අප්පොච්චියේ අප්පච්චි
"මම මහින්දට අභියෝග කරනවා මාත් එක්ක සටනට එන්න කියලා. මම ඔය ලක්ෂ 58 හතළිස් ගාණට බස්සනවා..."
මහින්දගේ ගෝලයන්ගේ ලක්ෂ 58 රකින නුගේගොඩ රැලියට පසු රනිල් එලෙස කී විට මහින්ද රනිල්ට ගහන්න ගියේ නැත. මහින්ද ඔහුගේ ගෝලයන් දමල රනිල්ට ගැහුවේය. මහින්දගේ ගෝලයන් කීවේ රනිල් මහින්ද ඡන්දයට එයි කියලා බයේ විකාර ෙදාඩවන බවය.
"මාත් එක්ක සටනට එන්න. පැනල යන්න එපා..."
පාර්ලිමේන්තුව විසුරුවන්න ඔන්න මෙන්න කියා තිබියදී රනිල් එලෙස කී විට මහින්ද උත්තර දුන්නේය.
"එයා දෙපාරක් මට බයේ මගෙත් එක්ක තරග නොකර පැනල ගියා. මේ පාර මිනිහට පැනල යන්න බැහැ. අතටම අහු වෙලා ඉන්නේ..."
මේ මහින්ද දුන්න උත්තරයය. මහින්ද මෙය කීවේ විදේශ මාධ්‍යයකටය.
"ඡන්ද විසි ගණනක් පැරදුණ කෙනෙක් අද මට අභියෝග කරනවා..."
මහින්ද රටටම ඇහෙන්න කීවේ එහෙමය.
මහින්ද මහ මැතිවරණය තරග කරන්න තීරණය කළේ මහ මැතිවරණයට මහින්ද එක්ක එන්නේ රනිල් නිසාය. ජනාධිපතිවරණය පරාජය වෙලා මැදමුලනට ගිහින් නිදියගත්ත මහින්දව ලක්ෂ 58 පෙන්නල ඇහැරෙව්වේ උදය සහ ගාමිණි ලොකුගේය. විමල් සහ වාසුදේව එතැනට සෙට් වුණේ පස්සේය.
"ඔබතුමා දකුණේ සිංහල ඡන්දවලින් දිනුම්. පැරදුණේ දමිළ ඡන්දවලින්. ඊළඟ මහ මැතිවරණයේදී රනිල්ට දමිළ ඡන්ද නැහැ. ඒවා යන්නේ ටී.එන්.ඒ. එකට. සටන තියෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද අතර. සිංහල බෞද්ධ ඡන්දදායකයන්ට රනිල් අරහං. ඔබතුමාට ලේසියෙන් දිනන්න පුළුවන් ජනාධිපතිවරණයේදී ගත්ත ලක්ෂ 58 ආරක්ෂා කර ගත්තොත්..."
ඔවුන් මහින්දට ගණන් හදල පෙන්නුවේ එහෙමය. මහින්ද අළු ගහල දමල නැගිට්ටේය.
"එහෙනම් ඔයගොල්ලෝ රැස්වීම් පටන් ගන්න. මම රැල්ල බලල එන්නම්..."
මහින්ද කීවේය. ඇත්තටම මහින්දගේ ගෝලබාලයන් මේ ලක්ෂ 58 රැස්වීම් පටන් ගත්තේ මහින්දට හෝ ශ්‍රී ල.නි.ප.යට ආදරයකට නොව මහින්ද මෛත්‍රිට නායකත්වය දීලා පැත්තකට වුණොත් මෛත්‍රි තමන්ට පාර්ලිමේන්තු යන්න නාම යෝජනා නොදෙයි කියන බයටය. ඔවුන්ට ඕන වුණේ මහින්දව ඉස්සරහට දමල මෛත්‍රිව බය කරලා සන්ධානයෙන් නාමයෝජනා ගන්නටය. මෛත්‍රි නාමයෝජනා දුන්නේ නැති නම් මහින්ද එක්ක වෙනම පක්ෂයක් හදල මහින්ද අදින ඡන්දවලින් පාර්ලිමේන්තුවට රිංගන්නටය.
