අපල නිසා රන් පිලිමය උණු කරයි
ජනපති උණු වෙයි, සභාපති කුණු වෙයි
2011 ජනවාරි 05 වෙනි බදාදා, 17:38
රුපියල් කෝටි 2ක වියදමින් නිර්මාණය කළ ජනාධිපතිවරයාගේ පිළිරුව ඊයේ දිනයේදී නැවත උණු කර ඇති බවද ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අනිල් කොස්වත්ත මහතා එම ධූරයෙන් අද දිනයේ සිට ඉවත්කර ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.
එම ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට තමා ජීවමානව සිටියදී ප්රතිමා නෙලීම අශුභ කටයුත්තක් බවට ජෝතිර්වේදීන් විසින් ජනාධිපතිවරයාට දැනුම්දීමෙන් අනතුරුව මෙම සිදුවීම් සිදුව තිබේ.
පසුගිය දෙසැම්බර් 10 පැවැති "ජුවෙල්ස් ශ්රී ලංකා 2010" ප්රදර්ශණයේදී ජනාධිපතිවරයා වෙත සංකේතාත්මකව වෙනත් තිළිණයක් ප්රදානය කළද ඔහු වෙනුවෙන් නිර්මාණය කළ රන් ප්රතිමාව අනිල් කොස්වත්ත මහතා අරලිය ගහ මන්ධිරයේදී ජනාධිපතිවරයාට භාර ඇත.
නමුත්, ජෝතිර්වේදීන් එය අශුභ කටයුත්තක් බව පෙන්වාදීමෙන් පසුව දැඩි ලෙස කෝපවී ඇති ජනාධිපතිවරයා එම පිළිමය නැවත අනිල් කොස්වත්ත මහතා වෙත යවා ඇත. ඒ අනුව අනිල් කොස්වත්ත මහතා එම පිළිමය ඊයේ (04) පසුවරු 3.48 ට පමණ වැල්ලවත්ත නිත්යකලා ජුවලර්ස් වෙත රැගෙන ගොස් පිළිමය උණු කර එහි ඔබ්බවූ මැණික් සහ රන් වෙන්කර නැවත රැගෙන ගොස් ඇත.
මේ අතර, ජනාධිපතිවරයා වහාම ක්රියාත්මක වන පරිදි අද දිනයේ සිට අනිල් කොස්වත්ත මහතා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිධූරයෙන් ඉවත් කර තිබේ.
"ජුවෙල්ස් ශ්රී ලංකා 2010" ප්රදර්ශණය සදහා ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ අධ්යක්ෂක මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් වුවත් සභාපතිවරයා අත්තනෝමතික ලෙස රුපියල් ලක්ෂ 600ක පමණ මුදලක් ඒ සදහා වියදම්කර ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි.

(හැබැයි අපේ නෙවෙයි)