අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අපාය ගැන කෙනෙක්ගෙ සජීවී අත්දැකීම්

බුදු හාමුදුරුවෝ මෙකම මීට ගොඩක් කලින් සවිස්තරව දෙශනා කරපු බව දන්නෙ හරිම ටික දෙනයි.

පොස්ට් කරපු කෙනාට බොහොම පින්
 
  • Like
Reactions: pissupoosa jr.

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
හොදට බලන්න උඩ තියෙන විඩියෝ එකයි පහත තියෙන චිත්‍ර දිහා. ලොකු සමානකමක් දකින්නට පුළුවන් වෙයි. ඇමෙරිකාවෙ කෙනෙක් දැකපු හීනයකුයි මේ චිත්‍ර අතරෙයි , බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙ අතරයි මෙපමණ සමානකමක් තියෙන්න හෙතුව මොකක්ද කියල කල්පනා කරල බලන්න.

image001jh.jpg

image002ug.jpg

image003ld.jpg

image004zh.jpg

image005vi.jpg

image006.jpg

image007b.jpg

image008lf.jpg

image009jd.jpg

image010az.jpg

image011i.jpg

image012ov.jpg

image013q.jpg

image014b.jpg

image015sn.jpg

image016tl.jpg

image017cu.jpg
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
බුදු හාමුදුරුවෝ අවුරුදු 2500කට උඩදි දේශනා කරපු දේ

Bhikkhus, the king of the under word having finished cross questioning, asking for reasons and studying together about the third divine messenger asks him'Good man did you not see the fourth divine messenger among humans?' He says `Sir I did not see,' Then the king of the under world would ask him. `Good man didn't you see among humansan offender taken hold by the king and given various kinds of torture caned and wipped, flogged with the jungle rope, flogged with the soiled stick, hands severed, legs severed, or both hands and legs severed, ears and nose severed, put in the boiling gruel pot, shell tonsured, put in Ràhu's mouth, garlanded with the blazing garland, hands scorched, the bark dress given, put with snakes, put hooks in theflesh, cut pieces of flesh from the body, drive a spike from ear to ear, beat to make the body like straw, immerse in the boiling oil, give to the dogs to be eaten, raise on a spike alive until death, and cut the neck with the sword?'. Then he says, `Sir, I saw. `The king of the under world asks him. `Goodman, being a wise aged one, didn't it occur to you, the results for evil actions are here and now there is no other alternative. Now I will do some good by body, words and mind?' He would say, `Sir, I could not do. owing to negligence' The king of the under world says. `Good one, owing to negligence you acted in that manner. This evil action was not done by your, mother, father, brother, sister, friends, co -associates or blood relations. It was not done by recluses, brahmins or gods, it was done by you and you will experience its results
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්, මුකුත් වුණාට පස්සෙ අඬල වැඩක් නෑ, මං මෙහෙම කළේ මගෙ දෙමවුපියො කිව්ව නිසාය, ගුරුවරු කිව්ව නිසාය, මේ සමාජෙ හොඳින් ජීවත් වෙන්න අමාරුය, අරකය මේකය කියල. පස් පවු වලින්වත් වෙන් වෙලා ජීවත් වෙන්න පුලුවන්නම් යම් ආරක්ෂාවක් තියෙනවා.

මේ සිද්දියට මුහුණ දුන් මනුස්සය කියන දේවල් කී දෙනෙක් විශ්වාස කළාද මන්ද. තමන්ටම වෙනකම් විශ්වාස කරන්න අපි වැඩි දෙනෙක් අකමැතියිනෙ. නමුත් බුදු හාමුදුරුවො මෙහෙම එකකුත් දේශනා කරල තියෙනවා: අපිට කැලයක් මැදින් ගමනක් යන්න තියෙනවා; කෙනෙක් කියනවා "ඔය කැලේ මැද්දෙ බොහොම අනතුරු තියෙනවා" කියල. අපි දන්න කෙනෙකුටනම් එහෙම වෙලා නෑ. අර මනුස්සය කියන දේ හරිද කියල අපට බලන්න විදිහකුත් නෑ. ඒ කතාව ඔප්පු කරන්න බෑ කියල අපි නිකම්ම කැලේට යනවද, නැත්නම්, බැරි වෙලාවත් ඒ මනුස්සය කියන්නෙ ඇත්තක්නම් කියල හිතල, ඒකට ලෑස්ති වෙලා පරට බහිනවද?
අන්න ඒ වගේ, අපායක් ගැන විශ්වාස නොකරන අයටත් 'කෝකටත්' හොඳයි කුසල් වර්ධනය කරගෙන, අකුසල් වලින් වළකින එක. :P
 