ඒකට මේ ගෝලබාලයෝ මහින්ද එක්ක නැගිටිමු කිය කියා රට වටේ රැස්වීම් තබමින් ගියහ. මහින්ද ඒ රැස්වීම්වලට සෙනඟ ඇදල දුන්නේ පළාත් පාලන මන්ත්‍රිවරුන්ට සල්ලි වීසි කරලාය. මිනිසුන් හිතුවේ මහින්දට යළි මහා රැල්ලක් රටේ හැදෙනවා කියාය. එහෙත් පෙබරවාරි 18 නුගේගොඩ තබපු පළමු ලක්ෂ 58 රැලියට පසු ගුරුදා විග්‍රහය "මහින්ද ආවොත් දිනයිද" යන ලිපියෙන් පෙන්වා දුන්නේ මහින්දට දිනන්න බැරි බවය. ඒ ලක්ෂ 58 ආපහු ගන්නත් බැරි බවය. පහත දැක්වෙන්නේ පෙබරවාරි 26 ගුරුදා විග්‍රහයේ පළවූ එම ලිපියෙන් උපුටා ගත් කොටසකි.
"ජනාධිපතිවරණයේදී පරාජයට පත් වෙලා මහ ඡන්දෙකට යන විට ඡන්ද සංඛ්‍යාව අඩුවීම ස්වාභාවිකය. හොඳම නිදසුන රනිල්ය. රනිල් 2005 ජනාධිපතිවරණයේදී 47,06,366ක් ගත්තේය. හැබැයි රනිල් ජනාධිපතිවරණය පරාජය වී අගමැති අපේක්ෂක ලෙස 2010 මහ මැතිවරණයට ගිය විට ගත්තේ 23,57,057කි. රනිල්ට 2005 ජනාධිපතිවරණයේදී උතුරු-නැඟෙනහිර දමිළ ඡන්ද ලැබුණේත් නැත. එම නිසා ඒ ඡන්ද අඩු වූවා යැයි සිතිය නොහැකිය. කෙසේ හෝ ඡන්ද 23,49,309ක් අඩු විය.
දින්නත්, පැරදුණත් ජනාධිපතිවරණයකදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව මහ ඡන්දයකදී ලබාගත නොහැකි බව ඔප්පු කරන්න මෙයිටත් වඩා අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත."
ඒත් මහින්දගේ ගෝලබාලයන් මහින්දට පෙන්නුවේ ලක්ෂ 58 ගෙඩිය පිටින් එනවා කියාය. විමල් වීරවංශ ඒ ලක්ෂ 58ට තව ලක්ෂ 10ක් ඡන්ද අරන් දෙන්නත් පොරොන්දු විය.
"මේ ලක්ෂ 58ට අපි තව ලක්ෂ 10ක් ඡන්ද අරගෙන දෙනවා..."
විමල් වීරවංශ, 19-02-2015, දිවයින,
නුගේගොඩ රැලියේදී.
ඒ ලක්ෂ 10 කොහොම වුවත් විමල් කොහොම හරි සන්ධානයෙන් තම පක්ෂයේ අපේක්ෂකයන්ට නාම යෝජනා අරන් ශ්‍රී ල.නි.ප. හිටපු මන්ත්‍රිවරුන් පරාජය කරලා තම පක්ෂයේ මන්ත්‍රිවරුන් පත් කර ගත්තේය. ඒ ලක්ෂ 58 ලක්ෂ 47 ට බස්සවමින්ය.
ඇත්තටම මහින්දවත් ශ්‍රී ල.නි.ප.යත් පරාජය කළේ මේ මහින්දගේ ගෝල බාලයන්ය. මහින්ද ඡන්දය නොඉල්ලා මෛත්‍රිගේ නායකත්වයෙන් ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්න ඉඩ දී එයට සහාය දුන්නා නම් අද දිනන්නේ ශ්‍රී ල.නි.ප.යය. මහින්ද ඒකට ඉඩ දුන්නේ නැත. මහින්දගේ ගෝලබාලයන් ඉඩ දුන්නෙත් නැත. ඔවුහු මහින්දවත් විනාශ කරල ශ්‍රී ල.නි.ප.යත් විපක්ෂයට යවල ඔවුන්ගේ මන්ත්‍රිකම් බේරාගත්තේය. අහිංසක ශ්‍රී ල.නි.ප. පාක්ෂිකයන් ඔවුන්ටත් මහින්ද එක්ක නැගිටිමු ව්‍යාපාරයේ ශ්‍රී ල.නි.ප. ප්‍රබලයන්ටත් මනාප දී මෛත්‍රිගේ මිනිසුන් පරාජය කළේ ඔවුන් තමන්ට ආණ්ඩුවක් හදලා දෙයි කියලාය.
