අප්‍රිකාවේ අදත් පවතින
අප්‍රිකාවේ අදත් පවතින වහල් මානසික තත්වය
යුරෝපීයයන් අප්‍රිකාවට පැමිණීමට පෙර වහල් වහළුන් ඇල්ලීම සහ අල්ලා වෙළඳාම් කිරීම, මුසල්මානුවන් විසින් කල බව ඔබ සමහරවිට අසා තියෙන්නට ඇත. වහළුන්ගෙන් ගත් එක් ප්‍රයෝජනයක් වූයේ මුතු කිමිදීමට වහළාව උපයෝගී කර ගැන්මය. නහයේ සහ කටේ ඉටි ඔබන ලදුව, ලණුවකින් බැඳ දැමූ වහළා මුහුදට අත හැරීම සිදු විය. නොගැඹුරු මුහුදු පත්ලෙන් මුතු කැටයක් ගෙන ඒම අනිවාර්ය විය. බොහෝ විට එක මුතු කැටයක් වහළාට වඩා මිළ වැඩි විය.
එසේ මුතු කැට අහුළා ගෙනෙන්නට නොහැකි දුර්වල වහළෙක්ට මුහුදු පත්ළේ සැතපෙන්නට විය. වාසනාවට මේ මැදපෙරදිග තිබුණු මුතු කිමිදීම සහ මුතුවලට තිබූ ඉල්ලුම, කෘතීම මුතු නිෂ්පාදනය සමඟ අඩු වී ගියේය.
වහල් වෙළඳාම, ඈත අතීතයේ සිටම පැවතිණි. එකළ මිනිසෙක් වහළෙක් වන ප්‍රධාන ක්‍රම දෙකක් විය. එක් ගෝත්‍රයක් තවත් ගෝත්‍රයක් යටපත් කල විට, දෙවන ගෝත්‍රයේ මිනිසුන් පළමු ගෝත්‍රයේ වහළුන් සේ සලකන ලදහ. අනෙක් ක්‍රමය වූයේ, යම් කිසි ණයක් ගෙන එය ගෙවන්නට නොහැකි වූ විට, ඒ වෙනුවෙන් තමා වහළෙක් වීමය.
වහළා යන්න වැඩුණු මිනිසෙක් හෝ ගැහැණියකට පමණක් පොදු වදනක් නොවීය. ළමයින්ද වහළුන් සේ යොදා ගනු ලැබීය. සමහරවිට මුළු පව්ලක්ම වහළුන් සේ වැඩ කලහ.
අතීත නයිජීරියාවේ, ගෝත්‍ර ප්‍රධානින් ඔවුන්ට අයත් ප්‍රදේශය පාලනය කලහ. මේ ගෝත්‍ර ප්‍රධානියා මිය ගිය විට, ඔහුගේ වහළුන්ද ඔහු සමඟම මිය යා යුතු විය යුතු විය. සමහරවිට සිය ගණන් වහළුන් තම ස්වාමියා සමඟ පැන පිටින් භූමදානය කිරීම සිදු විය. එය සිරිත මෙන්ම නීතියද විය. මක්නිසාද යත් පරලොවද මේ වහළුන් එම ස්වාමියාගේ වහළුන් වන්නේය.
මේ ගෝත්‍ර ප්‍රධානියා ගැහැණියක් වන අවස්ථාවන්ද තිබිණ. එහෙත් ඇයට දාස කම් කරන පිරිමි වහළුන් ගේ ලිංගේන්ද්‍රියන් ඉවත් කිරීම අනිවාර්ය නීතියක් විය. ගෝත්‍ර ප්‍රධානියාට අයත් වහළුන් සංඛ්‍යාව ඔහුගේ බලය පෙන්වීමේ එක් සාධකයක් විය.
