Cari hamuduruwek.. nedakin.. 
https://m.facebook.com/story.php?st...h6ETjYYTAUMH8dcUHJafpXLynl&id=100002391774323
https://m.facebook.com/story.php?st...h6ETjYYTAUMH8dcUHJafpXLynl&id=100002391774323
Last edited:
රේවතගේ මරණය
2006 පෙබරවාරී මාසයේ මහ/වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලයේ විද්‍යාල දින සැමරීමට සමගාමීව විද්‍යාලයේ සාහිත්‍ය සහ කලාව සම්බන්ධ තරග පැවැත්වුවා. මේ තරගවලට එවකට 11 ශ්‍රේණිය D පන්තියේ ශිෂ්‍යයෙක් සහබාගී වුණා. විනිශ්චය මණ්ඩලයේ සිටි රේවත මේ ශිෂ්‍යාට විශේෂ අවධානයක් ලබා දුන්නා. රේවත මේ ශිෂ්‍යා සහභාගී වූ තරග අංශයට අදාළව ඉහළ පන්තිවල තරගකරුවන් මුහුණදුන් ආකාරය නැරඹීමට සහභාගී කරවා ගත්තා. ශිෂ්‍යාට තම ගුරු හිමිනම ගැන පැහැදීමක් ඇති වුණා. ගුරු හිමියන් ළඟ වීඩියෝ දර්ශන පටිගත කළ හැකි ජංගම දුරකතනයක් තිබුණා. ගුරු හිමිනම වෙනත් තරගකරුවන් තරග කරන ආකාරය වීඩියෝ කර ශිෂ්‍යාට පෙන්නුවා. ගුරු හිමිනම කෙරේ ශිෂ්‍යා තුළ පැවති පැහැදීම තවත් වැඩි වුණා.
2006- මාර්තු 02 දා පාසල් දිනය වෙනුවෙන් සර්ව රාත්‍රික
පිරිතක් පැවැත් වුණා. ඊට පෙර දිනවලදී රේවත මේ ශිෂ්‍යාට පිරිත් ඇසීමට රාත්‍රියේ පාසලට එන ලෙස කීප වරක්ම මතක් කර සිටියා. පිරිත් දා රාත්‍රියේ රාත්‍රී 8ට පමණ රේවත මේ ශිෂ්‍යාට අස්ගිරිය පන්සලට ගොස් නැවත පාසලට පැමිණීමට ආරාධනා කළා. රේවත ඒ දිනවල නතර වී සිටියේ අස්ගිරි මහා විහාරයේ.
ශිෂ්‍යාට මේ ආරාධනාව තුළ යම් අනතුරක පෙර ලකුණු ඇති බව වැටහුණා. ඔහු ඒ මොහොතේ ඔහුට සොයාගත හැකි වූ ඔහුගේම පන්තියේ මිතුරන් කිහිපදෙනෙක් වූ මෙත්මල්, මලිත්, හෂාන්, කමල්, ජීවන් සහ හසිත යන මිතුරන්ට රේවතගේ ආරාධනාව පිළිබඳව පැවසුවා. ශිෂ්‍යා ඔවුන්ට රේවත සහ ඔහු පසු පස පැමිණෙන ලෙසත් පැවසුවා.
