අප්‍රිකානු වනසැරිය
දිනය 1900 සැප්තැම්බර් 16 දාය. ස්ථානය අප්‍රිකාවේ කිඹුලා ගංගා ප්රදේශයයි. බෝයර් සෙනෙවි විල් ජෝන් සිය සේනාංකවලට අණ දුන්නේ ගංතෙරේ රඳවා තිබුණු දිගු දුර ටොච්සීජ් (Tom Siege) කාලතුවක්කු විනාශ කරන ලෙසය. බ්‍රිතාන්‍ය හමුදා අවසාන බෝයර් සන්නද්ධ ප්‍රහාරය සමතලා කරමින් තිබිණි. 1899 දී බෝයර් ජනාධිපති පෝල් කෘගර් විසින් බ්‍රිතාන්‍යයට එරෙහිව අරඹන ලද යුද්ධය (බෝයර් යුද්ධය) එහි තර්කාන්විත අවසානය දක්වා ගමන් කරමින් තිබණි. පළමුවෙන්ම ප්‍රිටෝරියා අගනගරය බ්‍රිතාන්‍ය සේනාංක අල්ලාගත් අතර, ඉන්පසු වසර තුනක් දග් ගැසුණු ගරිල්ලා යුද්ධයකට කිඹුලා ගංතෙර, සාර්චි ගංතෙර, වාලුකා ගංතෙර (Crocodile River, Sariche River, Sand River) ආදියේ කටුක සදලා තීරවල සටන් පැවතිනි. එය බ්‍රිතාන්‍යයේ එතෙක් පැවති බිහිසුනුම යුද අත්දැකීමයි. බ්‍රිතාන්‍යෙයන් 22,000 ක් බෝයර්වරු 35,000 ක් දේශීය අප්‍රිකානුවන් 12,000 ක් එහිදී ඝාතනය විය. ලක්ෂ ගණනක් අනාථයින් වූහ.
බොයර් කොමාන්ඩෝ සහ ගරිල්ලා ප්‍රහාර මැඬලීමට බ්‍රිතාන්‍ය සියල්ල ගිණි දූවිලි කිරීම (Scorching Earth) දියත් කළහ. මිනිසුන් පමණක් නොව අක්කර ලක්ෂ ගණනක ජීවීන් සියල්ලෝ එයින් සමූල ඝාතනය කෙරිණි. දස දහස් ගණන් බෝයර්වරු හා ආධාරකරුවන් වධකාගාරවල සිර කරනු ලැබීය. (Concentration Camp) පසුව ශ්‍රී ලංකාවේද අන් රටවලද විමුක්ති අරගල පාගා දැමීමට භාවිතා කෙරුණේ මේ ගිනිගත් වධක යුද උපායය. හිට්ලර් එය යුරෝපයට ගෙන ආවේය.
එදා ඒ බිහිසුණු අතීතයක ලේ වැකුණු බිම්කඩ අද සොඳුරු වනජීවී උද්‍යානයකි. එය දකුණු අප්‍රිකාවේ "කෘෘගර් ජාතික උද්‍යානය" (Kruger National Park) ලෙස ප්‍රචලිතය. එය වර්ග කි.මී. 30,000 ක් පුරා පැතිරී ඇති අතර, අන් රටවල (මොසැම්බික්, සිම්බාබ්වේ) කොටස්ද සමග ගත්කළ ශ්‍රී ලංකාව තරම් විශාල ප්රදේශයකි.
යුරෝපීය යාන්ත්‍රිකයන් ඉන්දියානු සාගරය හා චීනය ඇතුළු ඈත පෙරදිග බලා 15-16 සියවස්වල මුහුදු යාත්‍රා කළ බව අපි දන්නෙමු. එසේ පැමිණි පෘතුගීසි, ලන්දේසි වෙළඳ ආක්රමණයේ එක් කඩඉමක් වූයේ වත්මන් දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් වරායයි (සුභ ප්‍රාර්ථනාවේ තුඩුව). අදටත් පැරණි යුරෝපීය මුහුදු චෞරයන් හා වෙළෙන්දන්ගේ ලකුණු එහි දැකිය හැකිය. ඇත් දළ හා රත්තරන්, දියමන්ති මුල් යුගයේ සිටම අප්‍රිකානු කොල්ලයේ පදනම විය. 8-9 සියවස්වල අරාබි වෙළඳුන්ද, 13-14 සියවස්වල චීන වෙළඳුන්ද නැගෙනහිර අප්‍රිකානු බිම්වලට වෙළඳාම පිණිස කඩාවැදීම් සිදුකළහ.
සුළු (Sulu) රජතුමා පහසුවෙන් රවටා කුඩා බිම්කඩක වරායක් ඉදිකර ගන්නටත් (1652) ඉන්පසු ජනාවාස බිහිකර ගැනීමටත් ලන්දේසීන් සමත් වූහ. පසුව ඇතිවූ නාවුක හා වෙළඳකරණයේදී ශ්‍රී ලංකාවේ වූවාක් මෙන්ම ලන්ද්සීන් පරාජය කර ඉංග්‍රීසීන් කේප්ටවුන් වරාය අල්ලා ගත්හ. බ්‍රිතාන්‍යෙය් ඇතිවූ වහල් විරෝධී ව්‍යාපාරයත් සමග වෙළඳපොළ ක්‍රමයට වහල් ක්‍රමය බාදාවක් ලෙස සලකා වහල් ක්‍රමය 1834 දී අහෝසි කරන ලදී. එවිට වහල් ක්‍රමයට ඇබ්බැහි වී සිටි දකුණු අප්‍රිකානු සුදු ජාතිකයන් (බෝයර්වරු) දකුණ ඉංග්‍රීසීන්ට බාරදී උතුරු ප්‍රදේශයේ සිය රාජධානිය තනා ගත්හ.
