගැනීමයි. ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම සහිත අධිකාරිය ශ්‍රී ලංකා මහ බැංකුවයි.


    dot_grey.jpg
    ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්තිය්‍රියාත්ක කිරීම සඳහා යොදාගන්නා උපකරණ මොනවා ද?
    මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් පරාසයක විහිදුනු උපකරණ රැසක් ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවති. ඉන් ප්‍රධාන උපකරණයක් වන්නේ වාණිජ බැංකුවල තැන්පතු වගකීම් සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය යි. එමෙන්ම බැංකු පොලී අනුපාතිකය, විවට වෙළෙඳ කටයුතු, ප්‍රති මූල්‍ය හිඟකම්,වැය මත වන ප්‍රමාණාතම්ක සීමාකිරීම්, පොලී අනුපාත මත වන සීමාවන් සහ ශිෂ්ඨ ප්‍රයෝග පවතින ආර්ථික තත්ත්වයන් හා මූල්‍ය වෙළෙ පොළේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගෙන විශේෂිත අවස්ථාවන්ට ගැලපෙන ලෙස සුදුසු උපකරණ තෝරාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නිදහස ඇත. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ ප්‍රයෝජනයට ‍ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍ය ප්‍රසාරණ වේගයට බලපෑම් කිරීමටත්, එමඟින් ආර්ථිකයේ මූල්‍ය ස්ථායීතාවය වර්ධනය කිරීමටත් හැකියාව ඇත. මෙම ප්‍රතිපත්තිමය උපකරණ මඟින් වියදමට හා මුදල් සැපයුමට බලපෑම් ඇතිකිරිම මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට ක්‍රියාකෙරේ. වර්තමානයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ප්‍රයෝජනයට ගන්නා ප්‍රධාන ආර්ථිකමය උපකරණයන් වන්නේ විවට වෙළෙඳ ‍කටයුතු හා ව්‍යවස්ථාපිත සංචිත වන අතර, පසුගිය දශකය හෝ දෙකේ දී මෙන්ම ප්‍රමාණාත්මක සීමාකිරීම් සහ ප්‍රතිමූල්‍ය පහසුකම් වැනි ප්‍රතිපත්තිමය උපකරණ යොදා ගැනීමෙන් ඈත්වීමේ ප්‍රතිපත්තිය තෝරාගෙන ඇත.
    dot_grey.jpg


    බැංකු අනුපාතකිය යනු කුමක් ද?

    බැංකු පොලී අනුපාතිකය යනු වාණිජ බැංකුවල ද්‍රවශීලතා අවශ්‍යතා සඳහා අවසාන ණය දෙන්නා වශයෙන් මහ බැංකුව විසින් විශේෂිත සුරැකුම් තබාගනිමින් වාණිජ බැංකුවලට ණය ලබාදීමේ පොලී අනුපාතිකය යි.


    dot_grey.jpg
    විවට වෙළෙඳපොළ කටයුතු යනු කුමක් ද ?
    විවට වෙළෙඳ කටයුතු යනු වෙළෙඳපොළ ද්‍රවශීලතාවය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පිළිගත හැකි සුරැකුම් යොදාගනිමින් ක්‍රියාත්මක කරනු ලබන, වෙළෙ පොළ පදනම් කරගත් මූල්‍යමය ක්‍රියාකාරකම් වේ. බැංකුවේ මූල්‍යමය සැලසුම්වලට අනුකූලවන ලෙස ද්‍රවශීලතාවය අඩු හෝ වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ගනු ලබන ක්‍රියාමාර්ග විවට වෙළෙඳවටල කටයුතු ඇතුලත් වේ. මෙම අවශ්‍යතාවය සඳහා වර්ග දෙකක සුරැකුම් භාවිතා කිරීමට හැකියාව ඇත.-රජය හෝ රජය මඟින් ඇප ආවරණ සැපයෙන සුරැකුම් හා-මහ බැංකුවට අයත් සුරැකුම්.

    dot_grey.jpg
    ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පන අනුපාතිකය (SLIBOR)යනු කුමක් ද? (SLIBOR) වන කෙටි යෙදුමෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකා අන්තර් බැංකු අර්පණ අනුපාතිකයයි. (SLIBOR) යනු තෝරගත් වාණිජ බැංකු විසින් විවිධ කල්පිරීම් අනුව ඒක්ෂණ මුදල් වෙළෙඳපොළේ දී අරමුදල් අර්පණය කිරීම සඳහා කැමැත්ත පළකරන ලද පොලී අනුපාතිකවල සාමාන්‍යයයි. මෙම පොලී අනුපාත ඉදිරිපත් කිරීම පදනම් කරගෙන එක් දින, සත් දින, මාසික ත්‍රෛ මාසික, සය මාසික සහ වාර්ෂිකව යන කාල ස හා කල්පිරෙන ලෙස (SLIBOR) ගණනය කර ශ්‍රී ලංකා මහ බැංකුව දිනපතා ප්‍රකාශයට පත් කරනු ලැබේ.