Last edited:

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age

:yes::yes::yes::yes::yes:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඒ කියන්නේ අපාය ගැන කියලා තියෙනවා නේ,, ඔබතුමා කිව්වේ නම් අපාය කියනේ සිතිවිල්ලක් විතරයි කියලා :)
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
ඒ කියන්නේ අපාය ගැන කියලා තියෙනවා නේ,, ඔබතුමා කිව්වේ නම් අපාය කියනේ සිතිවිල්ලක් විතරයි කියලා :)

සිතිවිල්ලකින් තමයි ඔනෙම ක්‍රියාවක පින් හෝ පව් කියන එක තීරණය වෙන්නේ. සතුට , දුක , වේදනාව වගේ දෙවල් ඇතිවෙන්නෙත් සිතිවිලි හැටියට. ඒකනෙ නිර්වින්දනය කලාම වේදනාව දැනෙන්නෙ නැත්තේ. අපායෙ ගියත් දිව්‍යලොකේ ගියත් එවගෙ සිදුවෙන දේවල් අත්දැකීම් වලින් හිත තුල ඇතිවෙන සිතිවිලි නිසා තමයි සතුට හෝ දුක දැනෙන්නේ. ඉතින් මම කිව්වෙ බොරුවක්ද ?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
අපි හැමෝම අපාය ගැන අහල තියෙනවනෙ. අපායවල් හතරක් ගැනම​. බුද්ධ දේශනා වල මේව විස්තර වෙන්නේ තිරිසන් ලෝකය​, ප්‍රේත ලෝකය​, අසුර ලෝකය හා නිරය විදියට​. නිරය තමයි දුක්ඛිතම ලෝකය​. ඒ නිරය ගැන ඕනෑ තරම් අපේ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා. ඒ තුළින් අපි මනස තුළ චිත්‍රයක් මවා ගන්නවා නිරය මේ ආකාරයි කියලා. මොකද මනුෂ්‍ය ලෝකෙ ඉඳන් නිරය දකින්න අපිට බැහැනෙ. ඒක බුදු නුවණින්ම සිදු කරන දෙයක්. නමුත් මේ වතාවෙ අපිට තරමක් සුවිශේෂ කෙනෙක් හමු වුනා. නොසිතූ විරූ පරිදි, නොසිතූ විරූ මොහොතක, නොසිතූ විරූ ආකාරයෙන් තම ජීවිතයෙන් මිනිත්තු 23ක් නිරය තුළ ගත කොට නැවත අපි අතරට පැමිණි ඔහු නමින් 'බිල්'…. බිල් වයිස්.

එයා තම ඇස් දෙකින් දැක්කා සිව් දිගින් ඇවිලෙන ගිනිදැල් හාත්පස වෙලාගෙන සියල්ල දවාලන ආකාරය​. පුළුටු ගඳ​, මිනීකුණු ගඳ ඔහුට හොඳින්ම දැනුනා. භයින්, ත්‍රාසයෙන්, වේදනාවෙන් නිරිසතුන් විඳින දුක ඔහු දැක්කා. මරබියෙන්, වේදනාවෙන් නඟන විලාප හඬ ඔහුට ඇසුනා. ඒ වේදනාවේ දෝංකාරය තවමත් ඔහුගේ සවන් යුග අතර රැව්පිළිරැව් දෙනවා. නිරිසතුන්ට දෙන අනේක වද හිංසා ඔහු සියැසින්ම දැක්කා. ලෝදිය පිරි නරාවල තුළ ඔහු විඳි සජීවී අත්දැකීම සැබැවින්ම ලොමු දැහැගැන්වෙන සුළුයි. මහා අන්ධකාරයක ඔහු විඳි මේ කටුක​, අත්භූත අත්දැකීම ඔහුගේම වචන වලින් ඔහු විස්තර කරනවා. මේ සියල්ලම සිද්ධ වුනේ විනාඩි 23ක් තුලදි යි.

මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රයේ වගේම අනෙකුත් බුද්ධ දේශනා වල සඳහන් වන 'නිරය​' ගැන ඇස දුටු සක්‍ෂියක් තමයි මේ බිල්. බිල්ගේ අත්දැකීම කියවන විට අපිට එක දෙයක් මොනවාට පැහැදිලි වෙනව. ඒ තමයි බිල් අන් අයගේ අවධානය දිනා ගැනීමට හුදු ප්‍රබන්ධ කතාවක් ඉදිරිපත් නොකරන බව​. අපාය මොන වගේ ද​, ඕව තියෙන්නෙ කොහෙද​, ඔය යමපල්ලො ඇත්තටම ඉන්නවද​, අපාය විශ්වාස කරන්න පුළුවන් ද ආදී වශයෙන් දහසක් ප්‍රශ්න නඟන බොහෝ දෙනාට 'බිල්' කදිම සජීවී පිළිතුරක්. බිල් දුටු, ඔහු විසින් විස්තර කරන නිරය මුළුමනින්ම බුද්ධ දේශනාවේ විස්තර කෙරෙනෙ නිරය ම යි.

නමුත් අවාසනාවට බිල් ප්‍රමුඛ බටහිර දන්නෙ නැහැ එයාලට කලින් අපගේ ශාස්තෘන් වහන්සේ මේ නිරය බුදු ඇසින් දැකලා වදාරණ ලද බව​. ඒ නිසා එයාල බයිබලය තුළ හිරවෙලා මේ අත්දැකීම විස්තර කරන අසාර්ථක උත්සහයක නිරත වෙලා ඉන්නවා.

ඉතින් තිලොවින් උතුම්ම සරණේ පිහිට ලබපු අපි තවත් කුමට නම් ප්‍රමාද වන්න ද?​

මේක මට ලැබුනු මේල් එකකින් ඔන්න
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
සිතිවිල්ලකින් තමයි ඔනෙම ක්‍රියාවක පින් හෝ පව් කියන එක තීරණය වෙන්නේ. සතුට , දුක , වේදනාව වගේ දෙවල් ඇතිවෙන්නෙත් සිතිවිලි හැටියට. ඒකනෙ නිර්වින්දනය කලාම වේදනාව දැනෙන්නෙ නැත්තේ. අපායෙ ගියත් දිව්‍යලොකේ ගියත් එවගෙ සිදුවෙන දේවල් අත්දැකීම් වලින් හිත තුල ඇතිවෙන සිතිවිලි නිසා තමයි සතුට හෝ දුක දැනෙන්නේ. ඉතින් මම කිව්වෙ බොරුවක්ද ?

මම ඇහුවේ අපාය හා දිව්‍යලොකේ කියලා තැන් තියෙනවද කියලා, ඔබතුමානේ ඒවා සිතිවිලි පමණයි කියලා කිව්වේ:rolleyes:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මේක මට ලැබුනු මේල් එකකින් ඔන්න

ඔබතුමත් බුද්ධ ධර්මය හා සම්බන්ධ ගෘප් වල මෙම්බර් කෙනෙක් වගේ. බොහොම හොදයි. මම ඒක ඉතා හොදින් අගය කරනවා.
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඔබතුමත් බුද්ධ ධර්මය හා සම්බන්ධ ගෘප් වල මෙම්බර් කෙනෙක් වගේ. බොහොම හොදයි. මම ඒක ඉතා හොදින් අගය කරනවා.

මේකයි මම අනිත් ආගම් ගැන ඉගෙන ගන්නේ ඒවට අගෞරව කරන්න වත් ඒවා බොරු ය කියලා කියන්නවත් නෙමෙයි ;)

අනික මම පාසලේ ඉගෙන ගත්තේ බුද්ධ ධර්මය
 
  • Like
Reactions: sudunone

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මම ඇහුවේ අපාය හා දිව්‍යලොකේ කියලා තැන් තියෙනවද කියලා, ඔබතුමානේ ඒවා සිතිවිලි පමණයි කියලා කිව්වේ:rolleyes:

ඕ යෙස් මචන්.. එහෙම තැන් තියෙනවා... අපට නොපෙනෙන ලෝකය කියලා එකක් තියෙනවා.. එකෙත් ජීවීන් (උසස් හෝ පහත්) ඉන්නවා.. දෙවිවරුන් ඉන්නවා. ප්‍රෙතයින් නිරි සතුන් ඉන්නවා. බුද්ධ දේශනා කියවන්න..
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඕ යෙස් මචන්.. එහෙම තැන් තියෙනවා... අපට නොපෙනෙන ලෝකය කියලා එකක් තියෙනවා.. එකෙත් ජීවීන් (උසස් හෝ පහත්) ඉන්නවා.. දෙවිවරුන් ඉන්නවා. ප්‍රෙතයින් නිරි සතුන් ඉන්නවා. බුද්ධ දේශනා කියවන්න..

