අපල නිසා රන් පිලිමය උණු කරයි

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    අපල නිසා රන් පිලිමය උණු කරයි

    ජනපති උණු වෙයි, සභාපති කුණු වෙයි 2011 ජනවාරි 05 වෙනි බදාදා, 17:38
    mrtatue.jpg
    රුපියල් කෝටි 2ක වියදමින් නිර්මාණය කළ ජනාධිපතිවරයාගේ පිළිරුව ඊයේ දිනයේදී නැවත උණු කර ඇති බවද ජාතික ස්වර්ණාභරණ අධිකාරි‍යේ සභාපති අනිල් කොස්වත්ත මහතා එම ධූරයෙන් අද දිනයේ සිට ඉවත්කර ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

    එම ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට තමා ජීවමානව සිටියදී ප්‍රතිමා නෙලීම අශුභ කටයුත්තක් බවට ජෝතිර්වේදීන් විසින් ජනාධිපතිවරයාට දැනුම්දීමෙන් අනතුරුව මෙම සිදුවීම් සිදුව තිබේ.

    පසුගිය දෙසැම්බර් 10 පැවැති "ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010" ප්‍රදර්ශණයේදී ජනාධිපතිවරයා වෙත සං‍කේතාත්මකව වෙනත් තිළිණයක් ප්‍රදානය කළද ඔහු වෙනුවෙන් නිර්මාණය කළ රන් ප්‍රතිමාව අනිල් කොස්වත්ත මහතා අරලිය ගහ මන්ධිරයේදී ජනාධිපතිවරයාට භාර ඇත.

    නමුත්, ජෝතිර්වේදීන් එය අශුභ කටයුත්තක් බව පෙන්වාදීමෙන් පසුව දැඩි ලෙස කෝපවී ඇති ජනාධිපතිවරයා එම පිළිමය නැවත අනිල් කොස්වත්ත මහතා වෙත යවා ඇත. ඒ අනුව අනිල් කොස්වත්ත මහතා එම පිළිමය ඊයේ (04) පසුවරු 3.48 ට පමණ වැල්ලවත්ත නිත්‍යකලා ජුවලර්ස් වෙත රැගෙන ගොස් පිළිමය උණු කර එහි ඔබ්බවූ මැණික් සහ රන් වෙන්කර නැවත රැගෙන ගොස් ඇත.

    මේ අතර, ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද දිනයේ සිට අනිල් කොස්වත්ත මහතා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිධූරයෙන් ඉවත් කර තිබේ.

    "ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010" ප්‍රදර්ශණය සදහා ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කර ඇත්තේ රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් වුවත් සභාපතිවරයා අත්තනෝමතික ලෙස රුපියල් ලක්ෂ 600ක පමණ මුදලක් ඒ සදහා වියදම්කර ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි.
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඇත්තටම අපලේ තියෙන්නේ අපිටය් මොකද මේ බුරු වෙඩ කරන්නේ අපේ සල්ලි අරගෙන නේ
     
    • Like
    Reactions: hapriyankara

    Similar threads