අප්‍රේල්, මැයි දරාගන්න බැරි උණුසුමක් – කාලගුණය කියයි

6h057

Well-known member
  • Nov 19, 2024
    2,303
    2,200
    113
    Tokyo, Japan
    “අප්‍රේල් සහ මැයි මාසවල දරාගන්න බැරි උණුසුම් කාලගුණයක් එනවා. ඒ නිසා ක්‍රීඩා කරන අය හෝ වැඩ කරන අය එළිමහනේ ඉන්න එපා..” යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඊයේ (27දා) පැවසීය. ඒ නිසා එම කාලයට හැකිතාක් වතුර හෝ දියර ජාති, පැණි බීම ඉතා වැදගත් බවද හෙතෙම කීය.

    තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අජිත් විජේමාන්න මහතා මෙසේද කියා සිටියේය.

    “අපි ඉන්නේ පළවැනි අන්තර් මෝසම් කාලයේ. පළවැනි අන්තර් මෝසම් කාලය මාර්තු, අප්‍රේල් මාස දෙකේ තමයි පවතින්නේ. ඊට පස්සේ පටන් ගන්නවා නිරිතදිග මෝසම. මැයි මාසයේ මැද. ඒ කියන්නේ මැයි 20 න් පස්සේ වගේ ඉඳලා ඉස්සරහට මාස 5ක් වගේ. මේ පළවැනි අන්තර් මෝසම් කාලය ගත්තොත් දිවයින හරහා නිශ්චිත දිශාවකින් සුළං හමන්නේ නැහැ. සුළඟේ වේගයත් ඉතාමත් අඩුයි. ඒ වගේම තමයි මේ කාලයේ ඉර මුදුන් වෙලා තිබෙනවා දිවයිනට. ඒ වගේම වලාකුළු අඩුයි. සූර්ය රශ්මියයත් අපිට කෙළින්ම ලැබෙනවා. මුහුද රත්වෙනවා. ගොඩබිම රත් වෙනවා. එහෙම රත්වුණාම මුහුදෙත්, ගොඩබිමෙත් තාප තරංග නිකුත් කරනවා. එතකොට වායුගෝලය හොඳටම උණුසුම් වෙනවා.

    “සාමාන්‍යයෙන් ගත්තොත් අප්‍රේල් මාසය මැයි මාසය රස්නෙයි අනිත් මාසවලට සාපේක්ෂව. දිගින් දිගටම මාර්තු, අප්‍රේල් දරාගන්න බැරි උණුසුමක් එනවා. ඒක මේ දේශගුණික වෙනස්වීමත් එක්ක එන්න එන්නම වැඩිවෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ හා මැයි මාසයේ දැඩි උණුසුම් තත්ත්වයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපායි කියලා. මේ දිනවල උෂ්ණත්වය වැඩි වන්නේ සවස 3ට විතර. ඒ වගේම මධ්‍යම පළාතයි, බදුල්ල දිස්ත්‍රික්කයයි හැරෙන්න අනිත් හැම තැනකම උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන මට්ටමක තිබෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්න කියලා ජනතාවට කියනවා.

    එළිමහනේ යනකොට අඳින ඇඳුම පවා පාට අඩු ඇඳුමක් අඳින්න. විශේෂයෙන් කුඩා ළමුන් හා වැඩිහිටි පුද්ගලයන් පුළුවන් තරම් මේ අවස්ථාවේ එළිමහනට නොයා සෙවණ තිබෙන තැනක ඉන්නවා නම් හොඳයි.

    https://www.divaina.lk/main-news/69414
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඊට පස්සේ හුන්ඩුව උතුරලා යන්න වැස්සම සිංහලුන්ට පීන පීන ඉන්න පුලුවන් මාසයක් දෙකක් විතර :baffled: :sorry:
     
    • Haha
    Reactions: 6h057