යුරෝපීයයන් නයිජීරියාවට පැමිණි කලද, මුසල්මානුවන් මෙන්ම ඔවුන්ද මේ වහල් වෙළඳාම ඉතා ලාභ සහගත ව්‍යාපාරයක් බව හඳුනා ගන්නා ලදී. එහෙත් ඔවුන් මුසල්මානුවන්ටත් වඩා දුර ගියහ. ඔවුන්ගේ ක්‍රම මුසල්මානුවන් ගේ ක්‍රම වලට වඩා තරමක් වෙනස් විය. එනම්, මුසල්මානුවන්ට වඩා ප්‍රයෝගකාරී ක්‍රම යුරෝපීයයන් විසින් වහළුන් ඇල්ලීමට භාවිතා කරන ලදී. ඒ අනුව ඔවුන් ඉහත කියන ලද ගෝත්‍ර ප්‍රධානින් සමඟ සම්මුතියකට එළඹුනි.
දහ අට වන සියවසේ එදා ලෝකයේ ව්‍යාප්ත වූ යුරෝපීය වෙළඳ ජාළයේ බලය මේ වහල් වෙළඳාම් කරන්නන්ට නොමඳව ලැබිණ.
ඉන් වඩා ප්‍රසිද්ධ ක්‍රම වූයේ, ඈත පිටිසර ගම්මාන වල සිටින අප්‍රිකානුවන්ට සීණි වල රහ පෙන්වීම විය. එය බොහෝ සරළ ප්‍රාථමික ක්‍රමයක් වුවද, මේ ප්‍රාථමික මිනිසුන්ට මෙවැනි ක්‍රම ප්‍රමාණවත් විය. අප්‍රිකාණු සමාජයේ සීණි කියා දෙයක් නොතිබිණ. උක් ගසකට වඩා සංතෘප්ත පැණි රස පළමු වතාවට දැනීම ඔවුන්ට සතුටක් විය. ඒ සීණි, ස්වර්ගයේ කෑමක් යන්න ඔවුන්ට පහදා දීම සිදු විය.
අනෙක් ක්‍රමයක් වූයේ, කණ්නාඩියක් පෙන්වීමය. ජීවිතයට තමන්ගේ මුහුණ දැක නැති කෙනෙක්, පළමු වතාවට තම මුහුණ කන්නාඩියකින් දැකීම කෙසේ වන්නට ඇත්ද ?
අනෙක් අතට කාලයක් තිස්සේ ලබා ගන්නා අත් දැකීම් වලින් අප්‍රිකානුවන් විශ්වාස කලේ, සුදු හම ඇති යුරෝපීයයන් දෙවියන් කියාය. ප්‍රථම වතාවට තට්ටු දෙකේ නිවාසයක් යුරෝපීයයන් විසින් 1845 නයිජීරියාවේ ගොඩනැගු කල ලක්ෂ ගණන් නයිජීරියානුවන් එය නැරඹීමට පැමිණියහ. එය අහසේ එල්ලා තියන්නට හැක්කේ දෙවියන්ට පමණි.
කෙසේ හෝ මේ සියලු ආකාර ප්‍රයෝග වලින් අල්ලා ගන්නා ලද වහළුන්ට, එම වහල් වෙළෙන්දන් විසින් කියා සිටියේ ඔවුන්ව ස්වර්ගයට කැටුව යන බවය. ස්වර්ගයේ සිට නැවත අප්‍රිකාවට පැමිණියෙක් නොමැති වූ හෙයින්, ඒ ගැන සැක කරන්නටද හේතුවක් නොතිබිණි.
මේ ආකාරයේ හේතුන් නිසා පුරාණ අප්‍රිකාණුවා මෝඩයෙක් යයි සිතිය යුතුද නැත.ඔහුට ඔහුටම ආවේනික සිරිත් විරිත් තිබිණ. ඒවා ශිෂ්ට සම්පන්න සමාජයට ගැලපෙන සිරිත්ද විය. ඒ සිරිත් අතරින් වැඩිහිටියන්ට සැලකීම, මහළු වූවන් බලා කියා ගෙන සිටීම සහ ඔවුන්ගේ කෘෂිකර්ම දැනුම කැපී පෙනේ. එහෙත් ඔහුට යුරෝපීයයන් මෙන් ලොව පුරා සංචාරය කල අත්දැකීම් නැති විය.