    (මේකෙන් කරන්නේ වාණිජ බැංකු වල වැඩි පුර දින පතා එකතු වෙන සල්ලි ණය ට දෙන්න ගන්න අවස්ථා ව දෙන එක ,,මේක හොද නිසා සමහර බැංකු 1 දවසටත් පොලි දෙන්න පෙලබිලා තිනවා )

    dot_grey.jpg
    විනිමය අනුපාතිකය යනු කුමක් ද?

    විනිමය අනුපාතිකය යනු එක් මුදලක මිල (උදාහරණ : ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර්) වෙනත් මුදල් (ශ්‍රී ලංකා රුපියල) ඒකක මඟින් දැක්වීමයි. විනිමය අනුපාතිකය සෘජුව හෝ වක්‍රව දැක්විය හැකිය. බොහෝ රටවල් සෘජු ක්‍රමය අනුගමනය කරයි. මෙම ක්‍රමය අනුව විදේශ මුදල් ඒකකයක් මිලදී ගැනීම සඳහා කොපමණ දේශීය මුදල් ඒකක හුවමාරැකළ යුතුද යන්න විනිමය අනුපාතිකය මඟින් දැක්වේ. උදාහරණ ලෙස යමෙකු ඇ.එ.ජ. ඩොලර් එකක් ලබාගැනීම ස ඳහා රුපියල් 100 ක් ගෙවිය යුතු නම් සෘජු ක්‍රමයට අනුව ඇ.එ.ජ. ඩොලර් 1= රැ.100 යි. වක්‍ර ක්‍රමයට අනුව විනිමය අනුපාතිකය දැක්වෙන්නේ, දේශීය මුදල් ඒකකයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන විදේශ මුදල් ප්‍රමාණය මඟිනි. ඉහත උදාහරණය ම වක්‍ර ක්‍රමය අනුව රැ.1=ඇ.එ.ජ. ඩොලර් 0.01 කි.

    මූල්‍ය ස්ථායීතාවය

    dot_grey.jpg
    මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු කුමක් ද ?
    මූල්‍ය පද්ධති ස්ථායීතාවය යනු එහි ප්‍රධාන කාර්යයන් වන ඉතිරි කරන්නන්ගෙන් ආයෝජකයන්ට සම්පත් වෙන්කිරීම, අවදානම තුනී කිරීම සහ අවාසිදායක කම්පනයන් හා ආතති ඇතිවිය හැකි අවස්ථාවන් ද ඇතුළත්ව සෑම විටම කාර්යක්ෂමව ගෙවීම් හා පියවීම් කටයුතු කළ හැකිවන පරිදි මූල්‍ය පද්ධතියට ක්‍රියාකළ හැකිවීමයි.

    මුලය පද්ධතියක ප්‍රාධාන කොටස්

    මූල්‍ය ආයතන
    වෙළෙ පොළවල්
    ගෙවීම් පියවීම් පද්ධතිය

    කාර්යක්ෂමව ක්‍රියාත්මක වන අතර, එහිදී බැංකු, මූල්‍ය, ගෙවීම් පියවීම් සම්බන්ධ අර්බුද නොමැත
    .
    dot_grey.jpg
    ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණක් වශයෙන් මූල්‍ය ස්ථායීතාවය පවත්වාගෙන යන්නේ ඇයි ?
    එක් අතකින් මුදල් ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස පවත්වාගෙනයාම සහ ගෙවීම් පියවීම් පද්ධතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරිම සඳහා මූල්‍ය පද්ධති ස්ථායීතාවය අත්‍යවශ්‍ය වේ. අනෙක් අතට මූල්‍ය අස්ථායීතාවය නිසා අධික හානි සහ රාජ්‍ය මූල්‍ය වියදම් මගින් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය අඩු කිරීමට හේතුවේ.
    dot_grey.jpg
    මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වාගන්නේ කෙසේද ?
    අවශ්‍ය නීතිමය රාමුව ස්ථාපනය කිරීම, ප්‍රධාන මූල්‍ය වෙළෙ ඳපොළ නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම, ගෙවීම් පියවීම පද්ධතිය පාලනය කිරීම, අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරිම සහ සමස්ථ මූල්‍ය පද්ධතියම නිරීක්ෂණය කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කිරිම සඳහා වන සිය වගකීම ඉටුකිරිමට කටයුතු කරනු ලබයි.