උතුරේ ජොහැනස්බර්ග් හා ටෝරියා හි තමන්ගේම වූ ආණ්ඩුවක් පිහිටුවා ගත්තද විටින් විට පුද්ගලික හමුදා ආක්‍රමණ (සිසිල් රෝඩ්ස්) බ්‍රිතාන්‍ය ආක්‍රමණ ආදියට බෝයර් ආණ්ඩුවට මුහුණ දීමට සිදුවිය. බෝයර් අරගලයේ නියමුවා වූයේ ජනාධිපති පෝල් කෘෘගර් ය. ඔහු එක් අතකින් බ්‍රිතාන්‍යයට එරෙහි අරගලයේ විමුක්තිදායකයා වනවිට ස්වදේශික කළු මිනිසුන්ගේ ප්‍රජා පීඩකයාද විය.
දකුණු අප්‍රිකානු ප්‍රදේශවල යුද ගැටුම් උත්සන්න වූයේ 1886 හිදී රත්තරන් නිධි (ට්‍රාන්ස්වාල්) හමුවීමත් සමගය. ඒ හා සමගම බ්‍රිතාන්‍ය ආක්‍රමණ සිදුවිය. (එය අවසාන මහා යුද්ධයක් බවට පෙරළිණි. 1894 – 1902)
පසුව බ්‍රිතාන්‍ය යුද ඇමති, අගමැති හා පැසිස්ට්වරුන්ට එරෙහි අරගලයේ නියමුවා වූ වින්සන්ට් චර්චිල් බෝයර් යුද්ධය වාර්තා කිරීමට ගොස් යුද උපක්‍රම හැදෑරූ විචාරකයෙකු ලෙස සිය ජීවිතය ආරම්භ කළේය.
පෝල් කෘෘගර් විසින් පුද්ගලික වතුයායවල් ලෙස අල්ලාගත් ප්‍රදේශවල දඩබිම් ඉවත් කර වනජීවී උද්‍යාන ඇතිකිරීම ආරම්භ කරන ලදී. 1925 දී බ්‍රිතාන්‍ය පාලනයේ දී එය නීතිගත විය.
මේ දැවැන්ත කෘෘගර් උද්‍යානය හා ඒ අනුව නිර්මාණය වූ තවත් පුද්ගලික උද්‍යානද අද සිංහ, දිවි, ඇත්, රයිනෝ, කුළු හරක්, හිපපොටේමස්, ජිරාෆ් වැනි දැවැන්තයින්ගේ එක් අවසාන පාරාදීසයකි. එහි ජීවත්වන ස්වදේශිකයන්ට නම්, මෙය තම සාම්ප්‍රදායික බිම් උදුරාගෙන සුද්දන් තැනූ තවත් එක් සත්ව කොලනියකි.
කෙසේ වෙතත් වර්තමානයේදී එය මනරම් වන උද්‍යානයක් මෙන්ම මනා කලමනාකරණය පැත්තෙන් අපටද ආදර්ශය ගත හැකි උද්‍යානයකි. කෙසේ වෙතත් සියවසකට පෙර ආක්රමනික බ්‍රිතාන්‍යයන් විසින් දවා අළු කළ වන තීරයන් දැන් ගෝලීය උණුසුම විසින් දවා අළු කරමින් ඇත. ගංගා සිඳී ගොස්, ගහකොළ මිය ඇදෙමින් මහා සත්ව සංක්‍රමණ සිදුවෙමින් ඇත.
නැගෙන අප්‍රිකාව ඊළඟ දශකයේදී සිය ජල ප්රශ්නය විසඳා නොගත හොත් ජාතිය, ආගම, වර්ගය මත අද කෙරෙන යුද්ධය ජලය සඳහා වූ මහා යුද්ධයක් වනු ඇත.
කෘෘගර් උද්‍යානය අසබඩ තවත් වැදගත් මානව කොට්ඨාශයක්ද ජීවත් වෙති. ඒ සැන් (San) ගෝත්‍රිකයන්ය. අඩුම තරමින් වසර ලක්ෂයක් ඔවුන් එහි ජීවත් වූ බව විශ්වාස කෙරේ. දැනට සොයාගෙන ඇති පොසිල හා ජාන විද්‍යාත්මක සාධක අනුව දෙපයින් සිටගත හැකි (Bipedal) මානව සත්ව විශේෂ (Huminid) ගණනාවක් අතුරින් වර්තමාන මානස සහිත (Sapiens) මුල්ම මානව ගණයට සැන් ගෝත්‍රිකයන්ද වැටෙති. වසර දශ ලක්ෂ 600 ක පමණ ජීව ඉතිහාසයක් මහා රහස් රැසක් තවමත් කෘෘගර් උද්‍යානයේ සැඟවී තිබේ.
පාඨලී චම්පික රණවක