නයිජීරියාවේ බටහිරට වන්නට ඇති ‘බඩග්රි තොටුපළ’ හෙවත් Badagry port මේ වහළුන් අල්ලාගෙන ඒමට ප්‍රසිද්ධ තොටුපළක් විය. ගංගාවත් මුහුදත් යා කෙරෙන එම තොටුපළට රටේ මධ්‍යයේ සිට අල්ලා ගෙන එන වහළුන්, අත්ලාන්තික් සාගරයට ගෙන ඒමෙන් පසු නැව් නංවා යුරෝපයට ගෙන යාම සිදු විය. අද මේ ‘බඩග්රි’ යන ස්ථානයේ, නයිජීරියාවෙන් අල්ලාගෙන ගිය මිනිසුන් ස්මරණය කිරීම සඳහා කෞතුකාගාරයක් ඇත.
හොඳින් වැඩුණු පිරිමි වහළෙක් සඳහා කකුල් සහ බෙල්ලට දැමිය යුතු විශාල දම්වැල් තිබිණ. ගැහැනුන් සඳහා මධ්‍යම ප්‍රමාණයේ විශාල දම් වැල් සහ ළමයින් වෙනුවෙන් කුඩා දම්වැල්ද තිබිණ.
දිය පානය කිරීම සඳහා විශාල භාජනයකට කට තබා කල යුත්තේ, කිසි හේතුවක් නිසා ඔවුන්ගෙන් දම්වැල් ඉවත් නොකල යුතු නිසාය. වහළුන් අල්ලාගත් පසු මුලින්ම ඔවුන් ගෙන එන්නේ, ඉහත කී ගෝත්‍ර නායකයා වෙතටය. ඇත්ත වශයෙන්ම මේ ගෝත්‍ර නායකයන් නොමැතිව වහල් වෙළඳාම පහසුවෙන් කල නොහැකිය.
එම නායකයාට ත්‍යාගයන් සේ වෙඩි බෙහෙත්, තුවක්කු, විස්කි සහ වයින් වැනි දේ යුරෝපීයයන් විසින් ප්‍රධානය කෙරෙනු ලැබේ. දැන් ඔහු සහ ඔහුගේ පිරිස විසින් අල්ලාගත් වහළුන් තක්සේරු කරනු ලැබේ. එය අශ්වයෙක් කොපමණ මුදළක් වේදැයි තක්සේරුවක් වැනි විය.
එනම් අශ්වයාගේ කටේ දත් සියල්ල තිබිය යුතුය. එනම් අශ්වයාට කෑම කන්නට දත් ඇත්නම්, සහ ඒවා දිරවීමේ ප්‍රශ්නයක් නැත. එවිට ඒ අශ්වයා ශක්තිමත්ය. මේ ආකාරයට වහළා ගේ කටේ දත් සියල්ල නැත්නම්, ඒ වහළා එතරම් මිළකට විකිණීමට නොහැක.
තොටුපළෙන් බෝට්ටුවල පටවා සාගරයේ නවත්වා ඇති මුහුද වෙතට යන ගැහැණු සහ පිරිමි සියළුම වහලුන්ගේ කෙස් ඉවත් කිරීම කල යුත්තේ තඩි වැනි සතුන්ගේ බෝවීම වැළැක්වීමටය. ඊළඟට කරන්න ඇත්තේ හංවඩු ගැසීමය. මේ සඳහා රත් කරන ලද රිදී කම්බියක් හෝ යකඩ හුළක් භාවිතා කරන ලදී. ඒ අකුරු, වහල් වෙළෙන්දාගේ මුල් අකුරු හෝ එම වහල් වෙළඳාම කරන කොම්පැනියේ මුල් අකුරු විය යුතුය. උදාහරණයක් සේ JK Co LTD ලෙස හංවඩුව ගසනු ලැබේ.
බෝට්ටුවෙදීම ඔවුන් නිර්වස්ත්‍ර කරනු ලැබීය. සතුන්ට ඇඳුම් හැඳීමක් අනවශ්‍යය.
