අපරාධකාරයෙක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නමගිය අපරාධකාරයෙක් ජනාධිපති අපේක්ෂකයකු කිරීම ලැජ්ජයි..! -මංගල





proxy.php


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලේ අලුත් දේශපාලන පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළේය. අපේක්ෂකයා කවුද යන්න ගැන සති ගණනාවක් තිස්සේ ඇසුණු කටකතා ඔහු නොදන්නා බව ඇඟෙව්වේය. මා අවුරුදු ගාණක් තිස්සේ මහින්ද රාජපක්ෂ හොඳින් හඳුනමි. ජනාධිපතිනි කුමාරතුංග යටතේ අපි දෙදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දී ඉතා සමීපව වැඩකර ඇත්තෙමු. අපි එකාවන්ව එක්ව ඡන්ද ව්‍යපාරවල යෙදී ඇතුවා මෙන්ම ඒවා ජයගෙන ඇත්තෙමු. මා ඔහුගේ කැබිනෙට්ටුවේ සේවය කර ඇත්තෙමි.


2006 දී මා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතහැර යනවිට ඔහු මා කලින් දැන සිටියාට වඩා වෙනස් පුද්ගලයෙක් වී සිටියේය. ජනාධිපති වූ පසුව ඔහුගේ ප්‍රමුඛතාවය වූයේ රට නොව සිය පවුල පෝසත්කොට, ආරක්ෂා කොට බලවත් කිරීමයි. එකමත් එක කලක ඔහු මේ රටේ සුනීත පුත්‍රයෙකු වූ අතර ඔහුගේ හදගැස්ම වුණු ජනයාගේ හදගැස්ම හා සමපාත විය.


2015 ජනවාරියේ ලක්ෂ හතරකටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජය වී මැදමුලනට පසුබැසීමෙන් පසු ඔහු සිදු වූ වරද ගැන සිතා බලා ඒවායින් පාඩමක් ඉගෙනගත් බවක් මට නොපෙනේ. රාජ්‍ය යන්ත්‍රණයේ සුක්කානම සිය පවුලේ ඥාතීන්ට බාර දී, ජාතියේ ධන සම්පත් ඔවුන් කොල්ලකද්දී, එමෙන්ම ජනමාධ්‍යවේදීන් සුදුවෑන්වලින් නැවත නොඑන ලෙස කුදලාගෙන යද්දී නිකම් බලා සිටි ඔහු ඒ ගැන පසු තැවෙන්නේ නැද්දැයි මා අසමි. ඔහු සිය දේශපාලන හයිය ගන්නට පළමුව දමිළයන්ට විරුද්ධවත් හා පසුව මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධවත් වෛරය පැතිරවීම ගැන ඔහු පසුතැවෙන්නේ නැද්දැයි අසමි.


2018 ඔක්තෝබරයේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත්කොට බලෙන් රාජ්‍ය බලය පැහැරගත් ඔහු තවමත් පාඩම් ඉගෙනගෙන නැති බව මා තේරුම් ගත්තෙමි. නීතියේ ආධිපත්‍ය ඔහුට තුට්ටුවක් නොවටී.



ප්‍රජාතන්ත්‍රවාදය ඔහුට අනුව වේදිකාවේ සිට තප්පුලන නිකන්ම වචනයක් පමණි. ඔහුට එරෙහිව පාර්ලිමේන්තුව හඬනැගූ විට ඔහු සිය ඇම්බැට්ටයන් ලවා පාර්ලිමේන්තුව විනාශ කිරීමට තැත් කළේය. අවසානයේ ගරු අධිකරණය නිර්භීතව ඔහුට එරෙහිව තීන්දු දුන් විට මහින්ද රාජපක්ෂ සිය කුමන්ත්‍රණය හකුලාගෙන නිහඬ විය.


මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සිටි කාලය තුළ සැබවින්ම ඉගෙන ගත් දේ පිළිබඳ භයානක සත්‍යය අද මට වැටහුණි. ඔහු තම පවුලට ඕනෑවට වඩා බලයක් ලබා දුන් බව ඔහුට දැනෙන්නේ නැත. ඔහු පැහැදිලිවම විශ්වාස කරන්නේ ඔහු තම පවුලට ප්‍රමාණවත් බලයක් ලබා නොදුන් බවයි. ඔහු තවමත් සිය ප්‍රිය මිතුරු ඥාති සමුදාය මේ රටේ මහජන මුදල් මිලියන ගණනින් පැහැරගත් බවක් පිළිනොගනී. තවතවත් මිරිකා සූරා හප කරන්නට මේ රටේ සාරය තවත් ඉතිරිව ඇති බව ඔහු විශ්වාස කරයි. මේ රට තුළ තමා විසින් අසීමාන්තිකව භීතිය වැපිරූ බවක් ඔහු තවමත් නොපිළිගනී. ඔහු අධිකරණයේ ස්වාධීනත්වයට ඕනෑවට වඩා තර්ජනය කිරීම ගැන ඔහු කනස්සල්ලට පත්ව නැත. ඔහු විශ්වාස කරන්නේ අධිකරණයේ කිසිඳු ස්වාධීනත්වයක් ලබා ගැනීමට ඉඩ නොදිය යුතු බවයි.


ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කර, ලසන්ත වික්‍රමතුංග මරා දමා, කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා කොට තවත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයකට වධදුන් ආකාරය ගැන මහින්ද රාජපක්ෂට පසුතැවීමක් නැත. ඉතිරිව සිටින ස්වාධීන මාධ්‍යවේදීන්ට ඔහු ලබා දෙන පණිවිඩය නම් එම අපරාධ කළ පුද්ගලයාට මඟ හරස් කළොත් ඔවුන්ට ද එම ඉරණම නියත බවයි.


මහින්ද රාජපක්ෂ උගෙන ඇති පාඩම් එලෙසය. එසේ නොවුවා නම් ඔහු අද දින අධිකරණ දෙකක ඇසෙන නඩු දෙකක විත්තිකරු වී සිටින පුද්ගලයෙකු සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නේ නැත. එම නඩු දෙකෙහි චෝදනා නම්, එකක් රුපියල් බිලියන එකොළහක මූල්‍ය දූෂණයකි. අනික සිය දෙමව්පියන්ගේ පිළිම ඇඹීමට බදු ගෙවන ජනතාවගේ මුදලින් රුපියල් බිලියන තිස්හතක් හොරා කෑමය. එසේ නොවුනිනම් මාධ්‍යවේදීන් මරා දැමීම ගැන කාලකන්ණි සන්තෝෂයක් ලබා සැබෑ යුධ වීරයෙකු වන සරත් ෆොන්සේකා මහතාව දඟගෙයි දැමීමෙන් සිය මනාපයට අනුව අධිකරණය නම්මවා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන්නේ නැත.


අවුරුදු පහක් විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂ ජනතාවට දුන් පණිවිඩය නම්, ඔහුගේ සහෝදරයෙකු ජනාධිපති විය යුතු බවත්, ඔහුම අගමැති විය යුතු බවත්, තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, සිව්වන සහෝදරයා ආර්ථිකය භාරව සිටින බවත්, ඔහුගේ පුතා ඔහු තෝරාගත් අනුප්‍රාප්තිකයා ලෙස අප දැනගත යුතු බවයි. එනම් මහින්ද රාජපක්ෂගේ සිහින තුළ ඇත්තේ ශ්‍රී ලංකාවත්, එහි භූමියත් ජනතාවත් රාජ්‍යපක්ෂ පවුලේ බූදලයක් බවය.



අවාසනාවට අපේ රටේ ආගමික හා ජනවාර්ගික සුළුතරයට වෛර කරන යම් පිරිසක් මේ අටේ ජීවත් වේ. ඔවුනට රාජපක්ෂ පවුලේ චින්තනය ආකර්ශනීය වී ඇත. දෙමළ, මුස්ලිම්, කිතුනුවන් සහ වෙනත් අයට තෙවන පන්තියේ පුරවැසියන් ලෙස ජීවත් වීමට බල කෙරෙන තාක් කල් ඔවුන් රාජපක්ෂ පවුල් රාජවංශයක දෙවන පන්තියේ පුරවැසියන් වනු ඇත. අනෙක් පිරිසට හුදු කෑදරකම හා අතීත පාපයන්ගෙන් ගැලවී සිටීමට රාජපක්ෂ පිහිටවනු ඇත.


හුදු මැතිවරණ දෘෂ්ටි කෝණයකින් බලන කල, ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ අපේක්ෂකයා කවුරුන්ද යන්න කිසි විටෙකත් වැදගත් නොවීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම ගැන මට ඇති මතය එයයි. පුරවැසියෙකු ලෙස මට ලැජ්ජා හිතෙන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරණයේ ප්‍රධාන තරඟකරුවෙකු ලෙස කටයුතු කරන්නේ අපරාධකරුවෙකු බව පිළිගැනීමට සිදුවීමයි. ඒ පිිළිබඳව මගේ රට වෙනුවෙන් මම පෞද්ගලිකව ලැජ්ජා වෙමි. දිගින් දිගටම අපේක්ෂකයා කවුද යන්න ඇසීමේදී කිසිවෙකු “රාජපක්ෂ පවුලේ කෙනෙක් එයිද?” යන ප්‍රශ්ණය වෙනුවට කවුරුත් ඇසුවේ “මොන රාජපක්ෂද?” යන ප්‍රශ්ණයයි.


සත්‍යය කිව යුතුය. මුළු රාජපක්ෂ වරිගයම නියෝජනය කරන්නේ මැරබලය, දූෂණය, රැවටීම, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් මෙන්ම ස්වාධීන ආයතන කෙරෙහි රොද බැඳගත් වෛරයකි. එහි අපේක්ෂකයා යනු නිකම්ම රූප කායකි. ගෝඨාභය තෝරාගැනීම යනු අළුතින් ඡන්ද එක්කර ගැනීම ගැන ඇතිවූ උද්වේගයක් නොවේ. ඇත්ත යථාර්ථය නම් එවැනි තෝරාගැනීමක් තුළින් ලිබරල් ඡන්ද හා සුළු ජාතික ඡන්ද තවතවත් දුරස්වේ. නමුත් ''ටර්මිනේර්'' කෙනෙකු තෝරාගෙන ඇත්තේ සුවිශේෂී වැඩකටය. මාධ්‍යවේදීන්, පොලිස් නිලධාරීන්, විනිසුරුවරුන් සහ රජයේ සේවකයන්ට සරල පණිවුඩයක් දීමටය. එනම් අපට හරස් කැපුවහොත් අවසානය අතලඟ බව කීමටය.


