අපායසංවත්තනික සුත්තං(අංගුත්තර නිකාය- අට්ඨක නිපාතෝ)

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අංගුත්තර නිකාය
    අට්ඨක නිපාතෝ

    8.1.4.10. අපායසංවත්තනික සුත්තං
    8.1.4.10. අපායෙහි ඉපදීමට හේතු වන දේ ගැන වදාළ දෙසුම
    සැවැත් නුවර දී ය …..
    1. මහණෙනි, සතුන් මැරීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. සතුන් මැරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ ආයුෂ කෙටි වීමට හේතු වෙයි.
    2. මහණෙනි, සොරකම් කිරීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. සොරකම් කිරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ තමන්ගේ දේපල වස්තුව විනාශ වීමට හේතු වෙයි.
    3. මහණෙනි, වැරදි කාමයෙහි හැසිරීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. වැරදි කාමයෙහි හැසිරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ සතුරන් සහිත වෛරයට හේතු වෙයි.
    4. මහණෙනි, බොරු කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. බොරු කීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට කරුණු රහිත ව නින්දා අපහාස විඳීමට හේතු වෙයි.
    5. මහණෙනි, කේළාම් කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. කේළාම් කීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ හිත මිත්‍රයන් බිඳී යාමට හේතු වෙයි.
    6. මහණෙනි, දරුණු වචන කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. දරුණු වචන කීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට තමා අසතුටු වචන අසන්නට හේතු වෙයි.
    7. මහණෙනි, නිසරු බස් පැවසීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. නිසරු බස් පැවසීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තාගේ වචන කිසිවෙක් විශ්වාස නොකිරීමට හේතු වෙයි.
    8. මහණෙනි, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුල ව කිරීමෙන්, නිරයෙහි උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට උම්මත්තක බවට පත්වීමට හේතු වෙයි.
    සාදු! සාදු!! සාදු!!!
    අපාය සංවත්තනික සූත්‍රය නිමා විය.

    සිව්වෙනි දාන වර්ගය අවසන් විය.
    එහි පිළිවෙල උද්දානයයි :
    දාන සූත්‍ර දෙක, වත්ථු සූත්‍රය, ඛෙත්ත සූත්‍රය, දානූපපත්ති සූත්‍රය, පුණ්‍යක්‍රියා සූත්‍රය, සප්පුරිස සූත්‍ර දෙක, අභිසන්ද සූත්‍රය සහ සංවත්තනික සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.
    උතුම් වූ ධර්මදානය පිණිස මෙම දෙසුම ඔබේ මිතුරන් අතරේ බෙදාහරින්න
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ඔය එක්කම දේව දූත සූත්‍රය ත් කියවන්න..


    ත්‍රිපිටකය
    පාලි
    4. දේවදූත වර්‍ගය
    1. සබ්‍රහ්මක කුල සූත්‍රය
    2. ආනන්‍ද සමාධි පටිලාභ සූත්‍රය
    3. සංඛිත්ත විත්‍ථාර දේශනා සූත්‍රය
    4. කම්මනිදාන සූත්‍රය
    5. හත්‍ථකාලවක සූත්‍රය
    6. දේවදූත සූත්‍රය
    36
    “මහණෙනි, මේ දේවදූතයෝ තුන් දෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් දුශ්චරිත කෙරෙයිද, වචනයෙන් දුශ්චරිත කෙරෙයිද, සිතින් දුශ්චරිත කෙරෙයිද, මහණෙනි, ඔහු නිරය පාලයෝ වෙන වෙනම අත්වලින් අල්ලාගෙණ යමරජහට දක්වත්. (කෙසේද) ‘දේවයන් වහන්ස, මේ පුරුෂ තෙම, මව කෙරෙහි වරදවා පිළිපැද්දේය. පියාට මනාව නොපිළිපැද්දේය. ශ්‍රමණයන්ට මනාව නොපිළිපැද්දේය. රහතන්ට මනාව නොපිළිපැද්දේය. කුලදෙටුවන් නොපිදුවෝය. මොහුට දේවයන් වහන්සේ දඬුවම් කළ මැනව’ කියායි. මහණෙනි, ඔහුට යමරජතෙම පළමුවන දේවදුතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය. (කෙසේද?) ‘එම්බල පුරුෂය, තෝ මිනිසුන් අතරෙහි පහළවූ, පළමුවන දේවදූතයා නුදුටුයෙහිද?’ යනුවෙනි. හෙතෙම (කෙසේද) ‘ස්වාමීනි, නුදුටුයෙමි’ යි කියයි. මහණෙනි, යමරජ තෙම මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ඉපදීමෙන් අසූ වයස් ඇත්තාවූ හෝ අනූ වයස්වූ හෝ, අවුරුදු සියයක් ගියාවූ හෝ, ජරාවට ගියාවූ, ගොනැස්සක් සේ වක්වූ, මැදින් බිඳුනාවූ, සැරයටිය පිහිටකොට ඇත්තාවූ, වෙවුලමින් යන්නාවූ, ජරාවෙන් ආතුරවූ, ඉක්මගිය තරුණ වයස් ඇත්තාවූ, කැඩුනාවූ, (වැටුනාවූ) දත් ඇත්තාවූ, පැසුනු කෙස් ඇත්තාවූ, ඉදිරීගිය කෙස් ඇත්තාවූ, මුඩුවූ හිස ඇති, ඇඟ රැළි වැටුණාවූ, තල කැලලින් යුත් සිරුර ඇත්තාවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නුදුටුයෙහිදැ’ යි කියායි. හෙතෙම, ‘ස්වාමීනි, දුටුයෙමි’ යි කියයි.