රේවත ශිෂ්‍යා සමඟ අස්ගිරිය පිරිවනේ අලුතින් සාදමින් තිබුණු කිසිවෙකුත් නොමැති අඩක් නිම කළ ගොඩනැඟිල්ලකට ඇතුළු වුණා. රේවත ඒ ගොඩනැඟිල්ලේ නුවර නගරය හොඳින් දර්ශනය වන ස්ථානයකට ශිෂ්‍යාව රැගෙන ගියා. ඔහු ශිෂ්‍යාට ඉදිරියෙන් පෙනෙන නුවර නගරය පෙන්වමින් ශිෂ්‍යාගේ පසු පසින් හිට ගත්තා. ශිෂ්‍යාගේ උරිස් දෙකෙන් අල්ලාගෙන නගරය පෙන්වන අතරේ ශිෂ්‍යාගේ සිරුරට හේත්තු වී සිවුරට යටින් තිබූ රේවතගේ ලිංගය ශිෂ්‍යාගේ පසු ප්‍රදේශයට හේත්තු කරමින් රේවත ශිෂ්‍යාව බදා ගත්තා. ශිෂ්‍යාගේ අත්දෙක පිරිමදිමින් සිටි රේවත එක් වරම ශිෂ්‍යාගේ ලිංගය පිරිමදින්නට පටං ගත්තා. ශිෂ්‍යා ඊට විරුද්ධව රේවතගෙන් ඈත් වුණා. ඔහු මේ සියල්ල ශිෂ්‍යාගේ පන්තියේම සිටි රේවතගේ ඥාති පුත්‍රයා සමඟ පවසන බවට රේවතට තර්ජනය කළා. ඒ මොහොතේම ශිෂ්‍යාගේ මිතුරන් එම ස්ථානයට පැමිණියා.
බියට පත් වූ රේවත ශිෂ්‍යා සහ ශිෂ්‍යාගේ මිතුරන්ගෙන් සමාව අයැද සිටියා. පාසලේ ගුරුවරුන්ගෙන් සහ ශිෂ්‍යන්ගෙන් මෙය වසන් කර තැබීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරන බවට රේවත ශිෂ්‍යාට සහ ඔහුගේ මිතුරන්ට පොරොන්දු උණා. ශිෂ්‍යා සහ මිතුරන් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තවත් සිසුවෙකුට රේවතගෙන් සිදුවිය හැකි අතවරයන් නතර කිරීමේ අරමුණින් රේවත කළ කී දෑ සියල්ලක්ම හෙළි කරන බවට රේවතට තර්ජනය කළා.
පසුදා මේ පුවත පාසල පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියා. විනය භාර ගුරුවරු, පන්තිභාර ගුරුවරිය, අංශ භාර ගුරුවරු, උපවිදුහල්පතිවරු ශිෂ්‍යා සහ මිතරුන් ගෙන්වා සිද්දිය පිළිබඳ ප්‍රශ්න කළා. වෙන වෙනම තනි තනිව ගෙන්වා ප්‍රශ්න කළා. නමුත් කිසිදු ගුරුවරයෙකු ශිෂ්‍යා වෙනුවෙන් සහය ලබා දීමට හෝ රේවතට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හෝ ඉදිරිපත් උණේ නෑ. ඒ වෙනුවට තුවාලයක් පාරන්නැහේ ශිෂ්‍යාගෙන් සහ මිතුරන්ගෙන් ප්‍රශ්න කිරීම් පමණක් සිදු වුණා.
පාසලේ ශිෂ්‍යන්, සමහර මිතුරුන් ශිෂ්‍යාට "රේවතගේ ගල් කොල්ලා, පොඩි රේවත" වැනි නම්වලින් කතා කරන්නට පටං ගත්තා. ශිෂ්‍යා මේ සියලු පීඩාවන්, නින්දා, අපහාස, උපහාස නන්වැදෑරුම් බුලිකිරීම් දරා ගනිමින් වසර අවසානයේ පැවැති අ.පො.ස සා/පෙළ විභාගයටත් මුහුණ දුන්නා. විභාගයෙන් පසු උ/පෙළ පන්ති ආරම්භ වන අතරතුර කාලයේ ලැබෙන මාස කිහිපයක නිවාඩු කාලය ශිෂ්‍යා සියලු පීඩනයන්ගෙන් ඈත් කිරීමට සමත් වුවත් නැවතත් උ/පෙළ පන්ති ආරම්භ වීමත් සමඟ සමහර ශිෂ්‍යන්ගේ හා ගුරුවරුන්ගේ උසුළු විසුළුවලට ශිෂ්‍යා නිතර භාජනය වුණා.
සියල්ල විඳ දරාගත නොහැකි තැන ශිෂ්‍යා උ/පෙළ සඳහා ධර්මරාජ විද්‍යාලයට යාමට සම්මුඛ පරීක්ෂණ සඳහාද සහභාගී වුණා. ධර්මරාජ විද්‍යාලයෙන් සිසුවා තෝරා ගත්තද සුමංගල විද්‍යාලයෙන් ඉවත්ව යාමට විදුහල්පති තුමා අවසර ලබා දුන්නේ නෑ.