අන්තිමේදී මහින්ද පරාජයට පත්වූයේ මහින්දත් ඔහුගේ ගෝලබාලයනුත් කොටියා කියලා හංවඩු ගහපු, රට තුළ ද්‍රෝහියා කරවපු, ඇමෙරිකානු ඉත්තා කියපු රනිල්ටය. රනිල් මහින්දගේ ජන ආකර්ෂණ මැජික් පොල්ලේ බලය සුන්නත්දූලි කළේය. ඔහු ළඟ තියෙනවා යැයි මහින්දම කියපු ඇලඩින්ගේ පුදුම පහන නිවල දැම්මේය. මහින්දගේ අතේ තිබුණ ජන වශී කොන්තයේ බලය නැති කළේය. 2010 මහ මැතිවරණයට මහින්ද තරග කළේ නැත. ඒත් සන්ධානය 60%ක් ගත්තේය. එ.ජා.ප.ය. ගත්තේ 29.34%කි. මෙවර මහින්ද තරග කරලා සන්ධානය ගත්තේ 42.38%කි. රනිල් එ.ජා.ප.යේ ඡන්ද ප්‍රතිශතය 45.66% දක්වා ඉහළ දමා ගත්තේය. මහින්ද මෙවර කුරුණෑගලට ගියේ මහින්දගේ මහින්ද එක්ක නැගිටිමු රැස්වීම් මාලාවේ සාර්ථකම රැලිය කුරුණෑගල කියල ගණන් හදලාය. ඒ වගේම හමුදා පවුල් වැඩි පිරිසක් ඉන්නේ කුරුණෑගල නිසා ලංකාවේ අනෙක් හැම දිස්ත්‍රික්කවලටම වඩා කුරුණෑගලින් අති විශිෂ්ට ජයක් ලබන්නටය.
මහින්දගේ කුරුණෑගල කැම්පේන් එක කළේත් ගෝඨාභය රාජපක්ෂය. ඒ කුරුණෑගල ඉන්න හමුදා පවුල් දිනා ගන්නටය. එ.ජා.ප.යෙන් කුරුණෑගලට නායකත්වය දුන්නේ අකිලය. හැමෝම හිතුවේ කුරුණෑගල එ.ජා.ප.ය හෝදාගෙන යයි කියාය. මහින්ද එක්ක බලන කොට අකිල කියන්නේ ලිලිපුට්ටෙකි. 2010 මහ මැතිවරණයේදී මහින්ද නැතිව සන්ධානය කුරුණෑගලින් 63.84%ක් ගත්තේය. එ.ජා.ප.ය ගත්තේ 31.78%කි. එම මැතිවරණයේදී සන්ධානය කුරුණෑගලින් ආසන 10ක් ගත්තේය. එ.ජා.ප.ය ගත්තේ ආසන 5කි. මෙවර යුද වීරයා මහින්ද කුරුණෑගලට තරග කරලා නායකත්වය දීලා අරගෙන තියෙන්නේ 49.26%කි. ඒ කියන්නේ 63.84% සිට 49.26%ට වැටී ඇත. අකිල එ.ජා.ප. ඡන්ද 31.78% සිට 45.85%ට වැඩි කරගෙන ඇත. එපමණක් නොව සන්ධානයේ ආසන 10 සිට 8ට අඩුවී ඇත.
එ.ජා.ප. ආසන 5 සිට 7ට වැඩි කරගෙන ඇත.