    “මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, නුවණැත්තාවූම වැඩිවිය පැමිණි තට මේ සිත නොවීද, “මමද ජරාව ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ජරාව නොඉක්මවූයෙක් වෙමි. එබැවින් මම කයින්ද, වචනයෙන්ද, සිතින්ද යහපතක් කරමි” යි කියායි.’. ‘ස්වාමීනි, හෙතෙම නොහැකිවූයෙමි. ප්‍රමාද උනෙමි’ යි කියයි.
    “මහණෙනි, යමරජතෙමේ ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්‍මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.
    “මහණෙනි, යමරජ තෙම පළමුවන දේවදූතයා දක්වා, කරුණු සහිතව පිළිගන්වා, කරුණු විමසා කියාදී, කරුණු ගන්වා කියාදී, දෙවෙනි දේවදූතයා පැහැදිළි කරන්නේය. කරුණු පිළිගන්වමින් අසන්නේය. කරුණු විමසමින් අසන්නේය. ‘පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි පහළවූ, දෙවෙනි දේවදූතයා නොදැක්කෙහිදැ?’ යි අසයි. හෙතෙම ‘ස්වාමීනි, නැතැ’ යි කියයි. මහණෙනි, ඔහුට යමරජ තෙම, ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, ව්‍යාධියෙන් පීඩිතවූ, දුකට පැමිණියාවූ, දැඩි ගිලන් බැව් ඇත්තාවූ, ස්වකීය මළ මූත්‍රයෙහි සයනය කරන්නාවූ, අන්‍යයන් විසින් නැගිටුවනු ලබන්නාවූ, අනුන් විසින් නිදි කරවන්නාවූ, ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු නුදුටුයෙහිදැ’ යි අසයි. හෙතෙම, ‘දුටුවෙමි ස්වාමීනි,’ යි කියයි. මහණෙනි, යමරජතෙම ඔහුට, ‘එම්බල පුරුෂය, මහළුවූ, නුවණැතිවූ, ඒ තොපට මමද ව්‍යාධිය ස්වභාවකොට ඇත්තෙක් වෙමි. ව්‍යාධිය නොඉක්මවූයෙමි. දැන් කයින්, වචසින්, මනසින් යහපතක් කරමියි මෙබඳු සිතක් නොවූයෙහිදැ’ යි අසයි.. හෙතෙම ‘ස්වාමීනි, නොහැකිවූයෙමි. ප්‍රමාදවූයෙමි’ යි කියයි.
    “මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්‍මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.
    “මහණෙනි, යමරජ තෙම ඔහුට දෙවෙනි දේවදූතයා දක්වා, කරුණු සහිතව පිළිගන්වා, කරුණු විමසා කියාදී, කරුණු ගන්වා කියාදී, තුන්වෙනි දේවදූතයා නොදැක්කෙහිදැ?’ යි අසයි. හෙතෙම ‘ස්වාමීනි, නැතැ’ යි කියයි. මහණෙනි, ඔහුට යමරජ තෙම, ‘එම්බල පුරුෂය, තෝ මනුෂ්‍යයන් අතරෙහි, මැරී එක් දවසක් ගිය, මැරී දෙදවසක් ගිය, මැරී තුන් දවසක් ගිය, කැතට ඉදිමුණු, කැතට නිල්වූ, විශේෂයෙන් සැරව වැගිරෙන, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ නොදැක්කෙහිදැ’ යි අසයි. හෙතෙම, ‘දුටුවෙමි ස්වාමීනි,’ යි කියයි.