කෙසේ හෝ ශිෂ්‍යා පාසලේ ශිෂ්‍ය නායකයකු බවට පත් වුණා. පාසලේ කලා හා මාධ්‍ය අංශ සමඟ කාර්ය බහුල වුණා. නමුත් ඒ වසර දෙකක කාලය තුළ යම් යම් අවස්ථාවලදී ශිෂ්‍යා උක්ත සිදුවීම සම්බන්ධ කරගෙන අඩන් තේට්ටම්වලට ලක් වුණා. ඔය අතරතරු ශිෂ්‍යාට රේවත අතවර කිරීමට උත්සහ කර තිබූ කුඩා ශිෂ්‍යන් කීපදෙනෙකුද පෞද්ගලිකව මුණ ගැහුණා. ඔවුන් රේවතගේ ඇත්ත තත්ත්වය හෙළි කිරීම සමබන්ධව ශිෂ්‍යාට ස්තුති කළා.
ශිෂ්‍යා පාසලෙන් ඉවත් වී බොහෝ කාලයක් ගතවුණද ඔහුගේ පාසල් අවදියේ ඇතැම් මිතුරන් "රේවත" කියා ඇමතුවා. ෆේස්බුක්හි දමන පෝස්ට්වලට පවා උක්ත සිදුවීම කුලු ගන්වා කමෙන්ට් කළා. ඔහු මුල් කාලයේදී ඒවාට තදින් කටයුතු කළ අතර ඇතැමෙකුගේ ෆේස්බුක් ගිණුම් අතුරුදන්ව යන අන්දමේ ක්‍රියාවන් පවා සිදු කළා.
ශිෂ්‍යා පාසලෙන් ඉවත් වී වසර 14කට පසු එවකට පාසලේ ගුරුවරියක විසින් සමාජ මාධ්‍යට එක් කර තිබූ මරණ දැන්වීමක් දකිනවා. රේවතගේ මිණිය කිසිවෙකුටත් නැරඹීමට නොහැකි අයුරින් මුද්‍රා තබා ඇති බවත් දිනක් ඇතුළත අවසන් කටයුතු සිදුකර ඇති බවත් සටහන්ව තිබුණා. ගුරුතුමිය එහි "නිවන් සුව ලැබේවා" කියා අවසානයේ ප්‍රාර්ථනා සටහන් එක්කර තිබුණා. ශිෂ්‍යා එම පෝස්ටුවට "නිවන නම් දුර බව අද්දැකීමෙන්ම දනිමි. වැපිරූ දෙයම නෙළාගෙන ඇත. කර්මය සත්‍යක් බව පසක්කොට ගතිමි" කියලා කමෙන්ට් කරනවා.
අදාළ ගුරුතුමිය ඉන්බොක්ස් පැමිණ ශිෂ්‍යාගෙන් එසේ කමෙන්ට් කිරීමට හේතු විමසනවා. ශිෂ්‍යා වසර 14කට පෙර සිදුවූ සිද්ධිය ගුරුතුමියට මතක් කර දෙනවා. ගුරුතුමිය එවකට පාසලේ පාලනාධිකාරියට සම්බන්ධව නොසිටි නිසා එම සිද්ධියට සම්බන්ධ වීමට නොහැකි වූ බව ප්‍රකාශ කර ශිෂ්‍යාට දක්වන ආදරය නිසාවෙන් තම සමකාලීන ගුරු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පළකළ මරණ දැන්වීම ෆේස්බුක් තුළින් ඉවත් කරනවා.
ශිෂ්‍යා ඔහුගේ උ/පෙළ පන්තියේ ශිෂ්‍යයෙක් පළකළ මරණ දැන්වීමක් දකිනවා. එහි මෙසේ සඳහන් වී තිබුණා.