සමහරවිට මේ අල්ලාගන්නා ලද වහළුන් සිර ගෙවල් වල කාලයක් තියා ගැනීමට වන අවස්ථාවන් ඇත. එවිට එසේ තබා ගන්නා කාලය සහ වහළුන් වෙනුවෙන් දෙන කෑම වලට යන ධනය අපතේ යාම විය යුතුය. මේ ධනය වහළුන්ගෙන්ම සොයා ගැන්වීම කල යුතුය. මේ සඳහා ශක්තිමත් උස මහත වහළෙක් සහ නිරෝගී වහළියක් අතර සංසර්ග ඇති කර ගැබ් ගැන්වීම කෙරේ. මෙය හරක් පට්ටියක සතුන් බෝ කරනවාට වෙනසක් නැති විය.
ගැබ් ගත් වහළිය දරුවෙක් ලැබෙන තුරු යුරෝපයට නැව් ගත නොකෙරේ. ළමයා ලැබූ පසු සහ ඒ දරුවාට අවුරුදු දෙකක් පමණ වනතුරුද වහළිය නැව්ගත නොකෙරේ. අවසානයේ මවගෙන් ළමයා වෙන් කිරීම කර වහළෙක් සේ විකුණා දැමීම කෙරේ.
නැව් වල වහළුන් ගබඩා කරන්නේ එකෙක් ගේ හිස අනෙකාගේ පාද වල ගැටෙන පරිදිය. මේ ආකාරයට එකිනෙකාට හෙළවෙන්න නොහැකි ආකාරයෙන් දම්වැල් වලින් බැඳ දැමීම කෙරේ. දරුවන් සැමවිටම හඬන නිසා, එය වැළැක්වීමට, ඔවුන් නැවේ ඇති වයින් බරණි දමා ඇති තට්ටුවට ඉහළින් අඩුක්කු කෙරේ. එවිට ඒ වයින් වලින් එන සැර ඝන්දය හේතුවෙන් ඔවුන් නැවේ යනතාක් තුරා, සිහිය ඇති නැති අතර මැදි අවස්ථාවක සිටිති.
නැවේ ගෙන යන වහළුන් එක්තරා ප්‍රතිශතයක් මිය යති. එයද වහලාගේ ශරීර ශක්තිය මැන බැලීමේ ක්‍රමයක් වේ. ශක්තිමත් වහළා ඉතිරි වේ. වහල් වෙළඳාම කරන කොම්පැනිය එය දන්නා හෙයින් නැවට අවශ්‍ය වහළුන් වැඩිම ප්‍රමාණය අඩුක්කු කරගන්නා තුරු, නැව නොගැඹුරු මුහුදේ නැංගුරම් දමා තියනු ලැබේ. ශරීර ශක්තිය අනුව ඔවුන් යා යුතු ස්ථාන තීරණය කෙරේ.
උදාහරණයක් සේ, ශක්තිමත්ම වහළුන් භාවිතා කරන්නේ දුම්රිය මාර්ග තැනීම වැනි ශ්‍රමය අධික ස්ථාන වලටය. ගැහැනුන් නිවාස වල වැඩ කිරීමට ගනී. ඉන් පෙර මව් වරු වූ ගැහැණුන් සමඟ ඇඟේ එල්ලී සිටින දරුවන් ඉවත් කරනු ලැබේ.
නැව මුහුදේ යාත්‍රා කරන විට වහළුන්ට ඉතා කුඩා කෑම ප්‍රමාණයක් ලැබේ. වහළා ශක්තිමත් වීම, භයානකය. තවද මේ වහළුන් නැවේ ගෙනියන විට ඉහත කී අයුරු ඔවුන් සාඩින් ටින් එකක සාඩින් මාළු ගෙන යනවා මෙන් එකිනෙකා එකට ගෑවෙන පරිදි අඩුක්කු කරන්නේ, සටනක් ඇති වීමට ඉඩ කඩ ඇහිරීම මෙන්ම, නැවේ ඇති සියළුම ඉඩෙන් වැඩිම ප්‍රයෝජනය ගැනීමටය.