    “මහණෙනි, ඔහුට යමරජතෙම, ‘එම්බල පුරුෂය, මහළුවූ, නුවණැතිවූ, ඒ තොපට මමද මරණය ස්වභාවකොට ඇත්තෙමි. මරණය නොඉක්වීමි. දැන් කයින්, වචසින්, මනසින් යහපතක් කෙරෙමියි මෙබඳු සිතක් නොවූයෙහිදැ’යි අසයි.. හෙතෙම ‘ස්වාමීනි, නොහැකිවූයෙමි. ප්‍රමාදවූයෙමි’ යි කියයි.
    “මහණෙනි, යමරජතෙම ඔහුට මෙසේ කියයි. ‘එම්බල පුරුෂය, ප්‍රමාදවූ බැවින් කයින්, වචනයෙන්, සිතින් යහපත් ක්‍රියා නොකෙළෙහිය. එම්බා පුරුෂය, එහෙයින් ඒ ප්‍රමාදවූවාහුට යම්සේද, තට එපරිද්දෙන් කරන්නෙමි,’යි කියායි. ඒ මේ පාපකර්‍මය වනාහි මව් විසින් නොකරණ ලද්දේය. පියා විසින් නොකරණ ලද්දේය. සහෝදරයා විසින් නොකරණ ලද්දේය. නැගණිය විසින් නොකරණ ලද්දේය. මිත්‍රයන් යහළුවන් විසින් නොකරණ ලද්දේය. සහ ලේ නෑයන් විසින් නොකරණ ලද්දේය. දේවතාවන් විසින් නොකරණ ලද්දේය. මහණ බමුණන් විසින් නොකරණ ලද්දේය. තා විසින්ම මේ පාපකර්‍මය කරණ ලද්දේය. මේ පාප කර්‍මයාගේ විපාකය තෝ විඳින්නෙහිය’ කියායි.
    “මහණෙනි, යමරජ තෙම ඒ තුන්වෙනි දේවදූතයා පැහැදිලිකොට කරුණු පිළිගන්වමින් අසා කරුණු විමසමින් අසා නිශ්ශබ්ද වෙයි.
    “මහණෙනි, ඔහුට නිරය පාලයෝ පඤ්චවිධ බන්‍ධන නම්වූ වධයක් කෙරත්. රත්වූ යකඩ යුලක් අතෙහි ගසත්. රත්වූ යකඩ යුලක් දෙවැනි අතෙහි ගසත්. රත්වූ යකඩ යුලක් පයෙහි ගසත්. රත්වූ යකඩ යුලක් දෙවෙනි පයෙහි ගසත්. රත්වූ යකඩ යුලක් උරමැදෙහි ගසත්. එහි හෙතෙම දුක්වූ, තියුණුවූ, කෲරවූ වේදනාවන් විඳී. යම්තාක් ඒ පාප කර්මය විනාශ නොවේද, ඒ තාක් කළුරිය නොකෙරෙයි. නිරයපාලයෝ ඔහු බිම පෙරලා කෙටේරිවලින් සසිත්.
