අපරාධය සහ දඬුවම
1993 පෙබරවාරි මස 13 දින කුඩා දරුවෙක් තම මව සමග වෙලඳසැලක් වෙත පැමිණියා. ඔහුගේ නම ජේම්ස් බල්ගර්. ඔවුන් පැමිනි වෙලඳසැල පිහිටා තිබුනේ එංගලන්තයේ ලිවර්පූල් අසල පිහිටි බූට්ල් නගරයේ. භාණ්ඩ මිලදීගැනීම අතරතුර මවගේ අවධානය දරුවාගෙන් ගිලිහුනේ සුලු මොහොතකටයි. නැවත ඇය තම පුතු සොයනවිට ඔහු අතුරුදහන් වී තිබුනා. එතන් සිට දිගහැරුනේ ඇදහිය නොහැකි තරම් බිහිසුනු සිදුවීම් පෙලක්.
ජේම්ස් බල්ගර්
ළදරු ජේම්ස් පැහැරගෙන තිබුනේ වයස අවුරුදු 10ක් වූ රොබර්ට් තොම්සන් සහ ජොන් වෙනබල්ස් නම් වී කුඩා පිරිමි ළමුන් දෙදෙනෙක්. කුඩා දරුවෙක් පැහැරගැනීමේ අරමුනින් කුරුමානම් අල්ලමින් සිටි ඔවුන්ට ජේම්ස් පහසු ගොදුරක් වුනා. එදා දවසම රොබර්ට් සහ ජොන් කර තිබුනේ පාසලෙන් කට්ටි පැන බෝනික්කෙක්, රසකැවිලි, බැටරි සහ තීන්ත බඳුනක් වැනි දේ සොරකම් කිරීමයි. ඔවුන්ගේ අවසාන සැලසුම වුනේ ළදරුවෙක් පැහැරගෙන අධික වාහන තදබදයක් තිබූ මාර්ගයට තල්ලු කර දැමීමයි. CCTV කැමරාවක ඔවුන් දෙදෙනා ජේම්ස් ව වෙලදසැලෙන් ඉවතට ගෙනයනු සටහන් වී තිබුනා. ඒ පස්වරු 3.42 ට.
ජොන් වෙනබල්ස්
කිලෝමීටර් 4ක් පමණ දුරක් ජොන් සහ රොබට් කුඩා ජේම්ස්ව රැගෙන් ගියා. ලීඩ්ස් සහ ලිවර්පූල් ඇල මාර්ගය වෙත ඔහුව රැගෙන ගිය ඔවුන් ජේම්ස්ව හිස පොලවේ වැදෙන ලෙස තල්ලු කරා. ඔහුව ඇලට දමන බව තර්ජනය කලා. මේ ගමනේදී ඔවුන්ව බොහෝ දෙනා දුටුවත් ඒ කිසිවෙකු මෙයට මැදිහත් නොවුනේ ඔවුන් ජේම්ස් පිරිමි ළමුන්ගේ බාල සොහොයුරෙකු ලෙස සිතූ නිසයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කල අයටද ජොන් සහ රොබට් එම බොරුවම ප්‍රකාශ කලා.
රොබට් තොම්සන්
ඔවුන් ජේම්ස්ව පාලු දුම්රිය මාර්ගයක් අසලට ගෙනගොස් වදදීම ආරම්භ කලා. ඔහුගේ ඇසට ඔවුන් කලින් සොරකම් කල තීන්ත වත් කල ළමෝ ඔහුට ගල් සහ ගඩොල් වලින් පහරදුන්නා. ඔහුගේ මුඛයට බැටරි ඇතුල් කල ඔවුන් එවා ළදරුවාගේ ගුදමාර්ගයටද ඇතුල් කල බව පොලීසිය පසුව කියා සිටියා. අවසානයේ කිලෝ 10ක් යකඩ දණ්ඩක් කුඩා ජේම්ස් ගේ හිස මතට පතිත කෙරුනා. තුවාල 42ක් තිබූ ඔහුගේ මලසිරුරේ මරනීය තුවාල කුමක්දැයි සොයාගැනීමට වෛද්‍යවරුන්ට පවා නොහැකි වුනා.
එතෙකින් නොනැවතුනු ජොන් සහ රොබට් එම සිරුර රේල් පාර මත තබා ඒ මත බර තැබුවා. ඔවුන්ගේ වෑයම වුනේ මෙය දුම්රියේ හැපී සිදු වූ මරනයක් බව පෙන්වීමටයි. දුම්රියට හසුවී දෙකට කැපුනු ජේම්ස් ගේ සිරුර දින 2කට පසු සොයාගැනුනා.
නමුත් අවසානයේ පොලීසිය සත්‍යය හෙලිකරගත්තා. ප්‍රශ්න කිරීමේදී ලමුන් දෙදෙනා ඇත්ත පිලිගත්තා. මහත් ආන්දෝලනාත්මක නඩු විභාගයක් වූ එය අවසානයේ ඔවුන් අවුරුදු 21 වෙන තුරු පරිවාස බාරයට පත් වුනා. එහිදී ඔවුන් පුනරුත්ථාපනයට ලක් කෙරුනා. මෙම අපරාධකරුවන්ගේ නොමේරූ වයස සියල්ලන්ටම විශ්වාස කල නොහැකි තරම් වුවත් බහුතර මතය වුනේ ඔවුන්ට ඊට වඩා බොහෝ දැඩි දඬුවම් ලබා දිය යුතු බවයි. එහෙත් ඔවුන් බාලවයස්කරුවන් නිසා එයට නීතියෙන් ඉඩක් තිබුනේ නැහැ. විනිසුරුවරයා තීන්දුව ලබාදෙමින් කියා සිටියේ මෙය මහත් පිලිකුල්සහගත අපරාදයක් බවයි. නමුත් ජොන්ට සහ රොබට්ට නඩු විභාගයේ භාවිතා වූ වචන පවා තේරුම් ගැනීමට නොහැකි තරම් ඔවුන් ළාබාල වූ අතර විත්ති කූඩුව ඇතුලේ සිටින විට ඔවුන් පිටතට නොපෙනෙන තරම් ඔවුන් කුඩා දරුවන් වූවා. අවසානයේ ජොන් ඉල්ලා සිටියේ ජේම්ස් ගේ මවට තමා සමාව ඉල්ල සිටින බව පවසන ලෙසයි. රොබට් කිසිවක් පැවසුවේ නැහැ.
අවුරුදු 21න් නිදහස් වූ පසුත් ඔවුන්ට සමාජය හා නිදහසේ එක් වීමට නොහැකි වුනේ ඔවුන්ට කෝපයට පත් ජනයාගෙන් හානි සිදුවියහැකි නිසයි. ආණ්ඩුව ඔවුන්ට අලුත් අනන්‍යතා ලබාදී සැඟව සිටීමට පහසුකම් ලබාදුන්නා.
මගේ ප්‍රශ්නය මෙයයි. ඔබේ මතය කුමක්ද? මෙවැනි කුඩා දරුවන් කරන අපරාධ වලදී නීතිය දැඩි දඬුවම් ලබා දිය යුතුද? නැත්නම් ඔවුන්ගේ ළාබාල වයස සලකා බලා ලිහිල්ව ක්‍රියා කල යුතුද? එවැන්නන් පුනරුත්ථාපනය කල හැකිද?
http://en.wikipedia.org/wiki/Murder_of_James_Bulger