දින කිහිපයකට වතාවක් මුහුදු වතුර අල්ලා එම දම්වැල් වලින් බැඳ ඇති වහළුන් සෝදා දැමීම වේ. එතෙක් ඔවුන් ඔවුන්ගේ මළ පහ සමඟ ජීවත් විය යුතු වේ.
මේ ආකාරයට නොවිඳිනා දුක් විඳින වහළුන් දැක නාවිකයන්ගේ සිත් කම්පා වීමට ඇති ඉඩකඩ අවමයක් කිරීම ඉතා වැදගත් විය. ඒ සඳහා නාවිකයන්ට උපදෙස් දීමට කිතුණු පාදිලිවරුන්ද නැවේ සිටියහ. ඔවුන් හැමවිටම මේ සතුන් වන වහළුන්ට ආත්මයක් නැති බැව්ද, දෙවියන් වහන්සේ සතුන් මවා ඇත්තේ මනුෂ්‍යයාගේ පරිභෝජනයට බවද අවධාරණය කලහ. මේ නාවිකයන්ගේ මනස විකෘති වීමට ඇති තරම් මධ්‍යපාන නැවේ තිබිණ.
අප්‍රිකාවේ කළු පැහැ පළවන බිෂොප් ලෙස අප්‍රිකානුවෙක් තෝරා ගන්නා තුරු අප්‍රිකානුවන්ට ආත්ම නැති විය. අවසානයේ කළු බිෂොප් ඔවුන්ව කිතුණුවන් කර, ඒ අවාසනාවන්ත පව්කාරී අප්‍රිකානුවන්ට ආත්ම ගෙන දුන්නේය.
අද මේ ආකාරයේ පාදිළි වරුන් මෙන්ම නැව් වල කපිතාන් වරු, එකල වතිකානුවෙන් පිළිගෙන සාන්තුවරයන් සේ සළකනු ලැබේ. මේ සාන්තුවරයන්ගේ පින්තුර සෙනෙගාලයේ ගොරේ දූපතේ කෞතුකාගාරයේ ප්‍රදර්ශණය සඳහා ඇත. ගොරේ දූපතද වහළුන් ගබඩා කල ස්ථානයක් විය.
මධ්‍යස්ත මතධාරියෙක්, නිදහසේ සිතන්නෙක්, මේ ගොරේ දූපතේ කෞතුකාගාරයේ පින්තුරවලින් පෙන්වන, සාන්තුවරයන් අත කඩු සහ හෙල්ල ඇත්තේ කුමක් සදහා දැයි විමතියට පත් වනු ඇත.
Artical by.lalith කරුණාරත්න

මුස්ලිම් පවුලක එකෙක්
ඒත් මුටත් සියවස් ගානකට පස්සෙ ආපු කොලොම්බස් ලෝකය දැක්කෙ උට පල නෙලාගන්න පුලුවන් වගාවක් විදිහට. ඌ කියල තියෙනව ගියපු රටවල මිනිස්සු මාර සාමකාමීයි ඕනෙ කෙනෙක් එක්ක ලේසියෙන් යාලු වෙනව මාර විදිහට සලකන්නෙ. ඌ කලේ මිනිස්සුන්ගෙ ඒ ගතිගුණ උගෙ වාසියට ගත්තු එක. ZHeng He ගෙ නැව් එක්ක බලද්දි කොලොම්බස් ආපු නැව් නිකං ලෑලි බෝට්ටු වගේලු. චින්තනේ වෙනස. දන්ත දාතූන් වහන්සෙ අරගෙන යන්න හදපු එක නං දන්නෑ. ඒත් උට අරං යනවනං ලේසියෙන්ම අරං යන්න තිබ්බ. සමහර විට ඉල්ලන්න ඇති දෙන්න බෑ කිව්වාම නිකා ඉන්න ඇති එච්චරයි. උන් උන්ට ඕනෙ දේ ගන්න මිනී මරණ තත්වෙට පත් වුන්නෑ. ඊට සියවස් ගානකට පස්සෙ එනව එදා චීනෙන් 10න් පංගුවක්වත් දියුණු නැති යුරෝපියයො. අන්න නියම ගෝත්‍රිකයො