    “මහණෙනි, ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට, හිස යටිකොට තබා වෑ වලින් සසිත්. ඔහු නිරයපාලයෝ රථයෙහි යොදා, ගින්නෙන් දිලිසෙන්නාවූ, වෙසෙසින් ඇවිල පවත්නාවූ, ගිනි සහිතවූ භූමියෙහි ඉස්සරහට යාමද කරවත්. පස්සට යාමද කරවත්. මහණෙනි, ඔහු නිරයපාලයෝ, ගින්නෙන් දිලිසෙන්නාවූ, වෙසෙසින් ඇවිල පවත්නාවූ, ගිනි සහිතවූ, මහත්වූ, මහා කුළුගෙයක් පමණවූ, අඟුරු පව්වට නැංවීමද කරවත්. බැස්වීමද කරවත්. මහණෙනි, ඔහු නිරයපාලයෝ පා උඩුකුරුකොට, හිස යටිතුරුකොට කකියන්නාවූ ලොහො සැලියෙක්හි දමත්. හෙතෙම එහි පෙන නඟමින් පැසෙයි. හෙතෙම එහි පෙන නඟමින් පැසී, වරක් උඩට එයි. වරක් යටට යෙයි. වරක් සරසට යයි. හෙතෙම එහි දුක්වූ, දරුණුවූ, කටුකවූ වේදනාවන් විඳියි. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද, ඒ තාක් කළුරිය නොකරයි. මහණෙනි, යමපල්ලෝ ඔහු මහා නරකයෙහි දමත්. මහණෙනි, ඒ මහා නරකය
    (1) සිව් කොනක් ඇත්තේය. සිව් දොරටුවක් ඇත්තේය. කොටස් වශයෙන් බෙදන ලද්දේය. එසේම ප්‍රමාණ කරණ ලද්දේය. යකඩ ප්‍රාකාරයකින් වට කරණ ලද්දේය. යකඩ පියනකින් වසන ලද්දේය.
    (2) ඒ නිරයෙහි බිම යකඩයෙන්ම කරණ ලදී. දැල්වෙන ගින්නෙන් යුක්තය. හැමකල්හි හාත්පසින් සියක් යොදුනක් ගින්න පැතිරගෙණ සිටී.
    “මහණෙනි, පූර්‍ව කාලයෙහි යමරජහට මෙබඳු අදහසක් විය. පින්වත්නි ලෝකයෙහි යම් කෙනෙක් ලාමකවූ කර්මයන් කෙරෙද්ද, ඔවුහු තුමූ මෙබඳුවූ නොයෙක් වධ කරණු ලබත්. මම මිණිස් බවක් ලබන්නේනම්, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදින්නාහු නම්, ඒ භාග්‍යවතුන් වහන්සේ පයිරුපාසනය කරන්නෙම් නම්, මට ඒ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසත් නම්, මමද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙම් නම් යහපති කියායි. මහණෙනි, මම එය අන්‍යවූ ශ්‍රමණයෙකුගෙන් හො බමුණෙකුගෙන් හෝ අසා මෙසේ නොකියමි. මහණෙනි, යමක්ම මා විසින් තමාම අවබෝධ කරණ ලද්දේද, තමාම දක්නා ලද්දේද, තමාම දැනගන්නා ලද්දේද, එය මම කියමි” යි වදාළ සේක.
    (1) දේවදූතයන් විසින් චෝදනා කරණ ලද යම් මනුෂ්‍ය කෙනෙක් ප්‍රමාද වෙත්ද, ලාමකවූ ශරීරයක් ඇති බවට පැමිණ බොහෝ කාලයක් මුළුල්ලෙහි සෝක කෙරෙත්.
    (2) මේ ලෝකයෙහි දේවදූතයන් විසින් චෝදනා කරණ ලද්දාවූ, පණ්ඩිතවූ යම් සත්පුරුෂ කෙනෙක් වෙත්ද, ඔවුහු කිසි කලෙකත් ආර්‍ය ධර්‍මයෙහි ප්‍රමාද නොවෙත්.
    (3) ජාතියට හා ජරා මරණයට කරුණුවූ, තෘෂ්ණා දෘෂ්ටීන් දැඩිකොට ගැනීමෙහි බිය දැක, ජාති මරණ සංඛ්‍යාත නිර්‍වාණයෙහි උපාදාන වශයෙන් නොගෙන මිදෙත්.
    (4) අප්‍රමාද විහරණ ඇත්තාවූ, සුවපත්වූ, මේ ආත්මයෙහිම නිවුනාවූ, සියලු වෛර, භය ඉක්මවූ, ඒ සත්පුරුෂයෝ වනාහි සියලු දුක් ඉක්මවූවාහුය” යි (වදාළ සේක.)
     
    • Like
    Reactions: S_M_S and NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    පිනට කකා ඉන්න කහකඩ හුත්තිගේ පුතාලගේ මනස්ගාත.
    මහණෙනි, පිනට කන්න ඕනි නම් තට්ටේ ගාගෙන ගහ යට බොක දාන ඉරියව්වෙන් ඉදින්න.
    මෙලොව අපාදුක් විදින අඩුකුලේ බැල්ලිගෙ පුතාලා පරලොව සැප පතා උන්ගේ බත්පත උබලාට දන් දෙනු ඇති.