    රාජ්‍ය ණය සුරැකුම්

    dot_grey.jpg
    විදේශ ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද ණය සුරැකුම් මොනවා ද?
    ශ්‍රී ලංකා රජය මගින් විදේශ ආයෝජකයන් සඳහා වර්ග දෙකක රාජ්‍ය ණය සුරැකුම් නිකුත් කරනු ලැබ ඇත. එනම්
    ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර >>දේශීය භාණ්ඩාගාර බැඳුම්කර >>
    dot_grey.jpg


    දේශීය ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද විකිණිය හැකි ණය උපකරණ මොනවා ද?

    දේශීය ආයෝජකයන් සඳහා විකිණිය හැකි ණය උපකරණ වන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වේ.

    dot_grey.jpg
    දේශීය හා විදේශ ආයෝජකයන්ට ශ්‍රී ලංකා රජය මගින් නිකුත් කරන ලද ණය සුරැකුම් පිළිබඳව වෙළෙඳපොළ තොරතුරු ලබගත හැක්කේ කෙසේ ද ?
    වෙළෙඳපොළ තොරතුරු පුවත්පත් මගින් හා මෙම වෙබ් අඩවි මගින් ලබාගත හැකිය.
    දායක මුදල් ගෙවන්නාට නියමිත කාලය අවසානයේ දී ‍තමාගේ දායක මුදල් ගෙවීම නැවත අළුත් කරගැනීම සඳහා බලාපොරොත්තු වන කාල පරිච්ඡේදය වෙනුවෙන් නියමිත ගාස්තුව නැවත ගෙවීමෙන් කළ හැකිය.


    sr lanka maha bankuwe web side eken gaththe
     
    Last edited:
    • Like
    Reactions: [email protected]

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පට්ට වටිනව මචෝ...:yes::yes::yes:
    රෙප් +

    You must spread some Reputation around before giving it to rocat90 again. :baffled::baffled:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ගොඩක් වටින thread එකක්. උබ මේ සේරම type කරාද ??????????????
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    rs 200 සමරු නොට්ටුවක්ද? මම හිතාගෙන හිටියේ අලුතෙන් අච්චු ගහන්නේ නැතුව ස්වාබවිකවම ව්‍යවහාර මුදල් වලින් ඉවත්වෙන්න සැලස්වුව කියල. ඔය 200 කොලේ අව්රුදු ගානකින් දැක්කේ නෑ මතකවිදියට ඒක ඉටි කොලයක් වගේ සිංහයත් විනිවිද පේනවා මම ඒ කොලේට මාර කැමති
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පට්ට වටිනව මචෝ...:yes::yes::yes:
    රෙප් +

    You must spread some Reputation around before giving it to rocat90 again. :baffled::baffled:

    Thanks
    +rep



    keep tuch macan I put a artical

    ගොඩක් වටින thread එකක්. උබ මේ සේරම type කරාද ??????????????


    rs 200 සමරු නොට්ටුවක්ද? මම හිතාගෙන හිටියේ අලුතෙන් අච්චු ගහන්නේ නැතුව ස්වාබවිකවම ව්‍යවහාර මුදල් වලින් ඉවත්වෙන්න සැලස්වුව කියල. ඔය 200 කොලේ අව්රුදු ගානකින් දැක්කේ නෑ මතකවිදියට ඒක ඉටි කොලයක් වගේ සිංහයත් විනිවිද පේනවා මම ඒ කොලේට මාර කැමති

    good thread....+6



    patta mcn
    එල මචන්ලා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    නියමයි මචන් ගොඩක් ලියලා තියනවනේ :P

    ++
    11.gif
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    සල්ලි අලුතින් මුද්‍රනය කරල ඒවා එලියට දාන්නේ කොහොමද ,සල්ලි ඕන තරම් මුදරනය කරන්න බැරි ඇයි