එය බලාපොරොත්තු සුන්වූ අයෙකු යොදන උපක්‍රමයකි. එය පරාද වී යනු ඇත. දේශපාලනය යනු මැරතන් තරඟයකි. මීටර් සීයකින් තරඟය අවසන් නොවේ. ගමහරහා දුවන විට ඉදිරියෙන්ම පළමුව දිවයන්නා ඉක්මනින් විසිවී යයි. ආධුනිකයෝ එලෙස ඉදිරියටම දිව එයි. මැතිවරණයට මාස කීපයක් තිබියදී මහින්ද රාජපක්ෂ සිය ප්‍රමුඛකතා මොනවාද, සිය හැකියාවන් මොනවාද, ඔහුගේ පාක්ෂිකයන් කවුද යන්න ඇසුවහොත් ඒවාට පිළිතුරු ලබා දී තිබේ. එනම් පළමුවත් දෙවනුවත් තෙවනුවත් රාජපක්ෂ පමණි යන්නයි.


මේ රටේ මීළඟ ජනාධිපති වන්නේ ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනයම් රාජපක්ෂ කෙනෙකු නොවේ. මේ රටේ මීළඟ ජනාධිපති වන්නේ දෑතේ ලේ තවරාගත් අනන්ත මාධ්‍යවේදීන් වධ බන්ධනයට ලක් කළ අපරාධ චෝදනා ඇති අයෙක් නොවේ. අපේ රටේ මීළඟ ජනාධිපති වන්නේ මේ රටේ ඉපදී මේ රටේ හැදී වැඩී මේ රට අතහැර නොගොස් මෙහිම ජීවත් වූ, තවත් රටකට පක්ෂපාතී බවට දිවුරුම් නොදුන් අයෙකි. මීළඟ රටේ ජනාධිපතිවරයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හා අනුබද්ධ පක්ෂ විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාගන්නා අයෙකි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින, අධිකරණයේ ස්වාධීනත්වය සුරකින, රජයේ සේවයකයන්ට ගරු කරන කිසිදු පවුලකට ඉහළන් රටේ පුරවැසියා ඔසවා තබන්නෙකි. අපේ පක්ෂයේ අපේක්ෂකයා රටේ ඊළඟ ජනාධිපතිවරයා වනු ඇත.


අපේ අපේක්ෂකයා කවුද?



අපේ රට පුරා විනිවිදභාවය, නිදහස, මානව හිමිකම් සුරක්ෂිත කරන, එසේම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ බලවේගයන් එක්සත් කරන, ඕනෑම රාජපක්ෂවරයෙකුට හෝ ඔවුන්ගේ සුදු වෑන්වලට එරෙහිව නැගී සිටින, ඒකාධිපති මර්දන හස්තයේ කුරිරු පීඩනයට එරෙහිව ශ්‍රී ලංකා ජනතාව පෙළ ගස්වන ඔහු... නිසැක ජයග්‍රාහකයා වනු ඇත.
 
Last edited:

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නම ගිය අපරාධ කාරයෙක් නම් මේ තරම් කල් පක් ගැහුවද ඔය පොන්නයො උෟව හිරේ දාන්නෙ නැතුව??
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නම ගිය මෝඩයෙක් මේ වගේ දේවල් ගැන අදහස් දැක්වීම ලැජ්ජයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නම ගිය අපරාධ කාරයෙක් නම් මේ තරම් කල් පක් ගැහුවද ඔය පොන්නයො උෟව හිරේ දාන්නෙ නැතුව??
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,750
    113
    නම ගිය අපරාධ කාරයෙක් නම් මේ තරම් කල් පක් ගැහුවද ඔය පොන්නයො උෟව හිරේ දාන්නෙ නැතුව??

    Nama giya aparada kaarayo kawadada nama giya aparada kaarayowa alluwe?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    මංගලත් එක්ක හැමනියන් තෝ වේස කැරි කොටි දෙමළා
     

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    නම ගිය අපරාධ කාරයෙක් නම් මේ තරම් කල් පක් ගැහුවද ඔය පොන්නයො උෟව හිරේ දාන්නෙ නැතුව??
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Nama giya aparada kaarayo kawadada nama giya aparada kaarayowa alluwe?

    හරියටම හරි.. එහෙම ඇල්ලුවොත් ඊළග පාර අනිකට ශොට් එක හම්බෙනවනේ.. ඒක නිස කට්ටිය මාරුවෙන් මාරුවට දෙනව වැඩේ අපේ සල්ලි ටිකට