ඒ ලෝක ඇතිවුන විදිහක් ගැන සඳහනක් තියෙනවද
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මම ඇහුවේ අපාය හා දිව්‍යලොකේ කියලා තැන් තියෙනවද කියලා, ඔබතුමානේ ඒවා සිතිවිලි පමණයි කියලා කිව්වේ:rolleyes:

කෙනෙක් මැරුණට පස්සේ එයාගෙ ශරිරය ඇතුලෙ තිබ්බ හිත එයාගෙ තියෙන කුසල් අකුසල් මත හිටපු ලෝකෙ හරි වෙන ලෝකෙක හරි ජීවියෙක්ගේ ඇගකට ඇතුල්වීම තමයි උපත කියන්නේ. ඉතිං දිව්‍යලොකේ ගියත් අපායෙ ගියත් ඒ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙන්නේ තමතමුන්ගේ හිත්වලටම තමයි. අපිට දැනෙන්නේ හිත්වල ඇතිවෙන සිතිවිලි නිසානේ.

ඉතිං මගේ කියමනේ ඇති වැරද්දක් නැහැ. මම ඒ උදාහරණේ ගත්තෙ ඔබතුමාගේ තෙරුම් ගැනීමේ පහසුවට.මොකො මේ ලෝකෙ ඔනෙම කෙනෙක්ට මුහුණදෙන්න වෙන යථාර්තයක් නිසා ඒක. මේ ත්‍රෙඩ් එකේ එකෙම එක කොටසක් වැඩි විස්තර සහිතව දැම්මා තවත් අවබෝධ වීම සදහා. :D
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
ඒ ලෝක ඇතිවුන විදිහක් ගැන සඳහනක් තියෙනවද

දවසක් මුගලන් හාමුදුරුවන්ට ඕක අවබෝධ කොරගන්න ඕනා වෙලා බුදු හාමුදුරුවොගෙන් ඇහුවලු "ස්වාමීනි මම මේක ටිකක් හොයල බලන්නද කියල" බුදු හාමුදුරුවො උත්තර දීල තියෙනවා " පටන් ගන්න , නමුත් ඔබට නැවත එන්න හම්බුවෙන එකක් නැහැ " කියලා.

ඒකෙන් තෙරුම් ගන්න පුළුවන් කාරණේ තමයි, එහෙම ඇතිවීමක් නැහැයි කියන එක.
 
nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ඇත්තටම මේගෑන දෑනුවත් කරණ එක ලොකූ පිනක්..!

    ගොඩක් ස්තූතියි
    :):):):):):)
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    කෙනෙක් මැරුණට පස්සේ එයාගෙ ශරිරය ඇතුලෙ තිබ්බ හිත එයාගෙ තියෙන කුසල් අකුසල් මත හිටපු ලෝකෙ හරි වෙන ලෝකෙක හරි ජීවියෙක්ගේ ඇගකට ඇතුල්වීම තමයි උපත කියන්නේ. ඉතිං දිව්‍යලොකේ ගියත් අපායෙ ගියත් ඒ සිදුවීම් වලට මුහුණ දෙන්න වෙන්නේ තමතමුන්ගේ හිත්වලටම තමයි. අපිට දැනෙන්නේ හිත්වල ඇතිවෙන සිතිවිලි නිසානේ.

    ඉතිං මගේ කියමනේ ඇති වැරද්දක් නැහැ. මම ඒ උදාහරණේ ගත්තෙ ඔබතුමාගේ තෙරුම් ගැනීමේ පහසුවට.මොකො මේ ලෝකෙ ඔනෙම කෙනෙක්ට මුහුණදෙන්න වෙන යථාර්තයක් නිසා ඒක. මේ ත්‍රෙඩ් එකේ එකෙම එක කොටසක් වැඩි විස්තර සහිතව දැම්මා තවත් අවබෝධ වීම සදහා. :D
    ආත්මය කියන වචනය මෙතනට ගැලපෙනවා නේ
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    දවසක් මුගලන් හාමුදුරුවන්ට ඕක අවබෝධ කොරගන්න ඕනා වෙලා බුදු හාමුදුරුවොගෙන් ඇහුවලු "ස්වාමීනි මම මේක ටිකක් හොයල බලන්නද කියල" බුදු හාමුදුරුවො උත්තර දීල තියෙනවා " පටන් ගන්න , නමුත් ඔබට නැවත එන්න හම්බුවෙන එකක් නැහැ " කියලා.

    ඒකෙන් තෙරුම් ගන්න පුළුවන් කාරණේ තමයි, එහෙම ඇතිවීමක් නැහැයි කියන එක.

    හ්ම්ම්ම්ම්ම්ම් ඇතිවීමක් නැතිව ඇතිවීමක්