මහින්දගේ ජන ආකර්ෂණය සහ ජනප්‍රියතාවයේ තරම මෙයින්ම පෙනේ. එපමණක් නොව මහින්ද පහුගිය ජනාධිපතිවරණයේදී කුරුණෑගල දිසාවෙන් ඡන්ද 556,868ක් ගත්තේය. මෙවර එය 474,124 දක්වා අඩු වී ඇත. මහින්දගේ ලොකුම පරාජය කුරුණෑගලය. ඇත්තටම යුද්ධය දිනපු නිසා මහින්දට මේ රට ජනතාව අතර ජන ආකර්ෂණයක් ජනප්‍රියතාවක් තිබිණි. පහුගිය ජනාධිපතිවරණයෙන් එය අඩු විය. මෙවර මහ මැතිවරණයෙන් එය නැති විය.
ඇත්තටම බණ්ඩාරනායක මැතිනියටත් මෙවැනිම ජනප්‍රියතාවක් ජන ආකර්ෂණයක් තිබිණි. ජේ.ආර්. එයට බය විය. ඔහු ඒ නිසා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කොට ඇයට 1982 ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි තත්ත්වයක් ඇති කළේය. ඔක්කොම හිතුවේ මෛත්‍රි සහ රනිල් මහින්දටත් එය කරයි කියාය. ඒත් මෛත්‍රි එය කළේ නැත. ඔහු මහින්දට නාම යෝජනා දුන්නේය. ජේ.ආර්. මැතිනිය පරාජය කරන්න බය විය. ඒත් රනිල් බය නැතිව මහින්දව පරාජය කළේය. සිංහල බෞද්ධ ඡන්දවලින්ම පරාජය කළේය.
"ඒ වුණාට රනිල්ට බහුතරය ගන්න බැරි වුණත් දෙන්නාම ටයි ටයි ගිහින්නේ..."
මේ මහින්දගේ ගෝලයන් ශ්‍රී ල.නි.ප.ය පරාජය කිරීමේ වගකීමෙන් කර අරින්න දැන් ගහන පදයයි. 1994 මැතිවරණ ප්‍රතිඵලවලින් පසු එ.ජා.ප.ය ගැහුවෙත් ඔය පදයය. 94 චන්ද්‍රිකාට රැල්ලක් තිබිණි. ඒත් ඇය ගත්තේ ආසන 105කි. එ.ජා.ප.ය වසර 17ක් රට පාලනය කොට ආසන 94ක් ගත්තේය. චන්ද්‍රිකාගේ පොදු පෙරමුණ ගත්තේ 3,887,823කි. එ.ජා.ප.ය. 3,498,370ක් ගත්තේය. වෙනස ලක්ෂ 389,453කි. චන්ද්‍රිකාට පාර්ලිමේන්තුවේ තිබුණේ එක් වැඩි ඡන්දයකි.
"අපි චන්ද්‍රිකාගේ ආණ්ඩුව අපිට ඕනා වෙලාවට වට්ටනවා..."
එ.ජා.ප.ය. එහෙම කයිවාරු ගැහුවේය. 1997 පළාත් පාලන ඡන්දය ආවේය. එ.ජා.ප.ය. සෝදාගෙන ගියේය. එතැන් සිට එ.ජා.ප.යට වසර 20ක් විපක්ෂයේ සිටීමට සිදු විය.
අද එ.ජා.ප.යට 106කි. සන්ධානයට 95කි. ඡන්ද සංඛ්‍යාවේ වෙනස 366,258කි.
"94 පටන් ගත්තා වගේම ශ්‍රී ල.නි.ප.ය සේදිලා යයිද...?"
ඒක කියන්න දන්නේ නැත. හැබැයි එදා ජනාධිපති ධුරයේ හිටියේ ශ්‍රී ල.නි.ප. නායිකාවය. අද ජනාධිපති ධුරයේ ඉන්නේ එ.ජා.ප. නායකයා නොව ශ්‍රී ල.නි.ප. නායකයාය. මෙය ශ්‍රී ල.නි.ප.යට ඇදිලා තියෙන ලොතරැයියකි. එයින් ප්‍රයෝජන ගෙන ඉක්මනට ආණ්ඩුවක් හදා ගන්න නම් ශ්‍රී ල.නි.ප.ය මහින්දගෙනුත් මහින්ද එක්ක නැගිටින්න දත කන ගෝලබාලයන්ගෙනුත් ගලවා ගත යුතුය.
උපුල් ජෝශප් ප්‍රනාන්දු