අප්පච්චි තවම මැරිලා නෑ; තාම ඉන්නවා – මහින්ද &#
මම බිබිලේ පැත්තට ආවේ අප්පච්චි තවම ඉන්නවා කියන්න. අප්පච්චි තවම මැරිලා නැහැ. ඒ වගේ අය කියන කතා අපි ගණන් ගන්නෙත් නැහැ. ජනතාව ඒ අයට ඉදිරි කාලයේදී නිසි පිළිතුරු දෙනවාට කිසිම සැකයක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා බිබිල බෝධිරුක්ඛාරාමයේ පැවැති රණවිරු උපහාර බෝධි පූජා පින්කමකට සහභාගි වීමෙන් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතමින් පැවසීය.
විහාරාධිපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක කුඹාවිල හේමාලෝක හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මෙම පින්කම පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.
“ආණ්ඩුවේ දවස් සියය ගෙවී ගියා. ජනතාව නොයෙකුත් දේ බලාපොරොත්තු වුණා. මගේ ළඟට ඇවිත් පක්ෂයේ සභාපතිකමත් ඉල්ලුවා. මම එයත් දුන්නා. සද්ද බද්ද නැතිව මම ගෙදරට වෙලා නිස්කලංකව ඉන්නයි සිතාගෙන සිටියේ. දිගින් දිගටම ආණ්ඩුව මට මඩ ගැහුවා. ජනතාව මාව මුණගැහෙන්න ආවා. මට සහ පවුලේ අයට නඟන අවලාදවලට ජනතාව කම්පා වුණා. මම මේවාට උත්තර දෙන්න රට වටේ යමින් බෝධි පූජා පවත්වන්න පටන් ගත්තේ ඒ නිසයි. අද මේ අයට බෝධි පූජා පැවැත්වීමත් ප්‍රශ්නයක්.
අද අපි රණවිරුවන් සමරද්දී වෙනත් පැතිවල වෙනත් විදියට ඒ අයගේ රණවිරුවන් සමරනවා. උතුරේ මහ ඇමැති හා මන්ත්‍රිවරුන් ඔවුන්ගේ රණවිරුවන් වන ප්රභාකරන් සැමරුවා. මේක සංවිධානාත්මකව වෙනත් ක්‍රියාවලියකට යොමු වීමක්. එදා දකුණේ බස් නතර කළා. කඩ වැසුවා, ගිනි තිබ්බා. එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය ආරම්භ කළ කාලෙත් මේ වගේ හර්තාල් තිබුණා. දැන් යහපාලනය යටතේ මහජන ආධාර රණවිරු ආධාර කලින්ම දෙනවලු. තේ රබර්වලට හොඳ මිලක් දෙනවලු. පරිප්පු හරිම ලාභයි. පරිප්පු ලාභයිලු. ජනතාව ඇත්ත දන්නවා. මම හදපු පාරවල වැඩ නතර වෙලා. බස් ධාවනය ඇනහිටලා. විදුලිය නිතර විසන්ධි වෙනවා. ඒක තමයි වෙච්ච වෙනස.
දැන් පොලිස්පති නෙවෙයි නියෝග දෙන්නේ අගමැතිගේ නියෝගයි ක්‍රියාත්මක වෙන්නේ. පිට් පොකට්කාරයා බසයේදී පිට් පොකට් ගහලා බසයෙන් බැහැලා හොරෙක් හොරෙක් කියා දුවනවා. අද වෙන්නෙත් ඒ වගේ දෙයක්.”
මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සුමේධා ජයසේන, විජිත බේරුගොඩ, උෟව පළාත් සභා මන්ත්‍රිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටිය

RIP