"අපවත් වී වදාළ කඩුගන්නාව කොටබෝගොඩ රජමහා විහාරාධිපතිව වැඩ විසූ ගිරාගම සෞන්දර්ය ගුරු විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත හලියද්දේ රේවත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා....!!!
ආදාහන පූජෝත්සවය මේ වන විට සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇත."
ශිෂ්‍යා එයටද පෙර තැබූ කමෙන්ටුවම තබනවා. ඒ පෝස්ටුවට කමෙන්ට් කළ ශිෂ්‍යාගේ සා/පෙළ මිතුරෙක් "රේවත මැරිලා තියෙන්නේ ඒඩ්ස් හැදිලා" කියලා ඉන්බොක්ස් පණිවිඩයක් තබනවා.
කතාව අවසන්.
ඒ ශිෂ්‍යා තමයි මේ කතාවට මූණ දුන්නු, මේ කතාව ලියපු තිවංක විශ්වනාත් ජයසේකර වන මම.
ප.ලි.
රේවත හැරෙන්නට අනෙක් ගුරුවරුන්ගේ නම් ගම් මෙහි සඳහන් නොකරමි. ඒ ඔවුන් ජීවත්ව සිටින නිසා. මගේ ආගම් විරෝධය මේ සමඟ ටැලි කර නොගන්නා ලෙසත් සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන්ගේ මිත්රපාසය මැනවින් අත් විඳින බවත් ගෞරවයෙන් සටහන් කර තබනවා.
ස්තුතියි.
ප.ලි. 2023/04/05
මෙවැනි තත්ත්වයකට මුහුණ දී සිටින ඕනෑම වයසක පාසල් දරුවෙකු, දැරියක, සාමනේර භික්ෂුවකට අවශ්‍ය නීතිමය ආධාර, මාධ්‍ය රැකවරණය හෝ මානව හිමිකම් කොමිසම දක්වා හෝ යාමට අවශ්‍ය සහය ලබා දීමට හැකි තත්ත්වයක් වර්තමානය වන විට මා සතුව පවතින බවත් සතුටින් දන්වා සිටිමි.
ubawa ignore kara
Adai hetai witharai ballo. Akkalage gedara awa. Karanna deyak na mehe indala.අලුත් ඕපාදුපයක් ගෙනාවද? හොදයි හොදයි. (2)
Mama phone eken ballo inne.Elakiri Ekata join wela awurudu 14i. Thama embed karaganna ba ponnayata.
![]()
ඔහොම ගල්කාරයන් ඔය දුර ගමන් යන බස් වල ඔය සබ්ජෙක්ට් එකටම යනව නිකන් එහෙට මෙහෙටඔය ගල්කාරයන්ගෙන් ඉස්කෝලේ යන උන්ට පුදුම කරදරයක්. මම ඉස්කෝලේ හවස class ඇරිලා ctb එකට නැග්ගා .මන් ලගින් හිටපු dial එක උගේ කකුල කසන ගමන් මගේ කකුලත් හෙමින් කසන්න ගත්තා . කීප පාරක් උනා.පස්සේ මුණ දිහා බලන් ඉන්නවා බලද්දී .මන් බැස්සා stand එකෙන්ම bus එක අද්දන්න කලින් .සීසන් එකත් කපල තිබ්බේ ඒ වෙනකොට .සල්ලි දීලා ඊළඟ බස් එකේ ආවා .
Mama danna iskoleka oya wage scene ekak una. wenasa tama scene eka kollo set ekata mattu wela un karapu "pavidi" ekawa blackmail karala uge padiyen loku gaanak illa gatha.Cari hamuduruwek.. nedakin..
https://m.facebook.com/story.php?st...h6ETjYYTAUMH8dcUHJafpXLynl&id=100002391774323
ඔය වගේ දෙයක් උනාම හිතට මාර අවුලක් දැනෙන්නේ බන් ...මට ඒකෙ අවුල යන්න සැහෙන කල් ගියා .ඔහොම ගල්කාරයන් ඔය දුර ගමන් යන බස් වල ඔය සබ්ජෙක්ට් එකටම යනව නිකන් එහෙට මෙහෙට